Pages

2010-03-17

Firefox , Safari, Opera, Chrome සහ IE

මේ දවස් වල අන්තර්ජාල ගවේශක සංසන්දනය කරනව වැඩී ද මංදා. මාත් ජංජා‍ල ගත වෙලා යමක් හොය හොය ඉන්න කොට හම්බුනා අන්තර්ජාල ගවේශක සංසන්දනය කරල බලපු පින්තූර ටිකක්. බලන්න මේ කියල තියෙන කතා ඇත්තද කියලා.


මෙන්න මෙතනින් තමයි මටත් හම්බුනේ http://goo.gl/OK7G

9 අදහස්:

  1. IE නම් කොහොමත් අමාරුවෙන් දුවන අශ්වයෙක් වගේ තමයි.ක්රොම් ජෙට් වගේ එකත් ඇත්ත.ස්තුතියි ලිපියට

    ReplyDelete
  2. Chrome එක නම් මැක්සා ස්පීඩ්...ඔය කෝකෙන් ලොග් උනත් Firefox ඕනි වෙන වෙලාවකුත් එනව..

    ReplyDelete
  3. මන් නම් ආසම IE6 තමා. ඒක නැත්නම් මට වෙබ් එක බ්‍රවුස් කරන්න හිතෙන්නේත් නැහැ. අනික් ඉඳලා හිටලා අපිට දවසකට දෙකකට හරියන වැඩත් අල්ලලා දෙනවනේ IE6. ඉතින් ඒක කොච්චර හොඳ බ්‍රවුසරයක් ද?

    ReplyDelete
  4. IE කතාව සහතික ඇත්ත. යුනිකෝඩ් සපෝට් හරියට තිබුණ නම් ඔපෙරත් මැක්සා.

    ReplyDelete
  5. ඇයි ඔපෙරා හොඳ නැත්තෙ?

    ReplyDelete
  6. මම නං ඔපෙරා.. (10.10 - build 1893)  හැබැයි 10.50 එක නං අලපාත්තියක්.

    ReplyDelete
  7. මමත් වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ Opera. ඒක‍ට එක හේතුවක් bookmarks, notes ඔක්කොම synchronize කරගෙන පස්සෙ ඒවට Opera Link වෙබ් අඩවිය හරහා ඕනැම කම්පියුටරකින් හෝ මෝබයිල් ෆෝන් එකකින් යන්න පුලුවන්කම.

    තව හේතුවක් තමන්ට කැමති ඕනැම search engine එකක් එකතු කර ගන්න පුලුවන්කම.

    Unicode ප්‍රශ්නයක් නම් දැන් නැහැ, මම දන්න තරමින් (ඉස්සර නම් තිබුනා). හැබැයි සමහර වෙබ් සයිට්වලදී කලාතුරකින් ප්‍රශ්න තියනවා.

    මමත් 10.50 වලින් 10.10 වලට ආපහු ගියා. යුරෝපීයන්ට බ්රව්සර් තෝරා ගන්න ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනැකමට කලබලෙන් හදලලු 10.50 අනාගන තියෙන්නෙ.

    ReplyDelete
  8. හැමෝටම ස්තූතියි කමෙන්ට් කරාට.
    මම නම් දකින්නේ එක එක්කෙනාට තියෙන රුචිකත්වය වෙනස් නිසා ‍එක එක බ්‍රවුසර ඒ ඒ අයට හොදයි කියල කියනවා.ඩිවලොපර් කෙනෙක් විදියට මම නම් ඔය සේරම පාවිච්චි කරනවා. හැම එකටම ගැලපෙනවද බලන්න එපැයි. හැබයි ගොඩක් වෙලාවට IE අමතක වෙනවා. :D Firefox තමයි මාත් ප්‍රධානව පාවිච්චි කරන්නේ. ක්රෝම් එකත් ඒ වගේම පාවිච්චි කරනවා.


    @කසුන්
    :D

    @මචං
    ෆයර් ෆොක්ස් වල තියෙන සමහර දේවල් ක්රෝම් වලත් ක්රෝම් වල සමහර දේවල් ෆයර්ෆොක්ස් වලත් නෑ. ඒක නිසා දෙකම පාවිච්චි කරන්න වෙනවා

    @ම
    අද අප්‍රේල් පලවෙනිද නෙවෙයිනේ බං

    @තමීර
    මට කලිං ලිවුව නේද උඹත් බ්‍රවුසර් ගැන

    @ගිහාන්
    ඔපෙරා ගැන නම් වැඩි දෙයක් කියන්න දන්නෙ නෑ

    @තිලිණ සහ සුජීව
    ස්තූති‍යි තොරතුරට

    ReplyDelete
  9. @ගිහාන්
    ඔපෙරා සිරාම බ්‍රව්සරයක්. ඒත් ලිනක්ස් සංස්කරණයෙ සිංහල රෙන්ඩරිං හොඳටම අල.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ