මතක ඇතිනේ විභාගයක් ලියලා NVQ 6 අරන් interview ගිහින් NVQ 7 සඳහා සිහිනයක් සැබෑ උනා වගේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට ඇතුලු උන හැටි. ඒ අතර ඕව හීන විතරයි කියල කොමෙන්ටුත් නොවැටුනා නොවේ.
ඉතිං එහෙම ඇතුලුවෙලා දැන් අවුරුද්දකුත් ගෙවිල ගිහින්. ඉතිං ගතවුණු කාලය ගැන කියනවනම් දැනටම පලමු වසර (Semesters 2ක්) ඉවරයි.
Year 1 - Semester I එකේදි
Database Analysis and Design
Computer Networks
Software Development Practices
Object-Oriented Programming with C++ and Java
Computer Architecture & Operating Systems
Engineering Mathematics (ICT)
සහ
Year 2 - Semester II එකේදි
System and Network Administration
Fundamentals of Mass Communication
Enterprise Technologies and Architectures
Database Management Systems
Data Structures and Algorithms
Web Programming
Database Programming
යන විෂයයන් ඉගෙනගත්තා. මේ Semester 2 ම
B.Tech. in Software Technology
B.Tech. in Multimedia & Web Technology
B.Tech. in Network Technology යන Degree තුනටම පොදුයි.
මේ පටන් ගත්තු වසරේදි පොදු විෂයන් බොහාමයක් ඉවත් වෙලා.
ඉතිං මං කරන්නේ B.Tech. in Multimedia & Web Technology නිසා Semester III වලදි Multimedia පැත්තට හැරෙනවා. ඒ අනුව දැන්
Audio Visual Production Techniques
Audio and Video Editing Techniques
යන විෂයනුත් ඊට අමතරව
Programming in .NET
Web Technology & Applications
හදාරන්න වෙනවා.
මේ වෙද්දි Audio Visual Production Techniques වලදි Script එකක් ලියන්නෙ කොහොමද ඒකට Story Board අදින්නෙ කොහොමද කැමරා හසුරුවන්නෙ කොහොමද කියන දේවල් ඉගෙනගෙන තියෙන නිසා Assignment විදියට Script එකක් ලියල Shots කඩන්න එකකුත් තව Song එකකට visual එකක් කරන්න Story Board එකකුත් දෙන්න ඕනා. Script එක නම් ලීවා. ලකුණු ආවම තමයි බලන්න ඕන කොහොමද කියලා. (කවද ලියපු ස්ක්‍රිප්ට්ද? අනික java script නෙවෙයිනේ) තාම සිංදුවක් තෝරනවා Visual කරන්න. මේව ගැන දන්න කවුරුහරි ඉන්නවනම් ඕං පහල කොටුවක් තියෙනවා පොඩි උදව්වක් හෙම කරල යන්න පුලුවන්.
ප.ලි. විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයත් මේ අතර පිහිටෙවුවා. ඉතිං විශ්ව විද්‍යාලයක් විදියට අඩුපාඩු තියෙන දේවල් හදාගන්න ඒක ලොකු උදව්වක් වෙයි. දෙවන Batch එක මාර්තු මාසෙ ගන්නව කියල ආරංචිය තියෙනවා. තාම නිල වශයෙන් දැනුම් දීමක් නම් උනේ නැහැ. එන අයව පිලිගන්නත් තියෙනවා.
මෙයා ස්ක්‍රිප්ට් ලියපු විදිහ නම් අන්ර්ඝයි..,ඇත්තටම මම හිතුවාටත් වඩා දක්ෂයි.මම හිතුවෙ නැහැ.තාක්ෂණික මනසක් තියෙන තාරක අයියා මේ තරම් කලාත්මක විදිහට සිතන්නට පෙළඹේවි කියලා.
ReplyDeleteදිගටම කරගෙන යන්න .
ReplyDeleteකොහොමද මේ විශ්ව විද්‍යාලයට සම්බන්ධ උනේ, ඒ ගැන විස්තර ටිකක් කියන්වද? අපිටත් මේ විශ්ව විද්‍යාලයේ උපාදියක් හදාරන්න පුලුවන්ද? අර්ධ කාලීන ද/ පූර්ණ කාලීන ද? මුදල් අය කරනවද? කියල විස්තර ටිකක් කියනවද? මොන කාලවලටද සිසුන් ඇතුලත් කරගන්නේ? ඔයාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියනවද? මේ ගැන දැනගන්න...
ReplyDeleteස්තුතීයි....