Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2010-01-26

අහෝ ‍නුඹට සිදුවූයේ කුමක්ද?



මේ තියෙන්නේ මගේ ලැප්ටොප් එක. අදට දවස් දෙකකට කලින් මෙයා වැඩ කරන්නෙ නැතිව ගිහින්. විස්සයි දහය අවුරුද්දේ මගේ පළමු ටෙක් අලය තමයි මේ.දැන් ඉතිං මොනව කරන්නද. උන දේ උනා. ගලවල බැලුව ලෙඩක් නම් හොයාගන්න බෑ. පරීක්ෂා කරල බලන්න ලඟපාත හරියන බොඩ්එකක් වත් ප්‍රොසෙසරයක් වත් නෑ. මේ පින්තූරේ ගත්තේ නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් කරන අතරතුර. ෆෙඩෝරා ගැන ලියපු හැම පෝස්ට් එකක්ම මේකෙන් තමයි කරල බලල ලිවුවේ.


මේ තියෙන්නෙ මේක ගැන පූර්ණ විස්තරයක්
Specification
CPU Intel Celeron M 420 (1.6GHz)
BIOS AMI BIOS. Press DEL to enter
Chipset Mobile Intel 945GM Express
Memory 1GB 200pin DDR2-400/533/667 SODIMM (2 memory slots. Max 2GB)
Hard Drive 60GB
CD Drive Dual layer DVD±RW
Screen 15.4" Widescreen TFT (1280x800)
Video Card Intel 945GM (up to 128MB shared)
Sound Card Realtek ALC883 High Definition Audio
Modem Agere systems AC'97
Network Card Realtek 8139/810X
RaLink RT2500 Wireless LAN *
PC Card None **
Ports
4x USB 2.0
1x LAN
1x Modem
1x Headphone
1x Microphone
1x S-Video (TV-Out)
1x VGA
1x Kensington Lock
Touchpad Synaptics Touchpad
Battery EM-G330L2 (11.1v 4400mAh)
Dimensions 40 x 355 x 273 (HxWxD in mm)
Colour Silver
Weight 2.85kg
Made By ECS G335


කොහොම උනත් මගේ වැඩ වලට(Web Development,Programming) නම් මේක හොදටම ඇති උනා. Web Server, Development Machine එකක් විදියටත් වැඩ ගත්තා. ඒ කිසිම වෙලාවක වදයක් නම් උනේ නෑ.



අනිත්පැත්ත හරවල මේ විදියට කොටසින් කොටස ගැලෙව්වා. ඒත් එතන රැම් එකක් තිබුනෙ නෑ.


පස්සෙ බලද්දි රැම් එක තියෙන්නේ කීබෝඩ් එක යට ඒපැත්තෙන් ගලවල රැම් එක අරන් පොඩ්ඩක් පිරිසිදු කරල ගැහුව.



හරි ගියේ නෑ. වෙන චෙක් කරල බලන්න විදියක් නැති නිසා ආයිම හයි කරල තිබ්බා. දෘඩ තැටිය නම් SATA එකක් නිසා සාමාන්‍ය පරිගණකයට සම්බන්ධ කරන්න පුලුවන්. ඒක නිසා දත්ත ටික නම් ගන්න පුලුවන් උනා. හදා ගන්නකං ඉතිං ඕෆ්ලයින් තමයි ඉන්න තියෙන්නේ. දැන්ම හදාගන්න විදියක් නම් නෑ වගේ.

ආයි කවදා මේක ලියන්න පුලුවන් වෙයිද කියන්න බෑ. උත්තර දීපු ගූගල් ගෲප් වලටත් මද විරාමයක් දෙන්න වෙනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.

2010-01-19

වින්ඩෝස්හි පාලනය ලිනක්ස් නතු කිරිම

මේ සඳහා ජාලගත කරන ලද වින්ඩෝස් හා ලිනක්ස් මෙහෙයම් පද්ධති ඇති පරිගණක දෙකක් අවශ්‍ය වෙනවා. මා යොදාගත්තේ වින්ඩෝස් XP සහ ෆෙඩෝරා මෙහෙයුම් පද්ධති දෙක වේ.

වින්ඩෝස් ලිනක්ස් මගින් පාලනය කරන්නේ මෙහෙමයි.‍
වින්ඩෝස් පරිගණකයට VNC ස්ථාපනය කරන්න. දැන් එහි Options කවුලුවේ Authentication ටැබයට ගොස් මුරපදයක් යොදන්න.

ලිනක්ස් පරිගණකයෙ තුල vnc ස්ථාපනය කරන්න.
yum install vnc

එය ස්ථාපනය වූ පසු ප්‍රධාන මෙනුවේ අන්තර්ජාල සේවා යටතේ TigerVNC Viewer දැකගත හැකි වනු ඇත.
දැන් එය මගින් හෝ
<alt+f2> මගින් ලැබෙන යෙදුම් ක්‍රියාත්මක කිරීමේ කවුලුවේ vncviewer යන්න ලබාදීමෙන් ලැබෙන කවුලුව පහත පරිදි වේ








පෙර යෙදූ මුරපදය ලබාදී පාලනය භාර ගන්න.










පෙර ලිපියක සඳහන් කල පරිදි dynamic DNS බාවිත කිරීමෙන් එම වින්ඩෝස් පරිගණකය ලොව ඕනෑම තැනක සිට පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. කල යුත්තේ dynamic DNS ලිපිනය අගට 5800 port එක භාවිතා කරන එකයි. http://<dynamic DNS ලිපිනය>:5800

2010-01-18

2035 පුවත් සිරස්තල

දසවැනි ජනාධිපතිවරණය වන විට ලංකාවේ ඡන්ද පවත්වන ආකාරය සිතාගැනීමට හැකිද?


විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න.

(මා හට ඊ-මේල් එකකින් ලැබුණු දෙයකි)

2010-01-17

Fedora මත Google Chrome ස්ථාපනය






rpm භාවිතයෙන් ස්ථාපනයට http://www.google.com/chrome වෙත ගොස් Chrome rpm එක කෙලින්ම භාගත කර ස්ථාපනය කිරීමෙ කරගත හැකි උවද කරගත හැකි වුවත් yum මගින්ම ස්ථාපනය පහත පරිදි සිදුකරගත හැක.

මේ සඳහා පළමුවෙන්ම Google Repo එක පිහිටුවාගත යුතු වෙනවා.
Terminal එකේ පහත විධානය ලබා දී google.repo ගොනුව සෑදීමට vi එඩිටරය විවෘත කරගන්න
$ sudo vi /etc/yum.repos.d/google.repo
පහත ‍පේලි ටික එයට එකතු කරන්න. (මෙය පිටපත් කර terminal එකට ගොස් ctrl+Shift+v ලබාදීමෙන් ටමිනලයට ලබාගත හැක.)

[google]
name=Google - i386
baseurl=http://dl.google.com/linux/rpm/stable/i386
enabled=1
gpgcheck=1
gpgkey=https://dl-ssl.google.com/linux/linux_signing_key.pub

[google-chrome]
name=google-chrome
baseurl=http://dl.google.com/linux/rpm/stable/i386
enabled=1
gpgcheck=1

දැන් Escape යතුර ඔබා :wq යතුරුලියනය කර Enter යතුර ඔබා ගොනුව සුරකින්න
දැන් පහත විධානය ලබාදෙන්න.

$ sudo yum install google-chrome-beta -y
දැන් Google Chrome Fedora වලට ස්ථාපනය වනු ඇත.
දැන් මෙනුවේ අන්තර්ජාලය යටතේ පරීක්ෂා කර බලන්න.

___
*පහන් පැවසූ පරිදිම beta වෙළුමේ Extension Crash වීමට හැකි බැවින් කපා ඇති විධානය වෙනුවට පහත විධානය භාවිතා කරන්න .
$ sudo yum install google-chrome-unstable

2010-01-15

ලංකාවේ OpenOffice භාවිත කරන්නන්ගේ සමූහය ආරම්භ වේ.


OpenOffice භාවිත කරන්නන්ට භාවිතයේදී පැන නගින ගැටළු සාකච්ඡා කිරීමටත් නවකයන්ට මග පෙන්වීමටත් ඔබ සතු OpenOffice පිළිබඳ දැනුම අන් අය සමග බෙදා ගැනීමටත් පහසු වන පරිදි ආරම්භ වූ මෙම සමූහය ආරම්භ කර වැඩි දවසක් ගතවී නැතත් මේ වන විට මෙම සමූහයේ දැනටමටත් සාමාජිකයන් 60දෙනෙක් සාමාජිකත්වය ලබා ගෙන ඇත. එමෙන්ම ඔවුන් සතු දැනුම බෙදා හදා ගැනීමට මේවන විටත් සිදුවෙමින් පවතින බව දැකිය හැක.

ඔබගේ දැනුම බෙදා ගනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.

පරිශීලක සහාය:
OpenOffice.org පිළිබඳ ඔබේ දැනුම අන් අය සමඟ බෙදාගන්න, ඔවුන්ගේ ගැටලු විසදා ගැනීමට අලුත් දෙයක් කියා දීමට ඉදිපත් වන්න.

ප්‍රචාරණය:
OpenOffice.org හැකි තරම් ඔබේ හිතමිතුරන් අතරේ ව්‍යාප්ත කිරීමට දායක වන්න.

තත්ත්ව පාලනය:
ඉතා හොඳ තත්ත්වයේ නිපැයුමක් OpenOffice.org වෙතින් ඉදිරිපත් කිරීම සඳහා ඔබ දකිනා දෝෂ ඉදිරිපත් කිරීමෙන් හෝ ඒවා විසදිමෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.

ප්‍රලේඛනය:
OpenOffice.org භාවිතය පිළිබඳ අන්තර්ගය ලිවීමට හෝ දැනට පවතින අන්තර්ගතයේ ඇති දෝෂ නිවැරදි කිරීමට දායක වන්න.

ඇත්තටම ඉතා පහසුවෙන්ම දායක විය හැකි ක්‍රමය ව්නනේ ඔබේ හිතමිතුරන්ට OpenOffice.org ස්ථාපනය කරදී, ඔවුන් අතරේ OpenOffice.org බෙදා හැරිමෙනි..


Subscribe to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List

Email:





"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"

2010-01-01

විස්සයි දහය නව වසරට සුභ පැතුම්

2009 වසරේ නිමාවත් සමගම අලුත් බලාපොරොත්තු රැසක් සමඟ 2010 වසරට පා නගන මේ මොහොතේ සියල්ලන්ටම සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා!!