Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2010-08-16

UNIVOTEC Interview දවස හෙටයි.


ජුලි 27 University of Vocational Technology එකේ Aptitude Test එක ලිවීමෙන් පස්සේ ඔන්න Interview එකට හෙට එන්න කියල 10 වෙනිදා ලියුමක් ඇවිත්. අරන් එන්න කියල තියෙන්නේ
NIC එකයි Diploma සහ වෙනත් සහතික වල Original සහතිකයි. Industrial/ Work experience පෙන්නන්න පුලුවන් සහාය ලිපි තමයි.

ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් ඒ විභාගයට මුහුණ දීපු 11 දෙනා අතරින් තිදෙනෙක්ට හැර අනෙක් අයට interview සඳහා කැඳවීම් ලිපි ලැබී තිබුණා. මම හදාරන්න හිතාගෙන ඉන්නේ Bachelor of Technologyin ICT (Multimedia & Web Technology. Web Technology ගැන අත්දැකීම් තිබුණත් Multimedia ගැන නම් තියෙන්නේ සති 2ක පමණ අත්දැකීමක් විතරයි.

ඉතිං මේ දිනවල කරපු වැඩේ තමයි කරපු වැඩ ඔප්පු කරල පෙන්නන්න පුලුවන් ලිපි එක්රැස් කිරීම සහ සහතික ලබාගැනීම. අද දිනයත් ගත උනේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් National Diploma in Information & Communication NVQ මට්ටම් 5 සහ 6 සදහා විභාගයට මුහුණ දුන් බවට සහතිකය ලබාගැනීම සහ එහි වෙබ් අඩවිය සකස් කල බවට සහතිකයක් ලබාගැනීමයි. උදේ වරුව තුල ඒ කටයුතු කරගැනීමට හැකියාව ලැබුණා. ඊළගට ayurvedakurlaub.de අඩවිය තැනීම සම්බන්ධව සහතිකයක් ලබාගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බැලීමට Lawrence Hill Paradise ‍Hotel වෙත ගියා. එහිදී සිතුවාටත් වඩා හොද recommendation එකක් ලබාගත හැකි උනා.

ඊට අමතරව ඉතිං ජනවාරි 1 වෙනිදා සිට වැඩකරපු ස්ථානයේ සේවා සහතිකයත් සතුව තිබෙන බැවින් Interview එක සඳහා ඒ ඇති වේ යැයි සිතමි. ඉතිං හෙට තමයි ඒ තීරණාත්මක දවස. හෙට සිද්ධ වෙන දේවල් අනුව ඒක තීරණය වෙයි. හැබයි නොතේරුණත් හිතට දුකක් නෑ. ඒත් දැනට බලාපොරොත්තුවක් විතරක් හිතේ තියෙනවා.

ඒ අතරතුර තවත් Offer එකක් ආව. ඒක ගැන පස්සෙ ලියන්න ඕන.

2010-08-13

ජාලය මගින් පරිගණක පණගැන්වීම (WOL)

පරිගණක ජාලයක් තුලදී මධ්‍යගත පාලනයක් තිබෙන බව ජාලකරණය හදාරන අය නම් දන්නා කරුණක්. මධ්‍යගත පාලනයක් කිවුවම එක පරිගණකයක ඉදගෙන සියළු පරිගණක පාලනය කල හැකියාව පවතින්න ඕන. පරිගණක ජාලවල පාලකවරු (Administrators) දුරස්ථ පරිගණකවල තිරය තම පරිගණකයට ගෙන(Remote Desktop) මෙහෙයවනු සමහරවිට ඔබ දැක ඇති. කලින් ලිපියකදී මා ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පාලනය කරන ආකාරය ලියා තැබුවා. නමුත් මේ හැම දේම කරන්න පරිගණකය පණගන්වා තිබිය යුතු වෙනවා. පරිගණක දුරස්ථව පණගැන්විමට හැකිනම් සියලු පාලනය ඔබ අතට ගත හැකියි. ඔව් එය කල හැකියි. ඇත්තට සුළු පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් ඔබට ඔබගේ ජාලයේ ඇති පරිගණක එක් ස්ථානයක සිට පණගැන්වීමට පුලුවන්*. මෙම ක්‍රියාවලිය හදුන්වන්නේ Wake on Lan (WOL) යනුවෙනි.

*කොන්දේසි සහිතයි.

  • පළමුවෙන්ම මේ සඳහා ඔබේ දුරස්ථ පරිගණක වල ජාලක අතුරුමුහුණත් (Network Interface Card) ඒ සදහා සහය දැක්විය යුතුය. BIOS වෙත පිවිස එය සක්‍රිය කරගන්න. එහි නැති නම් මවුපුවරු අත්පොතෙහි පෙරනි‍මියෙන්ම එය සක්‍රියදැයි බලන්න.



  • දැන් දුරස්ථ පරිගණකයේ NIC හි MAC ලිපිනය සොයාගන්න.
    ipconfig /all යන්න command prompt එකෙහි ලබාදීමෙන් පහත පරිදි තොරතුරු ලබාගත හැක.
    Ethernet adapter Local Area Connection:

    Connection-specific DNS Suffix . :
    Description . . . . . . . . . . . : Intel(R) PRO/100 VE Network Connecti
    on
    Physical Address. . . . . . . . . : 00-19-D1-EC-DC-21
    Dhcp Enabled. . . . . . . . . . . : No
    IP Address. . . . . . . . . . . . : 192.168.2.5
    Subnet Mask . . . . . . . . . . . : 255.255.255.0
    Default Gateway . . . . . . . . . : 192.168.2.1
    DNS Servers . . . . . . . . . . . : 192.168.2.1
    8.8.8.8

    මෙහි Physical Address ඉදිරියෙන් ඇති ලිපිනය සටහන් කරගන්න.


  • Local Area Connection හි Configure කවුලුවේ Advance යටතේ ඇති Wake on Link->Enableසහ Wake on Settings->Wake on Magic Packet යන්න ඇත්දැයි බලන්න.


  • දැන් මැජික් පැකට්ටුව යැවීමට සූදානම් කරගන්නා ආකාරය බලමු.

  • දුරස්ථ පරිගණක පණගැන්වීම කරන පරිගණකය වෙත ‍පැමිණ WOL ගොනුව බාගත කරගන්න. එය විහිදූ පසු bin බහලුම තුල ඇති ගොණු දෙක System32 බහලුමට පිටපත් කරගන්න.


  • දැන් Command prompt එක විවෘත කර එහි පහත සදහන් පරිදි දැනට වසා ඇති පණගැන්වීමට අවශ්‍ය ඔබේ දුරස්ථ පරිගණකය පණගැන්වීමට පහත විධානය ලබා දෙන්න.
    wol 00:19:D1:EC:DC:21
    මෙහි 00:19:D1:EC:DC:21 යනු ඔබගේ දුරස්ථ පරිගණකයේ MAC ලිපිනය වේ. පෙරදී - සමග සටහන් කරගත් ලිපිනයෙහි - ඉවත් කර ඒ වෙනුවට : යොදා wol සමහ විධාන කරන්න. Enter යතුර එබූ සැනින් දුරස්ථ පරිගණකය ‍වෙත wol මගින් මැජික් පැකට්ටුව යවා එය පණ ගැන්වන ආකාරය දැකිය හැකිය.



දැන් දුරස්ථ පරිගණකය පණ ගැන්වී අවසන්. ඉතිං දැන් ජාලයේ ඕන තැනක ඉදන් ඕන රෙද්දක් කරන්න බැරියැ.

සැ/යු: මවිසින් මෙය මේ අවස්ථාවේම Windows XP මත සිට Windows 7 පරිගණකයක් පණගන්වා ප්‍රායෝගිකව අත්හදා බලා 100%ක් සාර්ථක වූ පසුව ලියා තැබූවක් බව සලකන්න.

2010-08-07

අපූරු මාසයක්

ඇත්තටම මේ මාසෙ නම් මට හරිම අපුරු මාසයක් කියල කියන්න පුලුවන්. මට රස්සාවෙන් අස්වෙන්න උනු සිද්දිය කලින් පෝස්ට් එකේ ලිවුවනේ. ඉතිං ආයෙම ගන්ධබ්බ කාලයක් ආව කියමුකෝ. රස්සාවක් නැතිව ගෙදරට වෙලා ඉන්න උනු. ඔන්න හදිසියෙම වැඩ කිහිපයක් සෙට් වෙනවා නොහිතපු විදියට.
1. 65000 ක විතර Network එකක් ගහන්න
2. අවුරුද්දක් තිස්සේ www.ayurvedakurlaub.de website එක maintain කරන්න වියදම ලබාගන්න.
3. ඒ website එකේම ඉතිරි කොටස් සම්පූර්ණ කරන්න.

4. BCS certificate level විභාගේ ප්‍රතිඵල ගෙදරටම ඒම. Ceremony එකටත් ඕං එන්න කියල තියේ.
5. BCS Diploma Level Examination එකට මුදල් ගෙවීම.

නෙට්වර්ක් එකනම් ටිප්ටොප් එකට දවසක් ඇතුලත අයියයි මමයි කොහොම හරි සම්පූර්ණ කලා. 12000 කේබල් box එකක්ම ඉවර උනා. වෙබ් සයිට් එක නං ඉතිං තනියෙං කරන එකනේ.
කොහොම හරි මේ මාසෙ තමයි මගේ වාර්තාගත වැඩිම ආදායමක් ලබපු මාසෙ උනේ. ඒ වගේම ඒකම වැඩිම වියදම් කරපු මාසෙ උනා. ඒ හම්බුකොරපු සේරම Examination එකට බඳින්න උනු නිසා. ඒ වගේ හැම මාසෙම වැඩක් සෙට් වෙනවනං. මාසෙකට එකක් තිබුණ නම් ඇති. Exam හැමදාම එන්නෑනේ.

තව computer ටිකක් පෝලිමේ තියෙනවා repair ආපු. ඒ ටිකවත් හදලදාල laptop එක හදාගන්න බලන්න ඕන.

ආ තව Software Freedom Day එකත් ළඟ එනවා. ගියපාර කරපු දේ ගැන මෙන්න මේකෙ ටිකක් ලිවුවා. මේපාරත් බලමුකෝ අපේ අය කොහොම SFD එක සමරයිද කියලා.

2010-07-13

Windows සඳහා Bluetooth Drivers


Linux වලදී Bluetooth Dongle එකක් සම්බන්ධ කල සැනින් එය හඳුනා ගන්නා බැවින් එසැනින්ම ගොනු හුවමාරුව සිදු කිරීමට සූදානම් වුවත් Windows වලදී එය හඳුන්වා දිය යුතු වෙනවා.
BlueSoleil මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් Drivers ලබාගත්තද එහිදී මෘදුකාංගයද ස්ථාපනය වේ. නමුත් Drivers පමණක් ස්ථාපනය කිරීම මගින් PC Suite සඳහා සහය දැක්වීම මෙන්ම එවන් තුන්වන පාර්ශව මෘදුකාංග ස්ථාපනය කිරීමෙන් තොරව Windows මගින්ම පරිගණකය වෙත ගොනු ගෙන්වා ගැනීම හෝ පහසුවෙන්ම ගොනු වෙනත් උපකරණයක් වෙත යැවීම සිදුකල හැකියි.

Windows XP SP3 සඳහා නම් පැන නගින කවුලුවෙන් අන්තර්ජාලයෙන් ස්වයංක්‍රීයව සොයාගන්නා ලෙස සලකුණු කල විට එය ස්වයංක්‍රීයව ස්ථාපනය වේ.
නමුත් Windows XP SP2 සඳහා එලෙස අන්තර්ජාලයෙන් සොයාගැනීමට අසමර්ථවෙයි. එයට පොඩි පිලියමක් යොදාගත හැක.
මුලින්ම Dongle එක පරිගණකයට සම්බන්ධ කර BlueToothInstaller.com අඩවියෙන් BluetoothDriverInstaller.exe ගොනුව ලබාගෙන එය ධාවනය කරන්න. Dongle එක නිවැරදිව හදුනා ගැනීමෙන් පසුව එයට අදාල Drivers ස්ථාපනය වනු ඇති.

දැන් Task Bar එකේ සහ Control Panel තුල BlueTooth අයිකනය දක්නට ලැබෙනු ඇත.


පරිගණකයේ ඇති ගොනුවක් වෙනත් උපකරණයකට යැවීමට ලිනක්ස් තුලදී මෙන්ම ගොනුව මත right click කර send to මගින් Bluetooth Device තෝරා අදාල උපකරණය සොයා දීමෙන් එම උපකරණයට ගොනු යැවිය හැකි වනු ඇත.

ගොනු පරිගණකය තුලට ලබා ගැනීමටද ලිනක්ස් වලදී මෙන්ම task bar අයිකනය click කර Receive File යන්න තෝරා පරිගණකයට ගොනුව එවන්න.

*උපකරණය Browse කරන්න නම් PC Suite/MobiMb වැනි මෘදුකාංගයක් අවශය වේ.

කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

බ්ලොග් විරාමය අවසන්. ඒ විරාමය අතර තුරදී...

මැයි 28 වෙනිදායින් පස්සේ සටහනක් එක් කරන්න බැරි උනා. තව මාසයක් ගියොත් වෙන්නේ මෙන්න මේ පහල එක වගේ මගේ එකත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමෙන් අයින් වෙන එකයි. (මේ අයින් වෙලා තියෙන්නේ කාගේ බ්ලොග් එකද කියල දන්නෝ දනිති :D )



ඒකට කලින් ඔන්න සටහනක් තිබ්බා. පෝස්ට් එකක් තියන්න බැරි උනු හේතු ගොඩාක් තිබුණා. ප්‍රධානම ටික කෙටියෙන් කියනවනම්.
1. Multimedia Workshop එකට සහභාගී වීම.
2. UNIVOTEC එකේ Aptitude test එකට මුහුණ දීම.
සහ ලොකූම හේතුව
3. Laptop යන්තරය අක්‍රිය වීම.
3. ගාල්ල තාක්ෂණික විද්‍යාලයේ පූර්ණ කාලීන දෑ අවුරුදු National Diploma in Information & Communication NVQ මට්ටම් 5 සහ 6 පාඨමාලාවේ අවසන් විභාගයට මුහුණ දීම.
4. විභාගයට මුහුණ දීමට රැකියාවෙන් ඉවත් වීම

කාරණා සිද්ධ උණු පිලිවෙල තමයි ඔය. මෙහෙමයි කතන්දරේ සිද්දඋනේ.

ජුලි 1 වෙනිදා පැවැත්වූ NVQ මට්ටම් 5 සහ 6 විශාගයට පෙර ජුනි 14 සිට ජුනි 24 වෙනි දින දක්වා Multimedia මොඩියුලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට UNIVOTEC හි Audio/Video Lab එක තුලදී වැඩමුළුවක් පැවැත්වෙන බව කලින් දැනුම් දුන් බැවින් නිවාඩු ලබාගැනීමට රැකියාව කරන ස්ථානයට පෙර දැනුම් දුන්නා.
වැඩමුලුවේ සති 2ක කාලයට අධ්‍යාපන නිවාඩු ලබාගත හැකි වූ නිසා 14 වෙනි දින සිට UNIVOTEC තුලවූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී එම වැඩමුලුවට සහභාගී උනා. 14 වෙනි දින වන විට තනි නොතනියට ළගින්ම සිටි Laptop යන්තරය අක්‍රිය වීම මහත් පාඩුවක් උනා.(තවම හදාගත්තෙ නෑ) කෙසේ හෝ 14 වෙනි දින උදෑසන 8.30 වන විට විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිටීමට මට හැකි උනා. ඉතින් ඒ සති 2 තුලදී සම්පූර්ණයෙන්ම Multimedia ගැන පුළුල් අවබෝධයක් ලබාගත හැකි උනා. එහිදී ඉගෙන ගත් සියලු කටයුතු මුල සිට අග දක්වාම සාරාංශයක් ලෙස ගත් විට,

1.Introduction to Multimedia Industry
2. Multimedia Basics
3. Instructional Desing
4. Audio Video File Formats
5. Shot definitions
6. Camera Movement Techniques
7. Basic Lightning Techniques
8. Scripting and Story Boards
9. Cost Estimation and preparation of project proposal for Multimedia products
10. Editing Techniques
11. Audio Editing Techniques
12. Introduction to Linear Editing
13. Single Camera Production
14 Introduction to Non-Linear Editing
15 Equipment Safety
16 Production and post-production activities
17. Develop the multimedia production


Facebook ඇල්බම් එකේ පින්තූර ටිකක් විතරක් දාල ඇති. බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔය අකුරු නිල්පාටින් තියෙන තැනට කොටල බලන්නකෝ. කොහොම නමුත් ඒ සති දෙකක කාලය අපේ කට්ටියට නම් ජීවිතේටම අමතක නොවෙන එකක් වෙයි.

24 වෙනි දින සවස ‍නිවෙස් බලා ආවත් නැවතත් 27‍වෙනි ඉරුදින විශ්වවිද්‍යාලය කරා අපේ පාඨමාලාව හැදෑරූ සියළු ළමුන් පැමිණ සිටියේ Aptitude test එකට මුහුණ දීමටයි. එහිදී බුද්ධිය ගණිතය සහ ඉංග්‍රිසි දැනුම පරීක්ෂා කෙරුණා.

මුලින් සති 2 කාලය අවසර ලැබුණ නමුත් විභාගය එදින සිට දින 8ක් දක්වා පැවැත්වෙන බැවින් නැවත රැකියා ස්ථානයට දැනුම් දුන්නා. වැඩමුලුවට සහභාගී වී නැවත රැකියා ස්ථානයට ගොස් අස්වීමේ ලිපිය අත්සන් කර නැවත විභාගයට මුහුණ දීමට අවසානයේ සිදුවුනා.



ජුලි 1 වෙනිදා සිට NVQ මට්ටම් 5&6 National Diploma in Information & Communication සඳහා වූ විභාගය පවත්වනු ලැබුවේ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව හෙවත් DTET(Department of Technical Education and Training) මගිනි. එහිදී අපට ප්‍රශ්න පත්‍ර 12කට දිනකට 2ක් බැගින් පිලිතුරු සැපයීමට සිදුඋනා.
1.Database Systems
2.System Analysis & Design and Software Testing
3.Software Programming
4.Software Programming (Practical)
5.Graphic Design (Practical)
6.Graphic Design
7.Data Communication and Network
8.Multimedia Applications (Practical)
9.Web Design and Development
10.Web Design and Development (Practical)
11.Mathematics
12.English

විභාගය අතරතුර එනම් ජුලි 3 වෙනි සෙනසුරාදා Future Minds 2010 බැලීමට ගියා. එහිදී 2S කුටියේ තිබූ පුළුල් තිර 3DTV අත්දෑකීමත් සුවිශේෂයි. එහි තාක්ෂණය දැන සිටියත් ඒ වනතුරු අත්විද නොතිබූ බැවින් එය විශේෂයක් උනා. තිරයක් තුලින් ගැඹුර දැකිම වචනයෙන් නම් විස්තර කල නොහැකියි.

කෙසේ හෝ විභාගයට මුහුණ දී අවසන් දැන් විභාග ප්‍රතිඵල එනතුරු NVQ 5 & 6 සඳහා අවශ්‍ය Evidence රැස් කරමින් සිටිමි.