Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2011-04-14

අවුරුදු Sajje

ඊයේ (13 වෙනි දින) පැවැත්වූ අවුරුදු සාජ්ජයේ ඊයේ සිට මේ දක්වා වන විට සියලුම සිංදු ගණන 1313ක්. මෙන්න සිංදු කියපු ලැයිස්තුව හා සිංදු ගනන..

156 RoylyFdo
118 AnjulaMalshan
95 nisald
83 NisansaDdS
82 KolithaBee
82 GayanMW
68 hajara_
63 anushkalakmal
62 roshm
40 xaInDC
37 kpgtharaka
33 lahirunirmala
32 zashgal
30 lasanthabuddika
30 isuru71
25 pixzumaliya
24 uvindubt
22 astroanu
21 chethaka
20 PolZie
20 udaraumd
19 Ashenr2
17 hogsmate
17 namila007
15 yfmdjslash
10 yoshrox
9 crazykesh
9 Thilinabuwa
8 ilhams
6 Dili
5 pahans
5 janukz
4 bkrishantha
3 dilanrf
3 gihangamos
3 hasitha77
3 Malithsen
3 thameera
3 Tylershehan
2 arvindjkv
2 Aysha_SM
2 naveenmadhawa
2 SeeJay
1 akila87
1 Ashu_Bashu
1 chanux
1 charithsoori
1 chathuraw
1 Elmoq
1 iHaneez
1 indunan
1 ireshsl
1 kanirockz
1 Lakshani55
1 Lollipop_Kid
1 nipunika11
1 ranmalm7
1 rimiiee
1 ruzeenr
1 sidathsam
1 thilinamees
1 vishalrc
1 WorldPNT

විශේෂ ස්තූතිය sandaruwan ට

2011-04-13

Cyber සිහින උළෙල - 2 වන කොටස

සිහිනයක් නොවූ සිහින උලෙළේ දෙවෙනි කොටස අරන් ආවා.. මේකෙ අඩංගු වෙන්නේ ආරම්භය සිදු උන ආකාරය සහ තරග ආරම්භය සනිටුහන් උනු හැටි තමා.. මේකෙ වීඩියෝ කොලිටිය ටිකක් වැඩියෙන් අප්ලෝඩ් කරා..

ආරාධිත අමුත්තන්ට සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන්න ආරාධනා කරන්නේ රචින්ත මලයා.. කොහොමද බලන්නකෝ කටහඩ..
පොල්තෙල් පහන දල්වලා අභීත අයිය ගෙදරින් ලියාගෙන ආපු කතාව කරනවා :)

මීටර් 100 දිවීම තරඟය..
පළවෙනියාට තෑගි දීමට පෙර මාරයියා කරුණු පැහැදිලි කරනවා.. පැරචුට් එකක්වත් තිබ්බා නං මාරයා දුවයි..

ඊගාවට කස්ටිය සීනි බනිස් වේලන්න එල්ලන හැටිත්


ඇස් බැඳල ඉන්නකොට ටොකු අනින්න එන්නෙ කවුද කියලත් බලාගන්නකෝ එහෙනං..
ඒ අතරම අභීත අයියගේ ඩාන්ස් පාරකුත් වීඩියෝ වෙලා නෙව.. :) අන්තිම එක නං හැමෝම දැක්ක මේක දැක්කද දන්නෑ. මොකක් හරි වන්නමකට ලේස්ති වෙනව වෙන්න ඇති.

යෝගට් කවන්න ඇස් බදින හැටි සහ අන්තිමයා පලවෙනියා වෙන හැටිත් බලාගන්න පුලුවන්.. ඒ අතර සමහරු යෝගට් පොවනවා.. හෙහෙ.
එතනදි දෙන්නෙක් පස්කන්න ට්‍රයි එකක් දුන්න නමුත් ඒක මෙකේ නැහැ.

යෝගට කෑවට පස්සේ මූණ කොහොම ඇත්ද

හරි හරි වැඩි කතා ඕනි නෑ බලලම ඉන්නකෝ..




ප.ලි. : බිල සැර වැඩිවෙයිද මන්දා

2011-04-08

Cyber සිහින උළෙල - 1 වන කොටස

අර තිවුවයි කිවුව සයිබර් සිහින උළෙල ගැනනේ මේ දවස් වල කාගේත් කතාව.. ඒ වගේමයි පින්තූර ටැග් වෙනවා.. කමෙන්ට් වැටෙනවා මඩ වදිනවා.. වීඩියෝ කලාට ඒ සේරම අප්ලෝඩ් කරන්න බෑ. විශේෂයෙන් මාරයා ඉන්න එවුවට ගෙවන්න කිවුවත්නේ :). මේකත් Hi Quality තමා හැදුවේ අන්තිමට සයිස් එක 690MB උනා. ඉතිං Video සයිස් අඩු කරල අන්තිමට Quality බස්සල මේ ගාණට අරගෙන අප්ලෝඩ් කරා..

සහභාගී නොවුනු අය පින්තූර බලල දුක් වෙන විත්තිය කමෙන්ට් වලින් තේරුණා.. මේක බලල තවත් දුක් නොවී ඊළග පාර එකට කොහොම හරි එන්න උත්සහ කරන්න කියල තමයි මුලින්ම කියන්න තියෙන්නේ

ඇතුල් වෙනකොට ගේට්ටුවෙ හිටිය එල පොරක් ඉතිං බැලුවම පිලිගැනීමේ නිලධාරියද දොරටුපාලද කියල නම් හිතාගන්න බැරි උනත් එතන ඉදන් තමා වීඩියෝ කිරිල්ල පටන් ගත්තේ. අන්තිමට බලද්දි මෑන්ස් ටිකට් කඩල තියෙන්නෙ අපට විතරක් නෙවිලු. ආරාධිත අමුත්තන්ටත් ටිකට් කඩලාලු.. හෙහෙ

රසවත් අවස්ථා ගොඩාක් තිබුණත් ටිකක් විතරක් මෙහෙම ලියන්නම්. වීඩියෝව බලල ඔයාලම අවස්ථා සම්බන්ධය දාගන්නකෝ

“හොදට ගනිං ඈ.. වීඩියෝ වෙනවනේ.“

“ගන්න මල්ලි. හැබැයි අයකරනවා“

මේක තමයි උනු සිරාම සීන් එක වීඩියෝ කරද්දි පොරක් පින්තූර ගන්නකොට ඉන්නව වගේ ඉදල අන්තිමට අහපි
“ඕක වීඩියෝ කැමරාවක්ද“ කියලා.. කවුද කියල හොයාගන්නකෝ

අනිත් එක තමයි මේක බලද්දි උනු දේවල් යලිත් මතක් වෙනවා.. ඒවගේ දේවල් ලියන්න ඔය පහල කොටුවක් තියල ඇති හොදේ :)

වීඩියෝ එක බැලුවම සේරම කතා ටික ලියන්න පුලුවන් උනත් වීඩියෝ එක බලලම ඉන්නකෝ..



ඉතිං මේ පෙර සූදානම විතරයි ඉතිරි ටික එහෙමම තියෙනවා.. හදල අප්ලෝඩ් කරන්නම්.
2වෙනි කොටසින් ආයෙ හමුවෙමුකෝ

2011-03-27

Fedora මත MySQL ස්ථාපනය

වැඩි දෙයක් කරන්න ඕනි නෑ.. අන්තර්ජාලය හා සම්බන්ධ වෙලාවක
Terminal එකට root ලෙස ලොග් වෙලා
yum -y install mysql mysql-server
ඒ පියවර අවසන් වූ විට mysql භාවිතා කිරීමට පෙර mysqld ධෘවනය කල යුතු වෙනවා.
ඒ සඳහා නැවතත් Terminal එකතුල
service mysqld start ලෙස හෝ /sbin/service mysqld start ලෙස ලබා දෙන්න.
නිවැරදිව සිථාපනය වූයේ නම් කොළ පැහැයෙන් OK ලෙස ලැබෙනු ඇති.
දැන් mysql යන්න යතුරු ලියනය කර mysql console ලබාගත හැක.

පරිගණකය ආරම්භයත් සමග mysql server එක ධාවනය කරවීමට
chkconfig mysqld on ලෙස ටමිනලයට ලබාදෙන්න.

mysql root පරිශීලකට මුරපදයක් එක් කිරීමට අවශය නම්.
mysqladmin -u root password 'මුරපදය'

*හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් සමග mysql පෙරනිමියෙන්ම ලබාදෙනවා. එබැවින් ඔබ භාවිතා කරන්නේ හන්තාන ලිනක්ස් නම් ස්ථාපන පියවරයන් සිදුකල යුතු වන්නේ නැහැ.

2011-02-14

LED Sign Board එක සහ තෙවන වසරට පා තැබීම.


ඕං තව වැඩක් හරි ගියා.. PIC16F84 දාල හදපු 30x8 LED Sign Board එක තිතට වැඩ කරනවා.. මේ තියෙන්නේ වැඩ කරද්දි ගනිපු පින්තූරයක්. පැහැදිලිව පෙනේද මංදා..



Flasher එක නිසා එළිය අඩුවෙන් තමා පේන්නේ. ඔක්කොම වැඩ ඉවර කලාම වීඩියෝ එකක්ම දාන්නං. ලීවේ Assembly වලින් තමා.. MicroLab IDE එකෙන් ලියල කම්පයිල් කරල Winpic එකෙන් Program කරගන්තා.
දැනට මූලික පියවර ගොඩ.. ඒ කියන්නේ සාර්ථකව වැඩ කරනවා.


ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.



දෙවන වසරට පා තැබීම ගැන ලීවෙ අද ඊයෙ වගේ උනත් ඒක ලියලාත් අවුරුද්දක් වෙනවා. එතකොට සිංහලෙන් බ්ලොගය ලියන්න අරන් අදට අවුරුදු දෙකක් වෙනවා.. මේ තියෙන්නේ දෙවන වසර ඇරඹුම ගැන ලියපු සටහන..

ඒ කාලේ එක්කල බලද්දී දැන් නම් ලිවීමේ වේගය සීඝ්‍ර ලෙස අඩුවීමක් පෙන්නුම් කරනවා.. ආයෙ ලියන්න ගන්න කාලෙ හරි නෙවෙයි ලියන්න ඕනා.. ඩ්‍රාෆ්ට් වල තියෙන ටික දැන් පරණ නිවුස් නිසා එවු‍ව එහෙමම තියෙන්න ඇරල අලුත් දේවල් ලියන්න තමයි හිතන් ඉන්නේ.