Pages

2010-01-26

අහෝ ‍නුඹට සිදුවූයේ කුමක්ද?



මේ තියෙන්නේ මගේ ලැප්ටොප් එක. අදට දවස් දෙකකට කලින් මෙයා වැඩ කරන්නෙ නැතිව ගිහින්. විස්සයි දහය අවුරුද්දේ මගේ පළමු ටෙක් අලය තමයි මේ.දැන් ඉතිං මොනව කරන්නද. උන දේ උනා. ගලවල බැලුව ලෙඩක් නම් හොයාගන්න බෑ. පරීක්ෂා කරල බලන්න ලඟපාත හරියන බොඩ්එකක් වත් ප්‍රොසෙසරයක් වත් නෑ. මේ පින්තූරේ ගත්තේ නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් කරන අතරතුර. ෆෙඩෝරා ගැන ලියපු හැම පෝස්ට් එකක්ම මේකෙන් තමයි කරල බලල ලිවුවේ.


මේ තියෙන්නෙ මේක ගැන පූර්ණ විස්තරයක්
Specification
CPU Intel Celeron M 420 (1.6GHz)
BIOS AMI BIOS. Press DEL to enter
Chipset Mobile Intel 945GM Express
Memory 1GB 200pin DDR2-400/533/667 SODIMM (2 memory slots. Max 2GB)
Hard Drive 60GB
CD Drive Dual layer DVD±RW
Screen 15.4" Widescreen TFT (1280x800)
Video Card Intel 945GM (up to 128MB shared)
Sound Card Realtek ALC883 High Definition Audio
Modem Agere systems AC'97
Network Card Realtek 8139/810X
RaLink RT2500 Wireless LAN *
PC Card None **
Ports
4x USB 2.0
1x LAN
1x Modem
1x Headphone
1x Microphone
1x S-Video (TV-Out)
1x VGA
1x Kensington Lock
Touchpad Synaptics Touchpad
Battery EM-G330L2 (11.1v 4400mAh)
Dimensions 40 x 355 x 273 (HxWxD in mm)
Colour Silver
Weight 2.85kg
Made By ECS G335


කොහොම උනත් මගේ වැඩ වලට(Web Development,Programming) නම් මේක හොදටම ඇති උනා. Web Server, Development Machine එකක් විදියටත් වැඩ ගත්තා. ඒ කිසිම වෙලාවක වදයක් නම් උනේ නෑ.



අනිත්පැත්ත හරවල මේ විදියට කොටසින් කොටස ගැලෙව්වා. ඒත් එතන රැම් එකක් තිබුනෙ නෑ.


පස්සෙ බලද්දි රැම් එක තියෙන්නේ කීබෝඩ් එක යට ඒපැත්තෙන් ගලවල රැම් එක අරන් පොඩ්ඩක් පිරිසිදු කරල ගැහුව.



හරි ගියේ නෑ. වෙන චෙක් කරල බලන්න විදියක් නැති නිසා ආයිම හයි කරල තිබ්බා. දෘඩ තැටිය නම් SATA එකක් නිසා සාමාන්‍ය පරිගණකයට සම්බන්ධ කරන්න පුලුවන්. ඒක නිසා දත්ත ටික නම් ගන්න පුලුවන් උනා. හදා ගන්නකං ඉතිං ඕෆ්ලයින් තමයි ඉන්න තියෙන්නේ. දැන්ම හදාගන්න විදියක් නම් නෑ වගේ.

ආයි කවදා මේක ලියන්න පුලුවන් වෙයිද කියන්න බෑ. උත්තර දීපු ගූගල් ගෲප් වලටත් මද විරාමයක් දෙන්න වෙනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.

10 අදහස්:

  1. RIP !!

    කොහාටවත් දුන්නෙ නැද්ද බලන්න? මගේ කලින් කෙල්ලටත් උනේ ඕකමයි. හිටපු ගමන් අන්තරාවෙනවා

    MB වෙන්න ඇති.

    ReplyDelete
  2. @ඉශාන් තිළිණ
    ස්තුතියි!

    @Gayan Kalhara
    අනේ මංද බං. බර වැඩක් කරද්දි උනා නං හිතේ දුකක් නෑ. මේක මේ නිකංම ඩොක් එකක් කියවද්දිනේ Freeze උනේ. :(

    ReplyDelete
  3. අතක් පයක් කැඩුව වගේ ඇති නේ.
    කාට හරි දීල බලල, ඉක්මනට හදාගන්න.

    බර වැඩ කරල කරල පොඩි වැඩක් කරන්න දුන්නම පොරට නිකන් අපහස කරා වගේ හිතුනද දන්නෙ නෑ ;-)

    ReplyDelete
  4. @thiraya
    හ්ම්. ඒ වගේ තමයි.
    :)

    ReplyDelete
  5. හෆොයි!!!
    මේ වගේ සීන් දැක්කම තමයි laptop එපා කියල හිතෙන්නෙ!

    ReplyDelete
  6. අපොයි අපරාදේ ! කොහොම උනත් අපිත් අතගාපු කියාපු ලැප් එක නොවැ :( (ඉක්මන් සුවය පතමි!)

    ReplyDelete
  7. @Chinthana Jayaweera
    මේකනේ. අපි ඉතිං ලැප්ටොප් එක උදේ දැම්මම රෑටනේ වහන්නේ. ඒක වෙන්න ඕන හේතුව.මේක අරගෙන අවුරුදු දෙකක් වෙනව. මේතමයි පලවෙනි පාර ඩවුන් උන.

    @Bunny !
    බෙලිඅත්තෙදි බිග් බග් බනී පෙන්නුවෙත් ඕකෙන් තමයි. ඔයා ‍ගිම්ප් කරද්දි උනත් අවුලක් උනේ නෑනේ :) බලමු තව සති දෙකකින් විතර තමයි හදන්න බලන්නේ. දැනට පැත්තකට කරල තිවුවා.

    ReplyDelete
  8. දැන් මේක හරිද?

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ