Pages

2009-09-28

බිංගෝ පරිගණක ක්‍රීඩාව සිංහලෙන් කේත කලෙමි

මෙන්න මගේ මුලින්ම VB.NET වලින් හදපු ක්‍රීඩාව. බිංගෝ ක්‍රීඩාව කරන්න කිවුවෙ ඉගෙන ගනිපු දේවල් භාවිතා කරන්න පුරුදු වෙන්න කියල. අනිත් අය හදල ඉවරවෙනකං නිකං ඉන්න බෑ. පටන් ගත්ත සිංහලෙන්ම හදන්න. ඉතිං මේ තියෙන්නේ මම සිංහලෙන් හදපු බිංගෝ ක්‍රීඩාව.



මෙහෙමයි ක්‍රීඩාකරන්න තියෙන්නේ.
ක්‍රීඩා කිරීමට ප්‍රථම ඔට්ටු ඇල්ලිය යුතුය. ඔට්ටු ඇල්ලීමට අවශ්‍ය පෙළ ඉදිරියේ හෝ ඉහල ඇති කොටු සලකුණු කරන්න. සියළු ඔට්ටු එකවර ඇල්ලීමට සියලු ඔට්ටු බොත්තම ඔබන්න. ඔට්ටුව අවලංගු කිරීම කොටු සලකුණු ඉවත් කිරීම මගින් සිදු කල හැක
ක්‍රීඩා කිරීමට "අරඹන්න (S)" මත ඔබන්න. නැතිනම් යතුරු පුවරුවේ "S" යතුර තද කරන්න. එවිට කොටු තුල ඇති අංක අහඹු ලෙස වෙනස්වේ. වෙනස් වීම නැවත්වීමට "නවතන්න (P)" බොත්තම එබීම හෝ "P" යතුර ඔබන්න. එක සමාන අංක තුනක් ගලපා බිංගෝ ලකුණු ලබාගත හැක.

අංක පේලි, තීරු හෝ විකර්ණ ආකාරයන්ට ගැලපිය හැක. එක් ගැලපීමකට බිංගෝ ලකුණු 50ක් ලබාගත හැක.

හදල ඉවර උනාම මට නම් බිංගෝ ලකුණු ගන්න බැරි උනා. ඔයාලට පුලුවන්ද කියල ට්‍රයි එකක් දෙන්න. ඒවගේම අදහස් සහ දෝශ මෙහි වාර්තා කරන්න පුලුවන් නම් ඉතාම වටිනවා.



16 අදහස්:

  1. මට නං තාම ලකුණු ගන්න බැරිවුනා නොවැ. :(

    ReplyDelete
  2. :)
    ඒත් බාගන්න ගියාම 404 කියනවනේ

    ReplyDelete
  3. ට්‍රයි එකක් දෙමුකෝ බලන්න අපි!

    ReplyDelete
  4. @Thilina
    තව ට්‍රයි කරන්න. මටත් දැං බිංගෝ එන්නෑ නෙව.

    @අඛිල
    වෙන්න බෑ. දැනුත් වැඩකරනවා.

    @-බිன்ku-
    :D

    ReplyDelete
  5. හරිම දක්ශයෙන් නොවැ . . . !

    ReplyDelete
  6. @දුකා
    :D
    බොහොම ස්තුතියි දුකා.
    මීට වඩා වැඩක් කරන්න හිතේ තියෙනවා.
    ඒත් විශ්වාසයක් නෑ.

    ReplyDelete
  7. මට ඔය ගේමේ කොඩ් ටික දේනවාද?

    ReplyDelete
  8. දාන්ට තමයි හිතාන ඉන්නේ. ඒක පොඩ්ඩක් විස්තර කරන්න ඕන නිසා ටිකක් තිබ්බා. ඉඩ ‍තියෙන වෙලාවක දාන්නම් :D

    ReplyDelete
  9. kome magul download link eka weda karanne neane

    ReplyDelete
  10. දැනුම් දීමට ස්තූතියි. දැන් පරීක්ෂා කරල බලන්න

    ReplyDelete
  11. මට නම් වැඩේ තේරුනේ නෑ. :(
    ඉලක්කම් වෙනස් වෙනව, නවතිනවා, අන්තිමට මොකක්වත් මැසේජ් එකක්වත් එන්නෙ නෑ නෙ.

    ReplyDelete
  12. @මාධව
    සිරස් අතට තිරස් අතට විකර්ණ වලට එක සමාන අංක ආවම තමයි බිංගෝ වෙන්නේ. නැත්තං ලකුණු නැහැ. ඔට්ටු තියන්න තියන්න මුළු ගණන අඩුවෙනවා. බිනගෝ එකක් ආවම මුළු ගණන වැඩි වෙනවා. එතකොට තව සෙල්ලම් කරන්න පුලුවනි.
    බින්ගෝ ආවොත් විතරයි මැසේජ් එකක් දෙන්නේ. හැම එකටම මැසේජ් දැමමම සෙල්ලම එපා වෙන්න ගන්නවා.

    ReplyDelete
  13. අනේ............මම දෙකක් ම දිනුම්.......හුරේ

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ