Pages

2009-09-22

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ආලෝක ලප

ඉතිං පසුගිය මාසේ ඔන්න මමත් නෑදෑ පිරිවර සමඟ අනුරාධපුර චාරිකාවක් ගියා. ඉතිං ඒ ගිය ගමනේ ගත්ත ඡායා රූප වලින් මේ ලියමනේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වදින්න ගිය අවස්ථාවේ ගත් ඡායා රූප ටිකක් එක් කරන්න හිතුවා.

මේ තියෙන්නේ ඇතුල් වෙන තැන නොවැ. ඉතිං දොරටුව පෙනුනට එතන යටින් ඇතුලු වෙන්න බෑ. ඔය දෙපැත්තෙ තියෙන කුටිය මැදන් තමයි යන්න තියෙන්නේ. ඉතිං ඔය කුටියෙන් යනකොටත් පරීක්ෂා කරල තමයි ඇතුලට ගන්නේ. වැඩේ කියන්නේ මේකනේ ඉතිං ඕක ඇතුලින් අනිත් අය ගියා මම යද්දිම කොළ පාටින් තිබුණු ලයිට් ටික රතුපාට වෙලා එලාම් එකකුත් වැදුනා. මොනවත් අරන් ගියෙත් නෑ. අතේ තිබුනේ ඔය පින්තූර ගත්තු කැමරාවයි, ජංගම දුරකතනයයි. මොකට වැදුනද කියන්න නම් දන්නේ නෑ. හැබයි කරදරයක් නැතුව ඇතුලට ගියා. :D
ඉතිං ඇතුලට යන වෙලාව හරියටම බෝධිපූජාව පැවැත්වෙන වෙලාව. මම මොකද කලේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පින්තූරයක් ගත්ත. ගත්ත පින්තූර වල වෙලාව සටහන් වෙලාම තියෙනවනේ. මෙන්න වැඩක් ගත්ත පින්තූරෙ ආලෝක ලප වගයක් වැදිලා. පින්තූර හොදට බලාගන්න ඕන නම් ඔය පින්තූරෙ උඩ ඔබල බලන්න.
මේක කොහොමද උනේ. කැමරාව සවුත්තු වෙලා වෙන්නත් බෑ. මොකද ගත්ත අලුතම තමයි ඕක අරන්ගියෙත්. ආව අදහසක්! ගත්ත තව පින්තූරයක් එතනම. කැමරාවෙ ලෙඩක් නම් ඒ තැන් වලම ලප හිටින්න එපැයි. හැබයි ඒකෙ සටහන් වෙලා තියෙන්නේ අඩු සංඛ්‍යාවක්නේ. මාර පැටලිල්ල.


තව එකක් අරන් බැලුව. ආලෝක ලප තියෙන තැන් වෙනස් වෙනවා. කොහොම හරි පින්තූරෙ ලප හිටිනවා.

ඒකත් ගත්තට පස්සේ තමයි මතක් උනේ දසුන්ගෙ අලුත් ගෙදර තිබුණ ආලෝක ලප ගැන කතාව. ටික වෙලාවකින් පින් අනුමෝදන් කරන වෙලාව ආව මම ආයිම ඡායාරූපයක් ගත්ත බලන්නකෝ ඒකෙ තත්වය කොහොමද කියල.
පහල මළුවේ ඉඳල රාත්‍රී දර්ශන ආකාරය දාල ගත්ත පින්තූරයක් තමයි මේ.



පහුවෙනිදා උදේ ගත්ත පින්තූර තමයි මේ තියෙන්නේ.
පිනතූර ටික පවතින තත්ත්වය නිසා කෙලින්ම දාන්න මොකක්ද මොකක්ද වගේ. ඉතිං Gimp වලින් පොඩී වැඩක් දැම්ම :D

ඊලඟ පෝස්ට් එකත් ට්‍රිප් එකේදි ගත්ත එකක් ගැනම තමයි දාන්න හිතන් ඉන්නෙ.

9 අදහස්:

  1. දේවතාවුන් වහන්සෙලා වත් ද?

    මෙන්න මේ පොටෝ වල තියෙන විදියට නම් "හොඳ හොඳ පින් අනුමෝදන් වෙන තැන්" වලටත් උන්නාන්සෙලා ගිහින් තියෙනවා වගේ :D

    http://i448.photobucket.com/albums/qq202/indranama/deck.jpg

    http://i448.photobucket.com/albums/qq202/indranama/orb2.jpg

    http://i448.photobucket.com/albums/qq202/indranama/OrbsShantiJatra.jpg


    ඕක වෙන්නේ flash එක වදිනකොට කාචය ඉදිඑදිපිට අවකාශයේ තියෙන දූවිලි හා ජලවාෂ්ප බිංදු ඒකාලෝක වීමෙන්. ඒකයි රාත්‍රී ඡායාරූප වලට ඕක ගොඩක් අදාල වෙන්නේ.

    දහවල් වැස්සේ ඡායාරූප ගත්තොත්, කාචයට ජල බිංදු වැටිලා නං ඒත් ඕක බලාගන්න පුලුවන්.

    ඉඳහිට flash භාවිතා නොකරන ඡායාරූප වල ඕක වෙනවා, අසල ඇති ආලෝක ප්‍රභවයකින් අර දූවිලි හා ජල බිංදු ඒකාලෝක වීමෙන්.

    ඕවා පෙනෙන්න කැමරාවේ කොලිටියත් බලපානවා. phone කැමරා වලින්, සාමාන්‍ය digital camera වලින් (මෙහිදී Casio EX-Z29) ගන්න ඡායාරූප වල බහුලව දකින්න පුලුවන්. professional DSLR වලින් ගන්නා ඡායාරූප වල ඔය දෝෂය ඇති නොවන තරම්. flickr එකේ ඇති රාත්‍රී ඡායාරූප බලන්න.

    ReplyDelete
  2. අප්පෝ ඕව ඔය ඕන තරම් තියෙන්නේ රෑට ගත්ත ඵොටො වල, මා ලග ගනන් කරන්න බැරි තරම් තියනව. පින්කම් වලදි ගත් ඒවයෙ වැඩියි, බරණැස මිගදායෙදි ගත්ත ඒවයෙහි තමයි ගොඩක් තිබුනෙ, ඔය මනුස්ස ලොකයට පහල ලෝකයේ ඉන්න බූත කොට්ටාස වල පින්තූරනෙ, මට දිවැස් තියන පින්වත් වහන්සේ නමක් කිව්වෙ. ඔයලගෙ විස්වාසෙ ඔයාල තියාගන්න, මම ඒක විස්වාස කරනව, මොකදා හුලං , ගුරුත්වාකර්ශනය, හිත, ආදරය, තරහව, හිටවන ගහක ඵලය, ඔයාලග්යනෙ අම්මල තාත්තල ඔයාලගෙම කියවිස්වාස කරන්නෙ ඇහින් ඩැකලවත්, ඉන්ද්‍රියන්ට හසු වුන නිසාවත් නෙමේ විස්වාසෙ නිසා හා අත් ඩැකීම් නිසා, මටත් එහෙම තියනව,

    ReplyDelete
  3. ඒ වෙලාවෙ අහස දිහා බලපුවම වැහි වේලාවක් කියල කියන්න පුළුවන් නේ. මේක ඔයාගෙ Cam එකේ අඩුපාඩුවක් වගේ.

    ReplyDelete
  4. මේක ස්වභාවික දෙයක්. මම හිතන්නෙ ඔයාට මේ වගේ ෆොටෝ මීට පෙර දකින්න ලැබිල නෑ වගේ ඒකයි මේ. අධික භක්තියත් අදෘශ්‍යමාන බලවේග පිලිබඳ විශ්වාසයත් නිසා මේ ෆොටෝ ගැන එහෙම හිතන්න ඇති. නමුත් ඇත්ත ඒක නෙවෙයි. අඳුරු තැන් වල ඡායාරූප ගන්නකොට ඩිජිටල් කැමරාවල ඔහොම ලප ඇති වෙනවා.පිංතූර අංක 1 බලන්න .පිංතූර අංක 2 බලන්න

    ReplyDelete
  5. ඔය වගේ ඒවා අනන්ත ගනනක් පසුගිය වසරේ මහමෙව්නාවෙන් කල රුවන්මැලි සැ පින්කමෙත් උනා.

    ReplyDelete
  6. කුනු කානුවක් ලඟ ඉඳල රෑට ඩිජිටල් කැමරාවකින් පොටෝ ගත්තත් ඔය අත්දැකීම ලබන්න පුළුවන්. ෆ්ලෑශ් කරනකොට වාතයේ තියෙන ජල වාශ්ප වලින් ආලෝකය පරාවර්තනය වීමෙනුයි මෙහෙම වෙන්නෙ.

    ReplyDelete
  7. @ප්‍රවීන් ඉන්ද්‍රනාම
    හික්ස් දේවතාවුන් වහන්සේලත් මරු මරු තැන් වල යනවනේ බලනකොට. ස්තුතියි පැහැදිලි කිරීමට.

    @චමින්ද
    තමන්ට කැමති දෙයක් තමන්ට විස්වාස කරන්න පුලුවන් වගේම හැදදේම විද්‍යා‍වෙන් පහදන්නත් බෑනේ.

    @Sri
    හ්ම් වෙන්න පුලුවන්.

    @සහන්
    "අධික භක්තියත් අදෘශ්‍යමාන බලවේග පිලිබඳ විශ්වාසයත් නිසා මේ ෆොටෝ ගැන එහෙම හිතන්න ඇති"
    මම මේ දේවල් අදහනව කියල මම කොහේ වත් සඳහන් කරල නෑ. දසුන්ගෙ කතාව මතක් උනු නිසා තමයි ආපහු පින්තූරයක් ගත්තෙ ඒකෙ ලප වැඩි උන එකට මට කරන්න දෙයක් නෑ.

    @භූමිපුත්‍රයා
    දැන් එතන හරියටම අවුරුද්දක් පිරිත් කියනවා ලබන ජනවාරි වල ‍තමයි ඉවරකරන්නේ.

    @Dhammika Herath
    ඇයි කුනු කාණුවක් ළඟම, වතුර තියෙන තැනක් හරි පින්න තියෙන වෙලාවක් හරි දූවිලි වැඩි පරිසරයක් හරි හොද නැද්ද

    ReplyDelete
  8. මට පොඩ්ඩක් මෝල් වෙලා ගිය ලිපියක්.කට්ටිය කියනවානේ ඕක ඩිජිටල් කැමරාවල ඇතිවෙන ප්‍රශ්නයක් කියල.
    මම මගේ අත්දැකීම් කියන්නම්.අදහස් දක්වන එක ඔයාලගේ වැඩක්.[විශ්වාස කරයිද කියලනම් මම දන්නේ නෑ.]
    ඔහොම ආලෝක ලප මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා.කොහොදිද කියලත් කියන්නම්.අපේ පාසලේ බෝධිය ගාව තමයි ගොඩක්ම.තව එක එක පූජා ස්ථාන වලත් මම ඔහොම ආලෝක ලප දැකලා තියෙනවා.ඒ නිසා ඔය කතාව කැමරාවල ගැටලුවක් කියලා මම විශ්වාස කරන්නේ නෑ.
    ඉස්සරනම් ගොඩක් දැක්කා.දැන්නම් ටිකක් අඩුයි.මම හොයලා දැනගනිපු විදිහට ඔහොම පේන්නේ විවිධ දෙවිවරු.පින් ලබාගන්න පූජා ස්ථාන ආශ්‍රිතව ගොඩක් වැඩ වාසය කරනවලු.
    සමහර ආලෝක ලප කළු පැහැය වැඩි වෙන එකෙන් එයාලට හොඩක් පින් ඕනලු.[ඇත්ත නැත්ත මම දන්නේ නෑ.]
    මම මගේ තර්කයකුත් ගේන්නම්.ඔහොම වෙන්නේ ජල වාශ්ප නිසාය කියමු.නමුත් අපට ඔහොම දේවල්[ඡාය රූප]ඇස ගැටෙන්නේ ආගමික පුදබිම් වලදී ගන්නා ඡායා රූප වලින්.ඒ නිසා මමනම් ජල වාශ්ප තර්කය පිළිගන්නේ නෑ.
    තව එකක් කියන්න ඕන.මම කිව්වනේ මම හැබැහින් ඔහොම දේවල් දැකලා තියෙනව කියල.ඒ අවස්ථා මම වැස්ස දවස් වලත්,පායන දවස් වලත් වෙනසක් නැතිව දැකලා තියෙනවා.

    ReplyDelete
  9. @ දිලංක මාධව

    "නමුත් අපට ඔහොම දේවල්[ඡාය රූප]ඇස ගැටෙන්නේ ආගමික පුදබිම් වලදී ගන්නා ඡායා රූප වලින්."

    මම දාලා තියෙන පොටෝ 3 බලන්න. හොඳ හොඳ "පුද බිම්" වල පෙනුනු ආලෝක ලප තමා එව්වා ! :D

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ