Pages

2010-05-09

Nokia OVI එකේ ලියාපදිංචි වීම

මේ දවස්වල YFM එකේ නිතරම කියන දෙයක් තමයි මෙන්න මේක
All nokia users, log on to http://www.ovi.com and create your ovi account asap. Send in your contact details and phone model to avurudu@ovi.com, from your ovi mail (type "Y fm" in the subject line) and stand a chance to win a trip to paris and also mobile phones......

ඉතිං මාත් ගියා ඔය ovi.com එක මොකක්ද කියල බලන්න. මුල් පිටුවෙ තියෙනව විශේෂාංග ටිකත් එක්කල Register කියල බොත්තමක්. ඉතිං එබුවම Nokia Account එකක් හදන්න පිටුවක් විවෘත වෙනවා හැබයි ඔක්කොම සිංහලෙන් (යුනිකේත). හැබයි හරවපු කෙනාට වැරදිලද දන්නෑ ශ්‍රී ලංකාව තියෙන්නේ ශ්රී ලංකාව කියලා බොරුනම් එතනට ගිහිල්ලම බලාගන්නකෝ. ඉතිං විද්‍යුත් ලිපිනය සහ දුරකථන අංකය දෙකම දීල ගිණුමක් හදාගත්ත කියමු.

Nokia ගිණුම වෙත සාදරයෙන් පිළිගනිමු කියන මාතෘකාවෙන් ආවෙ නැතැයි මේල් එකක් මෙහෙම කියල

සාදරයෙන් පිළිගනිමු kpgtharaka,

ඔබ දැන් සිටිනුයේ Nokia ගිණුමෙන් ක්ලික් කිරීම් කිහිපයක් බැහැරිනි.

ඔබ විසින් කළ යුතුව ඇත්තේ අප සතුව ඔබගේ නිවැරදි ඊමේල් ලිපිනය ඇති බවට තහවුරු කිරීම පමණි. එසේ කිරීමට කරුණාකර පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න නැතහොත් එය ඔබගේ බ්රව්සරයේ ලිපින වින්ඩෝව එක මතට කොපි ඇන්ඩ් පේස්ට් කරන්න:
https://account.nokia.com/acct/verifyEmail?id=xxxxxx&lang=si

ඔබ වැඩි දුරටත් Nokia සේවාවන් ගැන දැන ගැනීමට කැමති නම් කරුණාකර http://www.ovi.com වෙත යන්න. නොඑසේ නම්, ඔබ ඔබගේ Nokia ගිණුමේ විස්තර යාවත්කාල කිරීමට කැමති නම්, කරුණාකර https://account.nokia.com වෙත යන්න.

සම්බන්ධ වීම පිළිබඳව ස්තූතියි Nokia සේවා භාවිතා කිරීම ආස්වාදනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

සුභ පැතුම්,
Nokia ගිණුම් කණ්ඩායම


ආ තව ආව කෙටි පණිවිඩයක් සිංහලෙන්ම.

ඔබ Nokia ගිණුමෙන් බැහැරව සිටිනුයේ ක්ලික් කිරීම් කිහිපයකිනි, කරුණාකර මෙම ලින්ක් එක විවෘත කරන්න: https://account.nokia.com/acct/v?id=xxxxxx&lang=si

වෙලාවට මං කලිං සිංහල ෆොන්ට් එකක්(ඉස්කෝලපොත) දාගෙන තිබ්බා පේන විදිය අවුල් ගියාට කොහොම හරි කියවගන්න පුලුවන්.

ඒකෙ තිබ්බ සබැඳිය ඔස්සේ ගිහිල්ල තහවුරු කරගත්තම ආපු පිටුව මේ.


ඉතිං අර කියල තිබුණ විදියට OVI මේල් එකෙන් අවුරුදු එකට මේල් එකක් යැව්වා. බලමු මොකද වෙන්නෙ කියලා

6 අදහස්:

  1. මාත් යැව්වා එකක් ගිය මසේම

    ReplyDelete
  2. පැහැදිලියි. බලමුකෝ මොකද වෙන්නෙ කියලා. නේද ... බොහොම ස්තූතියි පෝස්ට් එකට. පස්සේ තවත් ස්තූතියක් දෙන්නම්.

    ReplyDelete
  3. kohomada 4n 1kata sinhala danne
    Nokia n95 1kata

    puluwannam mata email karanna

    mahima2md88@gmail.com

    Plzzz

    ReplyDelete
  4. kohomada n95 1kata sinhadanne

    puluwannam mata email karanna ko

    mahima2md88@gmail.com

    plzz

    ReplyDelete
  5. මේකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?

    ReplyDelete
  6. @mahima
    මේ විදියට කරල බලන්න
    Phone එක Mass Storage විදියට සම්බන්ධ කරල Memory Card එකේ resource කියන ෆෝල්ඩරේ ඇතුලේ Fonts කියල ෆෝල්ඩරයක් හදල ඉස්කෝල පොත ෆොන්ට් එක මේ නම් වලින් ඒක ඇතුලට කොපි කරල ෆොන් එක රිස්ටාට් කරන්න. හැබයි internal මෙමරියට කරන්න යන්න එපා
    NOSNR60.ttf
    NSSB60.ttf
    NSTSB60.ttf

    @කසුන්
    මේක පොඩි තරගයක්නේ.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ