Pages

2010-08-07

අපූරු මාසයක්

ඇත්තටම මේ මාසෙ නම් මට හරිම අපුරු මාසයක් කියල කියන්න පුලුවන්. මට රස්සාවෙන් අස්වෙන්න උනු සිද්දිය කලින් පෝස්ට් එකේ ලිවුවනේ. ඉතිං ආයෙම ගන්ධබ්බ කාලයක් ආව කියමුකෝ. රස්සාවක් නැතිව ගෙදරට වෙලා ඉන්න උනු. ඔන්න හදිසියෙම වැඩ කිහිපයක් සෙට් වෙනවා නොහිතපු විදියට.
1. 65000 ක විතර Network එකක් ගහන්න
2. අවුරුද්දක් තිස්සේ www.ayurvedakurlaub.de website එක maintain කරන්න වියදම ලබාගන්න.
3. ඒ website එකේම ඉතිරි කොටස් සම්පූර්ණ කරන්න.

4. BCS certificate level විභාගේ ප්‍රතිඵල ගෙදරටම ඒම. Ceremony එකටත් ඕං එන්න කියල තියේ.
5. BCS Diploma Level Examination එකට මුදල් ගෙවීම.

නෙට්වර්ක් එකනම් ටිප්ටොප් එකට දවසක් ඇතුලත අයියයි මමයි කොහොම හරි සම්පූර්ණ කලා. 12000 කේබල් box එකක්ම ඉවර උනා. වෙබ් සයිට් එක නං ඉතිං තනියෙං කරන එකනේ.
කොහොම හරි මේ මාසෙ තමයි මගේ වාර්තාගත වැඩිම ආදායමක් ලබපු මාසෙ උනේ. ඒ වගේම ඒකම වැඩිම වියදම් කරපු මාසෙ උනා. ඒ හම්බුකොරපු සේරම Examination එකට බඳින්න උනු නිසා. ඒ වගේ හැම මාසෙම වැඩක් සෙට් වෙනවනං. මාසෙකට එකක් තිබුණ නම් ඇති. Exam හැමදාම එන්නෑනේ.

තව computer ටිකක් පෝලිමේ තියෙනවා repair ආපු. ඒ ටිකවත් හදලදාල laptop එක හදාගන්න බලන්න ඕන.

ආ තව Software Freedom Day එකත් ළඟ එනවා. ගියපාර කරපු දේ ගැන මෙන්න මේකෙ ටිකක් ලිවුවා. මේපාරත් බලමුකෝ අපේ අය කොහොම SFD එක සමරයිද කියලා.

5 අදහස්:

  1. හැම මාසෙම සයිට් 1 ගහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කොරනාව ඕං.. :)

    ReplyDelete
  2. හ්හ්ම්ම්.. විභාගය ගොඩ ගිය එක ගැන සතුටුයි.
    ඕකේ තව ලෙවල්ස් 2යි නේද තියෙන්නෙ කරන්න?
    නොදන්න නිසා ඇහුවේ.
    :)

    ReplyDelete
  3. @මල්$han
    තැන්කූ

    @Ansh
    ඔව්. Diploma එකයි PGD එකයි විතරයි තව කරන්න තියෙන්නේ. Diploma එකට තමයි දැන් සල්ලි ගෙවුවේ.

    ReplyDelete
  4. දැන් සල්ලි බාගෙත් තියෙන එකේ පෙළවහක් එහෙමත් කරගත්තනං මොකෝ? xD

    ReplyDelete
  5. @Thameera
    ඕක "සල්ලි බාගෙ ‍තියෙන" නෙවෙයි "තිබුණ" කියල වෙනස් කරගන්න. ඔක්කොම වියදං උණා නේ.

    වැඩිම සල්ලි ප්‍රමාණෙ ගණන් කරන්න හම්බුනෙත් මේ මාසෙ තමා. රු 300000/=ක් ගණන් කරා. ඒත් සතයක් වත් මට හම්බුණේ නෑනෙව.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ