Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2010-11-21

අඳුරු අහසක රෑ කැටයම්...

අඳුරු අහසක රෑ කැටයම්සඳකි තනිකම් කළ සිත්තම්ඔබට තවකෙක් පමණක් නම්මියෙමි සඳවත අද මා නම්නොනිමි කඳුළක පටලා හදඅඳුර කිම සැඟවී දුර තෙරකිබඳ මහද ද ඔබ වූ සඳකිමද ඉකිබිඳ හද වැද අදනොපිපි කොඳ කුසුමකි ඉකිබිඳමා පැතු සෙනේමඟ නොදැන ඔබ යන මඟ දැකමිය යනු කෙසේදිවිතත් නැතත් මා හඬවාළතැවුල් රැයේමේ ජීවිතේ ඔබ නැතිනම්හිම මෙනි දියේඅඳුරු අහසක ....මුකුලිතව සිත වත නෙත වැඩිකඳුළයි නෙතේසිතක දුක දැක දැක ඔබ මෙන්වෙන්වී ගියේදිවිතත් නැතත් මා හඬවාළතැවුල් රැයේමේ ජීවිතේ ඔබ නැතිනම්හිම මෙනි...

2010-11-20

Facebook කමෙන්ට් වලට Like එක ආපු හැටි

මෙන්න මෙහෙමයි Mark Zuckerberg ට FB එකේ කොමෙන්ට් වලට ලයික් එක දාන්න අදහස පහල වෙලා තියෙන්නේ. මලින්ත ගේ කොමෙන්ටුව කොහොම හරි කියවගෙන. දැන් ඔන්න හැම කමෙන්ට් එකකටම ලයික් එක ගානේ ඇවිත්. බලමුකෝ ඒකෙත් හැටි නේද? Deeps ට තමා ඕක ආපහු මතක් උනේ කොමෙන්ට් වලට ලයික් එක දැකපුවම. බලාගෙන ඔයාලගේ කමෙන්ටුත් එයාල කියවනව ඇති....

2010-11-14

නුඹ මගේමද?

එකට ලංව දෑගිලි පටලා, එකම වලහලක් යටට වෙලා ඉන්න, ආත්ම ගණනක් ම පෙරුම් පිරුවත්, සංසාරෙම පතා ආපු මගේ ආදරේ නුඹට මදි උනා... සඳක් වෙලා නුඹේ ලෝකයට එලිය කරන්න හිතුවත් නුඹට මාව තවත් එක පුංචිම පුංචි තරුවක් විතරක් උනා, නුඹේ ලෝකයම සුවඳ කරන්නට හිතුවත් නුඹට මාව අඹ මල් රේණුවක් විතරක් උනා. මම මෙච්චර නුඹට ආදරය කරද්දීත්, නුඹට මගේ ආදරේ දැනුනෙ වත් නැති උනාට, තව තවත් නුඹට ආදරේ කලේ නුඹ මගේමයි කියලහිතපු නිසාඡායාරූපය: Google ඇසුරින් සොයාගත්...

2010-11-13

මේං මේ අය සාජ්ජේට සිංදු කියලා

ඔන්ලයින් සාජ්ජේ ගැන කිහිපවාරයක් ලිවුවනෙව. ඒත් දන්නැති අය ඉන්නව නං මෙන්න ලිංකෙ ගිහින් බලාගන්ට. අරඹපු හැටි පවා ලියල තිබුණා. ඉතිං පහුගිය ‍දවස් ටිකේ බැලුවම සාජ්ජෙට අලුතිං සහභාගී‍ වෙන පිරිස වැඩිවෙලා වගේ. සර්ච් පාරක් දාල බැලුවම අලුත් අය ගොඩක් සාජ්ජෙට සිංදු කියල තියෙන බව දැක්කා. මගේ රේඩාර් එකට මේං මේ අය අහුඋනා සිංදු කියල තියෙනව කියලා. බලන්නකෝ ඔයාගෙ නමත් තියේද කියලා.maduonlineuvindubtthisara8KasunWeerbudhajeewa CrazyAnshthameerarandeeraNodaruvayfmdjslashAnjulaMalshanlishwishudithaumeshCrazyNalinlasanthabuddikaisuru71anushkalakmalgayanthachampikewmharshanaNisansaDdSPolzieNaveenAsphaltnisaldgopiharanroshmnamila007ඔච්චර...

සඳ නැති ලෝකයක්

මුළු ලෝකයම එළිය කරමින්සඳ එළිය දසත විසිරෙන්න,ලස්සනට පිරුණු සඳ පායල තියෙද්දී.මොහොතකට ඇස් දෙක පියාගත්තෙඒ ලස්සන හිතින් විඳගන්නයි.ඒත් ඇස් ඇරල බලද්දි,මගේ ලෝකයම එලිය කරමින්ලස්සනට අහසෙ පායල තිබුණු සඳ,පෙනෙන්නට තිබුනෙ නැහැ.වලාකුළු පෙරළමින් සෙව්වත්ඒ සඳේ ඡායාවක් වත් පෙනෙන්නවත් නැහැ.කවුරුන් හෝ ඇසිපිය හෙලන සැනින්,ඒ සඳ මගේ අහසෙන් හොරකම් කරල.ආයෙමත් ලස්සනට පායල තියෙනව දකින්නආස උනත් ඒ අහසෙ ඉතිරි වෙලා තිබුනෙදුබල ලෙස ආලෝකය පතුරන්නට වෙහෙසෙනපුංචිම පුංචි තාරකාවන් කිහිපයක්...

2010-11-09

රජරට සවාරිය සහ ආපසු ගමන

කලින් පෝස්ට් එකෙන් රජරටට යාල්දේවියෙන් ගිහින් උඩමළුව ලඟට ගිහිපු හැටි ලිවුවා ඒක තවම බලපු නැති අය ඉන්නව නං මේං ලින්ක් එක ඒක ඉස්සෙල්ල බලල ඉන්න. ඉතිං උඩමළුව ගාවට ගිහිපු අපි වෑන් එකට අර දාපු කලෙක්ෂන් එකෙන් ගාණ පියවල ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න ඒ දෙසට පිටත් උනා. මේ පහලින් තියෙන්නේ ඒ පාර තමයි. ඔය පාර දිගේ ඉදිරියට යද්දි ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පූජා භූමියට ඇතුලු වෙන තැන ඉදි කරල තියෙනව මල් කඩ පෙළක්. අපි එතනට ළඟාවෙනවත් එක්කම “මල් අරන් යන්න එන්න“ “අපෙනුත්...