Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2011-08-09

හඳ සහ මව

 

අන්න පුතේ අර බලන්න හඳ හාමිගේ හා පැංචා.
අම්මට පිස්සුද හඳේ කෝමද හාවෙක් ඉන්නේ.
ඔය පේන්නේ හඳේ තියෙන ආවාටනේ..


2011-08-03

Generator Load Testing..

ඊයේ (2011-08-02) දින අධි බල විදුලි කණුවක JCB යන්ත්‍රයක් ගැටීම නිසා කාර්ය්‍යාලය අවට ප්‍රදේශයේ විදුලි ඇණ හිටීමක් සිදුවූ නිසා වැඩ කිරීමට විදුලි බලය ලබාගැනීමට විදුලි ජනකයක් පාවිච්චි කලා..

මාස ගණනාවකින් ක්‍රියාත්මක කිරීම නිසා ක්‍රියා කරවීම මඳක් අසීරු වුවත් කෙසේ හෝ ක්‍රියා කරවා 10ට පමණ වැඩ ආරම්භ කල හැකි උනා. 11.15ට පමණ විවේකයෙන් පසු විදුලි බලය මඳිකමක් දැනෙන්නට වූ බැවින් බලය වැඩි කිරීමට උත්සහ කලත් අසාර්ථක වූ නිසා ක්‍රියා විරහිත කර දැමුවා.. ඒ අවස්ථාවේ ජනකය තුල පුළිඟු පනින ආකාරය දැකගැනීමට තිබුනා.. බලය අඩුවීමට හේතුව එය වෙන්නට ඇතැයි අනුමාන කලා.

නැවතත් කෑම පැයෙන් පසු ක්‍රියාත්මක කලත් විදුලිය ලබාගත නොහැකි උනා. කිහිපවරක් උත්සහ කිරීමෙන් අනතුරුව කාර්මිකයෙක් ලවා ඇතිල්ලුම් පරීක්ෂා කර නැවත සවිකිරීමෙන් පසු විදුලිය ලබාගත හැකි උනා.. ජනකයෙන් විද්‍යුත් ගාමක බලය 230 දක්වා ලබා දී UPS ක්‍රියාත්මක කිරීමට හැදුවත් ඒවා ක්‍රියාත්මක වූයේ නැහැ. 250 දක්වා වැඩි කලත් සාර්ථක නොවූ බැවින් ක්‍ෂමතා පරීක්ෂාවක් සිදුකරමු යැයි කාරමිකයා විසින් යෝජනාවක් කලා..

මීට පෙර මෙවන් දෙයක් දැක නැති නිසා මේ ආකාරයෙන් ජංගමයෙන් සටහන් තබා ගත්තා.. මෙහිදි මුලින්ම භාජනයකට වතුර ටිකක් ගෙන ලුණු ස්වල්පයක් දමා 1.44 වයර් දෙකක් එය තුලට දමා ජනකයට සම්බන්ධ කර පණ ගැන්වීම තමයි සිදුකලේ.

 
විද්‍යුත් විච්චේදන ක්‍රියාවලියක් තමා මෙහිදී සිදුවෙන්නේ.. නමුත් ජනකයෙන් ධාරාව උපරිම ලෙස ලබාගන්නවා.. එබැවින් ක්‍ෂමතාව ගණනය කිරීමට ධාරාව මැනගැනීමෙන් පුලුවන්. මෙන්න අවසාන ප්‍රතිඵලය.

ධාරාව මැනල බැලුවම නම් 5kW ක්‍ෂමතාව ලබාගන්න පුලුවන්. හැබයි අන්තිමට කොප(ර්) දියවෙලා..
අවසානයේදී විද්‍යුත්ගාමක බලය 260ක් දක්වා වැඩි කිරීමෙන් අනතුරුව තමයි UPS ක්‍රියාකල හැකි වූයේ.. 260V වැඩි කියල හිතුණත් සියළුම UPS සහ පරිගණක ක්‍රියාත්මක කල පසු 255V දක්වා පහත වැටී තිබෙනු දක්නට ලැබුනා..

2011-07-28

Google Plus හි තමන්ගේ Profile එකට link එකක් හදාගමු

Google Plus ,G+ , එහෙමත් නැත්නම් ඔයාල දන්න විදියට කියනවනං පස් වල එකවුන්ට් එක කාටවත් දෙන්න ගියාම ලින්ක් එක ටිකක් අවුල් නේ..
මේ තියෙන්නේ මගේ profile එක.
https://plus.google.com/117408766082951350719
ඉතිං ඕකෙ තියෙන නම්බර් ටික නිසානේ අවුල.. ඒකට මෙහෙම වැඩක් කරගන්න පුලුවන්.

http://ongplus.com/ ගිහින් ඔයාල කැමති නමක් දාගන්නකෝ.
  කියන තැනට ඔයාලට දාගන්න ඕනි නම දෙන්න
දැන් අර උඩ ලින්ක් එකේ තියෙන අංක ටික. plus.google.com එකට පස්සේ තියෙන ටික Google+ ID: කියන තැනට දෙන්න
මෙන්න මේ විදියට.





ඔය ටික කරල ක්ලේම් කලාම දැන් මෙන්න මෙහෙමයි මගේ profile එකට යන්න පාර තියෙන්නේ
http://ongplus.com/kpgtharaka

2011-07-21

අලුත් වැඩක් - පින්තූර ඇල්බම් එක

ඔන්න මාත් පටන් ගත්ත පින්තූර ඇල්බම් එකක්. තාක්ෂණික වැඩ වලට වඩා වෙනස් දෙයක්නේ.. හැමදාම ඒවම කරල හරියන්නෙත් නැහැනේ.. මේක මට ඉස්සරහට වඩාත් වැදගත් වෙයි කියල හිතෙනවා.

Flickr එකේ තමා කරන්නේ..මේක මං අරගනිපු පින්තූර වලින් මට හොදයි කියල හිතෙන පින්තූර ටික දාල හදාපු ඇල්බම් එකක්.

හදන්න හිතුනේ මං ගනිපු පින්තූරයක් දැකල කෙනෙක් ඇල්බම් එකක් නැද්ද කියල අහපු නිසා..  දැන් ඉතිං ඔන්න ගන්න ගන්න පින්තූර ඕකට දාන්න තමා හිතන් ඉන්නේ..

තාම ඉතිං හරියට කැමරාවක් වත් නැහැ.. මේව අරන් තියෙන්නේ මගේ ජංගම දුරකථනයෙන්.. කට්ටියට මතකද දන්නෑ අර රිමෝට් එකක් විදියටත් පාවිච්චි කරනව කීව එක තමයි.

කැමති නම් පින්තූර වලට කමෙන්ට් කරන්නත් පුලුවන්.. අකමැති නම් ඒත් පුලුවන්..
මට හුඟක්ම වටින්නේ පින්තූර ගැන කරන විවේචන තමා..
ඒ කීවේ.. මේක මේ විදියට ගත්තනම් මීට වඩා හොදයි කියල උපදෙසක් ගන්න පුලුවන් නම් තමා..

මොකද මං පොටෝග්‍රැෆි වත් ග්‍රැෆික් ගැනවත් වැඩි දෙයක් දන්නැති නිසා.

එහෙනම් ගිහිල්ලම බලන්නකෝ.

http://www.flickr.com/photos/54021321@N06/

2011-07-09

Fedora Code Names & මගේ ලිනක්ස් ආරම්භය

මෙච්චර කාලෙකට ආපු Fedora version වල Code Names ටික තමයි මේ..

Fedora Core 1 (Yarrow)
Fedora Core 2 (Tettnang)
Fedora Core 3 (Heidelberg)
Fedora Core 4 (Stentz)
Fedora Core 5 (Bordeaux)
Fedora Core 6 (Zod)
Fedora 7 (Moonshine)
Fedora 8 (Werewolf)
Fedora 9 (Sulphur)
Fedora 10 (Cambridge)
Fedora 11 (Leonidas)
Fedora 12 (Constantine)
Fedora 13 (Goddard)
Fedora 14 (Laughlin)



ඉතිං ඔතනිං මං මුලින්ම අත තිබ්බේ Moonshine එකට තමා.. ඒත මොඩම් එක ගත්තෙ නැති නිසා වැඩිය මුකුත් කරන්න බැරි උනා.. මේ තියෙන්නේ මං lklug එකට යවපු මුල්ම මේල් එක.
http://www.linux.lk/lurker/message/20070715.141609.25f51b8a.pl.html#linux

ඒකට උත්තරේ එවල තියෙන්නේ Bud


ආයෙ Sulphur වල ඉදං පටන් ගත්ත දැන් තියෙන්නේ පාවිච්චි කරන්නේ Leughlin දැන් නම් කරදරයක් නැතිව වැඩ කරනවා..

දැන් තියෙන්නේ Fedora 15 (Lovelock)
ඊළඟ එක තමයි Fedora 16 (Verne)