Pages

2010-03-18

ඇපල් ලැප්ටොප් එකක් සාදා ගන්නා අන්දම



ඇපල් කිවුවම කවුද නොදන්නේ. ඒ තරම් ජනප්‍රියයි නෙව. ඒක වෙන්නැති විජය ග්‍රැෆික්ස් එකෙත් දොරේ ඇපල් සමාගමේ ඇපල් ගෙඩිය ගහං ඉන්නේ. :D කවුද කැමති නැත්තෙ ඇපල් ලැප්ටොප් එකක අයිතිකා‍රයෙක් වෙන්න. ඉතිං සරල පියවර කිහිපයකින් පහසුවෙන්ම ඇපල් ලැප්ටොප් එකක් හදාගන්න හැටි බලමු.


මුලින්ම අවශ්‍ය කලමනා සූදානම් කරගෙන වැඩේට බහිමු. මුලින්ම ලැප්ටොප් එකක් සපයා ගන්න. එය කුමන වර්ගයේ එකක් උවද කමක් නැත. ඊට අමතරව විනිවිද පෙනෙන ‍පළළින් වැඩි ටේප් රෝලක් සහ අවසන් වශයෙන් කොළ පැහැති ඇපල් ගෙඩියක් ‍සපයා ගන්න.

ඇපල් ගෙඩිය ලැප්ටොප් එකේ ලිඩ් එකේ පිට පැත්තෙන් තබා ටේප් වලින් රදවන්න. එපමණයි දැන් එය පහත රූපයේ පරිදි දිස්වනු ඇත.



සුභ පැතුම් දැන් ඔබ සතුව ඇපල් ලැප්ටොප් එකක් ඇත. කෝලං ඩී

ලැප්ටොප් එකක් සපයාගැනීට අපහසුනම් ඇපල් ඩෙක්ස්ටොප් එකක් මෙයාකාරයෙන්ම සාදාගගත හැක.

29 අදහස්:

  1. මාරයිනෙ! ඕකට කොළපාට ඇපල් විතරද හරියන්නෙ?

    ReplyDelete
  2. අහුවෙයන් කො උබ! තියන් නෑ මම !!!! Grrrr...!!

    ඔයිට වැඩිය නරකද ඇපල් ගෙඩිය තලලා තිබ්බොත් ?

    ReplyDelete
  3. "අවසන් වශයෙන් කොළ පැහැති ඇපල් ගෙඩියක් ‍සපයා ගන්න."

    සැලකිය යුතුයි !
    මෙය බාගයක් කෑ එකක් විය යුතුය ! :D

    ReplyDelete
  4. මේක හරි යන්නේ නැහැ කෝ මේ ඇපල්ගෙඩියේ කෑල්ලක් කාලා නැහැනේ

    ReplyDelete
  5. දැන් ඔබ සතුව අවශ්‍ය නම් අනුභව කළ හැකි (ඒ කිවුවේ edible) ලැප්ටොප් පරිගණකයක් ඇත(ඇත්තටම නම් කොටසක්, ඒත් මොකෝ... :P).

    මෙච්චර ලැප්ටොප් සමාගම් තියෙනවා, කවුද කෑල්ලක් හරි කන්න පුළුවන් ලැප්ටොප් පරිගණකයක් හදලා තියෙන්නේ... ඒකත් මේඩ් ඉන් ශ්‍රී ලංකා.... :D

    ReplyDelete
  6. ඇපල් ගෙඩිය තියෙන්නේ ලැප්‍ටොප් එක පාවිච්චි කරනකොට බඩගිනි හැදුනොත් කන්න මගේ හිතේ :D
    මේක ස්ටීව් ජොබ්ස් දැක්කොත් ඉවරයි.වේලාවට මිනිහට සිංහල බැරි. සිංහල බ්ලොග් කාරුවෙකුගේ හොද උත්සහයක්.

    ReplyDelete
  7. අඩෝ ලෝගෝ එක වැරදියිනේ... පැත්තක් කාලා ඉඳපං :P

    ReplyDelete
  8. @තමීර
    වැඩිකල් පාවිච්චියටනේ බං අමු එකක් ගන්නේ :)

    ReplyDelete
  9. @බනී
    මොකක්ද අහු උනොත් තියන්නැත්තේ. ඇපල් ගෙඩියද? තැලුවම කල් පැවැත්ම අඩුයිනේ. :D
    බාගයක්ම කාල කොහොමද එක කටයි කන්න පුලුවන් ලෝගෝ එකේ ගානට එන්න.

    ReplyDelete
  10. @ම
    බඩගිනි උනාම කන්න තිබ්බා.
    :D

    ReplyDelete
  11. @පැතුම්
    ඒකත් මරු අයිඩියාව.
    කෑ හැකි පරිගණකයක් මේඩ් ඉන් ශ්‍රී ලංකා :)

    ReplyDelete
  12. @චතුර
    බඩගිනි වෙනකං ඉදපං කන්න.

    ReplyDelete
  13. @කසුන්
    එහෙනං ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ට්‍රාන්ස්ලේට් කරල දෙමුද ඉංගිරිසියට. ස්ටීව් ජොබ් නේද ඇපල් වත්තෙ කෝපවුන්ඩර්?

    ReplyDelete
  14. @ගයාන් තාරක
    නැ නැ තියන් නැත්තෙ උබව! :P
    බලහන් කොච්චර ඉවසන් හිටියද මේක දානකන් :D
    මාත් ලැප ගත්ත අලුතමනෙ :D

    ReplyDelete
  15. @ ගයාන් තාරක
    දැන් ගූගල් ට්‍රානස්ලේට් සිංහල වලට හදලද? එහෙමත් නැත්තම් ඒකත් ඇපල් කතාව වගේ එකක්ද?

    ReplyDelete
  16. කවුරුවත් දැක්කෙ නැති අඩුවක් හා පැටික්කි දැක්ක.... කෝ දැන් ඕකෙ ඇපල් කොලේ???? ඒක ලංකාවෙන් හොයාගන්න බැරි වෙයි මයෙ හිතෙ.... හිහ්..... d:D

    ReplyDelete
  17. හික් හික් මරු වැඩක්නේ

    ReplyDelete
  18. එහෙනම් මම කියන්නද Dell ලැපිටොප් එකක් හදාගන්න හැටි ඔය ඇපල් ගෙඩිය එල්ලුව වගේ දෙල් ගෙඩියක් එල්ල ගන්න.. :)

    ReplyDelete
  19. තාරක....

    යකො ඔවා ප්‍රසිද්දියෙ දාන්න එපා. ඇපල් එකෙන් උබට නඩු දායි....ඇයි බන් මෙවා ඇවිල්ලා කාර්මික රහස්නෙ... මෙව්වා මෙහෙම දම්ම ගමන්, ජපන්නු මෙක කොපි කරනවා සටස් ගාලා....මොනවා කරනවද බන් උබ......මට තාමත් ශොක් එක මෙක දැකලා...

    ReplyDelete
  20. @Kasun Nadeeshana
    නෑ ඒක අපටමයි හදන්න වෙන්නේ. එයාල නෙවෙයි අපයි සිංහලට හදන්න ඕන.
    http://translate.google.com/toolkit/list?hl=en#translations/active
    මෙතනට ගිහින් අප්ලෝඩ් එක ඔබල ඔයාගේ සයිට් ටික හරවන්නකෝ.

    මේ අපි ගූගල් මේන් සයිට් එකට සිංහල කියා දීපු හැටි
    http://deepsgelokaya.blogspot.com/2009/06/google.html

    ReplyDelete
  21. @හා පැටික්කි (MS)
    ඒක බනිය කාලද කොහෙද? කොලයක් විතරක් ගෙන්නන්න බෑරි වෙයි නේද?
    හා පැටික්කිටත් අහුවෙන දේවල්.
    හික් හික්.

    ReplyDelete
  22. @``` Outsider```
    ඇපල‍්නෙ :)

    ReplyDelete
  23. @තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි
    දෙල් බර වැඩි වෙයිනේ. :D දෙල් වගේද ඇපල්.
    පොඩියි හුරුබුහුටියි.

    ReplyDelete
  24. @රවා
    අර පේමන්ට් එකද මොකක්ද එක ඉක්මනට ගන්න වෙයි නේ. දැනටමත් කොපි කරල ජපන්නු අරගෙනද දන්නෑ.

    ReplyDelete
  25. apple lap ekak hadaa ganna eka, amaaru nahane balan yanakota..
    gayan oyaage idea eka watinawa godak, apple com/lap nathi ayata

    ReplyDelete
  26. දන්නවද කවුරු හරි මේ සමාගමට ඇපල් කියල නම ආපු හැටි?
    ඒකට ඇත්තටම ඇපල් ගෙඩියල් සම්බන්ධයිලු...

    /බිඟුවා...!

    ReplyDelete
  27. එල එල අපේ සයිට් එකේ උබේ ඇඩ් එක වැටිලා ඒක උඩ ක්ලික් කරලා අවේ

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ