Pages

2011-10-27

Linux Live USB එකක් සෑදීම


හන්තාන සමගින් පෙරනිමියෙන් එන LiveUSB Creator මගින් පහසුවෙන් Live USB එකක් සාදාගත හැක. 
මේ සඳහා Fedora 15 මත  4GB PenDrive එකක් සහ හන්තාන මෙහෙයුම්පද්ධතියේ ISO එකක් මා භාවිතා කලෙමි.
මෙහිදී දත්ත මැකීයන බැවින් Pen එකෙහි වූ දත්ත බැකප් කර ගැනීම පළමුවෙන් කල යුතුය.

1.පියවර
LiveUSB Creator ආරම්භ කර Browse බොත්තම මත ක්ලික් කරන්න


2.පියවර
දැන් Live USB එකට දැමිය යුතු OS එකෙහි ISO එක තෝරා දෙන්න. මා මෙහිදි ලබාදුන්නේ Hanthana Linux 14.7.12 වෙළුමයි.


3.පියවර
ඔබගේ සැකසුම් සුරැකීමට අවශ්‍ය නම්
තේරූ ISO එක සමගින් Live USB එක තැනීමට Create Live USB බොත්තම ඔබන්න


දැන් Pen එකට OS එක මාරු වන අතර එහි Progress එක නිල් පැහැයෙන් පෙන්වයි.


අවසාන වූ පසු  පහත පරිදි කවුලුව දිස්වේ.


දැන් Live USB එක තනා අවසන්.

ඕනෑම පරිගණකයකට මෙම PEN එක සවිකර  First Boot එක ලෙස USB තේරුවිට පහසුවෙන් Hanthana Boot කරගත හැක.

* First Boot එක USB ලෙස තේරීමට පැරණි මව්පුවරු සහය නොදැක්විය හැක.
Boot Menu ලබාගැනීමට බොහෝමයක් මව්පුවරු වල ඇත්තේ  F12 හෝ F10 යන key එක එබීමටයි.
නැතහොත් POST Test එක අතරතුර එබිය යුතු යතුර දක්වනු ඇත.

ඊට අමතරව BIOS වලින් ස්ථිරවම Boot Sequence එක මාරු කිරීමද සිදුකල හැක

2 අදහස්:

  1. මම පාවිච්චි කරන්නේ Universal-USB-Installer-1.8.6.8 ...මේකත් ඔය වගේමයි.....

    ReplyDelete
  2. මේක හන්තානත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් එක්කම එන එක නිසා තමයි මේක ගැන ලියන්න හිතුවේ.

    ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ