Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2011-06-15

Winamp සඳහා Crossfading සක්‍රිය කිරීම

මේ දවස්වල ඉතිං ඉඩක් ලැබුනම කරන දෙයක් තමයි BuzzRadio එක සඳහා ගීත වාදනය කරන එක.. තව ඒකටම පොඩි පොඩ් එක්පෙරිමන්ට් කරල බලන එක. http://radio.lk7.info ගියානම් ලෝකේ කොහේ හිටියත් අහන්න පුලුවන්. ඒකට පාවිච්චි කරන්නේ winamp තමා.. ඉතිං අනිත් අය සිංදු දාද්දි දැකපු දෙයක් තමයි. සිංදු අතර ඉඩක් තියෙන එක. ඒ කීවේ සිංදුවක් ඉවරවෙලා ඊඟාව සිංදුව පටන් ගන්න කලිං තත්පර කිහිපයක් නිහඬතාව රජ කරන එක. ඒක වලක්වගන්න පුලුවන් මෙන්න මේ දෙන මෘදුකාංගයෙන්.. ඇත්තටම කීවොත් ඒක winamp Plugin එකක්. මෙතනින් ගන්න.. ඕක ස්ථාපනය කරල සක්‍රිය කරා නම් ස්වයංක්‍රීයව සිංදු අතර තියෙන ඉඩ අඩු කරල එකක්...

2011-06-13

Y FM ඇහුවට තෑගි ලැබීම - YFM Top Fan

උ.පේ කරල ඉවර වෙලා හා හා පුරා කියල ජොබ් එකකට ගියා.. රිසල්ට් එකෙන් නම් නෙවෙයි.. ඒ පලවෙනි ජොබ් එක උනේ Post of Associate. වැඩ කලේ එංගලන්තේ.. රට ගියේ කවදද අහන්න එපා! එංගලන්තෙ වැඩ කලාට මෙහේම තමයි හිටියේ. කරපු වැඩේ තමයි ගිහිපු වෙලේ ඉදන් ෆෝම් පුරවන එක.. හරි හරි.. තේරෙන සිංහලෙන් කියනවනං Data Entry Operator කෙනෙක්.. වැඩ කලේ හවස 6.30 ඉදන් උදේ 3.30. වවුල වගේ තමා නයිට් වැඩ කරල දවල් නිදාගන්නවා..ඔය අතරෙ වැඩ කරන තැන දාන්නේම BBC සංදේශය තමා.. දාන සිංදුත් ඊට හපන්.....