Pages

2009-06-08

ලිනක්ස් දේශීයකරණයට මාගේ දායකත්වය -2

මේ සැරේ හම්බුනේ gcalctool නම් gnome හි ගණකය සිංහලට හැරවීමයි. ඉතිං මේක කරද්දී ගණකය කියල දැනගත්ත නිසා සිංහලට හරවන ගමන් ගණකය විවෘත කරල බල බල තමයි කලේ. සමහර වෙලාවට දාපු වචන දාන තැනට අදාලනොවෙන්න පුලුවන් නිසා තමයි එහෙම කලේ. මුහුණතේ බොත්තම් සිංහලට හරවන්න ගියේ නෑ.කාටත් හුරු ඒ බොත්තම් ටික නිසා. ඉතිං පුලුවන් උපරිම විදියට සිංහලට හැරවීමේ කටයුත්ත කරා. Undo Redo කියන වචන දෙක තමයි ලොකුම ගැටළුවකට තියෙන්නේ. ඒක නිරාකරණය කරගන්න බැරි නිසා ඒවිදියටම තියෙන්න ඇරියා. අන්තිමට ගණකය මෙහෙමයි පේන්න තිබුණේ.

කාට හරි පුලුවන්නම් මේ Undo Redo කියන වචන දෙකට හරියන සිංහල පද දෙකක් කියන්න. මොකද මේක හැම යෙදුමකම වගේ තියෙන නිසා.

10 අදහස්:

  1. undo - පෙර තිබු තත්වයට
    redo - නැවත කරන්න /නැවත ඉදිරියට

    ReplyDelete
  2. අවශ්‍ය වන්නේ undo සහ redo හි අකුරු ප්‍රමාණයට සැසදෙන වචන....

    ReplyDelete
  3. එතකොට redo? ඒකත් "ආපසු"මද?

    ReplyDelete
  4. කළින්/පෙරට යනුවෙන් හෝ
    කළින් තත්වයට ගත් පසු පමණයි පෙර තත්වට පත් වෙන්නෙ. එනිසා
    undo - පෙර තිබු තත්වයට
    redo - නැවත කරන්න /නැවත ඉදිරියට යන යෙදුම හෝ භාවිත කළ හැකි යයි සිතනවා

    ReplyDelete
  5. පෙරසේ සහ පසුසේ කියන වචන හොදයි වගේ.

    ReplyDelete
  6. ඒ දෙකෙන් අදහස එනවද? අකුරු ප්‍රමාණය නම් හොදයි

    ReplyDelete
  7. තාරක,

    මම උබන්ටු 10.04 LTS දාන්න OS එක Download කලා. live cd එක run කලා. වැඩේ නම් නියමයි. ඒත් පොඩි ප්‍රශණයක් තියනවා. මම Ubantu karmik coala දාලා ආයෙත් windows 7 වලට ආවා ඒකෙ සිංහල හරියට දාගන්න බැරිව. online කීප දෙනෙක්ගෙන් ඇහුවා ඒත් හරිගියෙ නෑ. පුළුවන්නම් මට උදව් කරන්න Ubantu 10.04 LTS ට සිංහල දාගන්න. මම linux වලට අළුත්.

    ReplyDelete
  8. @සාගර
    සිංහල හරියට දාගන්න බැරි උනා කිවුවේ අකුරු පේන විදිය වැරදිද නැත්තං ටයිප් කරනකොට අකුරු හරියට වදින්නැතිවද?

    Karmic Koala එකේදී ඒකත් එක්ක එන SCIM එක අයින් කරල iBus දාගන්න.

    මේ විදියට කරල බලන්න
    http://madventurous.wordpress.com/2010/07/31/how-to-enable-sinhala-unicode-in-ubuntu-10-04-screencast/

    නැත්තං
    http://www.sinhalabloggers.com/sinhala-install-guide-ubuntu-9.10

    මාත් පලවෙනි පාර කරන්න ගිහින් iBus හිටන් සම්පූර්ණයෙන්ම remove කරගත්ත. පස්සේ කොහොම හරි දාගත්ත.
    ඔයත් උත්සහ කරන්න. බැරි වෙන්නෙ නෑ.

    ReplyDelete
  9. @සාගර

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ