Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label programming. Show all posts
Showing posts with label programming. Show all posts

2013-02-14

PHP වලින් මේල් යවමු

php වල තියෙනව mail() කියල function එකක් ඒකෙන් පුලුවනි කාට හරි මේල් එකක් යවන්න.
ඔය බොහොමයක් සයිට් වල රෙජිස්ටර් උනාම අපේ inbox එකට මේල් එන්නේ මෙන්න මේ mail function එක පාවිච්චි කරල. හැබයි මේකට server එකක් තියෙන්න ඕන. localhost එකේ කරනවනම් gmail එකකට හරි config කරගන්න වෙනවා. smtp settings තිබ්බනම් ඇති.

මෙන්න මෙහෙමයි mail function එක භාවිත වෙන්නේ
mail(to,subject,message,headers,parameters)

to - ඔයාගෙ මේල් එක යන්න ඕන කාටද? එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න
subject - මේල් එකේ හෙඩිම.
message - යවන්න ඕන පණිවිඩේ

ඔය ටික දුන්නනම් ඇති ඊමේල් එකක් යවන්න. යවපු කෙනත් සඳහන් කරන්න ඕන නම් headers ඕන වෙනවා.
 headers - යවන්නා. bcc, cc සහ අමතර headers සකසන්න භාවිත වෙනවා

මේ තියෙන්නෙ උදාහරනයක්.
<?php
$to = "your@mail.com";
$subject = "Test E-mail using PHP";
$message = "Hay how are you. this is a test message";
$from = "my@mail.com";
$headers = "From:" . $from;
mail($to,$subject,$message,$headers);
echo "Your E-mail Sent.";
?>


මේ ටික ෆයිල් එකකට දාල ස‘වර් එකකට upload කරල run කරල බලන්න.
මේකෙදි your@mail.com කියන තැනට ලබන්නාගේ ඊමේල් එකයි
me@mail.com කියන එකට යවන්නාගේ ලිපිනයයි දෙන්න.

ඔහොමයි php වලින් මේල් යවන්නේ.
* සැ.යු. : යවන්නා විදියට ඕන කෙනෙක්ගේ ඊමේල් එක දෙතෑකි. හැබයි හොයන්නත් ක්‍රම තියේ. ඒකත් මතක තියාගන්න. ඒකයි free ස‘වර්ස් වල mail disable කරන්නේ. spam කලොත් block කරල දානව.

2012-01-06

Signed Int in Java

while the code in java sometimes i wanted to use signed integer type. but like C++ coudn't find a way to use signed int.  so thought about a way to convert negative integers to positive.

int integerVariable;
integerVariable =-20;
//now convert negative values to positive
if(integerVariable<0)
     integerVariable=0-integerVariable;


now just use integerVariable as your wish. it will only contain positive values.

How to Convert Integer Variable to String in Java

This is the simplest way i found on my experiments in type casting int to String in Java

//initialize a integer type variable
int integerVariable = 4;
//initialize a String type variable
String stringVariable;
//Type Cast int to String
stringVariable=integerVariable="";


is there a simple way than that your comments are really appreciate.

2011-02-14

LED Sign Board එක සහ තෙවන වසරට පා තැබීම.


ඕං තව වැඩක් හරි ගියා.. PIC16F84 දාල හදපු 30x8 LED Sign Board එක තිතට වැඩ කරනවා.. මේ තියෙන්නේ වැඩ කරද්දි ගනිපු පින්තූරයක්. පැහැදිලිව පෙනේද මංදා..



Flasher එක නිසා එළිය අඩුවෙන් තමා පේන්නේ. ඔක්කොම වැඩ ඉවර කලාම වීඩියෝ එකක්ම දාන්නං. ලීවේ Assembly වලින් තමා.. MicroLab IDE එකෙන් ලියල කම්පයිල් කරල Winpic එකෙන් Program කරගන්තා.
දැනට මූලික පියවර ගොඩ.. ඒ කියන්නේ සාර්ථකව වැඩ කරනවා.


ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.



දෙවන වසරට පා තැබීම ගැන ලීවෙ අද ඊයෙ වගේ උනත් ඒක ලියලාත් අවුරුද්දක් වෙනවා. එතකොට සිංහලෙන් බ්ලොගය ලියන්න අරන් අදට අවුරුදු දෙකක් වෙනවා.. මේ තියෙන්නේ දෙවන වසර ඇරඹුම ගැන ලියපු සටහන..

ඒ කාලේ එක්කල බලද්දී දැන් නම් ලිවීමේ වේගය සීඝ්‍ර ලෙස අඩුවීමක් පෙන්නුම් කරනවා.. ආයෙ ලියන්න ගන්න කාලෙ හරි නෙවෙයි ලියන්න ඕනා.. ඩ්‍රාෆ්ට් වල තියෙන ටික දැන් පරණ නිවුස් නිසා එවු‍ව එහෙමම තියෙන්න ඇරල අලුත් දේවල් ලියන්න තමයි හිතන් ඉන්නේ.

2010-05-28

To be a Programmer - පරිගණක ක්‍රමලේඛකයෙක් වෙන්න නම්...


පරිගණක ක්‍රමලේඛකයෙක් වෙන්න ඕන නම් මොකක්ද කරන්න ඕන කියල හිතනවද? දැන් ඕන තරම් පන්ති පවත්වන තැන් තියෙනව. ඒත් මූලික අඩිතාලම හරියට නොවැටුනොත් ක්‍රමලේඛනය එපාම වෙන්නත් හේතුවක් වෙයි. නිවැරදිව මූලික දේවල් ඉගෙන ගැනීම එයට ආසාවෙන් ගොඩාක් දුරගමනකට මුල පිරීමක් වෙනවා. මේ උත්සහය මූලික දේවල් පිළිබද සරලව ලියා තබන්නයි.

මුලින්ම බලමු මොකක්ද මේ ක්‍රමලේඛනයක් (දන්න සිංහලෙන් කියනව නම් Program එකක්) කියන්නේ මොකක්ද කියලා.


ඕනම දේකට පිලිවෙලක් තියෙනවා. පරිගණකය කියන්නේ හිතල වැඩ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතිං අපට මොනව හරි පරිගණකයෙන් කරගන්න ඕන නම් ඒකට නිවැරදිව උපදෙස් දෙන්න ඕන. මේ උපදෙස් දෙන්නෙ විධාන පිලිවෙලින් ගලපල ලියල. එහෙම ලියල තියෙන ඒවට තමයි ක්‍රමලේඛන කියන්නේ.

එහෙම බැලුවම ක්‍රමලේඛනයක් කියන්නේ යම් කිසි කාර්යයක් ක්‍රියාත්මක විය යුතු උපදෙස් අනුපිළිවෙල කියල කියන්න පුලුවන්.

මෙන්න විකිපීඩියාවේ computer program ලිපියේ මුල්ම පෙල.
A computer program (also a software program, or just a program) is a sequence of instructions written to perform a specified task for a computer

ඉතිං මේ උපදෙස් වලින් කරන්නේ විධාන කරන එකනේ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයෙත් අපි විධාන දෙන්න මේවා ලියනවනේ. මොකක් හරි කරන්න ඕන පිලිවෙලක් ලිවුවනම් ඒක program එකක් විදියට සලකන්න පුලුවන්

ඉතිං ක්‍රමලේඛනයට කැමති අය මූල්ම ක්‍රමලේඛනය විදියට ලියන්න පුලුවන් කෙනෙක් ලියන්නකෝ සාර්ථක‍ව කිරි තේ එකක් හදන පිලිවෙල.. හොදට කල්පනා කරල ලියන්න..

බලමු කාටද සීනි අඩු වැඩි නොවී රසට කිරි තේ එක බොන්න පුලුවන් වෙන්න ලියන්න පුලුවන් කාටද කියල..

____________
ප.ලි.
කිරි තේ හදන්න කිවුවට ජාව ගැන නම් නෙවෙයි ලියන්න හදන්නේ..

2009-10-26

Visual Basic 2008 Console Application එකක් හදමු

මුලින්ම Visual Basic 2008 විවෘත කරගන්න.
දැන් New Project එකක් සාදාගන්න. එහිදී Console Application යන්න තෝරාගන්න.

එවිට පහත තිරය ඔබට ලැඛෙනු ඇත
Visual Basic 2008 Console application වලදී තිරය මත දර්ශනය කිරීමට Console.write සහ Console.writeline භාවිත කරයි. Hellow Wrold යන්න තිරයේ දර්ශනය කරවීමට පහත පෙල Sub Main() සහ End Sub අතරයතුරු ලියනය කරන්න.

Console.Writeline("Hello Wrold")

වැඩසටහන ධාවනය කිරීමට යතුරුපුවරුවෙන් CTRL + F5 යතුර ඔබන්න.


නිකංම F5 එබුවම Output එක පේන්නෙ නෑ වගේද ක්ෂනිකව වැඩසටහන අවසන් වීම නිසා තමයි එහෙම වෙන්නේ.
ඒකට මෙන්න මේ පේලිය එකතු කරන්න.

Console.read()

දැන් f5 මගින් ධාවනය කරල බලන්න.


දැන් බලමු මොනවද පාවිච්චි කලේ කියල

Console.write() මගින් කරන්නේ එක පෙලට පෙන්නන එක.
පහල උදාහරණය බලන්න.
Console.write("Tharaka ")
Console.write("kpgtharaka.blogspot.com")

පේලි දෙකට තිබුණට රන් වෙද්දි පෙන්නන්නේ එක පේලියේ
Tharaka kpgtharaka.blogspot.com

Console.write() වෙනුවට console.writeline() පාවිචිචි කරා නම් පේලි විදියටම බලාගන්න පුලුවන්
ඒක එහෙනම් කරලම බලාගන්නකෝ.

මේක ලිවුවෙ යුනිකෝඩ් එසැනින්පරිවර්තකය භාවිත කරල Windows XP 64bit PC SP1 වලට යුනිකේත ලියන්න ඉතිං මේක විතරයි නෙව තියෙන්නේ :) ඒක නිසා කෙටියෙන් තමයි මේක ලියන්නේ

ම් = alt+0239