Pages

2011-06-13

Y FM ඇහුවට තෑගි ලැබීම - YFM Top Fan

උ.පේ කරල ඉවර වෙලා හා හා පුරා කියල ජොබ් එකකට ගියා.. රිසල්ට් එකෙන් නම් නෙවෙයි.. ඒ පලවෙනි ජොබ් එක උනේ Post of Associate. වැඩ කලේ එංගලන්තේ.. රට ගියේ කවදද අහන්න එපා! එංගලන්තෙ වැඩ කලාට මෙහේම තමයි හිටියේ. කරපු වැඩේ තමයි ගිහිපු වෙලේ ඉදන් ෆෝම් පුරවන එක.. හරි හරි.. තේරෙන සිංහලෙන් කියනවනං Data Entry Operator කෙනෙක්.. වැඩ කලේ හවස 6.30 ඉදන් උදේ 3.30. වවුල වගේ තමා නයිට් වැඩ කරල දවල් නිදාගන්නවා..

ඔය අතරෙ වැඩ කරන තැන දාන්නේම BBC සංදේශය තමා.. දාන සිංදුත් ඊට හපන්.. ඒ මදිවට AC එකට අතේ ඇඟිලිත් Freeze වෙනවා. ටික කාලයක් ගිහින් ගත්ත Mobile Phone එකක්.. Nokia 6230. ඒ දවස් වල හැටියට ඒකේ තිබුන පහසුකම් වැඩිත් එක්කල. ඉතිං මොකද කලේ හැමදාම රේඩියෝ එක අහන්න පුරුදු උනා.. Data Entry කරන ගමන් Hands-free එක ගහගෙන සිංදු අහනවා. බීට් එකට Typing Speed එක හරි හරියට යනවා. :) 8-10 වෙනකල් අවුලක් නැහැ. ඊට පස්සේ තමයි අවුල slow සිංදු ගියොත් නං ඇඟිලි වලට වෙනම Exercise දෙන්න වෙනවා ආයේ ටයිප් කරන්න.


ඔය අතරෙ තමයි 2005 දෙසැම්බර් පලවෙනිදා වැරදීමකින් හරි රේඩියෝ ලයින් එකක් FM 92.6න් අහු උනේ.. ඒකේ සිංදු විතරමY. එදා ඉදං ඉතිං පුලුවන් තරං ඇහුවේ ඕකම තමා. නියම බීට් එක. හැබයි කොළඹ ඉදිද්දි විතරයි අහන්න පුලුවන්. ඉතිං ගෙදර එන්න 3.30ට බස් එකට නැග්ගත් පුලුවන් තරම් දුර අහගෙන එනවා. කොහොම හරි පානදුර වාද්දුව හරියට විතරයි අහන්න පුලුවන්. ටිකෙන් ටික ඒකට ඇබ්බැහි උනා වගේ උනා.. Cool Mix Drive, Love Dreams සහ Y Music Unlimited විතරද කොහේ ඒ දවස් වල අහන්න හම්බෙන්නෙත්.. තාමත් මතකයි Dj Slash ගෙ Dark Angle Remix එක. ලගදි දවසක් ආයේ ඒක අහන්න හිතිල Slash ගෙන් ඉල්ලුවට පරණයි කියල දුන්නෙ නැහැ.

මාස 5කට පස්සේ ඒ රස්සාවෙන් අයින් උනා. ඉතිං Y අහලත් හමාරයි..

දවසක් හදන්න ගෙනාපු Hi-Fi එකක් ගෙදර තිබුණා. නිකමට 92.6ට Tune කලා.. පැහැදිලිම නැති උනත් අහුවෙනවා. Digital Tuner එකක් නිසා වෙන්න ඇති. මාසයක් විතර Mono දාගෙන ඇහුවා. Mono කරාම ටිකක් පැහැදිලිව ඇහුනා. කොහොම හරි ඒ දවස් වල ගෙදරට ආපු යාලුවෙකුටත් විස්තරේ කියලා පොඩ්ඩක් අහන්න දුන්නා. පස්සෙ ආරංචි උණු විදියට Y අහන්න ගේ වටේම වයර් ඇදල බලලා. ඒත් අහුවෙලා නං නෑ. හෙන කාලයක් එක එක විදියේ ටැස්ටිං කොර කොර ඇහුවා y. පහු පහු වෙද්දි 92.6ට දෙමල ලයින් එකක් අහුවෙන්න ගත්ත. 101.3 වලින් දකුණට දුන්නට අපේ පැත්තට අහුවෙන්නැහැ.

2009 ජනවාරි පළවෙනිදා අන්තර්ජාල සබදතාව ගෙදරට ලැබුනේ.. එදා ඉදල නං දිගටම ඔන්ලයින් අහන්න පුලුවන් උනා. ඉතිං කොච්චර ට්‍රයි කරත් මේ පැත්තට නං FM වලින් Y දෙන පාටක් නං නැහැ. ඔන්ලයින් දිගටම අහන්නනං PC එක දාල තියන්න ඕන. ඒත් ලයිට් බිල ඒකට හරස් වෙනවා. ඒක නිසා හැදුව පොඩි අයිටම් එකක්. :) ඒක ගැන පස්සෙ කියන්නං.

ඉතිං ඔහොම අහගෙන අහගෙන ඉන්නකොට තමයි මාර්තු මාසේ Fans ලට තරඟයක් තියනව තියල දැනගන් ලැබුනේ. කරන්න තිබුනේ කරන දේවල්ම කර කර ඉන්න ගමන් YFM බැජ් එක FB Profile Pic එකට ගහන් ඉන්න තමයි. ඒකත් ගහල ඔන්න සුපුරුදු විදියටම ඉන්න අතරෙ තමයි අප්‍රේල් 27 වෙනිදා කිවුවේ ජයග්‍රාහකයින් තෝරාගෙන අවසන් කියලා. එදා Y Cafe එක අහගෙන ඉන්නකොට එකපාරටම සිංදුවක් වත් ඉල්ලන්නැතිව මගේ නම කියපි.. FB wall එකේ නම් ටික දාල තියෙනව කිවුව නිසා ටක් ගාල බැලුව මේං මේ ලැයිස්තුව දාල තිබුණා.


Top 30 Winners List :

1. Gayan Tharaka
2. Anjalee Subasinghe
3. Amal Madawa
4. Leader Manori Perera
5. Ramesh Lakmal Kumarasinghe
6. Supuni Jayawardhana
7. Erangi Yatawara
8. Smart Boy Cg
9. Smith Prabath
10. Jalini Dulanjali
11. Rujith Siriwardana Alwis
12. Shiras Rock
13. ShaShini KauShali FonSeka
14. Nelunika Kumari
15. Shaminda Srinath
16. Kasun Andy Doo
17. Amith Sampath
18. Danush Samaradiwakara
19. Amali Samanmali
20. Chamara Shirantha
21. Udana Pasan
22. Sasila Jehan
23. Ruwan Dhananjaya
24. Dilukshan Silva
25. Pavan Malith
26. Venura Edirisinghe
27. Anoja De Zylva
28. Deepal Nuwan
29. Sasini Chathurika
30. Janu Usgodaarachchi

30ක් තෝරගත්ත නිසා මට මුලින්ම හිතුනේ 30දෙනාටම එක හා සමාන අවස්ථා ලැබිලා කියල. මැයි 19 වෙනිදා ඇවිත් තෑගි අරන් යන්න කියල YFM එකෙන් කතා කරල කිවුවා. ඉතිං 20 වෙනිදා ඇමතුම් ලැබුණු අය කිහිප දෙනෙක් එනව කීව නිසා 20 නිවාඩුවක් දාල ගියා තෑගි ගන්න.
කොටුවට ගිහින් එදා යන කස්ටියත් එක්ක දෙපානමට ගියාට පස්සේ DJ-ස්ලෑෂ් නදීෂ් නික් තුන්දෙනාවත් හම්බඋනා. ඉතිං පොඩි සතුටු සාමීචියක් හෙම දාල බැලින්නං මුල් පස්දෙනාට විතරක් තෑගී ජාති ඔක්කොම වලින් තියෙනවා. ඉති මේං මේවා තමා හම්බුනේ.











ඉතිං ඇහුවට පාඩුවක් උනේ නං නෑ..

PS: දෙවන Sundown Concert එක ජුලි 9 මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනයේ තියෙනවා.

18 අදහස්:

  1. cool..........radio nam ahennema nathi tharam....bus ekedi eddi thama ahanne........I like yfm evening drive programmes....

    ReplyDelete
  2. add ur blog www.lankeeya.info

    ReplyDelete
  3. :) cool mix rhythm or request show??
    do you have ever listen to HipHop Party

    ReplyDelete
  4. එලි ‍වෙනතුරු රෑ‍වෙනතුරු වයි ඇහුවට කවදාවත් තර‍‍‍‍‍ඟෙකට නම් ඇස් ඇම් ඇස් එකක්වත් දාලා නෑ.

    අදද මංදා ‍මේ පැත්‍‍ ‍‍තේ ආ‍වේ. මතකත් නෑ කා‍ලෙකින් ‍නේ ‍රවුම් ගහන් ‍නේ.

    ReplyDelete
  5. @නෙරංජි
    ඔව් ඔව්

    @හා පැටික්කි..
    එස් එම් එස් දාල නෙවී..
    FB badge එක දාං හිටියට

    ReplyDelete
  6. machan kohomada yfm allaganne,matath oya prashanema tiyenawa,mama inne kaluatara

    ReplyDelete
  7. කළුතර හරියට නම් 92.6MHz වලින් තමා අහුවෙනවනම් අහුවෙන්නේ.

    මම නම් අහන්නේ ඔන්ලයින් www.yfm.lk එකෙන්

    ReplyDelete
  8. 2009 ජනවාරි පළවෙනිදා අන්තර්ජාල සබදතාව ගෙදරට ලැබුනේ.. එදා ඉදල නං දිගටම ඔන්ලයින් අහන්න පුලුවන් උනා. ඉතිං කොච්චර ට්‍රයි කරත් මේ පැත්තට නං FM වලින් Y දෙන පාටක් නං නැහැ. ඔන්ලයින් දිගටම අහන්නනං PC එක දාල තියන්න ඕන. ඒත් ලයිට් බිල ඒකට හරස් වෙනවා. ඒක නිසා හැදුව පොඩි අයිටම් එකක්. :) ඒක ගැන පස්සෙ කියන්නං.
    ------------------------------
    kohomada pc eka digata dala tiyanne light bilata auwl nowi,ape pettata radio eken hariyata ahuwenne na

    ReplyDelete
  9. 12v විතර පාවිච්චි කරන එකක් හදාගත්ත. පස්සෙ විස්තරයක් දාන්න ඉන්නේ එක ගැන. මේ දවස් වල ටිකක් බිසී..ඒකයි

    ReplyDelete
  10. @nalakan
    මෙන්න මෙයින් එකක් ගෙන්න ගත්තා
    http://www.cartft.com/image_db/picoPSU-150-XT.jpg

    ReplyDelete
  11. ඕකෙන් 12v බැටරියකින් උනත් PC එක දුවවන්න පුලුවන්.

    ReplyDelete
  12. ඉතිං එවෙලෙවත් කිව්වේ නැද්ද ඔය පැත්තට FM දෙන්න කියලා?
    ඕය ගැජට් එක හරහා බෝර්ඩ් එකට power දෙන එකද කරන්නේ?

    ReplyDelete
  13. කිවුව.. ඉස්සරහට බලමුකෝ..

    ඔවු. මේක තමා පවර් සප්ලයි එක

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ