Pages

2009-02-15

ADSL වලින් web site host කරන හැටි

අත්හදා බලපු දෙයක්. ඉතින් ලියන්න හිතුනා.
පාවිච්චි කරන computer එකට Apache server එක දාලා හරියට setup කරගන්න.
දැන් htdocs directry එකේ තියෙන ඒවා සේරම මකලා හදාගනිපු Web site එක එතනට දාන්න.
Server එක හරියට වැඩද කියලා බලන්න http://localhost  run වල ගැහුවම බලන්න පුළුවන්.

ඊට පස්සෙ http://www.dyndns.com එකේ ලියාපදිංචි‍ වෙන්න.

host name එක දාන්න මේ ලිපිනයට යන්න.
https://www.dyndns.com/account/services/hosts/add.html

මතක ඇතුව Host name එක දෙනකොට drop down menu එකෙන් dyndns.org කියන එක තොරන්න.


ADSL ‍වල ip address එක නිතරම වෙනස් වෙන නිසා DynDNS updater දාගන්තම නිකම්ම වෙනස්‍ වෙන IP එක hostname එකට දාගන්නවා. updater එක මේ ලිපිනය මගින් ගන්න පුළුවන්.
http://cdn.dyndns.com/windows/DynUpSetup.exe

දැන් ‍ඕනම කෙනෙක් hostname එක address bar එකේ ගැහුවම එන්නෙ apachie වල දාපු site එක.

මේක කලේ ලසන්ත කියන මගේ යාළුවත් එක්ක එකතු වෙලා.


Note : මේක කරද්දී මගේ ADSL Connection එකේ properties ‍වල advance tab එකේ tick තුනම දාලයි තිබුනේ.

14 අදහස්:

  1. httpd.conf එක configure නොකරම සර්වර් එක වැඩ ද? :O

    ReplyDelete
  2. මම ටිකක් තදට utorrent එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ.. ඉතින් site එකකුත් හොස්ට් කලොත් Download speed එකට ගොඩක් බාදාවක් වෙනවාද ?

    ReplyDelete
  3. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ඔයා කියල නෑ මේ කියන්නෙ ADSL රවුටරයක් සමගද මොඩමයක් සමගද කියන එක. මොකද රවුටරයක් භාවිතා කරනවනම් ඔච්චර නාන්න ඕනෙ නෑ. දැන් ගොඩක් රවුටර් වල Dynemic DNS client එකක් තියෙනවා. අනික තමයි Host name එක දෙනකොට drop down menu එකෙන් dyndns.org කියන එක තොරන්න අවශ්‍යම නෑ. එතන තියෙන ඕනම ඩොමේන් නාමයක් පාවිච්චි කරන්න පුලුවන්. තව මේකෙන් වෙබ් අඩවි විතරක් නෙවෙයි කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනව
    මම මේකෙන් FTP/VPN/Remote Desktop/RAS වගේ සේවා බොහෝමයක් ලබාගන්නවා.ඇත්තටම මේක හොද පිලියමක් Leased line වෙනුවට. www.noip.com එකෙනුත් මේ සේවාවන් ලබා ගන්න පුලුවන්.

    ReplyDelete
  4. මගේ පරිඝනකය සම්බන්දවෙලා තියෙන්නේ ස්විචයක් හරහා රවුටරයකට. මන්දා මේ වැඩේ හරි ගියේ නෑ...

    (වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළොත් තමා වඩා හොඳ. නැත්නම් කමන්ට් දාන අයට කරදරේ...)

    ReplyDelete
  5. මේක ක්‍රම දෙකටම කරල බැළුවා මම පාවිච්චි කරන්නේ ZTE මොඩම් එකක්. ඒකෙන් හොස්ට් කරලා ඒවෙලාවෙම වෙන තැනක ඉන්න ‍යාළුවට skype එකෙන් කෝල් කරල බලන්න කි‍ව්වා එයාට මම දාන site එක එවෙලාවෙ එයා බලල කිව්වා පේනවා කියලා. එයා use කරන්නේ router එකක් එයත් ‍එකෙ DNS client config කරා. මට එයාගෙ එකත් බලන්න පුළුවන් වුනා.

    ඒක නිසා මේ ක්‍රම දෙකම වැඩ කරනවා කියල කියන්න පුළුවන්.

    මම මේක ලිව්වෙ ADSL මොඩම් එකෙන් මම පරීක්ෂා කරල බලපු නිසා.

    ReplyDelete
  6. >ගයන්ත

    httpd.conf එක configure කලා‍ට පස්සෙ තමයි localhost වලින් site එක බලන්න පුළුවන් වෙන්නෙ.



    >චන්දිම

    මාත් utorrent පාවිච්චි කරනවා. ඒකෙ down speed එකත් up speed එකත් පෙන්නනවා. එක ඒතරම් වේගයකින් download වෙන්නෙ නෑ.
    ඒක නිසා ඒකට නම් බාදාවක් වෙයි කියල මට හිතෙන්නෙ නෑ



    >තාරක

    මම පාවිචිච්චි කරන්නෙ මොඩම් එකක්. යාළුවා රවුටරය සැකසුම් කරද්දී මම එයාගෙ හොස්ට් නේම් එක ගැහුවම ආවෙ රවුටර් login එක. මම එ‍්කෙ සැකසුම් පරීක්ෂා කරා. ඇත්තටම ඔයා කියන්න වගේ රවුටරයටම හොස්ට් නේම් එක දෙන්න පුළුවන්.

    >කුෂාන්
    ඔයා අන්තර්ජාලයට යන කොට ඇත්තම පරිශීලකයා වෙන්නෙ රවුටර් එක නිසා ර‍වුටරයේ සැකසුම වලට හොස්ට් පරිගණකය හදුන්වා දීමත් නම හදුන්වා දීමත් කරන්න වෙන‍‍වා.

    (වර්ඩ් වෙරිෆිකේෂන් කියන එක නම් තේරුනේ නෑ.)

    ReplyDelete
  7. ඕහ්... වර්ඩ් වෙරිෆිකේෂන් කියන්නේ කවුරු හරි ඔයාගේ ලිපියකට කමෙන්ට් කියන්න යනකොට අර ඇද වෙච්ච විකාර වෙච්ච අකුරු ටිකක් පෙන්නලා ඒ ටික ආයෙ ලියන්න කියන්නේ අන්න ඒකයි. ඒක හරි කරදරයක්. මම නං සමහර බ්ලොග්වල කමෙන්ට් තියන්න ගිහින් මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක දැකල ම කමෙන්ට් තියන අදහස අත ඇරලා තියනවා.

    ReplyDelete
  8. router එකක් භාවිතා කරන්නේ නම් port forward කරන්න අවෂයයි. මම කරල තියෙනව. ඒ වගේම httpd.conf වෙනමම configure කිරීමට අවෂය වෙන්නෙ නෑ ඔබ Apache වෙබ් සර්වරය පමණක් භාවිතා කරනව නම්, PHP 5 ස්ථාපනය කරන විටද Apache Directory එක දුන් විට සෙටප් එක මගින්ම PHP සඳහා අවෂ්‍ය දේ httpd.conf හී ලියනව. MySQL ස්ථාපනයේදී නම් php.ini හී php_mysql.dll කියන extension එක un-comment කල යුතුයි.

    ReplyDelete
  9. ඔන්න මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා. දැන් කරදරයක් නැතිව කමෙන්ට් තියන්න පුළුවන්.

    ReplyDelete
  10. මම wamp server එක පාවිච්චි කරන්නේ එතකොට httpd.conf එකට මුකුත් කරන්න ඕන නෑ www ෆෝල්ඩර් එකට ගොනු ටික දැම්මම ඇති.

    ReplyDelete
  11. මම මේ වැඩේ කරා හරි ගියේ නෑනේ noip.com එක use කරේ.ZTE 831 router එකක් තියෙන්නේ.එකේ port forward කරන්න ඕනේ නේද? ඒක කරන්නේ කොහොමද?

    ReplyDelete
  12. @tutes lk
    port forward කරන්නැතිව හරියන්නැහැ.

    මේක බලන්න
    http://portforward.com/english/routers/port_forwarding/ZTE/ZXDSL-831/WWW_File_Share_Pro.htm

    ReplyDelete
  13. මගේ එකේ ඒ විදිහට නෙමෙයි තියෙන්නේ?
    Setup -> NAT -> Virtual Servers ගිහිල්ලා Add කියන click කරා. ඊට පස්සේ Custom Server කියන එක තොරලා නමක් දුන්නා. port එකට 1342 දුන්නා. server IP address කියන එකට මගේ ip එක ගැහුවා. bt http://canyouseeme.org/ 1342 ගහලා බලපුවහම
    I could not see your service on "ip" on port (1342) කියලා වැටෙනවා...

    මොකක්ද අවුල දන්නේ?

    ReplyDelete
  14. @tuteslk
    port එක ‍servic එක අනුව වෙනස් වෙන්නේ.
    ඔයා webserver එකක් නම් දාන්නේ.
    port එක 80

    ඔයා 1342 ට service එකක් දාල නැත්නම් ඒක එන්නෙ නැහැනේ.
    ටෙස්ට් කරන්න හොදම වැඩේ web server ekak 80 වලට දාල බලන්න. skype එක්ක 80 පොඩ්ඩක් conflict වෙන්න පුලුවන්

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ