Pages

2009-11-30

Fedora 12 මත ස්කයිප් ස්ථාපනය

ටර්මිනල් එකෙන් තමයි මේ වැඩෙත් කරන්න යන්නේ.
මුලින්ම root විදියට ටර්මිනල් එකට ප්‍රවේශ වෙන්න ටර්මිනල් එක විවෘත කරල su යන විධානය ලබා දෙන්න.
එවිට root සඳහා වන මුර පදය ඉල්ලා සිටින අතර එහිදි ඔබේ root පරිශීලක සඳහා වන මුරපදය ලබාදෙන්න.

දැන් vi හෝ nano වැනි editor එකකින් පහත සඳහන් වන ටික /etc/yum.repos.d/skype.repo යන ගොනුව සාදා එය තුල සුරකින්න.
මෙහිදී ඇත්තටම සිදුවන්නේ Skype සඳහා Repository එකක් සෑදීමයි.

[skype]
name=Skype Repository
baseurl=http://download.skype.com/linux/repos/fedora/updates/i586/
#gpgkey=http://www.skype.com/products/skype/linux/rpm-public-key.asc
gpgkey=file:///etc/pki/rpm-gpg/RPM-GPG-KEY-skype
enabled=1
gpgcheck=1


මේ ටික කරල ඉවර උනාම කරන්න තියෙන්නේ පුරුදු විදියටම yum මගින් skype ස්ථාපනයට විධානයට ලබාදීමයි.
එය පහත පරිදි ලබාදෙන්න.
yum install skype --nogpgcheck

දැන් yum මගින් ස්කයිප් ස්ථාපනය කරනු ඇති.

ස්ථාපනය අවසන් වූ පසු යෙදුම-->අන්තර්ජාලය-->Skype මගින් ස්කයිප් ලබාගත හැකියි.

0 අදහස්:

Post a Comment

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ