
වෙනද වගේම අදත් ඔන්න බ්ලොග් සටහනක් ලියන්න කියල බ්ලොග් එක පැත්තෙ ආව. බලනකොට ලියන්න යන්නේ සියවෙනි බ්ලොග් සටහන. ඉතිං මාස දහයක් තිස්සේ කරපු උත්සහයේ සාර්ථකත්වයක් තියෙනවනම් තියෙන්නේ මං ලියපු දේවලින් ඔයාල ප්‍රයෝජනයක් ගත්ත නම් තමයි.
මේක පටන් ගත්ත හැටි කියනවනම් මට ADSL අන්තර්ජාල සබඳතාව හම්බුනේ 2009 ජනවාරි දෙවනිදා. හැබයි ගත්ත ගමන් කලේ 2008 අප්‍රේල් වල ලියපු උසස් පෙළ විභාගේ ප්‍රතිඵල බලපු එක තමයි. හරියටම එදා තමයි ප්‍රතිඵල අන්තර්ජාලයට දැම්මේ. :p
එදා ඉදගෙන ඉතිං ජංජාල ගත වෙලා තමයි හිටියේ. ඉතිං ඔහොම ජංජාලෙ අතරමංවෙවී ඉන්නකොට තමයි සිංහල බ්ලොග් කෙරුවාව ගැන දැනගත්තේ. ඉතිං මාත් තිබුණු ඉංගිරිස් බ්ලොග් එකේ තිබිච්ච මකල දාල ඒකට තීම් එකක් හදාගෙන ලියන්න ගත්ත. ඉතිං නමකුත් දාන්න එපැයි. තීම් එක හදද්දිම සටහන් පිටුව කියන එක හොදා කියල ඔළුවට ඇවිත් තිබුණා. (මේක සටහන් පිටුව කියල නම් කලෙත් මම එක දෙයක් ගැන විතරක් ලියන්නැති බව දන්න නිසා) ඉතිං විවිධ කිවුවට ලියපු ක්‍ෂේත්‍ර මට මතකත් නෑ වගේ. ඔන්න ඔය ටැග් වලාව බැලුවනම් තේරෙයි මොන මොන දේවල් ගැන ලියල තියෙනවද කියල.
මුලින්ම ලිවුවා ඉතිං මාත් පටන් ගත්ත කියල. ඒකට පළමුවෙන්ම ප්‍රතිචාර දක්වලා දිරිමත් කලේ සු෴ සහ ඒ ලිපියටම ප්‍රතිචාර දක්වපු Nevi තමයි. ඉතිං එදා ඉදල (2009 පෙබරවාරි 24 වෙනිදා) කරන කියන දේවල් අහන්න දකින්න ලැබෙන දේවල් මේ සටහන් පිටුවෙ ලිපි අතර සටහන් කරල තිවුවා. සමහරවිට මම ලියපුව තේරුම් ගන්න අපහසු වෙන්නත් ඇති.
මේ බ්ලොග් කෙරුවාවෙන් මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. කොහොම කොහොම හරි මමත් මෙච්චර සටහන් ලිවුවෙ කොහොමද කියන එක මටවත් හිතාගන්න බෑ.
මේ තියෙන්නේ මෙතුවක් කල් මම ලියපු සටහන් වල ලැයිස්තුව.
එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා!!










20 අදහස්:
එල එල, දිගටම ලියන්න සුබ පැතුම්!
සූභ පැතුම් !!!. තව තවත් හොඳට ලියන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.
ආ මග දුරයි, යායුතු මග තව දුරයි!
ආ මග දුරයි, යායුතු මග තව දුරයි!
@තමීර
ස්තුතියි. බලන්න කස්ටිය ඉන්නකං, මට ලියන්න පුලුවන් තරම් ලියනවා!
සුභ පැතුම්!
දිගටම ලියන්න.. :)
@පහන්
ස්තූතියි මචං. අනිවා තව ලියනවා.
@Supun Budhajeewa
නිමා නොවන චාරිකාවකනේ ඉන්නේ :D
@ඩනිෂ්ක
ස්තූතියි ඩැනී.
@Supun Budhajeewa.
දෙවෙනි පාරටත් :D
සුබ පැතුම් මල්ලී.....
වැඩිය කමෙන්ට්ස් නොදැම්මට, ඔයාගේ බ්ලොග් එක බලනවා හැමදාම..
@.::පිස්සා::.
අයියටත් ස්තූතියි. බලනව කියන එකත් ලොකු හයියක් තමයි.
ජයවේවා !
දිගටම ලියමු... මෙන්න මගෙන් සුබපැතුම් !
තැන්කූ තැන්කු. ලියමු ලියමු.
සුභ පැතුම්.. දිගටම ලියන්න :)
"2008 අප්‍රේල් වල ලියපු උසස් පෙළ විභාගේ"
මොකක්? අප්‍රේල්???
යකෝ මචං, මාත් උසස් පෙළ කරේ 2008වල තමා, ඒත් අගෝස්තු වලනේ තිබ්බේ. අත්වැරදීමක්වත්ද???
කොහොම වෙනත් මචෝ....
සිරාවටම උඹ මට වඩා හොඳයි නෙව! උඹට වැඩිය මාසයක් නාකි වුණාට තාම හැත්තෑ ගාණයි. :) එලෙළ මචෝ, සුභම සුභ පැතුම් මචං. දිගට.......දිගටම ලියන්න ලැබේවා කියලා පතනවා!!!
ජය වේවා !
දිගටම ලියන්න
මගෙන් සුභ පැතුම් !
තව තව ලියන්න ..මමත් හැමදාම බලන තැනක්..වැඩිපු ර ෆෙඩොරා ගැනත් ලියත්වා...100 ට උනුසුම් ම සුභ පැතුම් ජයවේවා...දිගටම යමු
@chamila_dealwis
බොහොමත්ම ස්තූතියි. :)
@~බිன்ku~
අත්වැරදීමක්! තමයි බං. ගණන් ගන්න එපා. ලිවුවට පස්සේ විභාග ගැන හිතන කෙනෙක් නෙවෙයිනේ. මතක නෑ.
උඹ මට වඩා හොදයි බං, උඹ හතරක ලියනවා. මම දෙකක විතරයිනේ ලියන්නේ. ;) උඹටත් ඉක්මණින් ශතකේ ගහන්න පුලුවන් වෙයි.
පැතුමට ස්තූතියි මචං.
@thiraya
ස්තූතියි කල්ප.
@shadeesh
බොහොම ස්තූතියි. කොහොමත් තව ෆෙඩෝරා ගැන ලියවෙයි.
යමු යමු. :)
sorry for late wishes ..
what should i say ???
ok...
well...
මැක්සා!!!!!!!
@Gayan Kalhara
it's ok ;)
well
ස්තූතියි
niyamai digatama karagena yanna. Apenuth full shayogaya..!
Post a Comment