බොහෝමයක් වෙබ් අඩවි වල ඊමේල් ලිපින සඳහන් වෙන්නේ එහි mailto: සබැඳියත් සමඟනේ. ඒක දාන්නේ මෙහෙමයි.
E-Mail:< a href="mailto:kpgtharaka@gmail.com">kpgtharaka@gmail.com</a>
එහෙම දැම්මම Browser එකේ පේන්නේ මෙහෙමයි.
E-Mail:kpgtharaka@gmail.com
ඉතිං ඕක හැදුව කියමුකෝ. ඕක උඩ ක්ලික් කලාම ඕපන් වෙන්නේ සාමාන්‍යයෙන් පද්ධතියේ ස්ථාපනය කර ඇති Mail Client ගෙන් ඒ කියන්නේ වින්ඩෝස් වල නම් Outlook Express වලින්. ඔබේ පරිගණකයේ විවෘත වන්නේ මොකකින්ද කියල.
ඕක GMail වලින් විවෘත වෙන්න හදන්න පුලුවන්. ඒ කියන්නේ ඔය වගේ E-Mail පුරකක් මත ක්ලික් කල විට GMail විවෘත වෙලා to කියන තැන ක්ලික් කරපු EMail ලිපිනයත් සමඟ Compose කවුළුව ලැබෙන්න හදන්න පුලුවන්.
එතකොට කරන්න තියෙන්නේ Subject එකයි Body එකයි කෙලින්ම ටයිප් කරල EMail එක යවන්න විතරයි.
FireFox වලදී මෙහෙමයි ඒක කරන්නේ.
Tools-->Options කවුලුව ලබාගන්න
එහි Application ටැබය තෝරාගන්න.
පහත පරිදි Search කරන තැන mailto කියල යතුරුලියනය කරන්න. mai අකුරු ටික ටයිප් වෙනකොටම මේ විදියට ඒවි. එතන ඉදිරියෙන් තියෙන පද්ධතියේ තියෙන Mail Client වෙනුවට GMail යන්න තෝරගන්න
දැන් OK බොත්තම ඔබල කවුලුව වසා දමන්න. Gmail වලට සකසා අවසන් නිසා ආයිම උඩ තියෙන Mailto පුරුක ක්ලික් කරල බලන්න. කරල බලලම වැඩේ කොහොමද කියල කියන්න.










7 අදහස්:
රාවටම මම මේක දැනං හිටියෙ නෑ, තැංකූ වේවා!
"රාවට" හෙහෙ :)
දැං දැනගත්තනේ.
එළ එළ.
බොහොම ස්තුතියි තොරතුරට.
;)
ඇත්තටම වැදගත්. බොහොම ස්තුතියි
හත් අවුරුද්දක් විතර ගිනි හිවල පාවිච්චි කරාට අදයි දැනගත්තෙ මේක. තැන්කූ වේවා!!
@Rajeen
:)
@දර්ශන
හෙහෙ, ගිනි හිවලගේ වයස තාම අවුරුදු පහයි.ඒත් ඔයා හත් අවුරුද්දක් පාවිච්චි කරලනේ
;)
Post a Comment