Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2013-03-15

Android එකේ GPS එක Slow වගේද? A-GPS වලට මාරු වෙමුද?


Android ෆෝන් එකක් දැකපු නැති කෙනෙක් නෑනේද? ඉතිං ඕකේ GPS කියල Function එකකුත් තියෙනව. GPS වැඩ කරන හැටි දන්නැත්නම් මෙන්න කාලිංග අයිය ලියපු එකක් තියෙනවා.

ඒත් GPS එක්ක වැඩ කරන්න ගියාම තියෙන එක අවුලක් තමයි ඔය position එක ගන්න ටිකක් වෙලා යන එක. බොරුනම් බලන්න Android එකක Google Maps Open කරල කොච්චර වෙලාවක් ගන්නවද කියල ඉන්න තැන පෙන්නන්න. Google Maps වල නම් Position එක දෙන්න GPS එකයි Data එකයි on කරන්න කියයි.

එත් Phone වල spec බැලුවම A-GPS කියල එකකුත් තියෙනවනේ. මෙන්න මේවගේ.
GPS Yes, with A-GPS support
ආන් ඒ  ෆෝන් වලට හැකියාව තියෙනවා A-GPS වලින් ස්ථානය ඉක්මණින් ලබාගන්න.

A-GPS කියන්නේ Assisted GPS කියන එක කෙටි කරල.

වැඩි කතා ඕන නැහැ. A-GPS කියන්නේ ජංගම දුරකථන ජාලය හරහා තමන් ඉන්න තැන ලබාගන්න පුලුවන් ක්‍රමයක්.
 මේකෙන් දළ අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා.
ඉතින් ඔය ක්‍රමයෙන් Location එක ගන්න Android ජංගම දුරකථනවලදි
Location and Security Settings වල තියෙන Use Wireless Networks කියන එක සක්‍රිය කරගන්න.
සක්‍රිය කලාට පස්සේ නැවත බලන්න Position එක දෙන්න ගතවෙන වෙලාව කොච්චරද කියල.
ඉස්සෙල්ලට වඩා අඩුයි නේද?

GPS නැති ජංගම දුරකථන වල ස්ථානය ගන්න විදිය මාලින්ද ලියල තිබුන. ඒකෙන් Nokia Phone වල තියෙන මැප් එකෙන් උනත් බලාගන්න පුලුවන්.
මගේ ගාව තිබුණු N73 එකෙත් ඒ විදියට Position එක ගන්න පුලුවන් කම තියෙනවා.

2013-02-14

PHP වලින් මේල් යවමු

php වල තියෙනව mail() කියල function එකක් ඒකෙන් පුලුවනි කාට හරි මේල් එකක් යවන්න.
ඔය බොහොමයක් සයිට් වල රෙජිස්ටර් උනාම අපේ inbox එකට මේල් එන්නේ මෙන්න මේ mail function එක පාවිච්චි කරල. හැබයි මේකට server එකක් තියෙන්න ඕන. localhost එකේ කරනවනම් gmail එකකට හරි config කරගන්න වෙනවා. smtp settings තිබ්බනම් ඇති.

මෙන්න මෙහෙමයි mail function එක භාවිත වෙන්නේ
mail(to,subject,message,headers,parameters)

to - ඔයාගෙ මේල් එක යන්න ඕන කාටද? එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න
subject - මේල් එකේ හෙඩිම.
message - යවන්න ඕන පණිවිඩේ

ඔය ටික දුන්නනම් ඇති ඊමේල් එකක් යවන්න. යවපු කෙනත් සඳහන් කරන්න ඕන නම් headers ඕන වෙනවා.
 headers - යවන්නා. bcc, cc සහ අමතර headers සකසන්න භාවිත වෙනවා

මේ තියෙන්නෙ උදාහරනයක්.
<?php
$to = "your@mail.com";
$subject = "Test E-mail using PHP";
$message = "Hay how are you. this is a test message";
$from = "my@mail.com";
$headers = "From:" . $from;
mail($to,$subject,$message,$headers);
echo "Your E-mail Sent.";
?>


මේ ටික ෆයිල් එකකට දාල ස‘වර් එකකට upload කරල run කරල බලන්න.
මේකෙදි your@mail.com කියන තැනට ලබන්නාගේ ඊමේල් එකයි
me@mail.com කියන එකට යවන්නාගේ ලිපිනයයි දෙන්න.

ඔහොමයි php වලින් මේල් යවන්නේ.
* සැ.යු. : යවන්නා විදියට ඕන කෙනෙක්ගේ ඊමේල් එක දෙතෑකි. හැබයි හොයන්නත් ක්‍රම තියේ. ඒකත් මතක තියාගන්න. ඒකයි free ස‘වර්ස් වල mail disable කරන්නේ. spam කලොත් block කරල දානව.

මගේ ලිවිල්ල සහ ජීවිතේ..

හ්ම්.. ගොඩා....ක් කාලෙකින්. ආයෙම බ්ලොග් ටිකක් කියවන්න ගත්ත. පරණ ලේඛකයෝ අතර අමනාප ගති ටිකක් දැක්ක. පහුගිය ටිකේ මං දන්නෙ නැති ගොඩක් දේවල් වෙලා තියෙනව කියල තේරෙනවා.
මේ පෝස්ට් එකේ ටෙක්නිකල් දේවල් නැහැ. ඒක නිසා ටෙක්නිකල් ලිපි හොයන අය නොකියව ඉන්න තරමට හොදා. මේ තියෙන්නේ මගේ ලිවීමේ වේගය

2009 (104)
2010 (48)
2011 (20) 
2012 (10)

ඒක දැක්ක ගමන්ම පේනවනේ වේගය දෙගුණ වෙමින් මං ලියාගෙන යන විදිය. දැන්නං  මේක වෙනස් කරන්නම ඕන.

පහු වෙච්චි කාලයේ සෑහෙන දේවල් වෙනස් උනා.
තනතුර මාරු උනා. ඒත් එක්කම කතන්දරගෙ තියරිය වෙනස් උනා.

Level 5&6 ගත්තු අයගේ Batch Photo එකට මූණ දුන්න. මේ තියෙන්නෙ ඒකත් එක්කල සමගාමීව තිබුණු තාක්ෂණ විද්‍යාලයේ ISO 9001:2008 තත්ත්ව සහතිකය නිමිත්තෙන් පැවැත්වුණු උත්සවේ ප්‍රවෘත්ති ටික.
මාත් යංතං පේන්න ඉන්නවා. පුලුවන් නං හොයාගන්න. ;)


මේ තියෙන්නේ අපේ කට්ටිය එකතුවෙලා රාජගිරියේ ආයුර්වේද රෝහලට ද්‍රව්‍යමය ආධාර ලබාදීපු වෙලාවේ ගනිපු වීඩියෝව. එයාල ගොඩක් ස්තූතිවන්ත උනා ඒ කරපු වැඩේට. ශික්ෂණ රෝහලක් උනාට ඒකට රාජ්‍ය අනුග්‍රහයක් නෑ වගේ. වැඩිපුරම මේවගේ ආධාර වලින් තමයි අවශ්‍යතා සපිරෙනව කිවුවෙ. පුලුවන් නම් ගිහින් බලන්න. ඒකේ ඉන්න ළමයි/දෙමාපියන් ගැන කියනවනම් ආබාධ නිසා එයාල යන්න පුලුවන් හැම තැනම ගිහින් සෑම ආකාරයකම වෛද්‍ය ප්‍රතිකාර අරගෙන රටේම තියෙන පන්සල් පල්ලි වලටත් ගිහින් මුලු සේසතම වගේ ඉවර වෙච්චි අය තමයි හිටියේ. අන්තිමට මේ රෝහලට ඇතුලත් උනාට පස්සෙ තමයිලු එයාලට සුවයක් තියෙන්නේ.
ඒ වුනත් ඉඩකට සීමිත නිසා ඇඳන් 20ක් විතරයි තියෙන්නේ. අමාරුම ළමයි නේවාසිකව 20ක් ඉන්න අතරේ බාහිර රෝගී අංශයට විශාල ප්‍රමාණයක් එනව කියල එයාල කිවුවා. හැකියාවක් තියෙනවනම් ගිහින් බලන්න. අපි ළමයින්ට තෑගි දුන්නට පස්සේ එයාලගේ අව්‍යාජ සිනාවෙන් එයාල බලද්දි ඇතිවේචි හැඟීම වචනයෙන් කියන්න බැහැ. ටිකදෙනෙක් ගෙ ප්‍රතිචාර මගේ කැමරාවට ගන්න පුලුවන් උනා. මේ වීඩියෝවේ අන්තිම හරිය බැලුවනම් ඔයාලටත් බලාගන්න පුලුවන්.



Android එක්කල කරපු සෙල්ලම් ගැන කියනවනම්. ICS වලින් නැවතත් GinberBread වලට මාරු උනා.
දැන් Xperia X10 එක S එකට Port කරල තියෙන්නේ. වේගය සෑහෙන හොද තත්වයකට ආව. බැටරියත් ගොඩක් කල් තියෙනවා. App දෙකක් වගේ ලියල ටෙස්ට් කරල බැලුවා. නියමෙට වැඩ කරනවා. පබ්ලික් රිලීස් කරන්න තරම් දෙයක් නම් නෑ.

Xperia Live with Walkman එකත් නැවත මටම හම්බුනා. Android ම Phone දෙකක් පාවිච්චි කරන්න චාන්ස් එක හම්බෙන්නෙ කාටද?

UNIVOTEC එකේ 2nd Year 2nd Semester Exam මාර්තු 16 පටන් ගන්නවා. දැනට GPA එක 3ට වැඩියෙන් තියාගෙන ඉන්නවා. මේ Exam එකෙන් පස්සෙ මොනව වෙයිද කියන්න බෑ.

මේ දවස් ටිකේ ගොඩක් ඔන්ලයින් ඉන්න යාලුවෝ ask.fm එකේ කට්ටියගෙ ප්‍රශ්නවලට උත්තර දෙනවා. මට නං ඒ වැඩේ කරන්න හිතුනෙ නැහැ. ගතවෙච්චි අවුරුද්දෙ ගොඩාක් යාළුවෝ මගෙන් ඈත්වෙලා ගිහින්.

About.me පේජ් එක හදාගත්ත. ආයෙ personal page එකක් හදන්න ආසාවකුත් නැහැ. සේරම මෙතන ඇති.
http://about.me/kpgtharaka



 මේක ලියන්න පටන් අරන් අවුරුදු 4ක් වෙනවා. ඒ කියන්නේ මේ පටන් ගන්නෙ 5වෙනි අවුරුද්ද.
කොයි දේත් වෙන්නෙ හොදටයි කියල කියනවනේ. ඕන දේකට එන විදියකට මූණ දෙනවා

2012-05-31

ලිනක්ස් ස්ථාපනය

කලින් ලිපියකදි කියල දුන්නේ ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කරන හැටිනේ. අද කියන්නෙ ඒ විදියට සූදානම් කරගත්තු Hard Disk එක සහිත පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කරන විදිය තමයි.

මුලින්ම බයෝස් වලට පිවිස Boot Order එකෙහි පළමු Device එක ලෙස CD/DVD ධාවකය සකසන්න
මේ ලෙස ඇත්නම් මුලින්ම දෘඩ තැටියෙන් Boot වනු ඇත.

එබැවින් එය පහත පරිදි වෙනස් කර ගත යුතුය.
(සැ.යු. පරිගණකයෙන් පරිගණකයට Bios ප්‍ර වේශ වන යතුරු වෙනස් විය හැකියි. සැකසුම්ද වෙනස් ආකාර වලින් පැවතිය හැකි නමුත් සියලුම පරිගණක වල මේවා අන්තර්ගත වේ.)

දැන් F10 යතුර ඔබා හෝ save කර bios වලින් ඉවත්වන්න. පහත පරිදි විමසීමක් කරයි නම් yes යන්න තෝරා enter යතුර තද කරන්න


එවිට පරිගණකය reboot වනු ඇති අතර. ධාවකයට හන්තාන DVD එකක් දමා තිබුනේ නම් එය මගින් පරිගණකය boot වනු දැකිය හැක.  මේ හන්තාන ධාවනයේදී දිස්වන පළමු තිරයයි.


ටික වේලාවක් ගතවූ පසු මෙම තිරය ලැබෙනු ඇත.

සම්පූර්ණයෙන්ම හන්තාන මගින් පරිගණකය ආරම්භ වූ පසු මෙයාකාර තිරයක් ඔබට ලැබෙනු ඇත. එහි දකුණු පස තීරුවේ අවසන් අයිකනය ක්ලික් කිරීමෙන් ඔබේ ස්ථාපන කාර්යය ආරම්භ කල හැකි වනු ඇත.

එහිදී ලැබෙන තිර next කරමින් යන විට Custom Layout තෝරාගත් විට පහත ආකාර තිරයකට ඔබව රැගෙන යනු දැකිය හැක. මෙහිදි කලින් ලිපියේ පරිදි shrink කරගත් පසු ඉතිරි වූ ඉඩ free යටතේ තිබෙනු දැකගත හැක.




එය මත ක්ලික් කර Create බොත්තම ඔබා දෘඩ තැටිය පහත පරිදි සාදාගන්න. මෙහිදී වින්ඩෝස් ස්ථාපනයේදී මේන් කෙලින්ම දෘඩ තැටියට ලියනු නොලැබේ.. මෙම අවස්ථාව පසු කල පසු පමණක් දෘඩ තැටියට අදාල සැකසුම් ආදේශ වේ.

සැකසුම් සියල්ල ඉහත පරිදි සකසා next කල විට පහත පරිදි තිරයක progress එක පෙන්වනු ඇත.
එය අවසන් වූ පසු restart වනු ඇත.
ඉන්පසු පරිශිලක කෙනෙක් සැකසීම සඳහා ඔබගේ තොරතුරු විමසා සිටින අතර ඒවා ලබාදුන් පසු ස්ථාපන ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත.

අවසන් වූ පසුව මෙම තිරය නැවත දැකගත හැකි වනු ඇත.

වම් පස ඉහල කෙළවරට mouse pointer එක ගෙන ගිය විට දැනට භාවිතයේ පවතින වැඩසටහන් දිස්වන අතර applications ටැබය පිවිසීමෙන් හන්තාන සතු මෘදුකාංග ලැයිස්තුව දිස්වනු ඇත.


එහෙනම් හන්තාන සමගින් නිදහස අත්විඳින්න. හන්තාන මත සිට වැඩ කරන ආකාරය තවත් ලිපියකින් ලියන්නම්.

2012-05-18

Android එක්ක ජීවිතේ



Sony Ericsson Xperia X10 එක ගත්තට පස්සේ වැඩිය PC එකෙන් සෙල්ලම් දැම්මෙ නැහැ. වැඩිපුරම Connect කලේ charge කරන්න තමයි.. ඊට පස්සේ ඉතිං Gingerbread වලට Update කලා. ඕන නං තව වැඩිම උනොත් root කරන්න විතරමයි.. root කිරිල්ලත් දෙපාරක් කරන්න උනා. මොකද කියනවනම් මුලින් කරපු root කිරිල්ල අප්ඩේට් එකෙන් පස්සේ unroot වෙලා තිබ්බ හින්ද.

Google ගිණුමත් එක්කලම තියෙන හින්ද Application install කරන්න පුලුවන් කජු කනවා වගේ. පස්සේ නිකංම  phone එකට install වෙනවා net connect කරගමන්ම. හැබයි හොදම ඒව මෙව්ව නැතිව දෙන්නෙ නැති නිසා කළුකඩේ පිහිට තමා.

ඔපිස් ප්‍රෝ, හොට් ප(ර්)සුයිට් හිට දාල බැලුවා.

xmbc remote එක නං සිරාවටම වැඩ කරනවා.

අනිත්දේවල් නම් ඉතිං හැමෝම ට්‍රයි කරල ඇතිනේ.

යංතං ඇඩ් ටික අයින් කරගත්ත lucky patcher එකෙන් මතක හැටියට අයින් කලේ.

SE PC suite එකෙන් වැඩක් උනේ අප්ඩේට් කරන්න විතරයි. අන්තිමට හොයාගත්ත කන්ටැක්ස් මැසේජස් පික්චර්ස් මියුසික් මැනේජර් එකක්.

ඕන නං ට්‍රයි කරල බලන්න මෙන්න කඹේ  http://www.wondershare.com/android-manager/guide.html

නම MobileGo

තව experiments කරපුවනම් තියේ..

හොදම ඇප් දෙක කියල කියන්න පුලුවන් super manager සහ ES filemanager.