Pages

2009-11-23

Google talk Empathy සමග භාවිතා කරන්නේ මෙහෙමයි

Fedora 12 සමග පෙරනිමයෙන් එන chat client තමයි empaty කියන්නේ. ඉතිං ඒකට මේල් එකවුන්ට් ටික එකතු කරගත්ත. දැන් මේල් එකට ලොග් නොවී කෙලින්ම Empathy එකෙන් චැට් කරන්න පුලුවන්.

කරන්න තියෙන්නේ මෙච්චරයි


යෙදුම්-->අන්තර්ජාලය->Empathy IM Client
මගින් Empathy ලබාගන්න. එහි Account කවුලුවේ පහල තියෙන Add New බොත්තම ඔබන්න
දැන් Add New ඉදිරියෙන් ඇති ගලා හැලෙන මෙනුවෙන් Google Talk තෝරාගෙන Create බොත්තම එබූ විට පහත පරිදි දිස්වේ. එහි Login ID සහ Password ලබා දී Advanced යටතේ ඇති සැකසුම් පහත පරිදි සකසන්න.

Server: talk.google.com
Port: 5223
Use old SSL යන්න සලකුණු කර Apply කරන්න. එපමණයි Google Talk ලෙසම Empathy භාවිතා කල හැකි වනු ඇත.



මෙහි ඇති විශේෂත්වය නම් Google Talk හි ඇති ශ්‍රව්‍ය මාධ්‍ය මෙන්ම දෘෂ්‍ය මාධ්‍යද සහය දැක්වීමයි.

2 අදහස්:

  1. දැන් pidgin වලත් video, audio chat පුළුවන්ලු නේද? මම නං මේ empathy අයින් කරල ඒකට මාරුවෙන්න හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
  2. ඔව් pidgin වලිනුත් පුලුවන්. fc11වලදි නම් මමත් පාවිච්චි කලේ pidgin. skype එකයි ෆේස්බුක් එකයිත් ඒකමට දාගෙන හි‍ටියේ

    Pidgin ට ෆේස්බුක් චැට් සක්‍රිය කරන හැටි

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ