Pages

2010-02-03

Internet Explorer ලිනක්ස් තුල ස්ථාපනය

IE Linux තුල ස්ථාපනය කරන්න පුලුවන්ද කියල පැන නැඟුණු පැනයකට පිලිතුරක් සෙවීමට දැරූ උත්සහක් තමයි මේ සනිටුහන් කරන්න සූදානම. පහත පියවර අනුගමනය කිරීමෙන් ලිනක්ස් තුල ස්ථාපනය කරගත හැකියි.

ලින්ක්ස් තුල වින්ඩෝස් යෙදුම් ධාවනය කල හැක්කේ කෙසේද යන පැනයටද පිලිතුරු ලැබෙනු ඇත


පළමු පියවර ලෙස ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට exe ගොනු ස්ථාපනය කල හැකි ලෙස සැකසිය යුතු වෙනවා.
ඒ සඳහා මෙම විධානය ට'මිනලය තුල root පරිශීලක ලෙස ලබාදෙන්න.

yum -y install wine*
වයින් ගැන වැඩි දුර තොරතුරු සඳහා මවිසින් කොම්පුටරේ බ්ලොගයට ලියූ ලිපිය බලන්න.

ඊළඟට මෙම විධානය ලබාදෙන්න
yum -y install cabextract


දැන් exit විධානය ලබාදී ඔබගේ සාමාන්‍ය පරිශීලක ගිණුමට ප්‍රවේශ වන්න

ඊළඟ පියවර ලෙස IE ස්ථාපන ගොනු(Files) ඇති ස්ථානයෙන් ස්ථාපන ගොනු ලබාගත යුතුය. ඒ සඳහා wget විධානය භාවතා කල හැක.
wget http://www.tatanka.com.br/ies4linux/downloads/ies4linux-latest.tar.gz


මෙහිදී සිදුවන්නේ wget ඉදිරියෙන් දී ඇති ලිපිනයේ අඩංගු ගොනුව වත්මන් බහලුමට(Folder) එකට ලබාගැනීමයි.
හොදින් දිගුව(extension) දෙස බැලුවහොත් මෙම ගොනුව tar.gz නම් වර්ගයේ බව ඔබ‍ට පෙනෙනු ඇත. මේ ගොනු ආකාරයද සම්පීඩන(compress) ගොනු ආකාරයකි. දැන් මෙම සම්පීඩිත ගොනු දිගහැරීම සඳහා tar විධානය zxvf යන පරාමිතීන් සමඟ ලබාදෙන්න.
tar zxvf ies4linux-latest.tar.gz



එවිට එම ගොනුව තිබූ ස්ථානයේ බහලුමක් තැනී එයතුලට සම්පීඩිත ගොනු දිගහැරෙනු ඉහත රූපයේ පරිදි බහලුම ඇති ස්ථානයට පිවිසි විට දැකගැනීමට හැකියාව ලැබේ.
එම බහලුම තුලට ඇතුලු වීමට cd විධානය සමග බහලුමේ නම ලබාදෙන්න.
cd ies4linux-*

දැන් එය තුල වූ ස්ථාපනය කල හැකි ගොනුව ක්‍රියාත්මක කිරීමට පහත විධානය ලබාදෙන්න.
./ies4linux

එවිට මෙම කවුලුව පැන නගිනු ඇත.


එහි ඇති OK බොත්තම එබූ විට පහත පරිදි ස්ථාපනය ආරම්භ වනු දැකිය හැක.


**දෝශ මතුවේ නම් අවසන් විධානය නැවත ලබාදෙන්න.

මෙවැනි කවුලුවක් මතුවේ නම් Install මත ක්ලික් කරන්න.


එය අවසන් වූ පසු IE6 ආරම්භ වනු ඇත.

මේ Fedora තුල් ධාවනය කරන ලද IE6 හි තිර පිටපත් කිහිපයකි.






ඉතිං ඔන්න ඔහොමයි ලිනක්ස් ඇතුලේ Internet Explorer ස්ථාපනය කරන්නේ. කැමති අය ඉන්නවනං දාලම බලන්න.

7 අදහස්:

  1. එල
    මම උබුන්ටුවල දාන්න ට්‍රයි එකක් දැම්මා. මගදි Rundll32 error එකක් එනවා. දෙවැනි සැරෙත් හරි ගියෙ නැහැ. ආයි වෙලාවක හෙමිහිට බලන්න ඕන.

    ReplyDelete
  2. speed එක, යුනිකෝඩ්, එක එහෙම කොහොමද ?

    හපෝ , එපා කියන දේමනේ කරන්නේ :P

    ReplyDelete
  3. @තමීර | Thameera
    මේ විදියට දාල බලන්නකෝ. සාක්ෂි එක්ක කියන්නම් වැඩ

    ReplyDelete
  4. @Gayan Kalhara
    දෙකම අමු චා.
    මේ දැං ඕං පෝලන්තෙ CentOS ස'වර් එකක දැම්මා
    ඒක නම් වන්ෂොට් වැඩ. රූට් විතරයි තිබුණේ.

    ReplyDelete
  5. තේරුමක් නැති වැඩක්....IE අල පාත්තියක්නේ.
    IE දානවට වඩා Chrome වගේ දාගත්තනම් වටිනවා.

    ReplyDelete
  6. මම මේ ගැන මීට කලින් ලියලා තිබ්බා

    ReplyDelete
  7. @සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
    Chrome දාල තියෙන්නේ. කලින් පෝස්ට් එකක් ලිවුවා ඒක ගැන.

    @Tharaka Weerasekara
    ආ.. එහෙම එකක් නම් මට කියවන්න උනේ නැහැ.

    හැබයි කොපි නම් කලේ නෑ හොදේ!! ඒකට පෙබරවාරි තුන්වෙනිදා ගූගල් වල තියෙන පින්තූරේ සාක්ෂියක් . :D
    සටහන් පිටුවේ බොහොමයක් තියෙන්නේ මං කරල බලපු දේවල් සහ ම‍ගේ අත්දැකීම් තමයි.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ