Pages

2010-05-28

To be a Programmer - පරිගණක ක්‍රමලේඛකයෙක් වෙන්න නම්...


පරිගණක ක්‍රමලේඛකයෙක් වෙන්න ඕන නම් මොකක්ද කරන්න ඕන කියල හිතනවද? දැන් ඕන තරම් පන්ති පවත්වන තැන් තියෙනව. ඒත් මූලික අඩිතාලම හරියට නොවැටුනොත් ක්‍රමලේඛනය එපාම වෙන්නත් හේතුවක් වෙයි. නිවැරදිව මූලික දේවල් ඉගෙන ගැනීම එයට ආසාවෙන් ගොඩාක් දුරගමනකට මුල පිරීමක් වෙනවා. මේ උත්සහය මූලික දේවල් පිළිබද සරලව ලියා තබන්නයි.

මුලින්ම බලමු මොකක්ද මේ ක්‍රමලේඛනයක් (දන්න සිංහලෙන් කියනව නම් Program එකක්) කියන්නේ මොකක්ද කියලා.


ඕනම දේකට පිලිවෙලක් තියෙනවා. පරිගණකය කියන්නේ හිතල වැඩ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතිං අපට මොනව හරි පරිගණකයෙන් කරගන්න ඕන නම් ඒකට නිවැරදිව උපදෙස් දෙන්න ඕන. මේ උපදෙස් දෙන්නෙ විධාන පිලිවෙලින් ගලපල ලියල. එහෙම ලියල තියෙන ඒවට තමයි ක්‍රමලේඛන කියන්නේ.

එහෙම බැලුවම ක්‍රමලේඛනයක් කියන්නේ යම් කිසි කාර්යයක් ක්‍රියාත්මක විය යුතු උපදෙස් අනුපිළිවෙල කියල කියන්න පුලුවන්.

මෙන්න විකිපීඩියාවේ computer program ලිපියේ මුල්ම පෙල.
A computer program (also a software program, or just a program) is a sequence of instructions written to perform a specified task for a computer

ඉතිං මේ උපදෙස් වලින් කරන්නේ විධාන කරන එකනේ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයෙත් අපි විධාන දෙන්න මේවා ලියනවනේ. මොකක් හරි කරන්න ඕන පිලිවෙලක් ලිවුවනම් ඒක program එකක් විදියට සලකන්න පුලුවන්

ඉතිං ක්‍රමලේඛනයට කැමති අය මූල්ම ක්‍රමලේඛනය විදියට ලියන්න පුලුවන් කෙනෙක් ලියන්නකෝ සාර්ථක‍ව කිරි තේ එකක් හදන පිලිවෙල.. හොදට කල්පනා කරල ලියන්න..

බලමු කාටද සීනි අඩු වැඩි නොවී රසට කිරි තේ එක බොන්න පුලුවන් වෙන්න ලියන්න පුලුවන් කාටද කියල..

____________
ප.ලි.
කිරි තේ හදන්න කිවුවට ජාව ගැන නම් නෙවෙයි ලියන්න හදන්නේ..

37 අදහස්:

  1. තරුණ කාලෙ ප්‍රෝගැමර් කෙනෙක් විදියට කෝඩ් ලිය ලියා, ටෙස්ට් කර කර හිටියට හැමදාම ඕක කරන්න නං හිතන්න එපා.

    ReplyDelete
  2. @කසු
    O_o ම්ම්.. ‍එහෙම කිවුවෙ ඇයිද කියල දැනගන්න පුලුවන්ද?

    ReplyDelete
  3. හදන්න ($සීනි, $කිරිපිටි);

    ReplyDelete
  4. @කසු

    සම්පූර්ණයෙන්ම එකඟයි

    (මම වයසට ගිහිල්ලා හෙම නෙමෙයි, දැනටම තත්වෙ තේරිලා)

    ReplyDelete
  5. program make_a_milk_tea{

    #getting ingrediants
    get water, suger, milk-powder, tea-leaves, electricity;

    #loading required tools
    load heater, jug, mug*2, spoon, filter;

    PUT water, heater INTO jug;
    PLUG heater TO electricity;
    TURN electricity ON;

    WHILE (HOT('water'!=ENOUGH)){
    KEEP electricity ON;
    }

    PUT tea-leaves,water INTO mug1;

    TIMER WAIT 3 minutes;

    SPOON water, tea-leaves IN mug1 WITH spoon;

    PUT water INTO mug2 THROUGH filter;

    PUT suger, milk-powder INTO mug2;

    SPOON water, suger, milk-powder IN mug2 WITH spoon;

    RETURN mug2;
    }

    @කතන්දරකාරයා: මොකක්ද ඒකෙ වැරැද්ද?

    ReplyDelete
  6. හැමෝන්ටම ප්‍රයෝජනවත් ලිපි පෙළක් ලියැවෙන්න වගෙයි යන්නෙ... සුභපැතුම්! දිගටම ලියන්න... :)

    ReplyDelete
  7. ඕකනම් ඇත්ත තාරක අයියා

    අපිටත් O/L ICT වලට මුලින්ම psudo කෝඩ් ලියන්න දුන්නෙ තේ හදන්න.

    මටනම් බැරි උනා මම වතුර උණුකරලද කියල If Else එකක් ලියල තිබ්බෙ නෑ

    පුළුවන්නම් programing ගැන ලිපි පෙලක්ම පටන් ගන්න

    අපි වගේ අළුත් අයට වැඩක් ගන්න පුළුවන්

    ReplyDelete
  8. @ශාකුන්තල
    හප්පේ function එකක්ම දාල. ඒක ලේසි වැඩි.හැබයි ඉක්මන්. ඒත් රස අඩුයි :)

    කෝ හැබෑටම ඕක පාස් වෙන්න තැනක්

    ReplyDelete
  9. @Gayan Kalhara
    මං ඉතිං තාම ඉගෙන ගන්න එකා නෙව :)

    ReplyDelete
  10. @බුදා
    පටන් ගත්ත ගමන් while එකක් දාල කට්ටිය බය කරන්නද හදන්නේ.
    හැබයි සිරාවටම ලියල තියේ.

    ReplyDelete
  11. @චානු
    :) මුලින්ම programming ගැන දල අදහසක් ගන්න තමයි තේ එකක් හදන්න දුන්නේ. ඉතිං පටන් ගත්ත ගමන් සරලම විදියට ලියන්න පුලුවන් ඒකනේ. පුලුවන් වෙලාවල් වලට ලියන්නම්‍‍කෝ.

    ReplyDelete
  12. @කතන්දරකාරයා

    ඒ මොකෝ?

    ReplyDelete
  13. @ධනික
    සුභ පැතුමට ස්තූතියි. දිගටම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.

    ReplyDelete
  14. @ගයාන් තාරක: වයිල් වයිල් නෙවේ, ඔය ක්‍රමේට සිරා තේකක් හැදුවොත් බොන්න පුලුවං වේද කියල තමා සැක. ;)

    ReplyDelete
  15. @බුදා
    හදපු එක්කෙනාටත් සැක නම් ඉතිං.. බොන එක අරහං තමයි.

    ReplyDelete
  16. කකා කියපු දේ තේරුම තේරුං ගන්න ටික කාලයක් program කරන්න ඕනෙ. ඒත් බැරි නම් සමාගමක programmer කෙනෙක් විදියට වැඩ කරන්න ඕනෙ.

    ReplyDelete
  17. @ගයාන් තාරක: "අරහං" බුදු ගුණෙං මගේ, බ්‍ලා බ්‍ලා අපලෙ දුරු වේවා! :P

    ReplyDelete
  18. හොද ලිපි පෙලක් වගේ :D
    මාත් එහෙන් මෙහෙන් කොපි කරලා ඩෙඩ්ලයින් එකට දවසක් කලින් ප්‍රොජෙක්ට් 1ක ගොඩ දානවා මිස ඇක්ටිවිටි, යූස් කේස්, සීක්වන්ස් මුකුත් නෑ
    එක අතකට ලොක්කත් වගකියන්න ඕනෑ මේකට
    හැම තිස්සෙම කියන්නේ "We Can Re-factor it later just start cording" ඉතින් කවදාවත් ඕක වෙන් නෑ
    මාත් පොඩි ට්‍රයි එකක් දෙන්න ඕනෑ :D

    ReplyDelete
  19. උඹලා කොච්චර පොර ටොක්ස් දැම්මත් අපි තාම එක තැන. අඩුම ගානේ අලුත් තාලේ වෙබ් සයිට් එකක් වත් තියෙනවද??? ඔක්කොම Copy කරපුවා... මලාට බ්ලොග් එකකින් නම් Programing ඉගෙන ගන්න බැරියො. එක හින්ද බොරු වැඩ නොකර හිටපන්. කරනවා නම් Video Tutorial එකක් වත් කරපන්...

    ReplyDelete
  20. කෝ උඹේ comment moderation කෙහෙල්මලක් නිසා දැක්කෙ නෑ නෙව මම ලිව්ව කමෙන්ට් එකේ කෑලි අඩු වෙලා තියෙනවා...

    php tags ටික හේදිලා ගිහිං.... x-(
    අපරාදේ මම මහන්සි වෙලා රසවත්ව ලිව්ව එක.

    මම මතුකරන්න උත්සාහ කළ අදහස එහමපිටින්ම දියවෙලා ගිහිං.... BLOGGER SUCKS!

    බලමු VB වලින්වත් කියන්න.....

    Public Declare Function කිරිතේ_හදන්න Lib "කිරි_තේ.dll" Alias "milk_tea.dll" (ByVal සීනි As Integer, ByVal කිරිපිටි As Integer) As Long
    Sub Main ()
    Dim කි As Integer
    Dim සී As Integer
    Dim කිරිතේ As Long
    කිරිතේ = කිරිතේ_හදන්න (සී, කි)
    End Sub

    මට කියන්න ඕනෑ වුණේ... most of the time we don't re-invent the wheel. There are lot of modules, third party libraries available and we make use of them.

    ReplyDelete
  21. IMO the most important thing is to have the passion of being a good developer. Otherwise you will not enjoy it.

    Ofcourse being a programmer is just a starting point. You have to keep moving forward with time. Which happen automatically up to some extent. But better to keep that as a goal.

    /Rakhitha

    ReplyDelete
  22. මචං යනවිදිය හොදයි උඹෙ බ්ලොග් එකෙ background එක browser ට වද දෙනව පහලට scroll වෙන්නෙ හරි හෙමින්

    ReplyDelete
  23. කතන්දර කිව්ව දෙයට තරමක් එකඟයි. නමුත් ඔය දේ වැඩ කරන සමාගම මත වගේම ලැබෙන ප්‍රොජෙක්ට් මතත් බලපානවා කියල හිතෙනවා. කොහොම නමුත් පරිගණක මෘදුකාංග ඉංජිනේරු රස්සාව ඔලුවට සැහෙන ආතතියක් දෙන එකක්. එකම විදියේ වැඩ කරන්න ගිහාම එපා වෙන ගතියකුත් තියෙනවා. හැබැයි අලුත් තාක්ෂනය ඉගෙන ගන්න පුළුවන් විදියේ වැඩ හම්බුනොත් එහෙම හිතෙන එකක් නෑ.

    ReplyDelete
  24. @බුදා
    දුරුම වේවා!!.. :)

    ReplyDelete
  25. @Confiuzd ප්‍රෝග්‍රැමර්
    මේ පැත්තෙ ආවට ස්තූතියි.
    හැබයි එක පාරක් හරියට කරගත්ත නම් ඔය සේරම එක්ක ඊලඟපාර එකක් කරද්දි ලේසිවෙයි.
    නැත්තම් ලේසිම වැඩේ Format එකක් හදාගෙන පුරවන එක.
    Try & Try One day you can fly :D

    ReplyDelete
  26. @Anonymous
    ගොඩ ඉදන් පීනන්න ගියාම ඔහොම තමයි. ඇවිදින්නෙ දුවන්නෙ නැති අය කොහොමත් එක තැන තමයි. "අලුත් තාලෙ" මොකක්ද කිවුවොත් එකක් හොයල දෙන්න බැරි වෙන එකක් නෑ.
    මම නම් කොපි කරල ලියනවට වඩා කරන්නේ අත්දැකීමෙන් ඉගෙන ගත්තු දේවල් ලියපු එක. ‍මං කරන්නේ බොරු වැඩක් නම් මේක නොබල ඉන්න එත‍කොට ප්‍රශ්නයක් නෑනේ. Video tutorial ඕන නම් ගිහින් kuppiya.com එකෙන් ගන්න.

    ReplyDelete
  27. @ශාකුන්තල
    gt lt දාල ලියන්න එපැයි. :)
    BLOGGER වදයක් නැතිව පාවිච්චි කරන්න පුලුවන්නේ ඒකයි තාම‍ මේකෙ ඉන්නේ.

    ඒ කතාවත් ඇත්ත තමයි. තියෙන රෝදෙම පාවිච්චි කරාම ලේසියි නේන්නම්. හැබයි ඉගෙන ගන්න ඕන නම් රෝදෙ හොයාගෙන නෑ කියල හිතන්න ඕන නේද?

    කමෙන්ටුවට ගොඩක් ස්තූතියි

    ReplyDelete
  28. @පිටස්තරයා
    දැනට නම් සමාගමක වැඩ කරනවා නමුත් තාම එච්චරම අවුලක් නෑ.

    කොහොමත් මම එක අංශයක් බදාගෙන ඒක විතරක් කරන්න කැමති කෙනෙක් නෙවේ.

    ReplyDelete
  29. @Rakitha
    :)
    Thanks for the visiting & commenting

    ReplyDelete
  30. මගුලක් නටනවා
    ඔච්චර දගලන්න ඔනයෑ..

    අවශ්‍ය දැ :

    පිටි හැන්දයි
    සීනි හැන්දයි
    කහට ටිකයි
    ජෝගුවයි..

    පලමුව පිටි හා සිනී එකට දමා කවලම් කර ගන්න. (ඔය ඉස්සෙල්ලා හැදි තුනක් ඔනෙ කිවා නේ අන්න ඒ හැන්දක්කින් එකක් අරන් කවලම් කරන්න) ඊලගට කහට ටික වක්කර හොදට කවලම් කර ගන්න. පසුව ඇවැසිනම් පෙරා ගන්න...!

    ReplyDelete
  31. @Anonymous-II
    මේ දවස් වල තීම් එක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරනවා. දැනට දාල තියෙන පින්තූරෙ තාවකාලිකව දැම්මේ. ඒක ලොකු වැඩියි. ඒක‍ නිසා වෙන්න ඇති.

    මොකක්ද බ්‍රවුසර් එක පාවිච්චි කරන්නේ.

    ReplyDelete
  32. @niroshinie
    ඒක වෙන්න ඇති මටත් කසූ කියපු දේ නොතේරුනේ.

    මේ පැත්තෙ ආවට ස්තූතියි!

    ReplyDelete
  33. @ බුධා : ඕකේ return පාර්ට් එක යවපං කෝ , එතකොට තමා පට්ට ආතල් එක , තේ එක කවදාවත් හදලා ඉවරකරන්න හම්බවෙන්නේ නෑ

    @ ගයාන් තාරක : නියම වැඩේ, දිගටම ලියන්න , ජ‍ය !!!

    ReplyDelete
  34. තේ හදන්න තේරුණාට programming නම් බෑ. :( no idea........

    ReplyDelete
  35. තේ එක හදාගන්න පිලිවෙල ලියන්න පුලුවන්නේ. ඒක තමයි programපe එක :D

    ReplyDelete
  36. මං අදහස් කලේ පලපුරුද්දත් එක්ක, වගකීම් වැඩි, තත්වයෙන් ඉහල, ඒ එක්කම පඩි වැඩි තනතුරු වලට යන්න ප්ලෑන් කරන්න කියන එකයි.

    හැමදාම කෝඩ් කප කප ඉඳලා වැඩක් ඇතියැ?

    ප්‍රොජෙක්ට් මැනේජර්, සොෆ්ට්වෙයා ආකිටෙක්ට් වගේ දේවල් ගැන හිතන්න.

    හොඳම ජොබ් එක තමයි සේල්ස්/මාකටින්.

    ReplyDelete
  37. @කසු
    අනිවාර්යයෙන්ම 100%ක් එකඟයි.

    සේල්ස්/මා-කටිං වලට ඉතිං කතා කරන්න පුලුවන් වෙන්න එපැයි.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ