Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2011-07-21

අලුත් වැඩක් - පින්තූර ඇල්බම් එක

ඔන්න මාත් පටන් ගත්ත පින්තූර ඇල්බම් එකක්. තාක්ෂණික වැඩ වලට වඩා වෙනස් දෙයක්නේ.. හැමදාම ඒවම කරල හරියන්නෙත් නැහැනේ.. මේක මට ඉස්සරහට වඩාත් වැදගත් වෙයි කියල හිතෙනවා.

Flickr එකේ තමා කරන්නේ..මේක මං අරගනිපු පින්තූර වලින් මට හොදයි කියල හිතෙන පින්තූර ටික දාල හදාපු ඇල්බම් එකක්.

හදන්න හිතුනේ මං ගනිපු පින්තූරයක් දැකල කෙනෙක් ඇල්බම් එකක් නැද්ද කියල අහපු නිසා..  දැන් ඉතිං ඔන්න ගන්න ගන්න පින්තූර ඕකට දාන්න තමා හිතන් ඉන්නේ..

තාම ඉතිං හරියට කැමරාවක් වත් නැහැ.. මේව අරන් තියෙන්නේ මගේ ජංගම දුරකථනයෙන්.. කට්ටියට මතකද දන්නෑ අර රිමෝට් එකක් විදියටත් පාවිච්චි කරනව කීව එක තමයි.

කැමති නම් පින්තූර වලට කමෙන්ට් කරන්නත් පුලුවන්.. අකමැති නම් ඒත් පුලුවන්..
මට හුඟක්ම වටින්නේ පින්තූර ගැන කරන විවේචන තමා..
ඒ කීවේ.. මේක මේ විදියට ගත්තනම් මීට වඩා හොදයි කියල උපදෙසක් ගන්න පුලුවන් නම් තමා..

මොකද මං පොටෝග්‍රැෆි වත් ග්‍රැෆික් ගැනවත් වැඩි දෙයක් දන්නැති නිසා.

එහෙනම් ගිහිල්ලම බලන්නකෝ.

http://www.flickr.com/photos/54021321@N06/

2011-07-09

Fedora Code Names & මගේ ලිනක්ස් ආරම්භය

මෙච්චර කාලෙකට ආපු Fedora version වල Code Names ටික තමයි මේ..

Fedora Core 1 (Yarrow)
Fedora Core 2 (Tettnang)
Fedora Core 3 (Heidelberg)
Fedora Core 4 (Stentz)
Fedora Core 5 (Bordeaux)
Fedora Core 6 (Zod)
Fedora 7 (Moonshine)
Fedora 8 (Werewolf)
Fedora 9 (Sulphur)
Fedora 10 (Cambridge)
Fedora 11 (Leonidas)
Fedora 12 (Constantine)
Fedora 13 (Goddard)
Fedora 14 (Laughlin)



ඉතිං ඔතනිං මං මුලින්ම අත තිබ්බේ Moonshine එකට තමා.. ඒත මොඩම් එක ගත්තෙ නැති නිසා වැඩිය මුකුත් කරන්න බැරි උනා.. මේ තියෙන්නේ මං lklug එකට යවපු මුල්ම මේල් එක.
http://www.linux.lk/lurker/message/20070715.141609.25f51b8a.pl.html#linux

ඒකට උත්තරේ එවල තියෙන්නේ Bud


ආයෙ Sulphur වල ඉදං පටන් ගත්ත දැන් තියෙන්නේ පාවිච්චි කරන්නේ Leughlin දැන් නම් කරදරයක් නැතිව වැඩ කරනවා..

දැන් තියෙන්නේ Fedora 15 (Lovelock)
ඊළඟ එක තමයි Fedora 16 (Verne)

2011-06-15

Winamp සඳහා Crossfading සක්‍රිය කිරීම

මේ දවස්වල ඉතිං ඉඩක් ලැබුනම කරන දෙයක් තමයි BuzzRadio එක සඳහා ගීත වාදනය කරන එක.. තව ඒකටම පොඩි පොඩ් එක්පෙරිමන්ට් කරල බලන එක. http://radio.lk7.info ගියානම් ලෝකේ කොහේ හිටියත් අහන්න පුලුවන්. ඒකට පාවිච්චි කරන්නේ winamp තමා.. ඉතිං අනිත් අය සිංදු දාද්දි දැකපු දෙයක් තමයි. සිංදු අතර ඉඩක් තියෙන එක. ඒ කීවේ සිංදුවක් ඉවරවෙලා ඊඟාව සිංදුව පටන් ගන්න කලිං තත්පර කිහිපයක් නිහඬතාව රජ කරන එක. ඒක වලක්වගන්න පුලුවන් මෙන්න මේ දෙන මෘදුකාංගයෙන්.. ඇත්තටම කීවොත් ඒක winamp Plugin එකක්.

මෙතනින් ගන්න..

ඕක ස්ථාපනය කරල සක්‍රිය කරා නම් ස්වයංක්‍රීයව සිංදු අතර තියෙන ඉඩ අඩු කරල එකක් ඉවර වෙනවත් එක්කල තව එකක් පටන් ගනීවි..



දාලම බලන්න.. උදව්වක් හෙම ඕන නම් පහලින් ලියන්නකෝ..

2011-06-13

Y FM ඇහුවට තෑගි ලැබීම - YFM Top Fan

උ.පේ කරල ඉවර වෙලා හා හා පුරා කියල ජොබ් එකකට ගියා.. රිසල්ට් එකෙන් නම් නෙවෙයි.. ඒ පලවෙනි ජොබ් එක උනේ Post of Associate. වැඩ කලේ එංගලන්තේ.. රට ගියේ කවදද අහන්න එපා! එංගලන්තෙ වැඩ කලාට මෙහේම තමයි හිටියේ. කරපු වැඩේ තමයි ගිහිපු වෙලේ ඉදන් ෆෝම් පුරවන එක.. හරි හරි.. තේරෙන සිංහලෙන් කියනවනං Data Entry Operator කෙනෙක්.. වැඩ කලේ හවස 6.30 ඉදන් උදේ 3.30. වවුල වගේ තමා නයිට් වැඩ කරල දවල් නිදාගන්නවා..

ඔය අතරෙ වැඩ කරන තැන දාන්නේම BBC සංදේශය තමා.. දාන සිංදුත් ඊට හපන්.. ඒ මදිවට AC එකට අතේ ඇඟිලිත් Freeze වෙනවා. ටික කාලයක් ගිහින් ගත්ත Mobile Phone එකක්.. Nokia 6230. ඒ දවස් වල හැටියට ඒකේ තිබුන පහසුකම් වැඩිත් එක්කල. ඉතිං මොකද කලේ හැමදාම රේඩියෝ එක අහන්න පුරුදු උනා.. Data Entry කරන ගමන් Hands-free එක ගහගෙන සිංදු අහනවා. බීට් එකට Typing Speed එක හරි හරියට යනවා. :) 8-10 වෙනකල් අවුලක් නැහැ. ඊට පස්සේ තමයි අවුල slow සිංදු ගියොත් නං ඇඟිලි වලට වෙනම Exercise දෙන්න වෙනවා ආයේ ටයිප් කරන්න.


ඔය අතරෙ තමයි 2005 දෙසැම්බර් පලවෙනිදා වැරදීමකින් හරි රේඩියෝ ලයින් එකක් FM 92.6න් අහු උනේ.. ඒකේ සිංදු විතරමY. එදා ඉදං ඉතිං පුලුවන් තරං ඇහුවේ ඕකම තමා. නියම බීට් එක. හැබයි කොළඹ ඉදිද්දි විතරයි අහන්න පුලුවන්. ඉතිං ගෙදර එන්න 3.30ට බස් එකට නැග්ගත් පුලුවන් තරම් දුර අහගෙන එනවා. කොහොම හරි පානදුර වාද්දුව හරියට විතරයි අහන්න පුලුවන්. ටිකෙන් ටික ඒකට ඇබ්බැහි උනා වගේ උනා.. Cool Mix Drive, Love Dreams සහ Y Music Unlimited විතරද කොහේ ඒ දවස් වල අහන්න හම්බෙන්නෙත්.. තාමත් මතකයි Dj Slash ගෙ Dark Angle Remix එක. ලගදි දවසක් ආයේ ඒක අහන්න හිතිල Slash ගෙන් ඉල්ලුවට පරණයි කියල දුන්නෙ නැහැ.

මාස 5කට පස්සේ ඒ රස්සාවෙන් අයින් උනා. ඉතිං Y අහලත් හමාරයි..

දවසක් හදන්න ගෙනාපු Hi-Fi එකක් ගෙදර තිබුණා. නිකමට 92.6ට Tune කලා.. පැහැදිලිම නැති උනත් අහුවෙනවා. Digital Tuner එකක් නිසා වෙන්න ඇති. මාසයක් විතර Mono දාගෙන ඇහුවා. Mono කරාම ටිකක් පැහැදිලිව ඇහුනා. කොහොම හරි ඒ දවස් වල ගෙදරට ආපු යාලුවෙකුටත් විස්තරේ කියලා පොඩ්ඩක් අහන්න දුන්නා. පස්සෙ ආරංචි උණු විදියට Y අහන්න ගේ වටේම වයර් ඇදල බලලා. ඒත් අහුවෙලා නං නෑ. හෙන කාලයක් එක එක විදියේ ටැස්ටිං කොර කොර ඇහුවා y. පහු පහු වෙද්දි 92.6ට දෙමල ලයින් එකක් අහුවෙන්න ගත්ත. 101.3 වලින් දකුණට දුන්නට අපේ පැත්තට අහුවෙන්නැහැ.

2009 ජනවාරි පළවෙනිදා අන්තර්ජාල සබදතාව ගෙදරට ලැබුනේ.. එදා ඉදල නං දිගටම ඔන්ලයින් අහන්න පුලුවන් උනා. ඉතිං කොච්චර ට්‍රයි කරත් මේ පැත්තට නං FM වලින් Y දෙන පාටක් නං නැහැ. ඔන්ලයින් දිගටම අහන්නනං PC එක දාල තියන්න ඕන. ඒත් ලයිට් බිල ඒකට හරස් වෙනවා. ඒක නිසා හැදුව පොඩි අයිටම් එකක්. :) ඒක ගැන පස්සෙ කියන්නං.

ඉතිං ඔහොම අහගෙන අහගෙන ඉන්නකොට තමයි මාර්තු මාසේ Fans ලට තරඟයක් තියනව තියල දැනගන් ලැබුනේ. කරන්න තිබුනේ කරන දේවල්ම කර කර ඉන්න ගමන් YFM බැජ් එක FB Profile Pic එකට ගහන් ඉන්න තමයි. ඒකත් ගහල ඔන්න සුපුරුදු විදියටම ඉන්න අතරෙ තමයි අප්‍රේල් 27 වෙනිදා කිවුවේ ජයග්‍රාහකයින් තෝරාගෙන අවසන් කියලා. එදා Y Cafe එක අහගෙන ඉන්නකොට එකපාරටම සිංදුවක් වත් ඉල්ලන්නැතිව මගේ නම කියපි.. FB wall එකේ නම් ටික දාල තියෙනව කිවුව නිසා ටක් ගාල බැලුව මේං මේ ලැයිස්තුව දාල තිබුණා.


Top 30 Winners List :

1. Gayan Tharaka
2. Anjalee Subasinghe
3. Amal Madawa
4. Leader Manori Perera
5. Ramesh Lakmal Kumarasinghe
6. Supuni Jayawardhana
7. Erangi Yatawara
8. Smart Boy Cg
9. Smith Prabath
10. Jalini Dulanjali
11. Rujith Siriwardana Alwis
12. Shiras Rock
13. ShaShini KauShali FonSeka
14. Nelunika Kumari
15. Shaminda Srinath
16. Kasun Andy Doo
17. Amith Sampath
18. Danush Samaradiwakara
19. Amali Samanmali
20. Chamara Shirantha
21. Udana Pasan
22. Sasila Jehan
23. Ruwan Dhananjaya
24. Dilukshan Silva
25. Pavan Malith
26. Venura Edirisinghe
27. Anoja De Zylva
28. Deepal Nuwan
29. Sasini Chathurika
30. Janu Usgodaarachchi

30ක් තෝරගත්ත නිසා මට මුලින්ම හිතුනේ 30දෙනාටම එක හා සමාන අවස්ථා ලැබිලා කියල. මැයි 19 වෙනිදා ඇවිත් තෑගි අරන් යන්න කියල YFM එකෙන් කතා කරල කිවුවා. ඉතිං 20 වෙනිදා ඇමතුම් ලැබුණු අය කිහිප දෙනෙක් එනව කීව නිසා 20 නිවාඩුවක් දාල ගියා තෑගි ගන්න.
කොටුවට ගිහින් එදා යන කස්ටියත් එක්ක දෙපානමට ගියාට පස්සේ DJ-ස්ලෑෂ් නදීෂ් නික් තුන්දෙනාවත් හම්බඋනා. ඉතිං පොඩි සතුටු සාමීචියක් හෙම දාල බැලින්නං මුල් පස්දෙනාට විතරක් තෑගී ජාති ඔක්කොම වලින් තියෙනවා. ඉති මේං මේවා තමා හම්බුනේ.











ඉතිං ඇහුවට පාඩුවක් උනේ නං නෑ..

PS: දෙවන Sundown Concert එක ජුලි 9 මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනයේ තියෙනවා.

2011-04-14

අවුරුදු Sajje

ඊයේ (13 වෙනි දින) පැවැත්වූ අවුරුදු සාජ්ජයේ ඊයේ සිට මේ දක්වා වන විට සියලුම සිංදු ගණන 1313ක්. මෙන්න සිංදු කියපු ලැයිස්තුව හා සිංදු ගනන..

156 RoylyFdo
118 AnjulaMalshan
95 nisald
83 NisansaDdS
82 KolithaBee
82 GayanMW
68 hajara_
63 anushkalakmal
62 roshm
40 xaInDC
37 kpgtharaka
33 lahirunirmala
32 zashgal
30 lasanthabuddika
30 isuru71
25 pixzumaliya
24 uvindubt
22 astroanu
21 chethaka
20 PolZie
20 udaraumd
19 Ashenr2
17 hogsmate
17 namila007
15 yfmdjslash
10 yoshrox
9 crazykesh
9 Thilinabuwa
8 ilhams
6 Dili
5 pahans
5 janukz
4 bkrishantha
3 dilanrf
3 gihangamos
3 hasitha77
3 Malithsen
3 thameera
3 Tylershehan
2 arvindjkv
2 Aysha_SM
2 naveenmadhawa
2 SeeJay
1 akila87
1 Ashu_Bashu
1 chanux
1 charithsoori
1 chathuraw
1 Elmoq
1 iHaneez
1 indunan
1 ireshsl
1 kanirockz
1 Lakshani55
1 Lollipop_Kid
1 nipunika11
1 ranmalm7
1 rimiiee
1 ruzeenr
1 sidathsam
1 thilinamees
1 vishalrc
1 WorldPNT

විශේෂ ස්තූතිය sandaruwan ට