ජනවාරි වලින් පස්සෙ මොකවත් ලියල නෑනෙ මේකෙ.. ආයෙ ලියන්න කියවන්න පටන් ගත්ත ඉතිං. අද නං වෙනස්ම මාතෘකාවක් අරන් ආවෙ. TV වලට කරපු කලින් experiment එක හෙම මතකත් නැතිව ඇති නේ. මෙතනින් ගිහින් බලන්න පුලුවන් ඒක
Satellite හරහා TV බලන්න පුලුවන් කියන එක අලුත් දෙයක් නෙවෙයිනෙ.. CBN SAT ඩයලොග් එකෙන් අරන් දැන් Dialog TV කියල ඇඩ් දානව දැකල ඇතිනෙ ඕනතරම්. තව DishTV, Videoconn එහෙම ඔය හයිකරල තියෙන්නෙ ඕනතරම් ගෙවල්වල වහලවල් උඩ.
ඉතිං TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්.. මේ කියන්න යන්නෙ කොහොමද මේක තනියෙම කරගන්නෙ කියන එක.
Satellite Dish වර්ග දෙකකට බෙදෙනවා.. C Band සහ Ku Band කියල. Ku කියන්නෙ පොඩි සයිස් ඩිෂ් එක. අර ඩයලොග් එකෙන් දෙන සයිස් එකේ එකක්. පෙනුම මේන් මේ වගේ
C බෑන්ඩ් එක ගොඩක් ලොකු සයිස් එකක්. මේන් මේ වගේ.
[image source = http://www.daveswebshop.com/10ft.shtml]
ඕව මැද්දෙ අර ටොච් එක වගේ එකට කියන්නෙ LNB කියලා..
මේ කියන්නෙ Ku Band Dish එකකින් කොහොමද ටීවි බලන්න හදාගන්නෙ කියලා.
ගාණ අඩු නිසාත් තනියෙන් එහාට මෙහාට කරගන්න පුලුවන් නිසාත් මේක පටන් ගන්න හොද වෙයි. මාත් මුලින්ම ටියුන් කලේ මේ Ku Band එකක්. මුලින්ම බලමු මොනවද ඕන කරන්නෙ කියල..
- Ku Band Dish එකක්
- LNB එකක්
- FTA support කරන Satellite Receiver එකක්
- TV එකක්
හරියටම කියනවනං inclinometer කියල වෙනම මීටරයක් තියෙනවා ඇලවෙච්චි ගාන බලාගන්න.
ඔක්කොම ආම්පන්න ටික කොහොමහරි සෙට් කරගත්ත කියමු. කෝ ඉතිං සැටලයිට් එකක් ඇහැට පේන එකක්යැ. අනික අපි කොහොමද දැනගන්නෙ ලංකාවට උඩින් තියෙන/ එහෙම නැතිනං ලංකාවට සිග්නල් එන සැටලයිට් මොනවද කියල. ඒකටත් ඕන තරම් වෙබ් සයිට් තියෙනව බලාගන්න. ඕව හොයන්න කම්මැලි ඇතිනෙ.. ඒකත් මමම කියන්නං ඉතිං.
FTA කියන්නෙ Free-to-Air කියන එක. ඒ කියන්නෙ FTA තියෙන චැනල් බලන්න කාටවත් සල්ලි ගෙවන්න ඕන නෑ.. නොමිලෙම බලන්න පුලුවන්. ඉතිං අල්ලපු රටේ එකකින් පටන් ගමු එහෙම තියෙන.
ඉන්දියාවෙ තියෙනවා DD Free Dish කියල Sattelite TV Service එකක්. ඒක තියෙන්නෙ G-SAT-15 කියන සැටලයිට් එකේ.. Position කරල තියෙන්නෙ 93.5°E කියන තැන. ඉතිං එතන ඉදං එන සිග්නල් තමා අපි අල්ලගන්න ඕන. අල්ලන්න කලින් තියෙන චැනල් මොනවද කියල දැනගන්නත් එපැයි.
මේ ලින්ක් එකට ගියානම් ඒ සැටලයිට් එකේ තියෙන චැනල් සේරම ටික පෙන්නනවා තව විස්තර ටිකක් එක්ක. Satellite ගැන උනන්දුවක් තියෙන එක්කෙනෙක් නම් දැනටම ඔය සයිට් එක දන්නව ඇති.
කැමති නම් ඔය සයට් එකේ තියෙන වෙන සැටලයිට් එකක් උනත් තෝරගන්න පුලුවන්. මේකෙ ගොඩක් චැනල් Free තියෙන නිසා මම මේක තෝරගත්තා.
මේ වගුවෙ Frequency කියන්නෙ අර LNB එකට අල්ලන්න ඕන සංඛ්‍යාතය. ඒක receiver එකෙන් සෙට් කරන්න තියෙන්නෙ. ඒ අදාල Frequency එකෙන් තමා එතන Group එකේ තීන Channel List එකම එන්නෙ. ඉතිං ඒක දාල scan ක ලා නම් ඒ චැනල් ටික සේරම ගන්න පුලුවන් වෙනවා. මං නං වැඩිපුරම බැලුවෙ ඔය Satellite එකේ 9XM එකයි MBeats කියන චැනල් එකයි තමා. සිංදු විතරයි ඒ චැනල් දෙකේම යන්නෙ. ඉතිං ඒ දෙකට අදාල Frequncy පිලිවෙලින් 11510 V සහ 11550 V
9XM කියන චැනල් එක ගත්තම ඒකට අදාල විස්තර මෙහෙමයි තියෙන්නෙ
Satellite : G-SAT-15
Service Provider : DD Free Dish
Frequency :11510 V
Transponder : tp20
Reagion : India
System : DVB-S
Symbol Rate : 29500
Fec : 3/4
Channel Name : 9XM
SID : 2153
VID : 5153
AID : 6153
Language : Hi
හතරවෙනි තීරුවෙ තියෙනවා F කියල අකුරක් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ චැනල් එක Free බලන්න පුලුවන් කියන එකයි.
ඉතිං ඔය විස්තර ටික වගුවත් එක්ක බැලුවම කෙටියන් කියල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න පුලුවන්. ඔතනින් අපට Receiver එකට දාන්න තියෙන්නෙ Frequency එකයි Symbol Rate එකයි FEC එකයි විතරයි. අනික් ඒව ගැන දැනට හිතන්නැතිව ඔන්න ඔය තුන දාගන්නයි තියෙන්නෙ. දාන විදිය receiver එකෙන් receiver එකට වෙනස් වෙනවා. V, H අකුරුවලින් කියන්නෙ Polarization එක. ඒ කියන්නෙ Signal Transmit කරන්නෙ Vertically ද Horizontally ද කියන එක
සරලව මේ පියවර ටික ඕනම receiver එකක අනුගමනය කලා නම් TP (transponder) ටික ඇඩ් කරගන්න පුලුවන් වෙයි.
Menu එකට ගිහින් බලන්න Antenna Setup කියල තැනක් තියෙනවද කියලා.. එතනට ගිහින් Satellite එකක් Add කරගන්න. කැමති නමක් දෙන්න පුලුවන්. ඒ දාද්දි LNB Power එක ON කරන්නත් LNB Type එක Universal කියල දාන්නත් අමතක කරන්න එපා. අනිත් දෙක නම් Off කරන්න පහල පින්තූරෙ විදියට.
ඊට පස්සෙ ඒ සැටලයිට් එකට අදාල Transponders Add කරගන්නයි තියෙනනේ.
මං නම් කරන්නෙ Satellite එකට අදාලව F අකුරු තියෙන ඔක්කොම TP's ටික අදාල Polarization එකත් එක්ක දාගන්න එක තමයි. එතකොට සිග්නල් අහුඋන හැටියෙ ඔක්කොම චැනල් ටික ස්කෑන් කරන්න විතරයි තියෙන්නෙ.Transponders කියන එක උඩට ඇවිත් OK කරාම හරි Satellite එක Add කරගත්තට පස්සෙ TP list කියන තැනට ගියාට පස්සෙ පහල විදියට එකක් එයි. Signal Level කොල පාට නොවී එක බාර් එකක් වත් ඇවිත් නැති වෙන්න පුලුවන්. ඊගාවට කරන්නෙ ඒ විදියට කොල පාට හරි සිග්නල් ලෙවෙල් පෙන්නනකල් ටියුන් කරගන්න එක.
TP ටික දාගත්ත කියන්නෙ දැන් receiver එක රෙඩි. Dish එකට LNB එක හයි කරල LNB එකට Coaxial F connector වලින් TV Antenna Cable එකක් හයි කරගන්න පුලුවන්.
මේ තියෙන්නෙ මම තාවකාලිකව Dish එක කෙලින් තියාගත්ත හැටි.
කාඩ් දාන්නත් බැහැ. FTA Channels විතරයි ඒකත් MPEG-2 විතරයි. MPEG-4 සපෝට් කරන්නෙත් නැහැ. ඒත් 9XM, MBeats වගේ FTA Channels පේනවා.
සුපිරි පෝස්ටුවක් සහෝ.
ReplyDeleteකාලෙකින් ඇවිත් වයින පෝස්ටුවක් දැම්මට ස්තුතිියි.
හොද ලිපියක්.
ReplyDeleteඔය විදියට ලංකාවේ චැනල් බලන්න බැහැ නේද ?
නියමයිනෙ, අද තමයි මේ බ්ලොග් එක හම්බවුණේ. ඔහොම්ම දිගටම ලියන්න. මම බුක්මාක් එකකුත්දාගත්තා.
ReplyDeleteවැදගත් පෝසට් එකක් කරලා බලන්න ඕනේ. ඉස්සර දවසට දෙක තුන පෝසට් දැම්ම බ්ලොග් ලියන කට්ටිය එක එක තැන්වල විසිරිලා. ආයිත් බ්ලොග් කෙරුවාව පටන් ගන්න කාලේ හරි වගේ
ReplyDeleteඅපේ ගෙදර ඇවිල්ල එකක් සෙට් කරල යන්න බැරිද?
ReplyDelete:P
Deleteරතීගේ දිනපොත
ReplyDeleteස්තූතියි
lktips.info
ලංකාවෙ චැනල් බලන්න ගෙවීමක් කරන්න වෙනවා. ලංකාවෙ චැනල් දෙන්නෙ Dialog 45E එකෙන් සහ DishTV Srilanka විතරයි. ඉතිං අදාල අයතනයෙන් තමයි ගන්න වෙන්නෙ.
Hasitha Prasad
ස්තූතියි. ලියන්න තමා හිතාගෙන ඉන්නෙ ආයෙම
Kasun Nadeeshana
ඒක නම් ඇත්ත. ගොඩක් අය දැන් මගඇරිලා. ඉස්සර බ්ලොග් වලම ජීවත් වෙච්ච කාලයක් තිබ්බා.. දැන් ලියන අය අඳුනන්නෙවත් නැහැ.
DJ Slash
බැරි කමක් නැහැ. ඩිෂ් එකකුයි රිසීවර් එකකුයි විතරයි ගන්න තීන්නෙ. ඩිෂ් එකක් නං හොයාගන්න හරි පුලුවන් වෙයිනෙ
Cline ekak ganne kohomada
ReplyDeleteහොද විස්තරයක්... ජය!
ReplyDeleteReciver ekak ganna thanak kiyanna puluwanda ? keeyak withara wei da ?
ReplyDeleteMaru...lankawe channeluth balanna puluwan pitarata channel balannath puluwan....receiver monawada hoda....
ReplyDeletemaru postuwa.... lankawe channel pitarata channel free balanna puluwan receiver monawada....hodama
ReplyDeletemaru postuwa.... lankawe channel pitarata channel free balanna puluwan receiver monawada....hodama
ReplyDelete@Anonymous
ReplyDeletecline for කියල බලන්න ඕන satellite එකේ නම ගහන්න. ඕනෙතරං කට්ටිය ඉන්නවා.
@tech සයුර (Rohan Dhananjaya)
ස්තූතියි
@Chalitha Dissanyake
කොටුවෙ පලවෙනි හරස්වීදියෙ අංක 59 space, zark කඩවල තියෙනවා.. Ukayee ගාවත් ඇති. එක එක ගණන් වලට තියෙනවා 5000 ඉදන් ඉහලට
@harshana sampath kariyawasam withanage
FTA එකක් ගත්තොත් Free ඒව බලන්න පුලුවන් HD තියන එකක් ගත්තොත් HD channels බලන්න පුලුවන්. ඒවගේ අවශ්‍යතාවය අනුව තෝරගන්න පුලුවන්. Bisskey PowerVU Keys දාන්න පුලුවන් එකක් ගත්තනං ගෙවන්න වෙන ඒවත් ටිකක් ෆීම බලන්න පුලුවන්. ගනිද්දි බලල ගන්න
goood
ReplyDeleteEbay eken ganna thiyena Receivers wala V8, V7 kiyana deke wenasa mokadda.
ReplyDeleteOya tune karaddi TV view eka Phone ekata gatthe kohomada.
Dialog tvවලටත් මෙවැඩෙ හරියනවද?
ReplyDelete@THARANGA MADUSHAN
ReplyDeletethanks
@Katta Ka
v7 එකට වඩා V8 එකේ ඔප්ෂන් තියෙනවා. V8 එකට Lan Port එකකුත් තියෙනවා. තව DLNA,SAT To IP, Twin Protocol එහෙමත් V8 වලට ඇවිත් තියෙනවා.
මං TV Screen එක ගත්තෙ. Samsung වල old feature එකක්. Wifi හරහා
@ශාන්
Dialog එකත් අල්ලන්න පුලුවන් නමුත් FTA තියෙන්නෙ DialogNow එක විතරයි. අනිත් චැනල් බලන්න නම් ගෙවල ගන්න වෙනවා
මම nss6 දැනට බලනවා. Mpeg2reciver..asia sat වගෙ ගන්න ලෙකු dish 1 ගන්න වෙයිද? ඒවා kubanda...මම tp දාලා dishtv dish ekakin try කලා හරි ගිේ නෑ..
ReplyDeleteGood post...
ReplyDelete@unknown
ReplyDeleteAsiasat 5 එකේ තියෙන 12522 V DVB-S SR 40700 FEC 3/4 Mpeg 2
අනිත් TP ටික MPEG 4 එකට පෙන්නයි. KU Band තමා. නමුත් MPEG 4 රිසීවර් එකක් ඕන. ඒකත් HEVC සපෝට් එකක් ගන්න වෙයි ගන්නවනං. මොකද H.265 නිසා.
ඉලක්කම් 5ක් තියෙන TP ගොඩක් දුරට Ku. 4ක් එන TP තමා C band.
@M.R.Chamara Perera
Thanks
සාමාන්‍යයෙන් channels කීයක් විතර අහුවෙනවාද cccam line කියන්නේ මොකක්ද්
ReplyDeleteබ්‍රෝ 0767633842 Whatsapp massage එකක් දාන්ඩකෝ. ලොකු උදවුවක්
ReplyDeleteබ්‍රෝ ඔක්කෝම channel කීයක් වැඩද
ReplyDeleteහොද පැහැදිලි කිරිමක් නවකයන්ට .
ReplyDeleteElama...mamat ekk set karagatta..
ReplyDeletecline ගැන ආයි සැරටම යන්නෙ ලංකාවෙ චැනල් ටික FTA දීලද
ReplyDeleteCline ගැන ආයි සැරටම යන්නෙ ලංකාවෙ චැනල් ටික FTA දීලද
ReplyDeleteහරිම වටිනා ලිපියක්...ස්තූතියි,
ReplyDelete