Pages

2010-05-21

මේ ඇගේ ගාන සබන් ජාතියක්ද නැත්තම්..

සබන් කිවුවම එ‍ක එක ජාතියෙ සබන් තියෙනව නෙව. ඇගේ ගාන එව්වා, මූණෙ ගාන එව්වා, තව රෙදි හෝදන එව්වා. etc... ඉතිං ඕව වර්ග කරල තියෙන්නේ ඒ ඒ කාර්ය්‍යන් කරන්න විශේෂයෙන් හදපු ඒව නිසානේ. ඊට අමතරව දීප් නඟාගේ අර ලක්ස් එම්බෙඩෙඩ් ඉන් ටු කොහොඹ සබන් නිෂ්පාදයකුත් තිබුණනේ. මතක නැත්තං ඕං ලිංක් එක දැම්ම ගිහින් බලාගන්න‍කෝ. මේ කතාව ඊට වෙනස් වෙච්චි සබන් කෑල්ලක් ගැනයි.

අද අලුත් සබන් ජාතියක් ගෙදරට ගෙනල්ලා. ගෙදර කට්ටියට මේ මොන සබන්ද කියල බේරගන්න බැරිව තර්ක කරනවා ඇහුණා. ඕන් ඊළගට මගෙනුත් ඇවිත් අහනවා මේක ඇඟේ ගාන එකක්ද කියලා. ඉතිං බැලුව හොදට හරවල මෙන්න එක පැත්තක්
ඒකෙ තියෙනවා ඹෟෂධීය ඇඟ ගල්වන සබන් කියලා. ඊළඟට අනිත් පැත්ත පෙරලුවම ‍පේන විදිය තමයි මේ තියෙන්නේ

ඒ පැත්තෙන් බලපුවම මේක Toilet Soap. දැන් මේකෙ මොන පැත්තද හරි. නැත්තම් මේ දෙපැත්තෙම ගහල තියෙන ඒව සමානද? මට නම් කිසිම අදහසක් නැහැ මේක මොන වර්ගයට අයිති සබන් කැටයක්ද කියලා. පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ මොනව කරන්නද මේ සබන් ජාතිය හොද කියලා..

22 අදහස්:

  1. හරිස්චන්ද්‍ර මාමාගෙන්ම ඇහුවනම් මොකෝ? :D

    ReplyDelete
  2. මං ඔය හරිස්චන්ද්‍ර මාමව අදුනන්නෑනේ..
    ඒකනේ අවුල.. මාමව හම්බුණු වෙලාවක අහල මටත් කියන්නකෝ

    ReplyDelete
  3. http://www.thefreedictionary.com/toilet+soap කියනවා මෙහෙම:

    "toilet soap:
    [n] a mild soap, often coloured and scented, used for washing oneself"

    ReplyDelete
  4. ඉතින් හරිනෙ බොල. "ඇග ගල්වන්" නැතිව "පස්ස පැත්තෙ ගල්වන්න" කියලා දාන්නද ?

    පස්ස පැත්ත, ඇගටම නෙවේද සම්බන්ද ?

    ReplyDelete
  5. මචෝ Toilet soap කියන්නේ ඇඟේ ගාන සබන් වලට තමා. Lux, Lifeboy වල පවා ගහලා තියෙන්නෙ ටොයිලට් සෝප් කියලා තමා.

    ReplyDelete
  6. ආ.. ඕක ඇ‍ඟේ ගාන සබන් කෑල්ලක්.ඒ කියන්නේ ඇඟට සම්බන්ධ ඕන device එකක්, ඕන in put, out put slot එකකට ඔට්ටුයි! තේරෙන විදියටම කිව්ව! :D

    ReplyDelete
  7. @බනී
    ටොයිලට් සබන් කිවුව ගමන් ඔලුවට එන්නේ ටොයිලට් ගියාට පස්සේ අතසෝදන්න තියන එකක් වගේ. ඒකයි මේක දැම්මෙත්.

    @ඉන්දරේ
    ඒකත් එහෙමද? කොහෙද සබන් කෑල්ලක් ‍පිට කවරෙත් එක්ක තියෙනව දකින්නෙ කලාතුරකින්නේ

    @නුවන්
    හික්. හාඩ්වෙයා එක්ස්ප්ලේන් කිරිල්ලක්. මරු ඈ..

    ReplyDelete
  8. මේක Sri Lankan English එකයි, අනිත් ඒවායි ලැටපෙන තැනක් නේ.

    ReplyDelete
  9. ඔව් ඔව් ඔක්කොම ඇඟේ ගාන සබන් විතරක් නෙවෙයි සමහර ඇඟටම ගහන සෙන්ට් වර්ග වලත් Toilet spray කියල තියෙන්නේ...
    දවසක් ඔය ජාතියෙ සෙන්ට් එකක් මට නෑගි හම්බෙලා පන්තියෙදි කස්ටිය මාව බයිට් කලා ___ මට ටොයිලට් ස්ප්‍රේ එකක් දුන්නා කියලා.

    ReplyDelete
  10. @බඩී
    ඒක නේන්නම්

    @සහන්
    ඒකත් සමහර ‍විට සුද්දො ටොයිලට් ගියාම වතුර නැතිව පිහදාල ගඳ යන්න ගහන එකක්ද දන්නෑ නේද?

    ReplyDelete
  11. පු* ගාන සබන් කිව්වොත්?

    හැබැයි එතකොට අර Ancient beauty Treatment කථාව බොරු වෙනවා. ඔය ප්‍රදේශයේ මොන ලස්සනක්ද හැබෑට?

    ReplyDelete
  12. නෑ මචං, toilet soap කියන්නෙ ඇඟේ ගාන සබන්වලට. රෙදි හෝදන ඒවට කියන්නෙ laundry soap කියල :)

    ReplyDelete
  13. @කල්හාර
    හික්

    @තමීර
    මෙතනදි එහෙනම් ‍toilet කියන්නේ නාන කාමරය කියන අදහසින් වෙන්න ඇති නේද?

    ReplyDelete
  14. @ගයාන් තාරක:
    හ්ම් වෙන්නැ වෙන්නැ, සුද්දො දාගත්තු වචනනෙ

    ReplyDelete
  15. මං හිතන්නෙ ඕක ටයිල් වල අතුල්ලල ඊට පස්සෙ ඇගේ ගාලා කුරුලෑ යන්න මූනෙත් අතුල්ලන්න පුලුවන් එකක්. ඊට අමතරව රෙදි‍ හෝදන්නත් පාවිච්චි කරන්න පුලුවන් අතිශයින් කාර්යක්ෂම සබන් කෑල්ලක්.

    ReplyDelete
  16. හයියෝ, ටොයිලට් සෝප් කියන්නෙ ඇඟේ ගාන ඒව තමයි, දෙපැත්තම එකයිනෙ. :D :D :D

    ReplyDelete
  17. නියම ලිපියක්. හැබැයි ඔය සබන් කෑල්ල ඇගේ ගාන එකක් තමයි.

    ReplyDelete
  18. MADHURA Dictionary eke balapn macho........

    ReplyDelete
  19. හික් හික්... ඕක සබන් වල විතරක් නෙමේ ඔය හුඟාක් ස්ප්‍රේ ජාති වල අපි පාවිච්චි කරන ගහල තියෙනවා. ගාපන් ගාපන් බය නැතුව... ඇත්තෝර නේ හික් හික්... සබන් කෑල්ල එහෙම දෙයක් දැකලවත් තියෙද සැකයි

    ReplyDelete
  20. @සුදා
    මාරයිනේ..

    @මාධව @ප්‍රසන්න
    ඒක නේන්නම්. ඒත් හරියටම ෂුවර් එකක් තිබුනෙ නැති නිසා තමයි මේකෙ දැම්මේ.

    @ඉලංදාරියා
    ඒකෙන් තමයි ටොයිලට් එකටම නාන කාමරේ කියල කියන කතාව හොයාගන්තේ. :D

    @පිස්සා පලාමල්ල
    හික්ස් ඒක නම් හැබෑව අපි දන්නවද මොනවයින් හදල තියේද කියලා..

    @All
    ස්තූතියි අදහස් දැක්වුවාට

    ReplyDelete
  21. දන්න කියන සබන් ජාතියක් ගෑවා නම් ඉවරනේ. දැන් එතකොට මේ දවස්වල ගෙදර කට්ටිය සබන් පාවිච්චියක් කරන්නේ නැද්ද සහෝ ?

    ReplyDelete
  22. Toilet කියනේ "බහිශ්‍රාවි" කියන අදහස...ඒ කියන්නේ අපේ ඇඟෙන් හොටු, කබ, මල,...වගේ විදිහට පිටවෙන එව්වා....ඒ සියල්ලගේම දුගඳ නැති කරන සෙන්ට් වලටයි toilet perfume කියන්නේ, සබන් වලටයි toilet soap කියන්නේ...

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ