Pages

2011-08-03

Generator Load Testing..

ඊයේ (2011-08-02) දින අධි බල විදුලි කණුවක JCB යන්ත්‍රයක් ගැටීම නිසා කාර්ය්‍යාලය අවට ප්‍රදේශයේ විදුලි ඇණ හිටීමක් සිදුවූ නිසා වැඩ කිරීමට විදුලි බලය ලබාගැනීමට විදුලි ජනකයක් පාවිච්චි කලා..

මාස ගණනාවකින් ක්‍රියාත්මක කිරීම නිසා ක්‍රියා කරවීම මඳක් අසීරු වුවත් කෙසේ හෝ ක්‍රියා කරවා 10ට පමණ වැඩ ආරම්භ කල හැකි උනා. 11.15ට පමණ විවේකයෙන් පසු විදුලි බලය මඳිකමක් දැනෙන්නට වූ බැවින් බලය වැඩි කිරීමට උත්සහ කලත් අසාර්ථක වූ නිසා ක්‍රියා විරහිත කර දැමුවා.. ඒ අවස්ථාවේ ජනකය තුල පුළිඟු පනින ආකාරය දැකගැනීමට තිබුනා.. බලය අඩුවීමට හේතුව එය වෙන්නට ඇතැයි අනුමාන කලා.

නැවතත් කෑම පැයෙන් පසු ක්‍රියාත්මක කලත් විදුලිය ලබාගත නොහැකි උනා. කිහිපවරක් උත්සහ කිරීමෙන් අනතුරුව කාර්මිකයෙක් ලවා ඇතිල්ලුම් පරීක්ෂා කර නැවත සවිකිරීමෙන් පසු විදුලිය ලබාගත හැකි උනා.. ජනකයෙන් විද්‍යුත් ගාමක බලය 230 දක්වා ලබා දී UPS ක්‍රියාත්මක කිරීමට හැදුවත් ඒවා ක්‍රියාත්මක වූයේ නැහැ. 250 දක්වා වැඩි කලත් සාර්ථක නොවූ බැවින් ක්‍ෂමතා පරීක්ෂාවක් සිදුකරමු යැයි කාරමිකයා විසින් යෝජනාවක් කලා..

මීට පෙර මෙවන් දෙයක් දැක නැති නිසා මේ ආකාරයෙන් ජංගමයෙන් සටහන් තබා ගත්තා.. මෙහිදි මුලින්ම භාජනයකට වතුර ටිකක් ගෙන ලුණු ස්වල්පයක් දමා 1.44 වයර් දෙකක් එය තුලට දමා ජනකයට සම්බන්ධ කර පණ ගැන්වීම තමයි සිදුකලේ.

 
විද්‍යුත් විච්චේදන ක්‍රියාවලියක් තමා මෙහිදී සිදුවෙන්නේ.. නමුත් ජනකයෙන් ධාරාව උපරිම ලෙස ලබාගන්නවා.. එබැවින් ක්‍ෂමතාව ගණනය කිරීමට ධාරාව මැනගැනීමෙන් පුලුවන්. මෙන්න අවසාන ප්‍රතිඵලය.

ධාරාව මැනල බැලුවම නම් 5kW ක්‍ෂමතාව ලබාගන්න පුලුවන්. හැබයි අන්තිමට කොප(ර්) දියවෙලා..
අවසානයේදී විද්‍යුත්ගාමක බලය 260ක් දක්වා වැඩි කිරීමෙන් අනතුරුව තමයි UPS ක්‍රියාකල හැකි වූයේ.. 260V වැඩි කියල හිතුණත් සියළුම UPS සහ පරිගණක ක්‍රියාත්මක කල පසු 255V දක්වා පහත වැටී තිබෙනු දක්නට ලැබුනා..

4 අදහස්:

  1. හරි ඉතින් අපි දන්නවා N73 එකක් තියෙන්නෙ කියලා....අහ් හැබැයි ෆ්‍රී කියලා සෙල්ලම් කරලා අඬු කඩා ගන්නවා එහෙම නෙවෙයි...දැනටමත් කකුල හොඳ නැහැනෙ

    ReplyDelete
  2. මොකක්ද මේ වාක්‍ය රචනාව :D

    ReplyDelete
  3. බාල්දි ‍හොයලා ලුණු හොයලා වද විඳින්න ඕනය? වයර් දෙක දිවේ තියල බැලුවනං සෝක් එකට ගාමකේ හොයාගන්න තිබ්බා.

    ReplyDelete
  4. කියනකල් හිටියේ...

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ