Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2012-03-19

PHP කෙටියෙන් ලියමු.


සමහර වෙලාවට php code කරද්දි අවශ්‍ය වෙනවා HTML කෝඩ් ගොඩක් මැද variable එකක් print කරන්න විතරක් php. ඒ වෙලාවට කෝඩ් කරන්න වෙන්නේ

<?php echo $variable ?>

ඒත් ඒ වෙනුවට ඉතාමත් කෙටියෙන් මේ විදියට ලියන්න පුලුවන්

<?= $variable ?>

තවත් මේ වගේ කරන්න පුලුවන් දෙයක් තමයි if විධානය

සාමාන්‍යයෙන් if එක මගින් var නම් variable එක negative ද positive ද බලන්න ලියන්නේ මේ විදියටනේ.

echo "var is ";
if ($var < 0) {
      echo "negative";
}else {
     echo "positive";
}


මෙහිදී එක statement එකක් විතරක් තියෙන නිසා සඟල වරහන් { } නොමැතිව මේ විදියට ලියන්න පුලුවනි.

echo "var is ";
if ($var < 0)
      echo "negative";
else
     echo "positive";


තව දුරටත් කෙටි කරනවා නම් මේ විධානය පහත විදියටත් ලියන්න පුලුවනි.
echo "var is ".($var < 0 ? "negative" : "positive");

එහෙනම් කෙටියෙන් ලියමු ඉක්මණට කෝඩ් කරමු. ජයවේවා!

2012-02-29

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ දෙවන වසර ආරම්භය

මතක ඇතිනේ විභාගයක් ලියලා NVQ 6 අරන් interview ගිහින් NVQ 7 සඳහා  සිහිනයක් සැබෑ උනා වගේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට ඇතුලු උන හැටි.  ඒ අතර ඕව හීන  විතරයි කියල කොමෙන්ටුත් නොවැටුනා නොවේ.

 ඉතිං එහෙම ඇතුලුවෙලා දැන් අවුරුද්දකුත් ගෙවිල ගිහින්. ඉතිං ගතවුණු කාලය ගැන කියනවනම් දැනටම පලමු වසර (Semesters 2ක්) ඉවරයි.
Year 1 - Semester I එකේදි
Database Analysis and Design
Computer Networks
Software Development Practices
Object-Oriented Programming with C++ and Java
Computer Architecture & Operating Systems
Engineering Mathematics (ICT)

සහ
Year 2 - Semester II එකේදි
System and Network Administration
Fundamentals of Mass Communication
Enterprise Technologies and Architectures
Database Management Systems
Data Structures and Algorithms
Web Programming
Database Programming

යන විෂයයන් ඉගෙනගත්තා. මේ Semester 2 ම
B.Tech. in Software Technology
B.Tech. in Multimedia & Web Technology
B.Tech. in Network Technology යන Degree තුනටම පොදුයි.

මේ පටන් ගත්තු වසරේදි පොදු විෂයන් බොහාමයක් ඉවත් වෙලා.
ඉතිං මං කරන්නේ B.Tech. in Multimedia & Web Technology නිසා Semester III වලදි Multimedia පැත්තට හැරෙනවා. ඒ අනුව දැන්
Audio Visual Production Techniques
Audio and Video Editing Techniques
යන විෂයනුත් ඊට අමතරව
Programming in .NET
Web Technology & Applications
හදාරන්න වෙනවා.

මේ වෙද්දි Audio Visual Production Techniques වලදි  Script එකක් ලියන්නෙ කොහොමද ඒකට  Story Board අදින්නෙ කොහොමද කැමරා හසුරුවන්නෙ කොහොමද කියන දේවල් ඉගෙනගෙන තියෙන නිසා Assignment විදියට Script එකක් ලියල Shots කඩන්න එකකුත් තව  Song එකකට visual එකක් කරන්න Story Board එකකුත් දෙන්න ඕනා. Script එක නම් ලීවා. ලකුණු ආවම තමයි බලන්න ඕන කොහොමද කියලා. (කවද ලියපු ස්ක්‍රිප්ට්ද? අනික java script නෙවෙයිනේ) තාම සිංදුවක් තෝරනවා Visual කරන්න. මේව ගැන දන්න කවුරුහරි ඉන්නවනම් ඕං පහල කොටුවක් තියෙනවා පොඩි උදව්වක් හෙම කරල යන්න පුලුවන්.

ප.ලි.  විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයත් මේ අතර පිහිටෙවුවා. ඉතිං විශ්ව විද්‍යාලයක් විදියට අඩුපාඩු තියෙන දේවල් හදාගන්න ඒක ලොකු උදව්වක් වෙයි. දෙවන Batch එක මාර්තු මාසෙ ගන්නව කියල ආරංචිය තියෙනවා. තාම නිල වශයෙන් දැනුම් දීමක් නම් උනේ නැහැ. එන අයව පිලිගන්නත් තියෙනවා.


2012-01-06

Signed Int in Java

while the code in java sometimes i wanted to use signed integer type. but like C++ coudn't find a way to use signed int.  so thought about a way to convert negative integers to positive.

int integerVariable;
integerVariable =-20;
//now convert negative values to positive
if(integerVariable<0)
     integerVariable=0-integerVariable;


now just use integerVariable as your wish. it will only contain positive values.

How to Convert Integer Variable to String in Java

This is the simplest way i found on my experiments in type casting int to String in Java

//initialize a integer type variable
int integerVariable = 4;
//initialize a String type variable
String stringVariable;
//Type Cast int to String
stringVariable=integerVariable="";


is there a simple way than that your comments are really appreciate.

2011-12-14

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට  root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය හඳුන්වාදුන්නේ  අපේ ධනික සහෝදරයා.

ඉස්සර ඉතිං Opera දාගෙන යංතං ගැටගහගෙන සිංහල කියව ගත්තට දැන් එච්චර නහින්න ඕන නැහැ.

ඇත්තටම කිවුවොත් මේකත් ඇවිල්ල WEB Browser එකක්. මේකට හැකියාව තියෙනවා Android එකේ සිංහල නැති උනත් සිංහල අකුරු නියම විදියට render කරල පෙන්නන්න. ඒ කියන්නේ අර ස්පිලි පාපිලි පනින ලෙඩ නැතිව නියමාකාරයෙන් සිංහල දර්ශනය කිරීමට මෙම SET Brower එකට පුදුම හැකියාවක් තියෙනවා. වැඩි කතා ඕන නැහැ මෙන්න මෙතනින් අර ගන්න පුලුවන්.


හරි දැන් සිංහල බලාගන්න පුලුවන්. ඒත් ප්‍රශ්නයක් නේ සිංහල නැත්නම් සිංහල ටයිප් කරන විදිය. ඒකටත් විසඳුමක් ධනික සහෝදරයම ඉදිරිපත් කරල තියෙනවා. ඒ තමයි හෙලකුරු


මේ තමයි ජංගම දුරකථන සඳහා වන ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව. එහෙනං ඉතිං කරන්න තියෙන්නේ Android එකට සිංහල උගන්නලා සිංහලෙන්ම කියවන ගමන් ලියන එකයි.


මේ වෙද්දි ප්‍රධානම ප්‍රවෘත්ති මාධය්‍යක් මේ SETT rander වෙන ක්‍රමය අරන් යෙදුමක් සකස් කරල තියෙනවා. ඒත් ධනිකට කියලවත් නැහැ භාවිතා කරනව කියලවත්. එයාල ඒක හැදුවේ ධනික ඒ ක්‍රමය සොයාගත්ත නිසානේ. මේ වගේ නිර්මාණ කරන ඔහුව දිරිමත් කරනව වෙනුවට ඒ වගේ දේවල් කිරීමෙන් පේන්නේ අතහිත දෙනවට වඩා හොරකම් කරන්න කට්ටිය බලාගෙන ඉන්නව කියන එක කියලයි මගේ හැඟීම.