2009-11-29

අපේ ඔන්ලයින් සාජ්ජය

ඔන්න අපේ කස්ටිය එහෙනම් ඔන්ලයින් සාජ්ජෙකුත් පැවැත්තුවා! වැඩේ පැවැත්තුවේ ට්වීටරේමයි. කට්ටිය සිංදු කිය කිය ඉන්න කොට, තව රීට්වීට් කර කර ඉන්නකොට බුදාගේ අදහසකට ඔන්න හැමෝම සිංදු වලට ටැග් එක දාන්න ගත්ත. මුලින්ම දාපු සිංදුවල ටැග් එක දැම්මෙ නෑනේ. ඉතිං මුලින් දාපු සිංදු ටික නම් නෑ.

ඉතිං ඔය සිංදු කියන අතරේ ඇඩ් ටිකක් එහෙමත් වැටුනා. වැඩිපුරම ඇඩ් දැම්මේ ඉන්ද්‍රනාම වෙන්න ඕන. මාත් දැම්මනෙව ඇඩ් දෙකක් විතර. සුපුරුදු විදියට Hint පාස් කිරිල්ලත් ක‍ලා නෙව. ‍
සාජ්ජේ කොච්චර නැගල ගියාද කියනවනම් රෑ 1ත් පහුවෙනකං තිබිල. මම ඉතිං 12ට විතර නිදාගන්න ගියානෙව. එළිවෙලත් කස්ටිය කතා කරන්නෙ සාජ්ජේ ගැන.

හැබැයි හොදම වැඩේ වෙන්නේ. අද උදේම සාජ්ජෙට හිටපු නැති අය ටිවීටරේට ලොග් උනාම පෙන්නන ගාන බලන්න ගියාම තමයි. :D


කොහොම කොහොම හරි ආයිම ලබන සෙනසුරාදත් සාජ්ජේ පවත්වන්න කස්ටියගේ අදහසක් තියෙනවා. එදාටම බලාගන්න පුලුවන් වෙයි.


කට්ටිය සිංදු කියපු හැටි මෙතනින් ගිහින් බලන්න.

Reactions:

18 අදහස්:

ඊළග #sajje ට සහභාගී වීමට නොඉවසිල්ලෙන් බලා සිටිමි ;)

@dilanrf
නැතුව නැතුව ;) හොද සිංදු ටිකක් සෙට් කරල තියාගන්න එහෙනම්.

මේක කාලයක ඉඳන්ම කල්ප පැතුම් (www.twitter.com/callkalpa) හා ලිෂාන් (www.twitter.com/lishwish) එක්ක බහුලව මාත් එක්ක පැවැත්වුණා. අනිත් අයත් ඊට එකතු වුණත් ඒ සුළුවෙන්. පසු කාලයේදී ඒක නැවතුණා.

ඊට පස්සේ මහේෂ් (www.twitter.com/mahesharandara) විසින් "ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ....." කියා එකක් කිව්වාම මම Retwwet කරලා ඊට පිළිතුරු බැන්දා. එතැනින් යද්දී උදාර (www.twitter.com/udaraumd) එක්ක දිගටම යන්න යද්දී මම කී යෝජනාවක් ටිකකට පසු අපේ බුද්ධාජීව මල්ලී (www.twitter.com/budhajeewa) මේ #sajja ටැග් ඒක නම් අගනා අදහසක් දුන් අතර ඒ මහිමයෙන් තමා මෙහෙම පැතිරිලා ගියේ.

මම මේක දැම්මේ අදාල පාර්ශ්වයන්ට ලැබිය යුතු කොටස යන්නටයි, ඒ අය නැත්තං මේක වෙන්නේ නෑ නෙව. :) විනෝදයට අමතරව අපේ අනිත් අරමුණ Twitterහි Treading topic එකක් කරන්නටයි.

@~බිன்ku~ මතකයි මතකයි. ඒ දවස් වල ඉදලම කස්ටිය සිංදු කියකිය හිටියා. කොහොම උනත් පටන්ගත්ත එක ලොකු දෙයක්.

Treading Topic එකක් වෙන්න තරම් මඳි උනා කියල හිතෙනවා. ඒ අරමුණත් ඉටු කරගන්න බැරි වෙන එකක් නෑ.

කොහොම නමුත් ස්තූතියි මෙය මෙහි සඳහන් කලාට

මට Tweet එකවුන්ට් එකක් තිබුනට වැඩිය Use කරලා තිබුනේ නෑ . . . මේ සාජ්ජේ ගැන කිව්වේ ලිෂාන් ඉතිං මාත් ඕකට සම්බන්ධ වෙන්න හිතුවා . . . . ලිෂාන්ගෙන් ම වැඩි විස්ටර අහ ගන්න ඕන වැඩේ ගැන . . . මොනා උනත් එල වැඩක් . .

@දුකා
නියමයි.
දැන් Use කරන්න හේතුවක් තියේනේ. හොද සිංදු ටිකක් සෙට් කරගෙන ඉන්නකෝ. අපිත් ඉන්නවනේ.

මේක ගැන ලියපු එක නං මරු. නැත්තං ටික කලක් යනකොට අපිටම අමතක වෙනවා බොලේ කවද්ද අපි මේක පටන්ගත්තේ, කොහොමද පටන්ගත්තේ කියන එක.

@බින්කු: අනේ බොල බිංකුවෝ, මම කවද්ද "බුද්ධාජීව" උනේ?මම "බුධාජීව" නෙව!

ඔයාගෙ කමෙන්ට් එකේ වැටිල තියෙන්නෙ #sajja කියලා. ඒක #sajje වෙන්න ඕන.

ලබන සතියේ #sajje සඳහා මා ගයන ගී එසැනින්ම ඩවුන්ලෝඩ් කිරීමට links ද සැපයීමට බලාපොරොත්තු වෙමි.
හොඳ සිංහල සිංදු ටිකක් බාගැනීමට කැමැත්තෝ මා follow කරත්වා http://twitter.com/indranama

වැඩි වැඩියෙන් ඇඩ්ස් ද දැමීමට බලාපොරොත්තු වෙමි :P

මං ක්ලාස් ගිය ඩිංගට මුන් කරල තියන හදිය....
ලබන සතියෙ ක්ලාස් එකේ ඉදන් හරි ට්වීට් කරනව..... :D

අපේ සාජ්ජෙට ජය වේවා!!!!

ට්වීටරේ මං - http://twitter.com/darshana4it

මමත් සින්දු තුනහතරක් කිව්වා.. එලම තමයි සෙට්වෙමු ලබන සෙනසුරාදත්...

@Supun Budhajeewa
;) බින්කු උප්පැන්නත් හදන්න පටන් අරන්ද කොහේ.

බිංකු ද මමද #Sajja කියල දාල තියෙන්නේ.

@ඉන්දරේ
එහෙනම් දැන්ම ඉදන් උඩුගත කරන්න වෙයිනේ.
ඇඩ් වලට මොකක්ද කරන්න යන්නේ #ads කියලවත් දාන්න.

@දර්ශන
ක්ලාස් යන්නේ සාජ්ජ දාන්න බොල. ඉගෙන ගන්න නේද? :D

ජයවේවා! ජයවේවා!
දාන සිංදු වලට #sajje කියල ටැග් කොරන්නකෝ. ඒ ඇති.

කස්ටියෙගේ රෑන්ක් එක බලාගන්න sandaruwan ලින්ක් එකක් දාල
මම 6ට ඉන්නවනේ. කල්පව නම් අල්ලන්න බැරි වෙයි වගේ.
http://pastebin.ca/1692132

@ජනුක
එළ එළ.
සිංදු කියද්දී #sajje කියල දාන්න අමතක කරන්න එපා. ඒක දාල දෙකයි නේද කිවුවේ.

ඊයේ රෑ නම් මැක්සා ආතල් එකක් ගත්තා... අපේ බින්කුවාගේ අදහසකට පටන් ගත්ත වැඩේ පොඩ්ඩක් ඇණ හිටියා බින්කුවා දානේ ගෙදරකට පර්ත් යන්න වුන නිසා.. ඒ වුනාට බුදාජීව මලයා #sajje කියලා ටැග් පාරක් එහෙම දාලා වැඩේ නග්ගලා ගත්ත නිසා කට්ටියත් වැඩි වුනා.. ලබන පාරත් වැඩේ කරමු.. ලංකාව වගේ පුංචි රටකින් ට්‍රෙන්ඩින් ටොපික් එකක් හදමු..

@බුධාජීව මල්ලී (කිව්වා හරි නේද? :P)
සමා වෙන්න ඕනේ අතවැරදීමට, මේක ලියන වේලාව වෙද්දී මෙහේ පාන්දර නිසා නිදිමත ගාතේ ලිව්වේ. ඒක නිසා වුණ දේට කමා කරන්න ඕනේ.

ඔව් sajja යන්න sajje ලෙස නිවැරදි වෙන්න ඕනේ තමා. :)

@~බිன்ku~
ඒක දැන් වෙනස් කරන්න විදියක් නෑ නේද?

බුධාජීව මහතා විසින් වරෙක පෙන්වාදුන් පරිදි මගේ ට්වීටරය ප්‍රොටෙක්ට් කර ඇති නිසා සාජ්ජය සඳහා සහභාගි වීමට නොහැකි ය. කෙසේ වෙතත් මාද හැකි පමනින් සාජ්ජය ටැගය භාවිතා කරමි.

සිංදු දාද්දි #sajje ටැග් එක එක්ක දාන්න. එතකොට හරිනේ.. ප්‍රොටෙක්ට් නම් ඉතිං යාලුවන්ට විතරයි පේන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...