Pages

2010-04-06

ගමටම ඇහෙන්න ගුවන් විදුලි විකාශනයක් කරපු හැටි

ජීවිතේ හැමදාම අපිට අලුතින් යමක් ඉගෙන ගන්න පුලුවන්. ඒ‍ වගේම සමහර සිහින බිඳ වැටෙන කොට සමහර සිහින ඉටු වෙනවා. මගෙත් පුංචි කාලෙ ඉදල හද පතුලේ පුංචිම පුංචි ආසාවක් තිබුනා කවද හරි ගුවන් විදුලි විකාශනයකට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු ඉගෙනගන්න. ඒ ආසාව නිසාම තමයි පුංචිකාලේ ‍පුංචිම පුංචි ට්‍රාන්ස්මීටරයක් හදල ට්‍රාන්ස්මිෂන් එකක් කලේ. ඒ පුංචි ට්‍රාන්ස්මිෂන් එක ගැන පස්සේ දවසක කියන්නම් :D. මේ හීනෙන් වත් නොහිතපු ඇත්තටම කරපු ගුවන් විදුලි විකාශනයක් ගැන තමයි කියන්න හදන්නේ.

බටපොල නවෝද්‍යා පාසලේ හරිත උදානය 2010 ප්‍රදර්ශනය සහ සැනකෙළිය නිමිත්තෙන් මාතර මාධ්‍ය නිවස මගින් සුසර ප්‍රජා ගුවන් විදුලිය පාසලේ සිට විකාශය කරන්න කටයුතු කලා. Batapola.net වෙබ් අඩවිය හරහා විකාශනය කලෙත් මේ FM 96.1 ඔස්සේ ප්‍රචාරය කරපු සුසර ප්‍රජා ගුවන් විදුලියම තමයි. ඉතිං විකාශන කටයුතු කරන්න මැදිරියක් තියෙන්න ඕනනේ. බ‍ටපොල නවෝද්‍යා විදුහලේ පුස්තකාලය තියෙන ගොඩනැගිල්ල තමයි මැදිරයට යොදා ගත්තේ.
මේ පහලින් තියෙන්නේ නිවේදන කටයුතු කල ස්ථානය. සජීවී වැඩසටහනක් කරගෙන යන අතරතුර තමයි ඕකත් ගත්තේ.


සජීවී වැඩසටහනක් මෙහෙයවන අතරතුර නිවේදන මැදිරිය


මේ අතර ගුවන් විදුලි විකාශනය කිරීමට පාසලින්ම ළමුන් කිහිප ‍දෙනෙක් තෝරා‍ගෙන ඔවුන්ට මනා පුහුණුවක් ‍ලබා දී සහතිකපත්ද ප්‍රධානය කලා.ඉන් පසුව ඒ ළමයින්ට තනියෙම වැඩසටහන් මෙහෙයවන්න අවස්ථාවත් ලැබුණා. ඇත්තෙන්ම ඒ ළමයි විතරක් වැඩසටහන් මෙහෙයවපු ආකාරය ගැන අපට ඇස්පනාපිටම සාක්ෂි හම්බුනා. එක් අවස්ථාවක මැදිරිය නරඹන්න ආපු කෙනෙක් වැඩසටහන කරපු ළමය දිහා බලල ඇහුවා ඔය ලමයද දැන් මෙච්චර වෙලා කතා කලේ කියලා. එයා හිතල ති‍බුනේ කටහඬ අනුව හොද හැඩිදැඩි පුද්ගලයෙක් වැඩසටහන මෙහෙයවනව ඇති කියලලු. :D

නිවේදන කටයුතු කරපු ළමයෙක්


ඉතිං මුල් දවස්ටිකේ මට රැකියාව නිසා එම ස්ථානයට යාමට අපහසු වූ නිසා අවසන් දවස් දෙකේ තමයි මටත් මැදිරිය බලන්න යන්න අවස්ථාව හම්බුනේ. ඒ වගේම අපේ ගෙදර තමයි මේ මාධ්‍ය නි‍වසින් ආපු අය නවාතැන් ගත්තේ. දවල් කාලයේ ගෙදර හිටපු නැති නිසාත් ගෙදර යනකොට රෑ වෙන නිසාත් උදේම ආපහු වැඩට එන නිසාත් මේ අය මං දැක්කෙත් අන්තිම දවස් දෙකේ කිවුවොත් හරි.
හොදම වැඩේ කියන්නේ ආපු අයගෙන් දෙන්නෙක් මං ගැන දන්නවා. :D මං ජීවිතේට දැකලවත් නෑ. ගෙදර අයටත් පුදුමයි. වෙලා තියෙන්නේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව කරන චමින්දයි කපිලයි දෙන්නම මගේ බ්ලොග් එක කියවල තියෙනව. මාත් ඒක කියවපු විත්තිය මතක තිබුණා. ඒ දවස් වල ඉන්ටනෙට් තිබුනෙත් නෑනේ. හේතුව කලිං පෝස්ට් එකේ ඇති. Audacity පෙන්නන්න ගිහින් බ්‍රවුසරේ ඕපන් උනා. ලොඩ් උනේ මගේ බ්ලොග් එක.
දැන් නෙට් නැතිව බ්ලොග් එක ලෝඩ් උනේ කොහොමද අහන්න එපා. Firefox කෑෂ් එකෙන් තමයි බ්ලොග් එක පෙනුනේ. එතනදි තමයි කට්ටිය අඳුනගත්තේ.

ඔයාල අහල ඇතිනේද ප්‍රධාන පාලක මැදිරියක් ගැන, ඔය නිවේදක නිවේදිකාවො හැම නිතරෝම කියන්නේ අන්න ඒක තමයි. ප්‍රධාන පාලක මැදිරියක් කියන්නේ අර නිවේදක මැදිරියේ සහ සිංදු, වැඩසටහන් තීම්, (ජිංගල්) :D ධාවනය කරමින් පාලනය කරන්න පුලුවන් මැදිරියට. මේ පහල එකේ තියෙන්නේ සුසර ප්‍රජා ගුවන් විදුලියේ පාලක මැදිරිය ලෙස තිබුණු ස්ථානය. එහා පැත්තෙන් නිවේදන මැදිරියෙ ලෙස භාවිතා කළ ස්ථානයත් පේන්න තිබුනට ඇත්තටම ගුවන්විදුලි විකාශනාගාරයක මේවට වෙන වෙනම කාමර තියෙනවා. මෙතනදී පොඩි ඉඩක ඔක්කොම තිබුනේ. ආපු අයට පැහැදිලි කරන්නත් ලේසි වෙන්න.


ඔය මෙහා කොනේ ඉදල එහා කොනටම තියෙන සේරම දේවල් පිලිවෙලින් කිවුවොත් පළවෙනියට තියෙන ලැප්ටොප් එක පාවිච්චි කලේ රෙකෝඩින් වලට ඊළග පරිගණකයෙන් තමයි වැඩසටහන් වල තීම් සිංදු ආදිය ධාවනය කලේ. ඊගාවට ප්‍රධාන මික්සර් එක. ඊළග දෙකින් උඩින් තියෙන්නේ අර නිවේදන කටයුතු කරන අය දාගෙන ඉන්න හෙඩ්ෆෝන් සම්බන්ධ කරල තියෙන උපකරණය. ඒකට යටින් තියෙන්නේ අසන්නන් දුරකථනයෙන් සිංදු ඉල්ලන වෙලාවට එයාලත් එක්ක කතා කරන්න භාවිත කරන උපකරණය.

නිතරම ප්‍රධාන පාළක මැදිරියෙන් ශ්‍රවණ තත්වය ගැන අවධානයෙන් ඉන්න ඕන. මයික්‍රෆොන් වලින් එන ශබ්ද ත්‍රීව්‍රතා පාලනය කරන ගමන් අවශ්‍ය වෙලාවල් වලදී සිංදු, තීම් ආදිය ධාවනය කිරීමත් සිදු කරන්නේ මෙතන තියෙන මික්සර් එක උදව්වෙන්.

මේ චමින්දයි මායි. ඔය පිටිපස්සෙන් ඉන්නේ මැදිරිය බලන්න ආපු අය.


ඔය ප්‍රධාන පාලන කටයුතු කරපු තැනයි නිවේදන කටයුතු කරපු තැනයි. මේත් සජීවී වැඩසටහනක් විකාශය කරන අතරතුර තමයි


මේ සජීවී වැඩසටහනක් කරන අතරතුර ගත්තු තත්පර 30ක වීඩියෝ එකක්.

මගේ යූනලයේ චැනල් එකට ඉතුරු ටිකත් හෙමීට දාන්න ඉන්නේ. ඒකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට නම් දාපු වෙලාවෙම ඒ ගැන දැනගන්න පුලුවන් වෙයි. පින්තූර ටිකත් මූණු පොතටම අලවන්න තමයි හිතාගෙන ඉන්නේ

ඔය ප්‍රධාන පාලක මැදිරියෙන් ‍ශබ්ද පරිපාලනය කරල අන්තිමටම ඒක විකාශනය කරන්න දෙන්නේ ට්‍රාන්ස්මීටර් එකකට. මේ පල්ලෙහායින් තියෙන්නේ ඒ ට්‍රාන්ස්මීටර් එක තමයි. වර්ග කිලෝමීටර 25කට ආසන්න ප්‍රදේශයකට FM 96.1 ඔස්සේ අවට ප්‍රදේශවාසී ජනතාවට සවන්දීමට හැකි උනේ මෙන්න මේ උපකරණය නිසා තමයි.

සජීව විකාශය සිදු කලේ මෙන්න මේ ‍ට්‍රාන්ස්මීටරය මගින්



ඔන්න ඔහොම තමා සාමාන්‍යයෙන් සරලවම ගුවන් විදුලි විකාශනයක් කරන්නේ. හොද විකාශනයක් කරන්න නම් නිවේදන කටයුතු කරන මැදිරියට බාහිර ශබ්ද වලින් වන බාධා වීම් වලින් තොර වෙන්න ඕන.

මෙතනදි ප්‍රදර්ශනයට සමගාමීව සිදු කරපු නිසා නොයෙක් බාධා වීම් සිදු උනත් මාධ්‍ය නි‍වසින් සුසර ගුවන් විදුලිය අරගෙන ආපු අයගේ සහ පාසලේ නිවේදන කටයුතු කරපු ළමයි තමන්ට හැකි පමණින් මේ විකාශන කටයුත්ත දිගටම කරගෙන ආව. අතිසාර්ථක අන්දමින් (චමීර අයිය කියපු විදියට 100ට 500ක් සාර්ථකව) සුසර ප්‍රජා ගුවන් විදුලිය බටපොල නගරය හා ඒ අවට ගුවන සිසාරා පැවතුන බව අසන්නන්ගේ ප්‍රතිචාර වලින් තේරුනා. අවසන් දවසේ මේ අවසන් විකාශය කියල දැනුම් දුන්නම ඇසට කඳුලු නැඟුනු අයත් සිටියා. ඔවුන් තව ටික දවසක් හෝ මෙය පවත්වන්න කියා ඉල්ලීම් පවා ඉදිරිපත් කලා.


ඔන්න ඔහොම තමයි ඇත්තටම කල ගුවන් විදුලි විකාශනයකට සම්බන්ධ වෙන්න පුලුවන් උනේ.
අපට මාතර මාධ්‍ය නිවසේ අය අමතක නොවෙන්න මතක තියෙනව වගේම ඔවුන්ටත් මේ අපිත් එක්ක ගත කරපු ඉතා කෙටි කාලය හොදට මතක හිටිවී. සුද්දට ගේට්ටු කකුල උඩින් යවන හැටියි, තිලංගට මීටියාගොඩයි ගේට්ටු මුර කරපුවයි, කපිලට අත පිච්චිචුන හැටියි, සුරංගාට ලිස්සලා වැටෙන හැටියි අමතක වෙන එකක් නෑ. නම් වශයෙන් සඳහන් නොකලත් ඔවුන් සියළු දෙනාම යලිත් දවසක කොහේදි හරි මුණ ගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

17 අදහස්:

  1. එහෙනං රේඩියෝවකුත් කොලා ඈ? දැං එහෙනං සර්ව සම්පූර්ණ මාධ්‍යවේදියෙක්.

    ඕං දැං ඉඳම මදුරුවෙක් කෑවත් කෑගහන්න පුළුවන් "මාධ්‍ය නිදහසට අත නොතබනු!" කියලා!

    :D

    ReplyDelete
  2. රජීව් සඳරුවන්April 6, 2010 at 9:19 AM

    එල වැඩක් මේක නම් .. අපිත් ටිකක් ඇහුවා (දිගටම නම් අහන්න උනේ නැ) වැඩේ එලට ගියා. අපි ඔය මාධ්‍ය කුටියටත් අවා. නියමයි.

    ReplyDelete
  3. @බුදා
    :D කොලා නේන්නං. හැබයි තාම සර්ව සම්පූර්ණ නෑ.

    නිකං නෙවෙයි රටටම ඇහෙන්න දෙන්න තමයි හිතේ නම් තියෙන්නේ.

    ------
    ඔන්න ෆේස්බුක් එකට අනිත් පින්තූර ටිකක් ඇලෙව්වා!

    ReplyDelete
  4. ස්තූතියි අසංකා අක්කේ!

    ReplyDelete
  5. මාරයිනේ අප්පා...මටත් මාර උණක් තමා ඔය ගැනනම් තියෙන්න. අපිත් එක පාරක් කලා ඔය වගේ එකක් පංසලේ දී.. 7 දවසෙ පිරිතක් තිබ්බා. එක ගමට ඇහෙන්න සැලැස්සුවා ට්‍රාන්ස්මීටර් එකකින් (හැබැයි ඒක කලේ හොරෙන්) අහු උනානම් ගස් තමා :D :D

    පිරිත් අනවට වඩා මිනිස්සු කලේ එක බලපු එක :-D

    ReplyDelete
  6. කලින් කියල තිබුනනං උණ හොද කරගන්න තිබුනා.
    මේක TRC එකේ වාහනේට අහු වෙනවද කියලත් මම චෙක්කොලා. කල්හාරයා සාක්ෂි.
    ලයිසොං තිබුන හින්ද අවුලක් නෑ!
    රේඩියෝ එක බලන්න බෑනේ අහන්න විතරනේ පුලුවන්.

    ReplyDelete
  7. එලකිරි. හැබෑට මොකක්ද ඔය මාතර මාධ්‍ය නිවස කියන්නෙ?

    ReplyDelete
  8. @තමීර | Thameera:
    මාතර ඉන්න මාධ්‍ය පොරවල් එකතුවෙලා තියන තැනක් මම හිතන්නෙ.

    @To All Live in Matara:
    නරකද "මාතර තොරතුරු තාක්‍ෂණ නිවස" (හරි වෙන මොකක්හරි නමක්.) වගේ එකක් පටං ගත්තොත්? ජෝක් නෙවේ හොඳේ!

    ReplyDelete
  9. මෙන්න එයාලගේ සයිට් එක.
    http://internews.org/

    මේ විකාශනය ගැන කියල තිබුන මේකෙ
    http://www.internews.lk/internews/internews-hosts-school-radio-production

    ReplyDelete
  10. නියමයි නේන්නම්. තව එකක් කරන්න තිබුණ නම් කියල හිතෙනවා.

    ReplyDelete
  11. එළ වැඩක්නේ කරල තියෙන්නෙ.
    ඔය හැකියාව සහ අත්දැකීම ඉස්සරහටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

    සුභ පැතුම් :-)

    ReplyDelete
  12. හොඳයි හොඳයි.
    මමත් එක පාරක් ට්‍රන්ස්මීටර් එකක් හැදුව ඉස්කෝලෙ යන කාලෙ. BFY51 පාවිච්චි කරල. ඒත් ඒක හරියට ටියුන් කරගන්න බැරි උනා. අපේ ගෙදරට 50m විතර ඈතින් තිබ්බ සේල් එකක සද්දෙට දාල තිබ්බ රේඩියෝ එක නම් අහන් ඉන්න බැරි තත්වයක් නම් ඇති කරන්න පුළුවන් උනා. 88-108 range එකෙන් බාගයක්ම විනාසයි අපේ ගේ වටේ හරියෙ. හික්ස්. මොන චැනල් එකක්වත් ඇහෙන්නෙ නෑ. තාම ඒක ඇති ඔය කොහේ හරි අස්සක.

    ReplyDelete
  13. @රජීව් සඳරුවන්
    ස්තූතියි.

    වැඩේ හොදයි කියන්නේ ආපහු අහගෙන හිටපු අය ඒ වැඩසටහන් ටික ආයිම අහන්න ඕන අහන්න ක්‍රමයක් නැද්ද කියල අහල මට දුරකතන ඇමතුම් පවා දෙනවා. සංස්කරණය කරල ඉවරවෙලා වෙබ් අඩවිය හරහාම දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

    බටපොල ඉතිහාසය ගැන පවා බොහෝ දෙනා දැනගත්තේ මෙම විකාශනයෙන් කියල තමයි ලැබෙන තොරතුරු අනුව පෙනී යන්නේ

    ReplyDelete
  14. ඇත්තටම මෙම විකාශණ ක‍ටයුතු කරපු මාතර මාධ්‍ය නිවසේ කෙනෙක් හැටියට මම ගොඩක් සතුටුවෙනවා. මේ වගේ ලිපියක් තාරක දාපු එකට තාරකටත් ඉතිං දුර්ලභ අවස්ථාවක් ලැබුනා. මැදිරියක් කටයුතු දැකබලා ගන්න වගේම තාක්ෂණික කටයුතු ඉගෙන ගන්නත්. ඒවගේම තාරකගේ සයිබර් ඉඩකඩේ සුසර විකාශණය කරන්නත් ඔහු කටයුතු කලා. ඒකට මාධ්‍ය නිවසේ අපි ඔහුට ස්තූති කරනවා. අපි ආයෙත් තව ටික දවසකින් හම්බන්තොට ප්‍රදේශයට ගුවන් විදුලිය ගෙනයන්න හදන්නේ තාරකල වගේ අයට එහිදිත් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා කියලා අලි සංතෝෂයෙන් කියනවා...

    ReplyDelete
  15. අත්දැකීම් මත ගොඩනැගෙන්න.
    මාධ්‍ය කලාවේ බොහෝ දූර යන්නට සුපැතුම් - ජාතික ගුවන් විදූලි මහගෙදරින්
    Vidula Radio - SLBC
    http://vidulafm.blogspot.com/

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ