Pages

2011-04-08

Cyber සිහින උළෙල - 1 වන කොටස

අර තිවුවයි කිවුව සයිබර් සිහින උළෙල ගැනනේ මේ දවස් වල කාගේත් කතාව.. ඒ වගේමයි පින්තූර ටැග් වෙනවා.. කමෙන්ට් වැටෙනවා මඩ වදිනවා.. වීඩියෝ කලාට ඒ සේරම අප්ලෝඩ් කරන්න බෑ. විශේෂයෙන් මාරයා ඉන්න එවුවට ගෙවන්න කිවුවත්නේ :). මේකත් Hi Quality තමා හැදුවේ අන්තිමට සයිස් එක 690MB උනා. ඉතිං Video සයිස් අඩු කරල අන්තිමට Quality බස්සල මේ ගාණට අරගෙන අප්ලෝඩ් කරා..

සහභාගී නොවුනු අය පින්තූර බලල දුක් වෙන විත්තිය කමෙන්ට් වලින් තේරුණා.. මේක බලල තවත් දුක් නොවී ඊළග පාර එකට කොහොම හරි එන්න උත්සහ කරන්න කියල තමයි මුලින්ම කියන්න තියෙන්නේ

ඇතුල් වෙනකොට ගේට්ටුවෙ හිටිය එල පොරක් ඉතිං බැලුවම පිලිගැනීමේ නිලධාරියද දොරටුපාලද කියල නම් හිතාගන්න බැරි උනත් එතන ඉදන් තමා වීඩියෝ කිරිල්ල පටන් ගත්තේ. අන්තිමට බලද්දි මෑන්ස් ටිකට් කඩල තියෙන්නෙ අපට විතරක් නෙවිලු. ආරාධිත අමුත්තන්ටත් ටිකට් කඩලාලු.. හෙහෙ

රසවත් අවස්ථා ගොඩාක් තිබුණත් ටිකක් විතරක් මෙහෙම ලියන්නම්. වීඩියෝව බලල ඔයාලම අවස්ථා සම්බන්ධය දාගන්නකෝ

“හොදට ගනිං ඈ.. වීඩියෝ වෙනවනේ.“

“ගන්න මල්ලි. හැබැයි අයකරනවා“

මේක තමයි උනු සිරාම සීන් එක වීඩියෝ කරද්දි පොරක් පින්තූර ගන්නකොට ඉන්නව වගේ ඉදල අන්තිමට අහපි
“ඕක වීඩියෝ කැමරාවක්ද“ කියලා.. කවුද කියල හොයාගන්නකෝ

අනිත් එක තමයි මේක බලද්දි උනු දේවල් යලිත් මතක් වෙනවා.. ඒවගේ දේවල් ලියන්න ඔය පහල කොටුවක් තියල ඇති හොදේ :)

වීඩියෝ එක බැලුවම සේරම කතා ටික ලියන්න පුලුවන් උනත් වීඩියෝ එක බලලම ඉන්නකෝ..



ඉතිං මේ පෙර සූදානම විතරයි ඉතිරි ටික එහෙමම තියෙනවා.. හදල අප්ලෝඩ් කරන්නම්.
2වෙනි කොටසින් ආයෙ හමුවෙමුකෝ

23 අදහස්:

  1. මැක්සා තමයි.... මටත් මේ පාර එන්න බැරි උණා. ලබන පාර නම් අනිව එනවා....

    ReplyDelete
  2. විනාඩි 3 කට උඹ මාර සෙට් එකක් කවර් කරලනෙ

    ReplyDelete
  3. මෙව්වා හරි අසාධාරණ වැඩ අප්පා...මම තරඟ ජය පොත් බලලා දින්න විත්තිය..දැන් මුළු බ්ලොග් සමාජයම දැන ගත්තා...

    " විෂේෂ සිහි කැඳවීමයි"
    මේ වීඩියෝව එඩිට් කරලා තියෙන පිළිවෙළ වැරදියි...(ටයිමිං අනුව) මම එනකොට ඔක්කොම ඩෙකරේටිං ඉවරයි....

    තාරක අයියේ ලස්සන වීඩියෝ එක කොටස් වශයෙන් දාන්න.. මැද්දෙන් ඇඩ් ඕනෙ නම් අපිට කියන්න.

    ReplyDelete
  4. ඈක්කා........... සෝයි! ඉතුරු ටිකත් ඉක්මනට දාමු

    ReplyDelete
  5. පලවෙනි කොටසේ මම නෑ :D

    ReplyDelete
  6. @නචියා
    එල

    @රංග
    තැන්කු තැන්කු

    @නීනු
    මොකක්ද දැන් අසාධාරණේ??

    ටයිමිං පොඩ්ඩක් වෙනස් කලා මොකද එනතැන දෙපාරක් පෙන්නන්න වෙනවා නැත්තං.

    ඒකම තමා මාත් හිතුවේ.. ඔයා අපූරු ඇඩ් එකක් කොහොමත් දාල තිබුනා. ඉන්නකෝ ඊලග එකෙන් දාන්න

    ReplyDelete
  7. @සංජු
    :) දාන්නම්කෝ

    @ඉෂාර
    බලමුකෝ ඊළග ඒවයෙ වත් ඉන්නවද කියාල

    ReplyDelete
  8. මල්ලි බිල් එක ගෙදරට ලැබෙයි යථා කාලයේදී හරිද..?

    ReplyDelete
  9. @මාරයාගේ හෝරාව
    හරි අයියා.. තාම තත්පර ගාණයි නෙව.. :)

    ReplyDelete
  10. Good Job තාරක මල්ලී...
    පිටඉන්න අපි වාගේ අයට...!
    බොහොම ස්තූති...

    ReplyDelete
  11. ඇයි තිස්ස අයියා මේ පාර ආවෙ නැත්තේ.

    ReplyDelete
  12. නියමයි මචන්

    ReplyDelete
  13. ස්තූතියි මරේ

    ReplyDelete
  14. තාරකයියේ. උබ මගේ එව්වා දැම්මොත් නම්.. අම්මපා තෝ ඉතිරි කරන්නැ හරියේ..!!
    මාව නරක හාවා කරගන්න එපා..!!

    ReplyDelete
  15. එතකොට බනියෝ මගේ එවුව දැම්මෙ මගෙන් අහලද බොල :p

    ReplyDelete
  16. එල මචන්

    උබලා දැක්කද මඩයා මාටියා ගහන කෑල්ල :DDD

    ReplyDelete
  17. බයිට් ටික සේරම පුච්චගෙන . පැය බාගයක් විතර මේක ලෝඩ් කර කර බැලුවට පොඩ්ඩක් වත් දුක නෑ ... නියමයි අපටත් එන්න තිබුනා ලඟපාතක උන්නා නම් ..

    ReplyDelete
  18. @වැප්
    තැන්කූ වැපෝ

    @හිස් අහස
    නාපු අයට සිහින සැබෑ කර ගනිපු හැටි පෙන්නන්න කියල ඉල්ලපු නිසාම තමා දැම්මේ..

    හැමදාම බයිට් පුච්චන එකේ මෙහෙම් එකක් බැලුවට පාඩුවක් නෑ තමා..

    ඊළඟ පාරට වත් සෙට් වෙමුකෝ

    ReplyDelete
  19. චෝයි මචෝ.....

    අනිත් ටිකත් දාමු....

    ReplyDelete
  20. @හසියා
    දාමු දාමු කීවට දැන් මරණ තර්ජන හිට කරනවනේ. ඉතිං කෝම කරන්නේ

    :) වලියක් ආවොත් බේරගනිය හොදේ

    ReplyDelete
  21. ඉතුරු ට්කත් දාමු.....

    ReplyDelete
  22. අනේ මටත් එන්න තිබුනනම්...

    ReplyDelete
  23. මචො නියමෙට තිබිල තියන්නෙ...........
    මට මෙවතාවෙ එන්න බැරි උනා එ උනත් next time enawa anewa..........

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ