Pages

2010-04-09

Mozilla FireFox කාර්යක්ෂමව භාවිතා කිරීමට කෙටිමං..



[F3] - පිටුව තුල වචන සෙවුමට.

[F5] - වත්මන් පිටුව / ටැබය යලිපූරණයට.

[Ctrl + T] - නව ටැබයක් ලබාගැනීමට.

[Ctrl + W] - වත්මන් ටැබය වැසීමට.

[Ctrl + Shift + T] - අවසානයට වසා දැමූ ටැබය යලි විවෘත කිරීමට.

[Ctrl + Shift + P] - පෞද්ගලික ගවේශණය ආරම්භ කිරීමට.

[Alt + Left Arrow] හෝ [Backspace] - පෙර පිටුවට.

[Alt + Right Arrow] - ඉදිරි පිටුවට.

[F11] - පුළුල් තිර ආකාරය සහ පුළුල් තිර ආකාරයෙන් ඉවත්වීමට.

[Esc] - පිටුව පූරණය නැවැත්වීමට.

[Ctrl + (- or +)] - ෆොන්ටයේ ප්‍රමාණය, ෆොන්ටයේ ප්‍රමාණය '-' මගින් අඩුවන අතර '+' මඟින් වැඩිවනු ඇත.

[Ctrl + Shift + Del] -‍ ‍පෞද්ගලික දත්ත ඉක්මණින් හිස් කිරීම සඳහා Clear Data කවුලුව වීවෘත කිරීමට’

[F6] or [Alt + D] or [Ctrl + L] – වෙබ් ලිපිනය එකවර තෝරාගැනීමට.

[Ctrl + D] - විවෘතව ඇති වත්මන් පිටුව සඳහා පිටු සළකුණක් එක් කිරීමට.

[Ctrl + I] - භාවිතයට ඇති පිටු සළකුණු ‍දර්ශණය කිරීමට.

[Ctrl + J] - භාගත කිරීමේ කවුලුව (Download Window) විවෘත කිරීමට.

[Ctrl + N] - ගවේශකයේ නව කවුලුවක් විවෘත කිරීමට.

[Ctrl + P] - වත්මන් පිටුව / රාමුව මූද්‍රණයට.

[Ctrl + Tab] - විවාතව පවතින ටැබ අතර මාරුවීමට.

[Spacebar] - වරකට පිටුව බැගින් පහළට චලනයට.

[Shift + Spacebar] - වරකට පිටුව බැගින් ඉහළට චලනයට.



http://www සහ .com ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කිරීමට [CTRL + Enter]

උදා:- http://www.google.com ලබා ගැනීමට ලිපින තීරුවේ google ලෙස සඳහන් කර [Ctrl +Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .org ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කරගැනීමට [CTRL + Shift + Enter]

උදා:- http://www.hanthana.org ලබා ගැනීමට ලිපින තීරුවේ hanthana ලෙස සඳහන් කර [Ctrl + Shift + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .net ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව ලබාගැනීමට [Alt + Enter]

උදා:- http://www.batapola.net ලබා ගැනීමට ලිපින තීරුවේ batapola ලෙස සඳහන් කර [Alt + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

---
ප.ලි.
මෙම ලිපිය cPlus සඟරාවේ මංගල කලාපය සඳහා මා විසින් සකස් කරන ලද්දකි.

කෙටිමං වලට හුරුවිම ඔබේ කාලය ඉතිරි කරයි.

9 අදහස්:

  1. නියමයි ඔයාගේ සයිට් එනකොට මොකද්ද.කොම් එකකුත් එක්ක රිඩෙරෙක් වෙනවා නේද ? ඇයි ඒ

    ReplyDelete
  2. කෙටිමං වලට හුරුවිම ඔබේ කාලය ඉතිරි කරයි.!!
    එකනම් හැබෑව ලොකු අයියේ!! ඒත් පොඩි ප්‍රශ්නයක් !!

    මට ඔවා මතක තියෙන් නෑනේ :-D

    එළ ලිපිය!!

    ReplyDelete
  3. තාරක
    මම ගොඩක් ෂෝට් කට් භාවිතා කරන්නෙ. ඒත් මට firefox වල එහෙම භාවිතා කරන්න අවස්ථාව ලැබුනෙ නෑ. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි සහෝ...
    කෙටිමං වලට මමත් හරිම කැමතියි..
    ඒත් මීට කලින් Firefox වල පාවිච්චි කරල නෑ..
    මාත් මුල ඉඳලම C plus කියවනවා/බලනවා...
    ගොඩක් හොඳ විශේෂාංග තියෙන අපූරු සඟරාවක්...

    ReplyDelete
  5. @Nadun
    කෝ එහෙම එකකට යන්නෙ නෑනේ.

    ReplyDelete
  6. @Bunny !
    E-mail එකේ පාස්වර්ඩ් එක මතක නැති කෙනාට ඕව මතක තිබුනොත් තමයි වැඩේ.

    හැබයි දවසක් දෙකක් අමාරුවෙන් හරි පාවිච්චි කරන කොට ඕක ඉබේම පාවිච්චි වෙනවා!

    ReplyDelete
  7. @දයියා
    එහෙනම් ඔන්න ඒ අවස්ථාව. පාවිච්චි කරලම බලන්නකෝ.

    ReplyDelete
  8. @sansarasidu
    එහෙනම් දැන් ෆයර්ෆොක්ස් වල පාවිච්චි කරල බලන්නකෝ.

    මම ඊළගට මෙහෙයුම් පද්ධතිය තුලම භාවිත කරන්න පුලුවන් කෙටිමං ගැන ලිපියක් ලිවුවා. 3වන කලාපයේ සීඩී තැටියේ තමයි ඒක අඩංගු වෙන්නේ.

    ස්තූතියි සඟරාව ගැන අදහස් දැක්වීමට :)

    ReplyDelete
  9. මේක නම් ගොඩක් වැදගත් වෙයි තාරක, මමත් ගිණි නරියා පාවිච්චි කරන කෙනෙක්

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ