Pages

2010-11-13

සඳ නැති ලෝකයක්



මුළු ලෝකයම එළිය කරමින්
සඳ එළිය දසත විසිරෙන්න,
ලස්සනට පිරුණු සඳ පායල තියෙද්දී.
මොහොතකට ඇස් දෙක පියාගත්තෙ
ඒ ලස්සන හිතින් විඳගන්නයි.
ඒත් ඇස් ඇරල බලද්දි,
මගේ ලෝකයම එලිය කරමින්
ලස්සනට අහසෙ පායල තිබුණු සඳ,
පෙනෙන්නට තිබුනෙ නැහැ.
වලාකුළු පෙරළමින් සෙව්වත්
ඒ සඳේ ඡායාවක් වත් පෙනෙන්නවත් නැහැ.
කවුරුන් හෝ ඇසිපිය හෙලන සැනින්,
ඒ සඳ මගේ අහසෙන් හොරකම් කරල.
ආයෙමත් ලස්සනට පායල තියෙනව දකින්න
ආස උනත් ඒ අහසෙ ඉතිරි වෙලා තිබුනෙ
දුබල ලෙස ආලෝකය පතුරන්නට වෙහෙසෙන
පුංචිම පුංචි තාරකාවන් කිහිපයක් විතරයි.
ඒත් කොපමණ උත්සහ කලත් ඒ තරුවලට
ගණදුර දුරු කරන්න බැරි උනා.
ඇසිල්ලකින් මුළු ලෝකයම අඳුරෙන් වැහිල ගියා.

ඡායාරූපය: Google ඇසුරින් සොයාගත්තකි

11 අදහස්:

  1. එළ මැxසා :).........

    අමාවක දවසක හඳ වැසිලා ගියාට යලි හඳ එනවා ඒ අහසට :)

    ReplyDelete
  2. ලස්සන පුන්චි කතාවක් වගෙ,,, ලස්සනයි ගයාන් මල්ලි

    ReplyDelete
  3. @ජේ.ඩී
    බලාගෙන ඉන්නෙ එනකං තමා..

    @ජීවිතේ මල්
    ස්තූතියි අක්කේ

    ReplyDelete
  4. ගොඩක් වෙලා ඇස් වහන් ඉදල ...
    පුර පෝය දවසෙ වහපු ඇස් ඇරල බලල තියෙන්නේ අමාවක දවසක...

    දුක් වෙන්න එපා ඔයාගේ නමම තාරක...

    අමාවක ආවට ආයෙත් පුර සඳ පායනවා මල්ලියේ...

    එතකම් තාරකාවක් වෙලා අහසේ හැන්ගිලා ඉන්න..

    ReplyDelete
  5. ගොඩක් වෙලා ඇස් වහන් ඉදල ...
    පුර පෝය දවසෙ වහපු ඇස් ඇරල බලල තියෙන්නේ අමාවක දවසක...

    දුක් වෙන්න එපා ඔයාගේ නමම තාරක...

    අමාවක ආවට ආයෙත් පුර සඳ පායනවා මල්ලියේ...

    එතකම් තාරකාවක් වෙලා අහසේ හැන්ගිලා ඉන්න..

    ReplyDelete
  6. @wath
    පුර හඳ පායනකං බලමුකෝ හැංගිලා ඉදල.
    කවද හරි එළියට එන්න වෙනවනේ..

    ReplyDelete
  7. ඒ ලස්සන සඳ දිහා බලාඉන්න
    මං කොයි තරම් ආස උනත්
    හැමදාමත් මං අහස බලද්දි
    ඇයි වලාකුළු ඇවිත්
    සඳ වහගන්නේ.........

    ලස්සනයි මචෝ...

    ReplyDelete
  8. @pasan
    ස්තූතියි මචෝ

    ReplyDelete
  9. පෙරුම් පුරා ගෙන අහස බැලුව දා
    සඳ නැහැ අහසේ අමාවකයි..

    ReplyDelete
  10. සඳ ගැන සිතමින් සිටියා පමණයි
    අමාවක බව සිතුනේ නෑමයි

    ReplyDelete
  11. කවවර අහසකටත් පුර සඳක් පායනවා මල්ලි දවසක :) :)

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ