Pages

2010-03-02

නිවහන අලුත්වැඩියා කරමින් සිටිමි

අවුරුද්දක් තිස්සේ හිටපු තැනනේ. ඔන්න මටත් හිතුන නිවහන අලුත්වැඩියා කරන්න. ඉතිං තීන්ත පාරක් ගාල අදහස් වඩා ප්‍රළුල්ව පෙන්නන්න ලිපි පෙන්වන තීරුව ටිකක් ප්‍රමාණයෙන් වැඩි කරල ලෝඩ් වෙන්න වෙලා යන ඒව වෙනමම පිටුවකට පිටුවහල් කරල දැම්මා. තවම වැඩ ඉවර නෑ. ටික ටික හදන්න ඕන. ඉතිං ඒක හදන කං මං බ්ලොග් එක නොලිය ඉන්නවට වඩා ‍ලියන එක හොදයි කියල හිතුනා.

මූණු පොතේ ට්වීටරේ ඉන්න යාලුවො නම් දන්නවා ඉරිදා පොඩි (පොඩිමත් නෑ) රවුමක් ගැහුව විත්තිය. ඒ ගැනත් ලියන්න තියෙනවා. ඩොටේ ‍ඩොට් වෙන ගමකට ගිහන් ආව.

ඒ ඔක්කොම ලියන්න ඕන අමතක වෙන්න කලිං ඊටත් කලිං මාස ගානක ඉදන් ඩ්‍රාෆ්ට් තුනක් එකතු වෙලා තියෙනවා ඒටික ලිපි බවට පත්කරන්නත් ඕන.

තීම් එක Internet Explorer වලට නම් කචල් ඇති. Firefox වලට තමයි හැදුවේ. ඉතිං දැනගන්න ඕන කට්ටියට පේන්නෙ කො‍හොමද කියලා. Internet Explorer වල ඉන්න කවුරු හරි කියන්නකෝ පේන විදිය කචල්ද නැද්ද කියලා.

3 අදහස්:

  1. IE8 වල ට්වීටර් තත්වය එසැණින් එන්නේ නැහැ ඒ ඇරෙන්න Head Banner එක අවුල් ටිකක්. අනික්වා ෂේප්

    ReplyDelete
  2. @ම
    හෙඩර් එක කොටස් තුනකට දැම්මේ. ආපහු පොඩ්ඩක් බලන්න ඕන එකකට ගන්න.

    @චතුරංග රූපසිංහ
    IE වර්ෂන් එක මොකක්ද කියන්න පුලුවන්ද?

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ