Pages

2009-06-11

ලිනක්ස්හි ඇති බහලුමක් ජාලය හරහා වින්ඩෝස් වලට Share කිරීම

මේක "වින්ඩෝස්හි ඇති බහලුමක් ජාලය හරහා ලිනක්ස් වලට Share කිරීම" ලිපියෙන් සඳහන් කල එකේ අනිත්පැත්ත. ඒකට කරපු සම්බා සැකසුම් ටික ඒ විදියටම මේකට යොදාගන්න නිසා එය මුලින් කියවන එක වඩා සුදුසුයි.

ෆෙඩෝරා පරිගණකයේ සැකසුම්
පද්ධතිය --> කළමණාකරණය --> සම්බා හරහා සම්බා සේවාදායකය මානකරණයට පිවිස (පිවිසීමට root මුරපදය ලබාදිය යුතුය) +පොදුවක් එක්කරන්න මත ඔබන්න.

මුලින්ම සම්බා භාවිතා කිරීමට පරිශීලකයෙක් සාදන්න.ඒ සඳහා රුච් අරුචි-->සම්බා පරිශීලකයන්
හරහා සම්බා පරිශීලකයන් කවුලුව විවෘත කරගෙන පරිශීලකව එකතු කරන්න බොත්තම ඔබන්න.
දැන් නව පරිශීලකයකු සාදන්න කවුළුව විවෘත වනු දැකිය හැක. එහි unix පරිශීලක නාමය ලෙස පද්ධතියේ සිටින පරිශීලකයන් පෙන්වා ඇති අතර ඔබේ පරිශීලක ගිණුම එහිදී තෝරන්න.
windows පරිශීලක නාමය යන ස්ථානයට වින්ඩෝස් වලදී පිවිසීමට හැකි ලෙස වෙනත් නමක් ලබාදිය හැක. එයට කැමති නමක් ලබාදෙන්න. පසුව windows මගින් සම්බන්ධතාව ගොඩනැගීමේදී විමසීමක් සිදුකලහොත් ලබාදිය යුතු ව්නනේ මෙම නාමය බව මතක තබාගන්න. මුරපදය සඳහන් කර තහවුරු කරන්න. හරි බොත්තම ඔබා පරිශීලක සාදාගැනීම අවසන් කරන්න

දැන් සම්බා හවුලක් සෑදීමට බහලුම අඩංගු ස්ථානීය ලිපිනය ලබාදීම හෝ සැරිසරන්න බොත්තම හරහා ගොස් අදාල බහලුම තේරීම මගින් හෝ බහලුම තෝරාගන්න. හවුලේ නමට ඔබ කැමති නමක් ලබාදෙන්න. එය බහලුම ජාලය තුල පෙන්වන නාමය වේ.(බහලුමේ නම එතනට ස්වයංක්‍රීයව ගනු ඇත). කැමති නම් විස්තරය යන ස්ථානයට එය හදුනා ගැනීමට විස්තරයක් වුවද සදහන් කළ හැක.

දැන් මෙම බහලුම ජාලයේ අනෙකුත් පරිගණක වල පෙන්විය යුතුද ලිවීමට ඉඩදිය යුතුද යන්න තීරණය කර ඒ අනුව පහල ඇති කොටු සලකුණු කිරීම කරන්න.

ප්‍රවේශය ටැබයට පිවිස නිර්දේශිත පරිශීලකයන් හට පමණක් ප්‍රවේශ වීමට ඉඩහරින්න තෝරා සාදාගත් පරිශීලකනාමයද එතනින් තෝරාගන්න. හරි බොත්තම ඔබා සැකසුම් සුරක්ෂිත කරන්න.

දැන් ෆෙඩෝරා පරිගණකයේ සැකසුම් කර අවසන්. නමුත් වින්ඩෝස් පරිගණකයකින් ප්‍රවේශ වීමට ෆයර්වෝලය මගින් අවසර ලබාදිය යුතුය.
මේ සඳහා පද්ධතිය --> කළමණාකරණය --> ෆයර්වෝල් වෙත පිවිසෙන්න. එහි samba-client සහ සම්බා තෝරා සළකුණු කරන්න.

දැන් වින්ඩෝස් පරිගණකය හරහා ෆෙඩෝරා පරිගණකයට පිවිස බලන්න

0 අදහස්:

Post a Comment

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ