Pages

2014-07-31

Browser එකේ save කරපු password එකක password field එකට තරු වැටුනම Safe කියල හිතනවද?

අද කියන්න යන්නේ පොඩි Security සීන් එකක් ගැන. කට්ටිය ලේසියට Browser එකේ පාස්වර්ඩ් සේව් කරන් ඉන්නවනේ. මේ ක්‍රමේ ටිකක් අනතුරුදායකයි. මුලින් කියන්නම් මේ තරු විදියට තියෙන පාස්වර්ඩ් බලන්න විදියක්. ඕන නං javascript එකකින් බලන්න පුලුවන්. මං නං කියන්නෙ ඒකත් ඕන නෑ. chrome හරි firefox හරි තිබ්බනං ඇති. කරන්න තියෙන්නෙ මෙච්චරයි.

මේ වගේ පාස්වර්ඩ් එක සේව් කරල තියෙන තැනක් ආවම Chrome වල නම් නිකම්ම පුලුවන්. Firefox නම් Firebug දාගන්න. ඊට පස්සෙ Password එක ගහන්න තියෙන Text box එක උඩ Right click කරල Inspect කරන්න.  එතකොට මේ වගේ පෙන්නයි

දැන් type="password" කියල තියෙන එක type="text" කියල වෙනස් කරන්න. password කියන එක උඩ ඩබල් ක්ලික් කලානම් නිකම්ම edit mode එකට යනවා. දැන් බලන්න මොකද වෙන්නෙ කියල. password එක කොච්චර ආරක්ෂිතද කියල පේනව නේද?
chrome වල master password එක විදියට windows login password එකම භාවිත කරාට Master Password කොච්චර අනාරක්ෂිතද කියල පේනව නේද? හැබයි Firefox මීට වඩා ඉදිරියෙන් ඉන්නව කියල කියන්න පුලුවන් මොකද Master Password එක නැතිව තරු සලකුණුවත් පෙන්න්නෙ නැති නිසා.

මෙතනින් ගිහින් Firefox වල Master Password එක හදාගන්න පුලුවන්



Internet Explorer පාවිච්චි කලානං අවුලක් නෑ කියල හිතන්නෙපා. ඒකෙත් F12 වැඩ.

4 අදහස්:

  1. උඹ මේ දවස් වල F12 එක්ක එව්වා මෙව්වා කරනවා වැඩි :p

    ReplyDelete
  2. හි හි.. හැමදාම අපි ඉතිං F12 එක්කමනේ ඉන්නේ.

    ReplyDelete
  3. විසඳුම මොකක් ද?

    ReplyDelete
  4. Firefox Master Password එක Set කරන එක

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ