Pages

2009-09-22

සීගිරියේ සිංහ පාද

මේ තියෙන්නෙ මොකක්ද කියල බැලුබැල්මටම පේනවනේ. සීගිරියෙ තියෙන සිංහ පාද තමයි. මේ පොටෝ එක මේ විදියට ගන්න කොච්චර උත්සහ කරත් බැරි උනා. එතනදි ආපු අදහසක් ක්‍රියාවට නංවල තමයි මේ විදියට ගත්තේ.

කොයි වෙලාවෙ බැලුවත් ඔතන කවුරුම හරි ඉන්නවා. එක්කො පහල පාද ලඟ. නැත්තම් ඉහලට නඟින පඩි උඩ. අයින් වෙන්න කියන්නයැ. ඉතිං කොහොමද කාවවත් පින්තූරෙට නොවදින්න සිංහ පාද වල විතරක් පින්තූරයක් ගන්නෙ. කට්ටිය සේරම අයින් වෙනකන් ඉතිං දවසම බලන් ඉන්න වෙයි. පොඩි අදහසක් ඔළුවට ආවෙ ඔය වෙලාවෙ තමයි. මොකක්ද දන්නවද පිනතූර දෙකක් ගත්තොත් වැඩේ ගොඩ නේද කියන එක. ඉතිං ගත්ත පින්තූර දෙක තමයි මේ පහල තියෙන්නේ (හැබයි දෙකක් විතරක් අරගෙන එකම තැන දෙන්නෙක් පිනතූර දෙකේම හිටියොත් කියන එකනම් කල්පනා උනේ හදන කොට තමයි.)

ඉතිං පින්තූර දෙකත් ගත්ත කියමුකෝ. ඊළගට මොකක්ද කරන්නේ. ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෑ. ඊට පස්සෙ ඉතුරු ටික කරේ ගෙදර ආවට පස්සේ.

පින්තූර දෙකම Gimp එකෙන් ඕපන් කරගත්ත. Gimp ගැන දන්නැත්තම් ඔය පින්තූරෙ උඩ ක්ලික් කරන්න.


Clone මෙවලම තොරගත්ත. එක පින්තූරෙක තැනක් ක්ලික් කරා Ctrl ‍යතුර එබාගෙනම. අනිත් පින්තූරෙ උඩට ගිහන් හරියටම ක්ලික් කරපු තැන බලල අඳින්න ගත්ත. හරියටම එතන ඉන්න කෙනා මකල පසුබිමේ වැහිල තියෙන එක ගන්නව වාගේ. ඉතිං අන්තිමේදි පිනතූරෙ මෙහෙම පේන්න හදාගත්ත.


කොහොමද Gimp වල බලේ!

12 අදහස්:

  1. වැඩේ නම් සිරාම සිරා. ලස්සන ෆොටෝ 1. කොහොමත් ඔය හරියෙ කවුරුත් නැති වෙලාවක් හොයා ගන්න 1 නිකම් අර මොනාද කොහෙන්ද හොයාගන්නවා වගේ වැඩක්. වැඩේනම් සිරාවටම සිරා.

    මචං, එඩිට් කරන්න පාවිච්චි කළේ "ගිම්ප්" කියපු නිසයි මේ ටික ලියන්නේ.

    ගිම්ප් කියන්නේ අපි හැමෝම දන්න විදියට FOSS ප්‍රොඩක්ට් 1ක්. කවුරු හරි පොරවල් සෙට් 1ක් තමන්ගේ දැනුම පාවිච්චි කරලා හදලා ලෝකයේ අනිත් අයගේ ප්‍රයෝජනේ පිණිස නොමිලේම බෙදන අයිටම් 1ක්. අපි කවුරුත් ඒක අවුලක් නැතුව පාවිච්චි කරනවා.
    හරි,අපි දැන් බලමු මේක අපිට සෙට් වෙන්නේ කොහොමද කියලා. අපි ගන්නවා සිරා ෆොටෝ සෙට් 1ක්. හෙන කට්ටක් කාලා. ඊට පස්සේ තව කට්ටක් කාලා ඒක එඩිට් කරලා ලස්සන කරලා දානවා බ්ලොග් 1. "මෙන්න මගේ වැඩ" හරි මොකක් හරි කියලා. ඒකත් එළ. ඒත් අවුල මේකයි. අර අපි හදපු ෆොටෝවල මැද්දෙන්ම දානවා ලොකුවට අපේ නම. ආයේ මොකුත් නෑ ෆොටෝ 1 බැලුවම ඉස්සෙල්ලාම අපේ නම පේන විදියට. සමහර විට දිය සලකුණක් විදියට. ඒකෙන් වෙන 1ම දේ ඒ ෆොටෝ 1 අයේ කාටවත් ප්‍රයෝජනේට ගන්න බැරි වෙන 1 විතරයි.

    මචං, National Geographic, NASA වගේ ඒවාගෙන් එළියට දාන ෆොටෝවලත් ඒ ෆොටෝ 1 ගත්ත කෙනාගේ නම දාන්නේ පොඩියට අයිනකට වෙන්න. වෙන කාටහරි ඒක පාවිච්චි කරන්න පුලුවන් විදියට.

    FOSS කියන්නේ "To People, For People, From People" සංකල්පයට. අපි ඒවා පාවිච්චි කරනවානම්, ඒ තුළින් ලෝකයට වඩාත් යහපත් දෙයක් ලබාදෙන 1 වැදගත් නේද???
    සුලුවෙන් හරි...

    දිගටම FOSS පාවිච්චි කරන්න.
    ජය වේවා...

    ReplyDelete
  2. වැඩේ එල. මමත් ඔය වගේ වැඩ කරල තිබෙනව. නමුත් මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් නම් කරන්න හිතිල නෑ. මම පාවිච්චි කරන්නෙ ෆොටෝශොප්.
    රනාගේ කතාව නම් තරමක් දුරට ඇත්ත තමා.

    ReplyDelete
  3. නිදහස් හා විවෘත මෘදුකාංග වලින් කලා කියල නිකං දෙන්න ඕන කියල දෙයක් නෑ. නිදහස් හා විවෘත මෘදුකාංග කියන්නේ ඕන කෙනක්ට නිදහසේ භාවිතා කිරීමටත් කේත අධ්‍යනය කිරීමට වෙනස් කර භාවිතා කිරීමටත් එසේ වෙනස් කල පසු බෙදාහැරීමටත් පුලුවන් ඒවට.
    ඉතිං මේ නිදහස් මෘදුකාංග භාවිතා කර කරන නිර්මාණත් ඒවගේම වෙන්න ඕන කියල හිතන එක වැරදියි. ඕනෑම දෙයක අයිතිය එහි නිර්මාණ කරු සතුයි. නිර්මාණ කරු කැමතිනම් නොමිලයේ දෙන්නත් නැතිනම් මුදලට විකිණිමටත් හැකියාව තියෙනවා.
    මම මේක දිය සලකුණු කරේ හේතුවක් ඇතිව. පින්තූර අරගෙන මට හදන්න ඕන කියල හිතුන එක හැදුව, වෝටර්මාක් කරල බ්ලොග් කලා. ඒකට මට අයිතිය තියෙනව කියල හිතනවා. :D

    ReplyDelete
  4. අනේ ගොනෝ. FOSS වල Free කියන්නෙ නොමිලේ කියන එක නෙවෙයි නිදහස් කියන එක. මහලොකු පොරවගේ FOSS ගැන කිව්වට FOSS ගැන දන්න ඉලව්වක් නෑ වගේ.

    ReplyDelete
  5. @රනා:
    දැං ඔය පිංතූර FOSS සංකල්පේ දිගට ගියොත් ඒකෙ source code එක සුද්දෙක් එහෙම ඉල්ලුවොත් සීගිරිය ගලවලා දෙනවද FOSS නිසා? :P

    ඔය තර්කේ අනිත් පැත්ත; FOSS වලින් හදන පිංතූර Free and Open විය යුතු නම්, Adobe Photoshop වලින් හදන පිංතූර Adobe එකට අයිතිද? :P

    ReplyDelete
  6. අපොයි ඔව් FOSS ගැන ඉලව්වක් මම දන්නෙම නෑනේ. හැබෑටම මොකක්ද ඔය FOSS කියන්නේ?

    ReplyDelete
  7. FOSS වලින් හදන දේ නිදහස් වෙන්න ඕනේ කියල නීතිමය බැඳීමක් නෑ.

    නමුත් අනිත් අතට අපි නිදහස් මෘදුකාංග සංකල්පය ගැන කතා කරනවනම් ඒ අදහස හිතටත් ගන්න ඕනේ. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කිසිම බල කිරීමක් නෑ. මම පුරුද්දක් විදියට බ්ලොග් එකේ දාන කිසිම පින්තූරයකට watermark හෝ එවැනි දෙයක් දාන්නේ නෑ. මට credit දෙන්න කියලා බල කරලත් නෑ. නැවතත් කියන්නේ මේක පුද්ගලික අදහස.

    Human knowledge belongs to the society වගේ කතාවක් තමයි RMS කිව්වේ.රනා කියන්න හදලා තියෙන්නේ මේ කතාව. නැතුව කිසිම බල කිරීමක් කරලා නෑ.

    ReplyDelete
  8. @ගයාන් තාරක
    ඔයා කියන කතාව ඇත්ත. නිදහස් හා විවෘත මෘදුකාංග වලින් කරන හැම 1ක්ම නිදහස් වෙන්න ඕනෙ කියලා මම කොතනකවත් කිව්වේ නෑ. එහෙම කියන්නෙත් නෑ. මට එහෙම කියන්නත් බෑ. ඒක ඔයාගේ අයිතිය. ඔයාගේ නිර්මාණය 100%ක්ම ඔයාගේ. මම කතා කළේ ඔය පොයින්ට් 1 ගෙන නෙමේ.

    මම අදහස් කළේ ඔයා ෆොටෝ වලට දිය සළකුණු දාපු 1න් ඒවා වෙන කෙනෙක්ටත් "නිදහසේ" පාවිච්චි කරන්න තියෙන ඉඩ එහෙමත් නැත්තම් නිදහස ඇහිරෙනවා කියන 1යි. ප්‍රජාවට හොද දෙයක් දෙන්න ඔයාට තිබුන අවස්තාව සීමිත වෙනවා කියපු 1යි. නිදහස් මෘදුකාංග අපි පාවිච්චි කරනවානම් ඒකෙන් දෙයක් ප්‍රජාවට ලබාදෙන 1 අපේ වගකීමක් කියලයි මම අදහස් කළේ.

    කොහොම උනත් අන්තිමේදී "Your Car-Your Petrol-You can Do What ever You Want" :D

    @Supun Budhajeewa
    ඔයාටත් කියන්න තියෙන්නේ ගයාන්ට කියපු දේම තමා මචං.
    ජය වේවා...

    @chamila_dealwis
    සංකල්පය හරියට තේරුම් ගත්ත 1 වැදගත්.
    ජය වේවා...

    ReplyDelete
  9. @Chamila
    ස්තූතියි රනා අදහස් කරපු දේ පැහැදිලි කරාට.

    @රනා
    :D

    ReplyDelete
  10. මේ ඉන්න සිංහයගෙ ඔලුවත් දාලා සම්පූර්ණ සිංහයවම හදා ගන්න බැරි වෙයිද?

    see this:

    http://www.facebook.com/photo.php?pid=3749694&l=9682ba0ded&id=685407931

    ReplyDelete
  11. @Chanaka
    ඒත් මේ අපේ සිංහය කොහොම ඉන්න ඇතිද කියල හිතාගන්න බෑ. මොකද මේ වගේ දෙයක් ඒ කාලේ හැදුව කියන්නේ කොච්චර වැඩකාරයෝ ලංකාවෙ ඉඳල තියෙනවද? මොකෙන් හැදුවත් ඒ වගේ දෙයක් නම් කරන්න බැරි‍වෙයි.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ