මට ගිය පාර වෙසක් එකට දාන්න බල්බ් වැල ගත්තම ඒකෙ පරිපථයට සිද්ද වෙච්ච දේ කට්ටියට මතක ඇතිනේ. මතක නැති අය නොදන්න අය ඉන්නවනම් මෙතනින් බලාගන්න. ඉතිං මේපාර ඒ පරිපථය හොයාගත්තත් වැඩ කරන තත්වයක තිබුනෙ නෑ. ආයිම සංගෘහිත පරිපථ 2ක් අලුතින් සවි කරල. ට්‍රාන්සිස්ටර 6ක්ම දාල ගත්තම වැඩ කරන තත්වෙට ගන්න පුලුවන් උනත් බල්බ වැලට ඇමිණිමෙන් පසු AC විදුලිය ලබාදුන් විට දිගටම දැල්වී තිබෙන්නට වූ නිසා නැවතත් ගියවර කල ආකාරයටම යොමු වීමට සිදු උනා. නමුත් මෙවර කලේ පෙර අවස්ථාවේ භාවිතා...