Pages

2009-12-15

පින්තූර මත සිංහල යුනිකේත ලිවීමේ පරීක්ෂණය


මලක් උනේ ඇයි නුඹ මට….
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දියදෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ..
ජීවිතයට මඟ කීවද
ඒ එලියේ මහද පවන් දල්වනු කෙලෙසින්
කියන්න….


සහන් ගීතිකාවක් සේ…
ජීවිතයයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්
කියන්න….


වැඩේ සාර්ථකද නැද්ද?

12 අදහස්:

  1. ඒත් ඉතිං පිංතූරයක් මත ලිවීමෙන් බලාපොරොත් වෙන තරමටම පිංතූරෙත් එක්ක අකුරු එකතු කරන්න අමාරුයි නේ.

    ReplyDelete
  2. @dilanrf
    හෙහෙ #sajje ටැග් එක දාන්න අමතක උනා නෙව. ;)

    @Supun Budhajeewa
    ඔව්. මේකට ‍පින්තූර සංස්කරණ මෘදුකාංග වලින් කරන තරම් අකුරු හැඩවැඩ කිරිම් කරන්න අමාරුයි. අකුරු වලට පාට නම් දාන්න පුලුවනි. :)

    ReplyDelete
  3. පොටෝසොප් ඔන් වින්ඩෝස් වෙන්න ඇති නේ? :P

    ReplyDelete
  4. තව ටිකක් විත‍ර අකුරු ලොකු කලොත් න‍රකද?
    ගොඩක් වෙලවට XP වල එහෙම ඔය වගේ අකුරු කැතට පේන්නෙ!

    අකුරු ටික පිංතූරෙ අස්සටම එබුව නම් කාටත් හැබැයි ලේසියි. සහ UNIcode වලට වඩා UNIversal.
    එකම අවාසිය search engine වලට යන්නෙ නැති එක තමයි!
    ඕනැම computer, බොහෝ mobile phones වල, හැම platform එකකම images, jpg පේනව නෙ :)

    කොහොමත් මෙහෙම ලියනවට වඩා සදුන් නොදරුවා, විරාජ් ලියනාරච්චි වගේ අය අකුරු එහෙට මෙහෙට ක‍රකවල වැඩ කෑලි දාල ගනිද්දි නෙ කලාත්මක ගතිය එන්නෙ!!

    ඒත් මේක ගොඩක් හොද උත්සාහයක්, ඉදිරිපත් කිරීමක්!

    ReplyDelete
  5. @ශාකුන්තල
    මෙතන පින්තූර සංස්කරණ මෘදුකාංගවල කිසිදු සහයක් නෑ ;p

    මේක බලන්න
    http://kpgtharaka.blogspot.com/2009/10/close-up-from-athuruliya.html
    ගත්තේ මගේ Nokia N73 එකෙන් අතුරුලියේ වැඩමුලුවට ගිය වෙලාවේ. පින්තූරය සංස්කරණය කර නැහැ. එය මත යුනිකේත ලීවා පමණයි. අන්තර්ගතය සිලෙක්ට් කර බලන්න. :D

    ReplyDelete
  6. ඔය වගේ අදහසක් මම සංසදයේ ගෲප් එකේ යෝජනා කරා නෙව! :)

    ReplyDelete
  7. @ගයන්ත
    තැනකු තැන්කු :)

    @Akila DJ
    සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ලොකු කරල තියෙන්නේ.
    XP වල තියෙන්නේ iskpotha ෆොන්ටයෙන්නේ පේන්නේ.

    අපි අප්ඩේට් නොවුනට යුනිකේතය තමයි යුනිව(ර්)සල්. හිතල බලන්න. අලුත් ජංගමදුරකතන වල පවා යුනිකේත අන්තර්ගතයි නේද?

    මට එච්චරම වචන හරඹ පෙන්නන්න තේරුමක් නෑ ;) ඒකයි මෙහෙම සිංදුවක් දැම්මේ.

    බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
  8. @~බිன்ku~
    ඕං එහෙනං අදහස ක්‍රියාත්මක කලා කියල හිතාගන්ටකෝ :D

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ