Pages

2017-11-12

Satellite හරහා නොමිලේ TV බලමු.


ජනවාරි වලින් පස්සෙ මොකවත් ලියල නෑනෙ මේකෙ.. ආයෙ ලියන්න කියවන්න පටන් ගත්ත ඉතිං. අද නං වෙනස්ම මාතෘකාවක් අරන් ආවෙ. TV වලට කරපු කලින් experiment එක හෙම මතකත් නැතිව ඇති නේ. මෙතනින් ගිහින් බලන්න පුලුවන් ඒක


Satellite හරහා TV බලන්න පුලුවන් කියන එක අලුත් දෙයක් නෙවෙයිනෙ..  CBN SAT ඩයලොග් එකෙන් අරන් දැන් Dialog TV කියල ඇඩ් දානව දැකල ඇතිනෙ ඕනතරම්. තව DishTV, Videoconn එහෙම ඔය හයිකරල තියෙන්නෙ ඕනතරම් ගෙවල්වල වහලවල් උඩ.

ඉතිං TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත්  තනියෙම Satellite එකකට Dish එකක්  Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..  මේ කියන්න යන්නෙ කොහොමද මේක තනියෙම කරගන්නෙ කියන එක.

Satellite Dish වර්ග දෙකකට බෙදෙනවා.. C Band සහ Ku Band කියල. Ku කියන්නෙ පොඩි සයිස් ඩිෂ් එක. අර ඩයලොග් එකෙන් දෙන සයිස් එකේ එකක්. පෙනුම මේන් මේ වගේ

 [image source = https://www.alibaba.com/product-detail/ku-band-35cm-satellite-dish-antenna_227163673.html]

C බෑන්ඩ් එක ගොඩක් ලොකු සයිස් එකක්.  මේන් මේ වගේ.


[image source = http://www.daveswebshop.com/10ft.shtml]

ඕව මැද්දෙ අර ටොච් එක වගේ එකට කියන්නෙ LNB කියලා..

මේ කියන්නෙ Ku Band Dish එකකින් කොහොමද ටීවි බලන්න හදාගන්නෙ කියලා.

ගාණ අඩු නිසාත් තනියෙන් එහාට මෙහාට කරගන්න පුලුවන් නිසාත් මේක පටන් ගන්න හොද වෙයි. මාත් මුලින්ම ටියුන් කලේ  මේ Ku Band එකක්.  මුලින්ම බලමු මොනවද ඕන කරන්නෙ කියල.. 

  • Ku Band Dish එකක්
  • LNB එකක්
  • FTA support කරන Satellite Receiver එකක්
  • TV එකක්
ගොඩක් වෙලාවට Dish එකටම LNB එක හයි කරල තියෙන එකක් හොයාගන්න පුලුවන්. මමත් කලේ පාවිච්චි කරල අයින් කරපු Videoconn Dish එකක් ඉල්ලගත්තු එක. මලකඩ කාල තිබුනට අවුලක් උනේ නෑ.

ඕන කරන උපකරණ ටික හරි නම් අමතරව තව මාලිමාවකුත්, ටිල්ට් එක බලාගන්න කෝණමානයක් වගේ උපකරණයකුත් අවශ්‍ය වෙනවා. 
[image source = http://www.dx.com/p/naturehike-lensatic-analog-compass-black-190358#.Wgcr-MaWbIU] 
protractor.gif
[image source = https://math8geometry.wikispaces.com/measuring+angles+with+a+protractor] 

කෝණමානෙට අර අංශක බෙදෙන තැන මැදින් හිලක් විදල බරක් එල්ලගත්තනං අංශක ගාන බලාගන්න පුලුවන්.

හරියටම කියනවනං inclinometer කියල වෙනම මීටරයක් තියෙනවා ඇලවෙච්චි ගාන බලාගන්න.


 මම නං කලේ Samsung Galaxy Note 2  ජංගම දුරකථනය පාවිච්චි කරල. Compass ඇප් එකක් දාගත්තනං වැඩේ ගොඩ. හැබයි True Azimuth එකයි Magnetic Azimuth එකයි වෙනස් කියලත් මතක තියාගන්න.  කලින්  Phone එකෙන් තේ විතරයි හැදුවෙ නැත්තෙ කියල කමෙන්ට් කරලත් තිබුනනෙ. මේකත් ඒවගේ තමා Note 8 ඇවල්ලත් තාම Note 2 එකෙන් වැඩ.

එතකොට කොහොමද හරියටම Signal level එක බලාගන්නෙ. ඒකටත් වෙනම මීටර් තියෙනවා. ඒත් රිසීවර් එකෙන්ම ඒකත් කරගන්න පුලුවන් හරියට කරනවනං.

ඔක්කොම ආම්පන්න ටික කොහොමහරි සෙට් කරගත්ත කියමු. කෝ ඉතිං සැටලයිට් එකක් ඇහැට පේන එකක්යැ. අනික අපි කොහොමද දැනගන්නෙ ලංකාවට උඩින් තියෙන/ එහෙම නැතිනං ලංකාවට සිග්නල් එන සැටලයිට් මොනවද කියල. ඒකටත් ඕන තරම් වෙබ් සයිට් තියෙනව බලාගන්න. ඕව හොයන්න කම්මැලි ඇතිනෙ.. ඒකත් මමම කියන්නං ඉතිං.

FTA කියන්නෙ Free-to-Air කියන එක. ඒ කියන්නෙ FTA තියෙන චැනල් බලන්න කාටවත් සල්ලි ගෙවන්න ඕන නෑ.. නොමිලෙම බලන්න පුලුවන්. ඉතිං අල්ලපු රටේ එකකින් පටන් ගමු එහෙම තියෙන.

ඉන්දියාවෙ තියෙනවා DD Free Dish කියල  Sattelite TV Service එකක්. ඒක තියෙන්නෙ G-SAT-15 කියන සැටලයිට් එකේ.. Position කරල තියෙන්නෙ 93.5°E කියන තැන. ඉතිං එතන ඉදං එන සිග්නල් තමා අපි අල්ලගන්න ඕන. අල්ලන්න කලින් තියෙන චැනල් මොනවද කියල දැනගන්නත් එපැයි.

මේ ලින්ක් එකට ගියානම් ඒ සැටලයිට් එකේ  තියෙන චැනල් සේරම ටික පෙන්නනවා තව විස්තර ටිකක් එක්ක. Satellite ගැන උනන්දුවක් තියෙන එක්කෙනෙක් නම් දැනටම ඔය සයිට් එක දන්නව ඇති.
කැමති නම් ඔය සයට් එකේ තියෙන වෙන සැටලයිට් එකක් උනත් තෝරගන්න පුලුවන්. මේකෙ ගොඩක් චැනල්  Free තියෙන නිසා මම මේක තෝරගත්තා.

මේ වගුවෙ Frequency කියන්නෙ අර LNB එකට අල්ලන්න ඕන  සංඛ්‍යාතය. ඒක receiver එකෙන් සෙට් කරන්න තියෙන්නෙ. ඒ අදාල Frequency එකෙන් තමා එතන Group එකේ තීන Channel List එකම එන්නෙ. ඉතිං ඒක දාල scan ක ලා නම් ඒ චැනල් ටික සේරම ගන්න පුලුවන් වෙනවා. මං නං වැඩිපුරම බැලුවෙ ඔය Satellite එකේ 9XM එකයි MBeats කියන චැනල් එකයි තමා. සිංදු විතරයි ඒ චැනල් දෙකේම යන්නෙ. ඉතිං ඒ දෙකට අදාල Frequncy පිලිවෙලින් 11510 V සහ 11550 V

9XM කියන චැනල් එක ගත්තම ඒකට අදාල විස්තර මෙහෙමයි තියෙන්නෙ

Satellite : G-SAT-15
Service Provider : DD Free Dish
Frequency :11510 V
Transponder : tp20
Reagion : India
System : DVB-S
Symbol Rate : 29500
Fec : 3/4
Channel Name : 9XM
SID : 2153
VID : 5153
AID : 6153
Language : Hi

හතරවෙනි  තීරුවෙ තියෙනවා F කියල අකුරක් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ චැනල් එක Free බලන්න පුලුවන් කියන එකයි.

ඉතිං ඔය විස්තර ටික වගුවත් එක්ක බැලුවම කෙටියන් කියල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න පුලුවන්. ඔතනින් අපට Receiver එකට දාන්න තියෙන්නෙ   Frequency එකයි  Symbol Rate එකයි FEC එකයි විතරයි. අනික් ඒව ගැන දැනට හිතන්නැතිව ඔන්න ඔය තුන දාගන්නයි තියෙන්නෙ. දාන විදිය receiver එකෙන් receiver එකට වෙනස් වෙනවා. V, H අකුරුවලින් කියන්නෙ Polarization එක. ඒ කියන්නෙ Signal Transmit කරන්නෙ Vertically ද Horizontally ද කියන එක




සරලව මේ පියවර ටික ඕනම receiver එකක අනුගමනය කලා නම් TP (transponder) ටික ඇඩ් කරගන්න පුලුවන් වෙයි.

Menu එකට ගිහින් බලන්න Antenna Setup කියල තැනක් තියෙනවද කියලා.. එතනට ගිහින්  Satellite එකක් Add කරගන්න. කැමති නමක් දෙන්න පුලුවන්.  ඒ දාද්දි LNB Power එක ON කරන්නත් LNB Type එක Universal කියල දාන්නත් අමතක කරන්න එපා. අනිත් දෙක නම් Off කරන්න පහල පින්තූරෙ විදියට.



ඊට පස්සෙ ඒ සැටලයිට් එකට අදාල Transponders Add කරගන්නයි තියෙනනේ.
මං නම් කරන්නෙ Satellite එකට අදාලව F අකුරු  තියෙන ඔක්කොම TP's ටික අදාල Polarization එකත් එක්ක දාගන්න එක තමයි. එතකොට සිග්නල් අහුඋන හැටියෙ ඔක්කොම චැනල් ටික ස්කෑන් කරන්න විතරයි තියෙන්නෙ.Transponders කියන එක උඩට ඇවිත් OK කරාම හරි Satellite එක Add කරගත්තට පස්සෙ TP list කියන තැනට ගියාට පස්සෙ පහල විදියට එකක් එයි.  Signal Level කොල පාට නොවී එක බාර් එකක් වත් ඇවිත් නැති වෙන්න පුලුවන්. ඊගාවට කරන්නෙ ඒ විදියට කොල පාට හරි සිග්නල් ලෙවෙල් පෙන්නනකල් ටියුන් කරගන්න එක.


TP හරියට අර සයිට් එකේ පෙන්නල තිබුන විදියට විස්තර දාල ඇඩ් කරගන්නයි තියෙන්නෙ. Ku Dish එකක් නිසා C band ඒව දැම්මට වැඩක් වෙන්නැහැ. ඒක නිසා අංක 4ක් තියෙන Ferquncy නොදා අංක 5ක් තියෙන ඒව විතරක් දාගන්න. අංක 4න් එන්නෙ C Band Frequencies. chart එකේ C කියලත් තියෙනව ඒවට යටින්.  Modulation විදියට DVB-S එකයි. Polarization එකයි Symbol Rate එකයි හරියට දුන්නන්ම FEC හරියට දාගත්තත් All කියන එක දැම්මත් signal පෙන්නනවා.




 TP ටික දාගත්ත කියන්නෙ දැන් receiver එක රෙඩි. Dish එකට LNB එක හයි කරල LNB එකට Coaxial F connector වලින් TV Antenna Cable එකක් හයි කරගන්න පුලුවන්.


මේ තියෙන්නෙ මම තාවකාලිකව Dish එක කෙලින් තියාගත්ත හැටි.


Dish එක කෙලින් හිටව ගත්තට පස්සෙ ඊලඟට කරන්න තියෙන්නෙ Receiver එකට කේබල් එක හයි කරගන්න.. LNB IN, LNB OUT,  Loop, IF IN වගේ නම් වලින් ඔය F connector එක හයි වෙන තැන් තියෙන්න පුලුවන් ඒවයින් LNB OUT, Loop හැර අනිත් නමකින් තියෙන එකක් හරහා LNB එක receiver එකට හයි කරගන්න පුලුවන්.  දැන් Receiver එක On කරල නම් තියෙන්නෙ Signal එනකල් Dish එක හරවන්නයි තියෙන්නෙ. 



ඒත් ප්‍රශ්නයක් කොයි පැත්තෙන්ද සිග්නල් එන්නෙ කියන එක. ඒකටත් මෙන්න මේ සයිට් එක ප්‍රයෝජනවත් වේවි.  ඔය ලින්ක් එක ක්ලික් කරල ගිහින් මැප් එකේ දැන් ඔයා ටියුන් කරන Dish එක තියෙන තැන Zoom කරල ක්ලික් කරන්න. එතකොට මේ වගේ විස්තරයක් පැත්තෙන් වැටේවි.

දැන් ඔය ලැබිල තියෙන්නෙ හරවන්න ඕන පැත්තයි උස්සන්න ඕන Angle එකේ අංශක ගානයි. Azimuth කියන්නෙ ඔතන උතුරෙ ඉදන් තියෙන අංශක ගනන. ඉතිං මාලිමාව අතට අරන් අංශක 115.1 තියෙන පැත්තට LNB එක තියෙන විදියට DISH එක හරවගන්නයි තියෙන්නෙ. දැන් 115 කියන්නෙ නැගෙනහිර පැත්තට වෙන්න. මාලිමාව අරන් 115 කෙලින් Dish එකේ බාර් එක පේන්න තියාගෙන ඒ කෙලින් LNB එක පේන විදියට තියාගත්තනං හරි. Tilt එක කියන්නෙ අංශක ගනන ඉතිං මේ Offset Dish එකක් නිසා ඕකෙ තියෙන ගානම නොවෙන්නත් පුලුවන්. නමුත් දල වශයෙන් ඔය ගානට තියාගන්න. සිග්නල් ආවෙ නැත්තං පොඩ්ඩක් පහලට කරල බලන්න. G-SAT-15 ගාවම තව Sat තියන නිසා Signal පෙන්නුවත් Quality එක පෙන්නන්නැති වෙන්න පුලුවන් එහෙම උනොත් ඩිෂ් එක පොඩ්ඩක් උතුරු පැත්තට ගන්න අංශක 4ක් විතර. එතකොට මේකෙ විදියට TP එකට අදාලව  Signal පෙන්නන්න පුලුවන්. ඉතිං ඉවසීමෙන් හෙමින් තමයි Dish එක හරවන්න ඕන. මතක තියාගන්න අංශකයක් හැරෙව්වත් ලඟ 1mm වගේ පෙනුනට Satellite වලට එන දුර වෙනකොට කිලෝමීටර් ගානක් වෙන්න පුලුවන්.. වැඩේ අමාරුයි කියල හිතෙනවනම් Sat-Finder එකක් පාවිච්චි කරන්න පුලුවන්. රුපියල් 1000ක් වගේ වෙන්නෙ. මම නම් කවදාවත් පාවිච්චි කරල නැහැ. Phone එක අරන් Dish එක ගාවට ගිහින් ටියුන් කරනව ඇරෙන්න.

සිග්නල් ආව කියන්නෙ වැඩේ ගොඩ.  ඉතිං අනිත් TP ත් බලන්න සිග්නල් තත්වෙ කොහොමද කියලා. සේරම හොදයි වගේ නම් තියෙන්නෙ Scan කරන්න තමයි. මදි නම් පොඩ්ඩක් Dish එක හරවල බලන්න තව ටිකක්. නැත්නම්.  LNB එක පොඩ්ඩක් කරකවල බලන්න. LNB එක පොඩ්ඩක් ඉස්සරහට පස්සට කරල බලන්න.

ටීවි එක Dish එක ගාවට ගන්න බැරි නිසා TV එකේ Screen එක Phone එකට අරන් තමා මම නම් ටියුන් කරගත්තෙ. ඒත් TP මාරු කරන්න ආයෙ Receiver එක ගාවට යන්න වෙනවා. ඒක නිසා තමා බිම තියල Dish එක Align කරගත්තෙ. මේ අලුත් D2h Box එක නම් Lock නිසා Signal ගන්න විතරයි පාවිච්චි කලේ. Channels Scan කරාට පෙන්නන්නෙ නැහැ..



මුලින්ම මම පාවිච්චි කලේ  මෙන්න මේ වගේ FTA receiver එකක්.

කාඩ් දාන්නත් බැහැ. FTA Channels විතරයි ඒකත් MPEG-2 විතරයි. MPEG-4 සපෝට් කරන්නෙත් නැහැ. ඒත් 9XM, MBeats වගේ FTA Channels පේනවා.
ටිකක් පුරුදු උනාම මාලිමාවක් නැතිව උනත් Signal Level එකයි Quality එකයි ගන්න පුලුවන්. 




මේ තියෙන්නෙ Dialog Now Intelsat 904 (45E) වල අල්ලපු එකක්.



ABS 2, NSS 6,  SES 8 එහෙම අල්ලල බලන්න පුලුවන් තව. Scrambled Channels බලන්න card දාන්න පුලුවන් receiver එකක් ගන්න වෙනවා. 


කාලෙකින් ලියපු නැති නිසා style එක වෙනස් වෙලා.  පැහැදිලි නැති තැන් තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාල අහන්න. 

29 අදහස්:

  1. සුපිරි පෝස්ටුවක් සහෝ.
    කාලෙකින් ඇවිත් වයින පෝස්ටුවක් දැම්මට ස්තුතිියි.

    ReplyDelete
  2. හොද ලිපියක්.

    ඔය විදියට ලංකාවේ චැනල් බලන්න බැහැ නේද ?

    ReplyDelete
  3. නියමයිනෙ, අද තමයි මේ බ්ලොග් එක හම්බවුණේ. ඔහොම්ම දිගටම ලියන්න. මම බුක්මාක් එකකුත්දාගත්තා.

    ReplyDelete
  4. වැදගත් පෝසට් එකක් කරලා බලන්න ඕනේ. ඉස්සර දවසට දෙක තුන පෝසට් දැම්ම බ්ලොග් ලියන කට්ටිය එක එක තැන්වල විසිරිලා. ආයිත් බ්ලොග් කෙරුවාව පටන් ගන්න කාලේ හරි වගේ

    ReplyDelete
  5. අපේ ගෙදර ඇවිල්ල එකක් සෙට් කරල යන්න බැරිද?

    ReplyDelete
  6. රතීගේ දිනපොත
    ස්තූතියි

    lktips.info
    ලංකාවෙ චැනල් බලන්න ගෙවීමක් කරන්න වෙනවා. ලංකාවෙ චැනල් දෙන්නෙ Dialog 45E එකෙන් සහ DishTV Srilanka විතරයි. ඉතිං අදාල අයතනයෙන් තමයි ගන්න වෙන්නෙ.

    Hasitha Prasad
    ස්තූතියි. ලියන්න තමා හිතාගෙන ඉන්නෙ ආයෙම

    Kasun Nadeeshana
    ඒක නම් ඇත්ත. ගොඩක් අය දැන් මගඇරිලා. ඉස්සර බ්ලොග් වලම ජීවත් වෙච්ච කාලයක් තිබ්බා.. දැන් ලියන අය අඳුනන්නෙවත් නැහැ.

    DJ Slash
    බැරි කමක් නැහැ. ඩිෂ් එකකුයි රිසීවර් එකකුයි විතරයි ගන්න තීන්නෙ. ඩිෂ් එකක් නං හොයාගන්න හරි පුලුවන් වෙයිනෙ

    ReplyDelete
  7. Cline ekak ganne kohomada

    ReplyDelete
  8. Reciver ekak ganna thanak kiyanna puluwanda ? keeyak withara wei da ?

    ReplyDelete
  9. Maru...lankawe channeluth balanna puluwan pitarata channel balannath puluwan....receiver monawada hoda....

    ReplyDelete
  10. maru postuwa.... lankawe channel pitarata channel free balanna puluwan receiver monawada....hodama

    ReplyDelete
  11. maru postuwa.... lankawe channel pitarata channel free balanna puluwan receiver monawada....hodama

    ReplyDelete
  12. @Anonymous
    cline for කියල බලන්න ඕන satellite එකේ නම ගහන්න. ඕනෙතරං කට්ටිය ඉන්නවා.

    @tech සයුර (Rohan Dhananjaya)
    ස්තූතියි

    @Chalitha Dissanyake
    කොටුවෙ පලවෙනි හරස්වීදියෙ අංක 59 space, zark කඩවල තියෙනවා.. Ukayee ගාවත් ඇති. එක එක ගණන් වලට තියෙනවා 5000 ඉදන් ඉහලට

    @harshana sampath kariyawasam withanage
    FTA එකක් ගත්තොත් Free ඒව බලන්න පුලුවන් HD තියන එකක් ගත්තොත් HD channels බලන්න පුලුවන්. ඒවගේ අවශ්‍යතාවය අනුව තෝරගන්න පුලුවන්. Bisskey PowerVU Keys දාන්න පුලුවන් එකක් ගත්තනං ගෙවන්න වෙන ඒවත් ටිකක් ෆීම බලන්න පුලුවන්. ගනිද්දි බලල ගන්න

    ReplyDelete
  13. Ebay eken ganna thiyena Receivers wala V8, V7 kiyana deke wenasa mokadda.
    Oya tune karaddi TV view eka Phone ekata gatthe kohomada.

    ReplyDelete
  14. Dialog tvවලටත් මෙවැඩෙ හරියනවද?

    ReplyDelete
  15. @THARANGA MADUSHAN
    thanks

    @Katta Ka
    v7 එකට වඩා V8 එකේ ඔප්ෂන් තියෙනවා. V8 එකට Lan Port එකකුත් තියෙනවා. තව DLNA,SAT To IP, Twin Protocol එහෙමත් V8 වලට ඇවිත් තියෙනවා.

    මං TV Screen එක ගත්තෙ. Samsung වල old feature එකක්. Wifi හරහා

    @ශාන්
    Dialog එකත් අල්ලන්න පුලුවන් නමුත් FTA තියෙන්නෙ DialogNow එක විතරයි. අනිත් චැනල් බලන්න නම් ගෙවල ගන්න වෙනවා

    ReplyDelete
  16. මම nss6 දැනට බලනවා. Mpeg2reciver..⁣asia sat වගෙ ගන්න ලෙකු dish 1 ගන්න වෙයිද? ඒවා kubanda...මම tp දාලා dishtv dish ekakin try කලා හරි ගිේ නෑ..

    ReplyDelete
  17. @unknown
    Asiasat 5 එකේ තියෙන 12522 V DVB-S SR 40700 FEC 3/4 Mpeg 2
    අනිත් TP ටික MPEG 4 එකට පෙන්නයි. KU Band තමා. නමුත් MPEG 4 රිසීවර් එකක් ඕන. ඒකත් HEVC සපෝට් එකක් ගන්න වෙයි ගන්නවනං. මොකද H.265 නිසා.
    ඉලක්කම් 5ක් තියෙන TP ගොඩක් දුරට Ku. 4ක් එන TP තමා C band.

    @M.R.Chamara Perera
    Thanks

    ReplyDelete
  18. සාමාන්‍යයෙන් channels කීයක් විතර අහුවෙනවාද cccam line කියන්නේ මොකක්ද්

    ReplyDelete
  19. බ්‍රෝ 0767633842 Whatsapp massage එකක් දාන්ඩකෝ. ලොකු උදවුවක්

    ReplyDelete
  20. බ්‍රෝ ඔක්කෝම channel කීයක් වැඩද

    ReplyDelete
  21. හොද පැහැදිලි කිරිමක් නවකයන්ට .

    ReplyDelete
  22. Elama...mamat ekk set karagatta..

    ReplyDelete
  23. cline ගැන ආයි සැරටම යන්නෙ ලංකාවෙ චැනල් ටික FTA දීලද

    ReplyDelete
  24. Cline ගැන ආයි සැරටම යන්නෙ ලංකාවෙ චැනල් ටික FTA දීලද

    ReplyDelete
  25. හරිම වටිනා ලිපියක්...ස්තූතියි,

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ