Pages

2019-11-22

Realtek පැරණි Drivers නිසා Windows 10 Update ඇණහිටී. Windows 10 version 1909 ට යාවත්කාලීන කරගන්න.

Windows නවතම වෙළුම වන Windows 10 version 1909 මේ වන විට නිකුත් වී තිබෙනවා. නමුත් බොහොමයක් පරිගණක 1903 and 1809 යන වෙළුම් වලටවත් යාවත්කාලීන නොවී දෝෂ පණිවිඩ ලැබී ඇත. 


බොහෝවිට මෙයට හේතුව ලෙස සැලකෙන්නේ Realtek Bluetooth Driver පැරණි ඒවා වීමයි. ඔබේ පරිගණකයේත් පවතින්නේ Realtek Bluetooth Driver පැරණි වෙළුමක් නම් ඔබටත් Windows Update කිරීමේ ගැටළුව පවතිනු ඇත. 

මෙයට විසඳුම වන්නේ  realtek bluetooth driver  අලුත් වෙළුම ස්ථානයයි.  version 1.5.1012 හෝ ඊට පසු version එකක් ස්ථාපනය වී ඇතිනම් windows driver update මගින්ද යාවත්කාලීන වනු ඇත. ඊට පැරණි driver version එකක් නම් ඔබට manually නවතම drivers ස්ථාපනය කිරීමට සිදුවනු ඇත.

දැන ගැනීමට ලැබෙන ආකාරයට Microsoft ආයතනය ඉදිරියේදී මෙම දෝෂය මඟහැරීමට එමකොටස අයින්කර ඇතිනිසා ඉදිරියේදී  windows update කිරීමෙන් පසු මෙම realtek driver දෝෂ සහගත වනු ඇත.  

මෙය මලාට අප්ඩේට් නොකරන License නොමැති හොර ක්‍රම වලින් Windows ස්තාපනය කල අයට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.


තාක්ෂණික ලෝකයේ අලුත් තොරතුරු සමඟින් නැවතත් ලිපියකින් හමුවෙමු.  TechNotes Like කිරීමෙන් අලුත් ලිපි ලියූ සැනින් ඔබට ලැබෙනු ඇත.

Image source - Microsoft Website

0 අදහස්:

Post a Comment

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ