2010-02-14

දෙවන වසර ආරම්භය.

ඔන්න පෙබරවාරි 14 වෙනිදත් ආවා.
ඉතිං පෙබරවාරි 14 විශේෂ ‍වෙන්නෙ ඇයි.

ආදරවන්තයි‍න්ගේ දිනය කියන නිසා නම් නෙවෙයි. මේ කියන්න යන්නේ සිංහල බ්ලොග් අවකා‍ශයේ තියෙන තාරක‍ගේ සටහන් පිටුව කියන මේ සිංහල බ්ලොග් අඩවියට පෙබරවාරි 14 වෙනිදා තියෙන විශේශත්වය මොකක්ද කියලා.

ඉතිං අදට හරියටම වසරකට කලින් අන්තර්ජාලය නම් මහා දැනුම ගබඩාවට තවත් එක පුංචිම පුංචි බ්ලොග් අඩවියක් ආරම්භ උනා. ඉතිං එදා ඉදලා ලියඋනු ලිපි ටික සංඛ්‍යාත්මකව ගත්තොත් 114ක් වෙනවා. මේ තියෙන්නේ එදා සටහන් කරපු තාරකගේ පළවෙනි සටහන

ඒ සටහනත් එක්ක පටන් ගත්තු සටහන් පිටුවට හැම මාසෙකම නොවැරදීම සටහන් එකතු උනා. ඉතිං මේ සටහනත් එක්ක තාරක සටහන් පිටුවත් අරගෙන ඉර වටේ රවුමක් ගිහිල්ල තියෙන්නේ තාරකටත් නොදැනීමයි.



සටහන් පිටුව ආරම්භ කරාට පස්සේ බ්ලොග් එක කියවපු කියවල අදුන ගත්තු අය එක්ක කොච්චර මේල් යවලා චැට් කරලා ස්කයිප් හරහා කතා කරල තිබුනත් ඒ අය හමුවෙලා දැන හදුන ගන්න ලැබීම මේ අවුරද්ද තුල සිදු වෙච්ච වැදගත්ම දෙයක් කියල කියන්න පුලුවන්.

මුලින්ම දක්ෂිණ ලිනක්ස් සංසදය ආරම්භ කලෙත් එහෙම හම්බෙලා දැන අදුනගෙන හිටපු අය එක්ක නෙවෙයි. දක්ෂිණ ලිනක්ස් සංසදයේ පළමු වැඩසටහනට ගියත් කවුරුවත් මූණ බලල අඳුන ගන්න බැරි උනා. වැටසටහන සංවිධානය කරගත්තෙත් අන්තර්ජාලය හරහාමනේ. එපාර ඩනිෂ්ක අයිය තමයි මුලින්ම කතා කරල අඳුන ගත්තේ ඊටත් පස්සේ ගයාන් කල්හාර, අනුෂ්ක ලක්මාල්, කල්ප පැතුම්, වී අමිත්ත ;) බන්දුල සර් එහෙම අඳුනගත්තා. ටිකක් වෙලා යනකොට අර මුලින් දැනුනු නුහුරු ගතිය නැතිඋනා. කට්ටිය සෑහෙන කාලෙක ඉඳල දන්නව වගේ ආශ්‍රය කරන්න පුලුවන් උනේ අන්තර්ජාලය තුලින් කතා බහ කරල තිබුණ නිසා වෙන්න ඇති.

දක්ෂිණ ලිනක්ස් සංසදය තුලින් අප පාසල් රැසකට නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුළු කලා.ඒ සියල්ලම මෙහෙම සඳහන් කරන්න අමාරුයි. ඒ අතර මම බටපොල නවෝද්‍යා පාසල වෙනුවෙන් නිදහස් හා වීවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් සංවිධානය කලා. එදා තමයි ගෙදරින් දැනගත්තේ මම මේ කරන දේවල් මොනවද කියලා ;) (මගේ අම්මා ගුරුවරියක්) ඉතිං ගෙදර ඇවිත් මට ඌන පූරණ කරන්න විතරයි තිබුනේ. අම්මා සේරම දේවල් අනිත් අයට කිවුවා. මෙන්න මෙහෙමයි වැඩේ උනේ කියලා.

දේශීයකරණ වැඩමුලුත් අමතක කරන්න බෑ ඒ වැඩසටහනෙන් පස්සේ මම කරපු එක තමයි මේ
ඊටත් පස්සේ හන්තාන ව්‍යාපෘතියට දායක උනේ. හන්තාන ව්‍යාපෘතිය හදුන්වා දුන්නේ Software Freedom Day එක දවසෙදී ඒ අයත් එක්කම තවත් කිහිප දෙනෙක් හමු උනා. හිරන්‍ය ශ්‍රීමාල් සහ ප්‍රවීන් ඉන්ද්‍රනාමත් ඒ අය අතර හිටියා.

ඒ අතර තවත් එකක් කට්ටියටම අමතක නොවන හමුවීම මතක ඇති. විස්තර කියන්න ඕන නෑනේ. හැම බ්ලොග් එකකම වගේ ලිවුවනේ ඒක ගැන.

මෙන්න ලින්ක් ටිකක්. සිංහල බ්ලොග් අවකාශයට අලුතින් ආපු කස්ටියයි මතක නැති කට්ටියයි, මතක් කරල නැවත ඒ අවස්ථාව විදගන්න ආස අයයි ආපහු පාරක් ගිහින් බලන්නකෝ


මේ මගේ කැමරාවේ (ඇත්තම කිවුවොත් ජංගම දුරකථනයේ) සටහන් වෙලා තිබුණු සොදුරු මතකසටහන් ටිකක්.


ගයන්තට කන්න පුලුවන් දේවල් තොරන ගමන්
මෙයා කෑම තේරුවනම් තාම තෝර තෝර ඉන්නවා

ශ්‍රී ශානු තාම කෑම කන්න කලින්



මේ තමයි සමූහ ඡායාරූපය ගත්ත හැටි. අර කලින් දාපු ලින්ක් වල කිහිප තැනකම තියෙන නිසා මෙතන සමූහ ‍එක දැම්මෙ නෑ.

නෑෂ් කැමරාව මානමින්..


කාලිංග අයියගේ සමූහ ඡායාරූපකරණය



දකුණු පළාතේ වර්ෂයක් පුරා බ්ලොග් ලියපු තුන්දෙනෙක් :D


අන්තිමට වටිනම පින්තූරේ. බළලා හිනා වෙනව හෙම නෙවෙයි ඕං. ;)

ඉතිං ඔන්න ඔය විදියට තමයි මේ පහුඋන අවුරුද්දක කාලය ගත උනේ..

අවුරුද්දක් පුරා මේ බ්ලොග් එකක් ලියාගෙන ගිහිල්ල ඒකේ සටහන් සියයකටත් අධික ප්‍රමාණයක් තියල කියල හිතෙන කොට මටත් ඇත්තටම පුදුම හිතුනා. මොකද මම එච්චරම ලිවීමේ දක්ෂයෙක් නොවන නිසා. ඒ කොහොම උනත් මේ වෙද්දී සටහන් පිටුවේ පළමු සංවත්සරය සමරන්න වෙලාව ඇවිල්ලා. ඉතිං ඒ අවුරුද්ද පුරාම මාත් එක්කම හිටපු තාරකගේ සටහන් පිටුවේ ප්‍රතිචාර දක්වලා මට සහයෝගය දක්වපු, ප්‍රතිචාර නැති උනත් සටහන් පිටුවට පා තබල කියවපු , කියවපු නැතත් පා තබපු හැමදෙනාටමත්, සටහන් පිටුවට පා නොතබාම RSS හරහා කියවපු හැමදෙනාටමත් බොහොම ස්තූතියි.

Reactions:

33 අදහස්:

එල එල :)
මෙන්න මගෙනුත් සුබ පැතුම් ! තවත් අවුරුදු ගාණක් ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා..
උඹයි මමයි දෙන්නම සමකාලීනයොනේ....

මකර අධිරාජයාගෙන් උණුසුම් සුභපැතුම්

happy birthday!

:D hope the 2nd Birthday we will get a party :D

කෝ කේක්.

එළ එළ
සුභ උපන් දිනයක්. ඉදිරියේදී මේ ආකාරයටම හරවත් මීට වඩා ලිපි ප්‍රමාණයක් ලියන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනව.

@ඉන්දරේ
ස්තූතියි. හැබෑටම එකම කාලේ නෙව පටන් අරන් තියෙන්නේ.

@Chanaka Aruna Munasinghe
බොහොම ස්තූතියි මකර අධිරාජයෝ

@කාලිංග
හැබෑටම සටහන් පිටුවේ උපන්දිනය නේන්නම්!
Time to Online Party!! :D

@thiraya
කේක් කියන්නේ අර කපල කන එව්ව නේද? කාලෙකින් දැක්කෙ නම් නෑ..
ස්තූතියි උපන්දින සුභ පැතුමට සහ ප්‍රාර්ථනයට..

සුභපැතුම්! තව හොඳ හොඳ දෑ ලියන්නට ධෛර්යය ශක්තිය ලැබේවා!!

ධනික | Dhanika
ස්තූතියි! බ්ලොග් ලියන අයට ඔයාලගේ කමෙන්ට් තමයි ඉතිං ලොකුම ශක්තිය.

අඩේ මරු මරු, උණුසුම් සුභ පැතුම්! :D

ආහ්!

සුභම සුභ වැලටයින්ට් උපන් දිනයක් වේවා කියලා සටහන් පිටුවට පතනවා!
තව තව ලිපි ලියන්නට ශක්තිය ලැබේවායැයි කියලාත් පතනවා!

@Supun Budhajeewa
ස්තූතියි!! උණු වැඩි වෙයිද මංදා

@~බිன்ku~
"වැලන්ටයින්ට් උපන්දිනයක්" හික්..
ස්තූතියි ප්‍රාර්ථනාවට

සුබපැතුම් .. 120 ට 220 ක්

@තිලිණ
ස්තූතියි..

සිතූගෙනුත් සුභ පැතුම්!!!!!!!!!!

@...සිතූ...
බොහොම ස්තූතියි!

උබත් මර ඩවසකනෙ වඩෙ පටන් අරන් තින්නෙ බන්. ඔහොම යන් ඔහොම යන්. මමත් ලන්ගඩිම සෙට් වෙනවා. සින්හලෙන් ලියන්න බරි එක තමඉ අව්ල මට. kosala

@සම්පත්
ස්තූතියි!

@kosala
කවුද බං දන්නේ. මට ඉතිං අද දවසෙ විශේෂයක් නෑනේ. :D

එළ.. සිංහල නම් විජේසේකර ලේඅවුට් එක තමයි ලේසි.
උදව්වක් ඕන නම් කියහං. විජේසේකර පුරුදු උනාම නම් අවුලක් නෑ.

මගෙනුත් සුභ පැතුම්. පටන් ගන්න වෙන දවසක් තිබ්බෙම නැද්ද ඇත්තට ? :-)

මගෙන් උණුසුමි සුභ පැතුමි!තාරක, මම කවුද කියලා නමි උඹ දන්නෙ නැහැ මම හිතන්නෙ. මම තාම සින්ඩියට අලුත්. මම ආවෙ පෙබරවාරි 04. මගේ බිලොග් එක උබෙ බිලොග් එකට වඩා අවුරුද්දක් විතර බාලයි.

@තරිඳු
කවුද දන්නේ පෙබරවාරි 14 මට විශේෂයක් තිබුනෙ නෑ.ADSL ගත්තේ ජනවාරි පළවෙනිදා. බ්ලොග් ගැන දැනගෙන පටන් ගන්නකොට එදා ‍දවස උදා වෙලා. :D ඉතිං වෙන දවසක් එනකං ඉන්නැතිව පටන් ගත්තා.

@බුද්ධි
ආ.. මෙන්න නිදහස් දවසෙ බ්ලොග්කරණයට අවතීර්ණ වෙච්ච කෙනෙක්. ඒකත් විශේෂ දවසක් නෙව.
ස්තූතියි

@තරිඳු
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. සුභ පැතුමට ස්තූතියි..

මගෙනුත් සුබ පැතුම් සහෝ. දිගටම ලියමු. :)

@roylyfernando
ස්තූතියි රොයිලි. ලියමු ලියමු දිගටම ලියමු.. :D

මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්...!

malee_msg
ස්තූතියි මලී..

Related Posts Plugin for WordPress, Blogger...