Pages

2010-02-07

ජනවාරි මාසය.. ලිනක්ස් පිස්සුව..හා නැවත ලැබීම..

මට සිද්ද උනු ඇබැද්දිය මතක ඇතිනේ. මතක නැති අය මෙතනට ගිහින් බලාගන්න

උනු දෙයින් මම යවත්කාල කරන වෙබ් අඩවියක් යවත්කල් කරන්න විදියක් තිබුනෙ නෑ. ඉතිං ඒබව දැනුම් දුන්නම ඒක හදාගන්න කල් Toshiba ලැප්ටොප් එකක් ලැබුණා. ඉතිං කරපු වැඩ ටික තිබුනේ මගේ ලැප් ටොප් එකේනේ. ඒකෙන් හාඩ් ඩිස්ක් එක ගලවලා අලුත් එකට ගැහුවා. ෆෙඩෝරා නිසා ඩ්‍රයිවර්ස් ගැන වද වෙන්න දෙයක් තිබුනෙ නෑ. හාඩ් එකෙන් බූට් කරා Brand දෙකක් උනත් මොනවත් එරර්ස් නෑ.තත්පර 20කින් කෙලින්ම ලොගින් ස්ක්‍රින් එකේ පාස්වර්ඩ් එක ගැහුව වෙනද වගේ ම වැඩ ටික කරගත්තා.
මේ තියෙන්නේ හාඩ් එක හයි කරපු ලැප් ටොප් එක.

වම් පැත්තෙන් තියෙන්නේ මගේ එක.

ඉතිං සෙනසුරාද පංති යන ගමන් ලැප්ටොප් එක අරන් ගියා. උදේම රෙපෙයාර් එකට දාල එනගමන් අරගෙනම ආවා. ඒකට 6000ක් ගියා. ඉතිං හාඩ් එක ඒකට හයි කරාම ආපහු ඒක වැඩ. දැන් ඉතිං අනිත් ලැප්ටොප් එක නිකංනේ තියෙන්නේ. ඔන්න ලිනක්ස් පිස්සුව පටන් ගත්ත. ලිනක්ස් වල මීඩියා සෙන්ටර් දාන්න බැරිද? සොයන්නාට සම්බවේ කියනවනේ. මුලින්ම දැම්මෙ Enna ඒක එච්චර මට ඇල්ලුවෙ නෑ. ඊට පස්සේ දැම්ම XBMC ඒක නම් හිතට ඇල්ලුවා. තීම් මාරු කරන්නත් පුලුවන්. තීම් ටිකකුත් ඩවුන්ලෝඩ් කරා. ගින්දර වගේ තමයි.


මගේ ළඟ තව ලැප්ටොප් හාඩ් ඩිස්ක් එකක් තිබුන. මේ පින්තූරේ කොළ පාටින් තියෙන්නේ ඒක තමයි. යූස්බී කන්වර්ටර් එකක් හරහා හයි කරල ඉවර වෙලා ඒකට Ubuntu 9.04 දැම්මා. දාල 9.10 වලට අප්ඩේට් කරා. ඊට පස්සේ XBMC මීඩියා සෙන්ටර් එකත් දාල බැලුව. XBMC නම් මැක්සා. S-Video අවුට් එක හරහා ටීවි එකට උනත් ගන්න පුලුවන්නේ. නිල් පාට එක තමයි මගේ එකේ හාඩ් ඩිස්ක් එක. ඔය බූට් කරල තියෙන්නේ USB හරහා හයි කරපු හාඩ් එකෙන්.



මේ තියෙන්නේ XMBC දාපු එකත් එක්ක මගේ ලැප්ටොප් එක. ටික දවසකට තව experiment ටිකක් කරන්න පුලුවන්. ad-hoc එකේ වැඩේ නම් හරි ගියේ නෑ. ආපහු වෙලාවක ට්‍රයි කරන්න ඕන.

ඒ අතර තව දෙයක් කියන්න ඕන. cPlus මැගසින් එක ගන්න ගියා. බටපොල දාපු ටික නම් ඔක්කොම විකිණිලා. Unity ගියපු නිසා MC එකට ගිහින් බැලුවා. ගියාට කඩේ නම මතක නෑ 3rd ෆ්ලෝ කියල විතරයි මතක. කොහොම හරි හොයාගන්න බැරි උනා. MC එක‍ ඇතුලෙ පොල්ගස්ටිකක් පැලකරල :D
මේ පික් එකනම් මම කලින් ට්විට් කරා.


ගෙදර එන ගමන් අම්බලන්ගොඩ බහිද්දි 4.30ට විතර ඇති. 5.30 වෙනකං වෙලා තිබුන හින්දා පොඩ්ඩක් සඟරාව හොයල බැලුව. කොහොම හරි හොයාගත්තා.සඟරාව උනන්දුවෙන් ගන්න බලපු හේතුව16 වෙනි පිටුවෙ තියෙනවා.

ජනවාරි මා‍සය ඉක්මණට ගෙවිල ගියා කියල දැනෙනවා. ඒකට ගොඩක් හේතු තියෙනවා. මූලිකම දේ තමයි ජනවාරි පළවෙනිදා ජොබ් එකේ වැඩ පටන්ගත්ත එක. මුලින්ම මහන්සියෙන් උපයපු ටික සේරම එහෙම්පිටින්ම අම්ම අතට දුන්න. හැබයි පළවෙනි පඩියෙන් කරන්න උනේ ලැප්ටොප් එක හදන එක තමයි. දැන් ඉතිං තවත් මං ගෙදරට බරක් නෙවි‍. දැන් මාත් වෙබ් ඩිවලොපර් කෙනෙක්.

ජොබ් එකට යන්න ග්‍රාම නිළධාරිගෙන් සහතිකයක් ගන්න එපැයි. ඒකට ගිහිල්ලත් උනේ සිරා වැඩක් තමයි. ග්‍රාමනිලධාරිතුමා ෆොර්මය සිංහලෙන් පුරවන්න ගත්ත. පුරවගෙන පුරවගෙන ගිහිල්ල අහපි මොකක්ද ඔය යන රක්ෂාව කියලා. ගත්කටටම කියල දැම්මා වෙබ් ඩිවලොපර් කියලා. සිංහලෙන් ඕනලු. හත්ඉලව්වේ මෙච්චර දවස් දේශීයකරණය කරත් ඒ වෙලාවේ ඕකට නමක් නම් හිතාගන්න බැරි උනා. එපාර මොකක්දෝ එකක් ලිවුවා. දැන්නම් මතක නෑ. :D

තව දෙයක් සිද්ධ උනා. ඒ තමයි BCS ක්ලාස් එකේ ටෙස්ට් එකක් තිබ්බා. ඉතිං පාඩං කරන්න වෙලාවක් තිබුනෙත් නෑ. හොදටම දන්නවා පාඩම් කරන්න ඕන කියල. ඒත් කරන්න උනේ නෑ. කොහොම කොහොම හරි ටෙස්ට් එක ලිවුවා. හැබයි අපරාදේ එක ලේසි ප්‍රශ්නයක් පස්සෙ ලියන්න කියල තියල වෙලා මදි වෙලා ඒක ලියන්න හම්බුනේ නෑ. ඉතිං ලකුණු මදි වෙයි කියලම තමයි හිතුවේ. කොහොම හරි ඊළඟ සතියෙ ක්ලාස් එකේ දී පේපර් දුන්න. මගේ එක අතට අරන් නම කිවුවා. හැබයි දුන්නෙ නෑ. තව දෙයක් කිවුව. මම ඩිම් වෙලා හිටියේ.
මොකක්ද දන්නවද කිවුවේ. සමාන්තර පන්තිත් එක්කලම වැඩිම ලකුණු තියෙන්නෙ මටලු. ඉතිං හිතාගන්න පුලුවන්ද වෙචිච දේ. පාඩං නොකර ලියල බයෙන් හිටපු එකාට වැඩිම ලකුණු ආව කිවුවම. ගත්ත ගමන් බැලුව පේපර් එක මගේ එකම තමා. වැල් වටාරම් නොලිය ඕන කරන කරුණු ලියවිච්ච නිසා ලකුණු වැටිල. :D හැබයි අර ප්‍රස්නෙටත් උත්තර ලිවුවනම් තවත් ලකුණු වැටෙනවා.
ආයිම නම් පාඩම් නොකර විභාග කරන්න බලාපොරාත්තුවක් නෑ.

අද පෝස්ට් එක නම් කිසිම ගැලපීමක් නැතුව ඇති දෙක තුනක් එක‍ පෝස්ට් එකක ලියපු පළවෙනි පාර නිසා.

කොහොම කොහොම හරි ආයිම මගේ ලැප්ටොප් එකේම වැඩ කරන්න හම්බුනා. ඒක නම් මාර සතුටක්.

ඔය අතරේ ඊයේ රාත්‍රියේ නැවත අපේ කට්ටිය තවත් ඔන්ලයින් සාජ්ජයක් සාර්ථකව නිමා කරා. වෙනසක් තිබුනේ කාන්තා පාර්ශවයත් ඒක නියෝජනය කරපු එකයි. රජරට සහ උඩරට බයිලා වාදයකුත් ගියා.

එහෙනම් මම අදට නවතිමු.

6 අදහස්:

  1. ඒ කියන්න ඊ ළඟ පාර MC ගියාම අපිට පොල් කඩන්න පුලුවං

    ReplyDelete
  2. හත් ඉලව්වයි. උඹ දැන් ද job එකක් හොයා ගත්තේ. post වල ලියලා තියෙන technical දේවල් වල හැටියට මම හිතුවේ මේ වෙනකොට Rs. 50,000 කට එහා salary එකක් ඇති කියලා.

    කොහොම වුණත් සුභ පැතුම්. අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි උඹෙන් ... ඉස්සරහට.

    ReplyDelete
  3. @Anu
    හික්. තව ඉස්සර පැත්තෙත් තුනක් තිබුණා.

    @Thejan
    හික්ස්. කොහේ job කරන්නද? මෙච්චර කල් කරේ ඉගෙන ගත්ත එක. දැං තමයි job බං එකක් කරන්න ගත්තේ.මම කරන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ටික ඉඩ තියෙන වෙලාවල් වලට මේකෙ ලියනවා. ලියන එව්වයින් ඉතිං ගන්න පුලුවන් ප්‍රයෝජනයක් තියේනම් ගන්න. :D ස්තූතියි සුභ පැතුමට.

    ReplyDelete
  4. Monada 16 pituwe thibune :)

    ReplyDelete
  5. මගේ නම් කරුමෙට හදිසියේ ටීවී එකකටවත් ගහ ගන්න බෑ,HDMI තියෙන ටීවී එකක් හොයන් එන්න වෙනවා,අනේ මේ කාලකන්නි S-Video අයින්ම කරලා දාලනේ,

    ReplyDelete
  6. @Anonymous
    FireFox ගැන ආටිකල් එකක්.

    @බුද්ධික
    ඉතිං HDMI තියෙන ටීවී එකක් ගත්තනම් වැඩේ ඉවරයිනේ. :D
    සිරාවට S-Video එකත් එක්කම තිබුනනම් හරි. අලුත් තාක්ෂණික මෙවලම් ආවට පරණ එකට යන්න කියන එක හරි නෑනේ.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ