Pages

2010-05-21

ටැබූ නිසා සටහන් පිටුවේ නව තාක්ෂණික ලිපි නොලිවීම

මගෙන් තාක්ෂණික ලිපි ලිවීම මගඇරිල ගිහින් කියල හිතෙනවද? එහෙම හිතෙනව නම් උත්තරය ඔව් කියලා කියන්නත් පුලුවන්. පසුගිය පෙබරවාරි මාසයේ උනු සිද්දියෙන් මවිසින් ආසාවෙන් ලියාගෙන ආපු තාක්ෂණික ලිපි ලිවීම මග ඇරී ඇති බැවි දැකිය හැකියි. ලිපි ලැයිස්තුව පෙන්නුම් කරන කරුණක් වන්නේ පෙබරවාරි වලින් පසු එවැනි ලිපියක් හරියකට ලියා නැති බවයි. ඇත්තටම කිවුවොත් ඒ පිළිබඳව තිබු ආසාව නැති උනා කියන්න පුලුවන්. ඒක නිසා තමයි වෙන අනං මනං ලියවෙන්නේ.

මේකෙ ලියවුණු තාක්ෂණික ලිපි ගොඩාක් දුරට මගේ අත්දැකීම් වලින් ලබා ගත් දැනුම එකතු කරල ලියපු ඒවා. ඒ ලිපි ලියල තිබ්බේ ‍කමෙන්ට් බලාගෙන නෙවෙයි. මටම වතු දිනයක ඒවා ඕන වෙන්න පුලුවන් නිසා.

ඒත් පසුගිය පෙබරවාරි මාසයේ දේශපාලන බ්ලොග් ලිපි වෙනම පිටුවකට ගෙනයාම නිසා ඇතිවූ තත්වය ගැන සමූහය තුල උණුසුම් සංවාද පවා ගිය අතර ඇතැමුන් ඒ සම්බන්ධයෙන් ලිපි පවා තමන්ගේ බ්ලොග් වල පල කර තිබුණා.

‍නමුත් මා එවැනි දෑ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වා සිටියෙමි. ඒ මා දේශපාලනික බ්ලොග් කරුවකු නොවූ බැවින් විය හැක. නමුදු පසෙක සිටි මවිසින් ලියූ ලිපියක්ම හුවාදැක්වමින් අදහස් ගෙන හැර පෑම එම කලකිරීමට හේතුව වන්නට ඇත.

මෙන්න එම taboosubject වෙතින් -ගෝරා- බ්ලොගයේ හි වැටුණු කමෙන්ටුව.

එම කමෙන්ටුවම Udeshika Dayarathna හෙවත් Local Taboo සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයට එවා තිබුණි.

මේ දෙකම සලකා බැලූවිට එක්කෝ මෙම taboosubjects, Udeshika Dayarathna හා local taboo යන පුද්ගලයින් තිදෙනාම එකකු විය හැකි යයිද මට සිතේ.

එයින් කියවෙන පරිදි මාගේ එම ලිපියට පාඨකයින් පොරකකා රැස්වෙන බව කියා ඇත්තේ තාක්ෂණික ලිපි උපහාස‍යට ලක්කිරීමට විය යුතුය. මන්ද එහි ති‍බෙනුයේ එකම එක පාඨක ප්‍රතිචාරයක් පමණකි. අනික මවිසින් එයට බැඳි පිලිතුරය.

මෙහිදී මා කමෙන්ටු බලාගෙන ලිපි ලියන්නකු නම් ‍මුලින්ම ෆෙඩෝරා වැනි මාතෘකාවක් ගැන නොලියා සිටිය යුතුය. මන්ද ලංකාව යනු බහුතරය ලිනක්ස් පරිශීලකයින් නොවන නිසාත් ලාංකීය ලිනක්ස් පරිශිලකයින් සියල්ල භාවිතා කරනුයේ Fedora මෙහෙයුම් පද්ධතිය නොවන බැවිනුත්ය.

කෙසේ හෝ එම සිද්ධියෙන් පසු මෙම බ්ලොගයේ තාක්ෂණික ලිපි ලිවීම මග ඇරුණි. නමුදු මගේ අත්හදා බැලීම් නැවතී නැත. ඒවා තවදුරටත් සිදු වෙමින් පවතින අතර වෙනම ලේඛණගත කරගෙන යාම කරන්නට පටන් ගතිමි.
නමුදු ඒවා මෙහි පලකිරීමට මාහට සිත් නොදෙන බව කිව යුතුය. ඉදින් මගෙන් තාක්ෂණික ලිපි බලාපොරොත්තු වූවෙකු සිටීයේ නම් "ඔබගේ බලාපොරොත්තු කඩ වීම පිළිබඳව සමාව ඉල්ලා සිටිමි"

18 අදහස්:

  1. හපොයි මේ මොනවද කියන්නෙ, ඔය කොහෙවත් යන එකෙක් මොනවහරි කිව්වම උඹෙ ලිවිල්ල නැවතෙනවනම් ඒ කියන්නෙ අර මුල් එකාගෙ අදහස හරි යන බව. ඔන්න ලියපං බං, මෙහෙ කියවන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා

    ReplyDelete
  2. තමන් දන්න දෙයක් කාගෙ හරි ප්‍රයෝජනය පිණිස ලේඛන ගත කිරීම ඉතා වැදගත්. එය සිංහලෙන් සිදු වීම ඊටත් වඩා වැදගත්. ඔබ අතින් සුවිසල් සේවයක් සිදු වුවත් එය කොහෙද නැති කමෙන්ට් නිසා නවතනවා නම් එය කණගා‍ටුවට කරුණකි.

    ReplyDelete
  3. ඔය Open Id වලට මුවාවෙලා අන් අයට මඩ ගහ ගහ යන අය කියන ඒවා සත පහකට ගනන් ගන්න එපා බන්. ඒක උන්ගෙ පුරුද්දනේ!. උන්ට කියන්නෙ "බ්ලොග් අනාථයො" කියලා :P .උන්ගෙත් කාලය අප‍රාදෙ කියවන කෙනාගෙත් කාලය අප‍රාදෙ.උඹ දිගටම ලියපන් මචන්.
    ඔය මැට්ටන්ගෙ විකාර කියවන්නෙ උන් වගේම රැලක් විත‍රයි. හැබැයි මේ වගේ ඇත්තටම වැදගත් බ්ලොග් කියවන්නත් පිරිසක් ඉන්නවා.
    දිගටම ලියන්න, පසුබට වෙන්න එපා, ඔබට ජය!

    ReplyDelete
  4. මොනාද මචෝ මේ කියන්නෙ. බල්ලෙක් බිරුවට කඳු කඩාපාත් වෙන්නේ නෑ කියලා අහලා නැද්ද? නිකන් මඩ ගැහීමකින් ඉගෙන ගන්න දෙයක් නැති වුනාට තාක්ෂණික ලිපියකින් වැඩක් ගන්න කීදෙනෙක් ඉන්නවද? ලියන එක නවත්වන්න එපා මචෝ. සැලෙන්න එපා දිගටම ලියහන්. :)

    ReplyDelete
  5. මමත් ඔයාගේ ලිපි කියවනවා උන් කියන එවා ගනම් ගන්න එපා හැබැයි කියලා වැඩක් නැ මගේ සයිට් දැන් එකෙවත් එන්නේ නැ එක ිසා මම මහන්සි වෙලා ලිපි ලියන්නේ නැ

    ReplyDelete
  6. ayiyoo . . ohoma salenna epaa male . . . oyage gamana oyaa yanna . . .

    ReplyDelete
  7. තාක්ශනික් බ්ලොග් කියවන්නේ සීමිත පිරිසක්. ඒ එය අවශ්‍ය අය පමනයි. මට ඔබේ ලිපි අවශ්‍ය නිසා මම අනිවාර්යයෙන් ලිපිය කියවනවා. නමුත් දේශපාලය අපි කාටත් දැනෙන දෙයක්. තාක්ශනික දෙවලට වඩා දේශපාලනය කියවන පිරිස වැඩි බවයි මගේ හැගීම. ටැබූට ඔනවෙලා තිබ්බේ දෞශපාලන ලිපි වෙනම පිටුවකට දැමීම උපහාසයට ලක්කරන්න. ඒ සදහා තාක්ශනික ලිපයක් හෙයද්දී ඔයගේ මාතෘකාව දකින්න ඇති. ඒ නිසා ඒක ගන්න ඇති. ඒක හරියි කියා මම හිතන්නේ නෑ. නමුත් අවශ්‍ය උපහාසයනම් ඒකේ තිබ්බා.
    කොහොම වුනත් ලිපි වෙන් කීරීම අදටත් මම දකින්නේ ගත්‍තු වැරදි තීරනයක්. සැලෙන්න එපා . මොකද ‍ේශපාලනය වගේම තාක්ශනික කරුනුත් අනිවාර්යයෙන්ම මෙහි තියෙන්න ඔන. ප්‍රයොජනයට ගන්නේ සුලු පිරිසක් වුනාට ඒ සුලු පිරිසට ඔබේ ලිපිය මහ මෙරක්. ලියන්න දිගටම

    ReplyDelete
  8. මම නං අහන්නේ "උඹට පිස්සුද?" කියල විතරයි!!! :S

    ReplyDelete
  9. මේ මොන මගුලක්ද බන්..එකෙක් නිසා අපි වගෙ ඇවුන් අසරණ කරන්නද හදන්නෙ ? fedora වල අලයක් අපු ගමන් Google කරන්නත් කලින් ඔයාගෙ බ්ලොග් එකේ බලන්නේ.. ඔවටනම් සැලෙන්න එපා...!

    ඔයා දන්නවනෙ ලංකාවෙ ලිනක්ස් වලට තියෙන තැන ගැන. එක ඉදිරියට ගෙනිහින් ඇත්ත අවබෝද කරන්න තියෙන එක ක්‍රමයක් තමා බ්ලොග් ලියවිල්ලත්, ඉතින් මම කියන්නෙ එක නවත්තන්න එපා..කාට නැතත් අපිට ඒක පාඩුවක්.

    ඔය බිල්මාමගෙ සල්ලිවලට දෙන දේ ඔය කියන ඇවුන්ට ලොකු උනාට අපිටනම් ලොකු නැ..

    ReplyDelete
  10. බිරුම් හඬ මැදින් තවලම් පෙරට යතී...

    ReplyDelete
  11. බිරුම් හඬ මැදින් තවලම පෙරට යතී...

    ReplyDelete
  12. taboo ගෙ ඔය කියන කමෙන්ට් එකේ ඊට උඩින් මගේ පෝස්ට් එකක් ගැනත් සඳහන් වෙනවා. ඒත් මම ගණං ගත්තද ඒක? නෑ නේ :D
    උඹ ඔය අන්වර්ථනාම වලින් එන, ඇත්ත ඩයල් එක කවුද දන්නැති මිනිස්සු කියන දේවල් නං තඹයකට මායිම් කරන්න ඕනෙ නෑ කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  13. දැන් උබේ පඩ ෂෝ ඇති.. ඔක නවත්තලා නිකා හිටපිය

    ReplyDelete
  14. අනේ මේවට සැලෙන්න නරකයි.මේ ඔන්න ඕවා අමතක කරල මෙන්න මේ වැඩේ දිගටම කරගෙන යන්න.අනික අහල නැද්ද ඵල ඇති රුකටලු ගල් ගහන්නේ කියලා.මේ වගේ දේවල් ආශිර්වාදයක් කරගෙන දිගටම ලියන්න ...

    ReplyDelete
  15. අපෝ ඕවා ගණන් ගන්න එපා. අධෛරමත් වෙන්න එපා.බ්ලොග් එකකින් ලියන්නේ තමන්ගේ පෞද්ගලික අදහස් මිස වෙනත් අයෙකුගේ බලපෑමකට ලියන ඒවා නෙවෙයිනේ.ඒක හින්දා තමන්ට අයිතිය තියෙනවා තමන් කැමති දෙයක් ලියන්න.කියවන පාඨකයන් තීරණය කරයි ඒවා වැදගත්ද නැද්ද කියලා.දිගටම ලියන්න. අනික සිංහල බ්ලොග් කරුවන්ගේ ප්‍රධාන අරමුණ අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය වැඩිදියුණු කිරීමනේ.

    ReplyDelete
  16. ලියන එක නවත්වන්න එපා..
    තමන්ට අයිතිය තියෙනවා තමන් කැමති දෙයක් ලියන්න.
    ඔය දිගටම ලියන්න..!!

    ReplyDelete
  17. ලියන්න අවශ්‍යතාවය තියෙනවනම් කවුරු මොනව කිව්වත් ලියන එක නවතින්න විදියක් නැහැ.

    අනිත් දේ, ඔය කියන ප්‍රතිචාරය පෞද්ගලිකව එල්ල වුන දේකුත් නෙවෙයි.

    ලියන එක නවත්තන්න මේ වගේ දේවල් හේතු කර ගන්න එපා.

    ReplyDelete
  18. හොදයි.. මුලින්ම සෑම දෙනාටම ස්තූතියි සටහනට ප්‍රතිචාර දැකිවීම පිළිබඳව. මේ සටහන ලියන්න හේතුවත් හිතේ තියාගෙන නොලියා ඉන්නවාට වඩා කට්ටියගෙන් විමසීම හොද යැයි සිතීමයි.
    ඉදින් එහෙනං නැවත ලිවීම අරඹන්නම්.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ