Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Other. Show all posts
Showing posts with label Other. Show all posts

2018-12-12

මගියෙක් ලෙස කාර්යාල දුම්රිය රැගෙන ආ පරාර්ථකාමී දුම්රිය නියාමක මහතා


ප්‍රධාන දුම්රිය නියාමක යනු දුම්රියක් බාරව යන තැනැත්තාය. රියදුරුටත් වඩා දුම්රියේ වගකීම පැවරී පවතින්නේ ඔහු වෙතය. කොඩිය ඔසවනවාට, ටෝච් ගසනවාට වඩා ඉතා විශාල වගකීමක් දුම්රිය නියාමක වරයෙකුට පැවරෙයි. කලට වේලාවට දුම්රිය ප්‍රමාදයකින් තොරව ධාවනය කරවීමත් වේගය පාලනය කිරීමත් ඔහු සතුය. දුම්රිය සංඥා කණුවෙන් කණුවට දුම්රිය ගමන් ගත් වේලාව ලොග් පොතට සටහන් කරමින් දුම්රිය ගමන් ගන්නා සම්පූර්ණ කාලසීමාව තුලදීම ඔහු කාර්යබහුලව සිටිය යුතු වේ. ඉහත කරුණු සියල්ල සැලකූ විට දුම්රිය නියාමක තනතුර යනු ඉතා විශාල කාර්යභාරයක් සහිත රැකියාවකි. මගී දුම්රියක නියාමක යනු තවත් භාර්යදූර්ය කාර්යයක් වන අතර කාර්යාල මගී දුම්රියක් යනු ඊටත් වඩා වගකීම වැඩි භාර්යදුර්ය කාර්යයක් වන්නේය. මන්ද කාර්යාලයීය දුම්රියක් නියමිත වේලාවට වඩා ප්‍රමාද විම රටක සියලුම ආයතන වල කටයුතු ප්‍රමාද වීමට හේතුවක් වන නිසාය.


2018-12-11 වන දින එවන් නියාමක වරයෙකු තම නිවාඩු ලබා මාතරින් කොළඹ කොටුව සහ මරදාන බලා උදෑසන ධාවනය කරන සාගරිකා සීඝ්‍රගාමී දුම්රියට ගොඩවන්නේ ඥාතී නිවසක් වෙත යාමට 2 වන පන්තියේ සාමාන්‍ය මගියකු ලෙසින් කොළඹ බලා යෑමටයි.

නියාමක මහතා දෙවන පන්තියේ මගියකු ලෙස


නමුදු දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට සැපත් වූවත් සුපුරුදු පරිදි ගාල්ලෙන් ඉදිරියට ධාවනය නොවූ නිසා ඔහු රාජකාරියේ නොසිටියත් එලෙස නවතා තැබීම නුපුරුදු දෙයක් වූ බැවින් විමසීමට ඔහුට සිත් විය. එලෙස ප්‍රධාන නියාමක විමසා බැලීමේදි ඔහු හට පෙනී යන්නේ එදින සාගරිකා දුම්රියේ අවසන් දුම්රිය මගී පෙට්ටියක තිරිංග පද්ධතියේ ඇති Triangular Bar කොටස ලිහිල්වීම නිසා එලෙස ධාවනය නොවන බවයි. වහාම ක්‍රියාත්මක වන ඔහු තම ගමන ගැනවත් නොසිතා කම්බි කැබැල්ලක් ගෙන දුම්රිය මැදිරිය යටට රිංගා ගන්නෙ දෝශය නිවැරදි කර ප්‍රමාදය වලක්වා ගැනීමටය. එහිදී කම්බි කැබැල්ලෙන් එම Bar එක ගැටගසා තාවකාලිකව පිලියමක් යෙදූ බැවින් ගාල්ල දුම්රිය ස්ථානයෙන් විනාඩි 15ක ප්‍රමාදයකින් පමණක් සහිතව දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට හැකිවනවා.

අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය වෙත විනාඩි 20ක ප්‍රමාදයක් සටහන් වන්නේ කහව දුම්රිය ස්ථානයේ සංඥා දෝශයක් හේතුවෙනි. අම්බලන්ගොඩ පසු කර ඉදිරියට ඇදෙන සාගරිකා දුම්රියේ ප්‍රමාදය අප්‍රමාදව ජංගම දුරකථන වලට ලැබෙනුයේ RDMNS APP එකෙනි. එය මෙසේ සටහන් වී තිබුණි.

RDMNS යාවත්කාලීන කිරීම


අම්බලන්ගොඩින් පසුව නැවතුම වන අහුන්ගල්ල දුම්රිය ස්ථානයට සාගරිකා කාර්යාල දුම්රිය ලගාවූයේ ගාල්ල බලා දිවෙන මන්දගාමී දුම්රියට හුවමාරුවීමත් සමගිනි. ගාල්ල මන්දගාමී දුම්රිය ඉදිරියට ඇදුනු නමුදු නැවතත් සාගරිකා දුම්රිය ඉදිරියට ධාවනය නොවිණි. දුම්රිය ආරක්ෂක නිලධාරින් සමග සුහද පිළිසඳරක යෙදී සිට අප නියාමක මහතාට නැවතත් දුම්රියේ අසාමාන්‍ය නැවතුම් කාලය ඉව වැටුණි. එසැනින් තම අසුනින් නැගී සිටි ඔහු පා පුවරුවේ සිටි අයට “මල්ලි පොඩ්ඩක් ඉඩදෙන්න“ පවසමින් නැවත බිමට බැස ගත්තේය. “රෝහණ මල්ලි ඉන්නකල් බයවෙන්න දෙයක් නැහැ“ යනුවෙන් එක් ආරක්ෂක නිලධාරියකුගේ මුවින් පිටවිය.


නැවතත් දෝෂ සහගත දුම්රිය මැදිරිය යටට රිංගන ඔහු තම ඇඳුම ගැනවත් නොසිතා නැවත දෝෂ සහගත රෝධක කොටස සමග ගැටෙනු දක්නට ලැබුණි. ඔහුට උදව්වට මෙවලමක් ලෙස තිබුණේ මිටියක් පමණි. නැවතත් ඔහු එම කොටස ගැටගැසීමට තැත් කලත් එම උත්සහය ව්‍යර්ථ විය. එහෙත් ඔහු උත්සහය අත්හැරගත්තේ නැත. කෙසේ හෝ එම කොටස රදවා අලුත්ගම දුම්රිය අංගනයේ සහය හෝ ගැලපෙන මෙවලමක් මගින් මෙම දෝශය නිවැරදි කිරීම එහිදී ඔහුගේ අදහස විය.

රෝධක කොටසේ දෝශය පරීක්ෂා කරමින්


මෙහිදී තවත් කිහිපදෙනෙක් ඔහුගේ උදව්වට පැමිණි නමුත් දුම්රියේ කොටස් නිවැරදිව තිබිය යුතු ආකාරය ගැන නිවැරදි අවබෝධයක් තිබුනේ ඔහුට පමණි.

දෝශය තාවකාලිකව නිවැරදි කරමින් අහුංගල්ල දුම්රිය ස්ථානයේදී


මගීන් ගෙන් පිරී පැවති දුම්රිය සහ සිදුවන දෙය ගැන පරික්ෂාකාරීව පසුවන මගීන් පිරිසක්. එදින රාජකාරියේ නියුතු දුම්රිය නියාමකවරු, දුම්රිය ආරක්ෂක මහතුන් සහ අහුංගල්ල දුම්රිය ස්ථානයේ කාර්යය මණ්ඩලයේ පිරිසත් එතැනට පැමිණ අවශය සහයෝගයක් වේ නම් ලබාදීමට උත්සුක වුහ.


කෙසේ හෝ තාවකාලිකව දෝෂය නිවැරදි කරගෙන අලුත්ගම බලා ධාවනය වීමට කටයුතු සිදු කරන ලදී. (දෝෂය නිවැරදි කිරීමට ස්පැනරයක අවශයතාවය තිබුණත් ලබාගැනීමට හැකියාව ලැබුණේ මිටියක් පමණි)

අහුංගල්ල දුම්රිය ස්ථානයේදී


අලුත්ගම දුම්රිය ස්ථානය බලා ධාවනය කරවීමට ඔහු සිතූ නමුදු නැවතත් කොස්ගොඩ දුම්රිය ස්ථානය පසුවන විට නැවතත් අතරමග නැවත්වීමට සිදුවිය. සිත සිතා නොසිට නැවතත් ක්‍රියාත්මක වූ ඔහු නැවතුනේ සුපුරුදු මගී දුම්රිය මැදිරිය යටය. කෙසේ හෝ වරද නිවැරදි කර ධාවනයට සුදුසු තත්වයට පත් කර ගන්නට ඔහුට එහිදි හැකියාව ලැබුණි. නියමිත වේලාවට වඩා විනාඩි 45ක ප්‍රමාදයකින් පමණක් ප්‍රමාදය නවතාලීමට ඔහුට හැකි විය.
ඉන්පසු අලුත්ගම, දකුණු කලුතර, පානදුර, මොරටුව, බම්බලපිටිය ආදී සුුපුරුදු නැවතුම් වල පමණක් නවත්වමින්
කොළඹ කොටුවට 9:11 පමණ වනවිට ලඟාවීමට හැකවිය.


රැකියාවෙන් ලද වගකීම සාමාන්‍ය මගියකු ලෙස ගමන් කලද ඔහුට නොසලකා හැරීමට ඉඩ නොදුන් බැවින් ඔහු නිසා දුම්රියේ සියලුම මගීන්ගේ දිනය සුරැකිණි. සුන්දර සිනහවකින් නිතරම මුව සරසාගෙන සිටින ඒ වීරයා නමින් P.M.P රෝහණ නම් විය. ධාවනාගාරයෙන් පැමිණ වරද නිවැරදි කිරීමට සිදු වී නම් දවසින් බාගයක් ම එයට ගතවීමට ඉඩ තිබුණි. අත්දැකීම් බහුල නියාමක වරයකු වූ ඔහුට ඒ පිළිබඳ දැනීමක් තිබූ බැවින් මෙලෙස ඔහු විසින්ම දෝෂය නිවැරදි කරන්නට ඉඩ ඇත.

නියාමක මහතාගේ මජං රැදි දෑත්


එදින එම දුම්රිය ඔහුගේ වගකීමක් නොවුනද තම ඇදුම්පැලඳුම් සහ දෑත් කිලිටි කරගත්තේ එදින දුම්රියේ ගමන්ගත් මගී ජනතාව වෙනුවෙනි. එදින පැත්තකට වී සිටීමට ඔහුට ඇති තරම් අවස්ථාව තිබුණි. නමුදු ඔහු එසේ නොකලේ දුම්රිය තවත් ප්‍රමාදවීම වැලැක්වීමටය. මෙවන් නිලධාරීන් රටට සම්පතකි. එවන් නිලධාරීන් පණමෙන් ආදරය කරන දුම්රියන් රැක ගැනීම ඔබ සතු යුතුකමකි.

සටහන - කේ.පී ගයාන් තාරක



2012-05-18

Android එක්ක ජීවිතේ



Sony Ericsson Xperia X10 එක ගත්තට පස්සේ වැඩිය PC එකෙන් සෙල්ලම් දැම්මෙ නැහැ. වැඩිපුරම Connect කලේ charge කරන්න තමයි.. ඊට පස්සේ ඉතිං Gingerbread වලට Update කලා. ඕන නං තව වැඩිම උනොත් root කරන්න විතරමයි.. root කිරිල්ලත් දෙපාරක් කරන්න උනා. මොකද කියනවනම් මුලින් කරපු root කිරිල්ල අප්ඩේට් එකෙන් පස්සේ unroot වෙලා තිබ්බ හින්ද.

Google ගිණුමත් එක්කලම තියෙන හින්ද Application install කරන්න පුලුවන් කජු කනවා වගේ. පස්සේ නිකංම  phone එකට install වෙනවා net connect කරගමන්ම. හැබයි හොදම ඒව මෙව්ව නැතිව දෙන්නෙ නැති නිසා කළුකඩේ පිහිට තමා.

ඔපිස් ප්‍රෝ, හොට් ප(ර්)සුයිට් හිට දාල බැලුවා.

xmbc remote එක නං සිරාවටම වැඩ කරනවා.

අනිත්දේවල් නම් ඉතිං හැමෝම ට්‍රයි කරල ඇතිනේ.

යංතං ඇඩ් ටික අයින් කරගත්ත lucky patcher එකෙන් මතක හැටියට අයින් කලේ.

SE PC suite එකෙන් වැඩක් උනේ අප්ඩේට් කරන්න විතරයි. අන්තිමට හොයාගත්ත කන්ටැක්ස් මැසේජස් පික්චර්ස් මියුසික් මැනේජර් එකක්.

ඕන නං ට්‍රයි කරල බලන්න මෙන්න කඹේ  http://www.wondershare.com/android-manager/guide.html

නම MobileGo

තව experiments කරපුවනම් තියේ..

හොදම ඇප් දෙක කියල කියන්න පුලුවන් super manager සහ ES filemanager.






2011-12-11

ඉර හඳ තරු



කළුවර අහසට 
ආලෝකය දෙන්න
තරු රැසක් මළානික
ආලෝකයක් දෙද්දි
ආවාට පිරුණු
වටකුරු දෙයක්
ඒ එළියට වඩා 
හැමෝම ආස කරන
වැඩි මෘදු එළියක් 
පතුරුවලා ඒ අඳුර 
මකා දමන්න 
හැදුවත්,
ඒ හඳට 
මෘදු එළිය පතුරවන්න
උදව් වෙන්නේ
වෙන කෙනෙක්.

හැමදෙනාම
බැන්නට, 
ගණන් ගත්තෙ
නැති උනාට,
ඉර ඒ හැම දෙයම
උපේක්ෂාවෙන් 
විදගෙන ඉවසාදරා
ලෝකයේ හැමදෙනාටම
ජාති බේද නොසලකා
එක සමානව
ආලෝකය මෙන්ම 
උණුසුම බෙදා දෙනවා.

ඒත් මිනිස්සු  කතා කරන්නේ හඳ තරු ගැන විතරයි.

/\    /\
/  \  /  \
/ /\ \/ /\ \
/ /  \/ /  \ \
\ \  / /\  / /
\ \/ /\ \/ /
/\   \ \/  \ \/   /\
/  \  /\ \  /\ \  /  \
/ /\ \/ /\ \/ /\ \/ /\ \
/ /  \/ /  \/ /  \/ /  \ \
\ \  / /\  / /\  / /\  / /
\ \/ /\ \/ /\ \/ /\ \/ /
\  /  \ \/  \ \/  \  /
\/   /\ \  /\ \   \/
/ /\ \/ /\ \
/ /  \/ /  \ \
\ \  / /\  / /
\ \/ /\ \/ /
\  /  \  /
\/    \/

Tharu

2011-08-09

හඳ සහ මව

 

අන්න පුතේ අර බලන්න හඳ හාමිගේ හා පැංචා.
අම්මට පිස්සුද හඳේ කෝමද හාවෙක් ඉන්නේ.
ඔය පේන්නේ හඳේ තියෙන ආවාටනේ..


2011-07-21

අලුත් වැඩක් - පින්තූර ඇල්බම් එක

ඔන්න මාත් පටන් ගත්ත පින්තූර ඇල්බම් එකක්. තාක්ෂණික වැඩ වලට වඩා වෙනස් දෙයක්නේ.. හැමදාම ඒවම කරල හරියන්නෙත් නැහැනේ.. මේක මට ඉස්සරහට වඩාත් වැදගත් වෙයි කියල හිතෙනවා.

Flickr එකේ තමා කරන්නේ..මේක මං අරගනිපු පින්තූර වලින් මට හොදයි කියල හිතෙන පින්තූර ටික දාල හදාපු ඇල්බම් එකක්.

හදන්න හිතුනේ මං ගනිපු පින්තූරයක් දැකල කෙනෙක් ඇල්බම් එකක් නැද්ද කියල අහපු නිසා..  දැන් ඉතිං ඔන්න ගන්න ගන්න පින්තූර ඕකට දාන්න තමා හිතන් ඉන්නේ..

තාම ඉතිං හරියට කැමරාවක් වත් නැහැ.. මේව අරන් තියෙන්නේ මගේ ජංගම දුරකථනයෙන්.. කට්ටියට මතකද දන්නෑ අර රිමෝට් එකක් විදියටත් පාවිච්චි කරනව කීව එක තමයි.

කැමති නම් පින්තූර වලට කමෙන්ට් කරන්නත් පුලුවන්.. අකමැති නම් ඒත් පුලුවන්..
මට හුඟක්ම වටින්නේ පින්තූර ගැන කරන විවේචන තමා..
ඒ කීවේ.. මේක මේ විදියට ගත්තනම් මීට වඩා හොදයි කියල උපදෙසක් ගන්න පුලුවන් නම් තමා..

මොකද මං පොටෝග්‍රැෆි වත් ග්‍රැෆික් ගැනවත් වැඩි දෙයක් දන්නැති නිසා.

එහෙනම් ගිහිල්ලම බලන්නකෝ.

http://www.flickr.com/photos/54021321@N06/

2010-11-14

නුඹ මගේමද?


එකට ලංව දෑගිලි පටලා,
එකම වලහලක් යටට වෙලා ඉන්න,
ආත්ම ගණනක් ම පෙරුම් පිරුවත්,
සංසාරෙම පතා ආපු මගේ ආදරේ නුඹට මදි උනා...
සඳක් වෙලා නුඹේ ලෝකයට එලිය කරන්න හිතුවත්
නුඹට මාව තවත් එක පුංචිම පුංචි තරුවක් විතරක් උනා,
නුඹේ ලෝකයම සුවඳ කරන්නට හිතුවත්
නුඹට මාව අඹ මල් රේණුවක් විතරක් උනා.
මම මෙච්චර නුඹට ආදරය කරද්දීත්,
නුඹට මගේ ආදරේ දැනුනෙ වත් නැති උනාට,
තව තවත් නුඹට ආදරේ කලේ
නුඹ මගේමයි කියල
හිතපු නිසා


ඡායාරූපය: Google ඇසුරින් සොයාගත්තකි

2010-11-13

සඳ නැති ලෝකයක්



මුළු ලෝකයම එළිය කරමින්
සඳ එළිය දසත විසිරෙන්න,
ලස්සනට පිරුණු සඳ පායල තියෙද්දී.
මොහොතකට ඇස් දෙක පියාගත්තෙ
ඒ ලස්සන හිතින් විඳගන්නයි.
ඒත් ඇස් ඇරල බලද්දි,
මගේ ලෝකයම එලිය කරමින්
ලස්සනට අහසෙ පායල තිබුණු සඳ,
පෙනෙන්නට තිබුනෙ නැහැ.
වලාකුළු පෙරළමින් සෙව්වත්
ඒ සඳේ ඡායාවක් වත් පෙනෙන්නවත් නැහැ.
කවුරුන් හෝ ඇසිපිය හෙලන සැනින්,
ඒ සඳ මගේ අහසෙන් හොරකම් කරල.
ආයෙමත් ලස්සනට පායල තියෙනව දකින්න
ආස උනත් ඒ අහසෙ ඉතිරි වෙලා තිබුනෙ
දුබල ලෙස ආලෝකය පතුරන්නට වෙහෙසෙන
පුංචිම පුංචි තාරකාවන් කිහිපයක් විතරයි.
ඒත් කොපමණ උත්සහ කලත් ඒ තරුවලට
ගණදුර දුරු කරන්න බැරි උනා.
ඇසිල්ලකින් මුළු ලෝකයම අඳුරෙන් වැහිල ගියා.

ඡායාරූපය: Google ඇසුරින් සොයාගත්තකි

2010-08-16

UNIVOTEC Interview දවස හෙටයි.


ජුලි 27 University of Vocational Technology එකේ Aptitude Test එක ලිවීමෙන් පස්සේ ඔන්න Interview එකට හෙට එන්න කියල 10 වෙනිදා ලියුමක් ඇවිත්. අරන් එන්න කියල තියෙන්නේ
NIC එකයි Diploma සහ වෙනත් සහතික වල Original සහතිකයි. Industrial/ Work experience පෙන්නන්න පුලුවන් සහාය ලිපි තමයි.

ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් ඒ විභාගයට මුහුණ දීපු 11 දෙනා අතරින් තිදෙනෙක්ට හැර අනෙක් අයට interview සඳහා කැඳවීම් ලිපි ලැබී තිබුණා. මම හදාරන්න හිතාගෙන ඉන්නේ Bachelor of Technologyin ICT (Multimedia & Web Technology. Web Technology ගැන අත්දැකීම් තිබුණත් Multimedia ගැන නම් තියෙන්නේ සති 2ක පමණ අත්දැකීමක් විතරයි.

ඉතිං මේ දිනවල කරපු වැඩේ තමයි කරපු වැඩ ඔප්පු කරල පෙන්නන්න පුලුවන් ලිපි එක්රැස් කිරීම සහ සහතික ලබාගැනීම. අද දිනයත් ගත උනේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් National Diploma in Information & Communication NVQ මට්ටම් 5 සහ 6 සදහා විභාගයට මුහුණ දුන් බවට සහතිකය ලබාගැනීම සහ එහි වෙබ් අඩවිය සකස් කල බවට සහතිකයක් ලබාගැනීමයි. උදේ වරුව තුල ඒ කටයුතු කරගැනීමට හැකියාව ලැබුණා. ඊළගට ayurvedakurlaub.de අඩවිය තැනීම සම්බන්ධව සහතිකයක් ලබාගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බැලීමට Lawrence Hill Paradise ‍Hotel වෙත ගියා. එහිදී සිතුවාටත් වඩා හොද recommendation එකක් ලබාගත හැකි උනා.

ඊට අමතරව ඉතිං ජනවාරි 1 වෙනිදා සිට වැඩකරපු ස්ථානයේ සේවා සහතිකයත් සතුව තිබෙන බැවින් Interview එක සඳහා ඒ ඇති වේ යැයි සිතමි. ඉතිං හෙට තමයි ඒ තීරණාත්මක දවස. හෙට සිද්ධ වෙන දේවල් අනුව ඒක තීරණය වෙයි. හැබයි නොතේරුණත් හිතට දුකක් නෑ. ඒත් දැනට බලාපොරොත්තුවක් විතරක් හිතේ තියෙනවා.

ඒ අතරතුර තවත් Offer එකක් ආව. ඒක ගැන පස්සෙ ලියන්න ඕන.

2010-05-21

ටැබූ නිසා සටහන් පිටුවේ නව තාක්ෂණික ලිපි නොලිවීම

මගෙන් තාක්ෂණික ලිපි ලිවීම මගඇරිල ගිහින් කියල හිතෙනවද? එහෙම හිතෙනව නම් උත්තරය ඔව් කියලා කියන්නත් පුලුවන්. පසුගිය පෙබරවාරි මාසයේ උනු සිද්දියෙන් මවිසින් ආසාවෙන් ලියාගෙන ආපු තාක්ෂණික ලිපි ලිවීම මග ඇරී ඇති බැවි දැකිය හැකියි. ලිපි ලැයිස්තුව පෙන්නුම් කරන කරුණක් වන්නේ පෙබරවාරි වලින් පසු එවැනි ලිපියක් හරියකට ලියා නැති බවයි. ඇත්තටම කිවුවොත් ඒ පිළිබඳව තිබු ආසාව නැති උනා කියන්න පුලුවන්. ඒක නිසා තමයි වෙන අනං මනං ලියවෙන්නේ.

මේකෙ ලියවුණු තාක්ෂණික ලිපි ගොඩාක් දුරට මගේ අත්දැකීම් වලින් ලබා ගත් දැනුම එකතු කරල ලියපු ඒවා. ඒ ලිපි ලියල තිබ්බේ ‍කමෙන්ට් බලාගෙන නෙවෙයි. මටම වතු දිනයක ඒවා ඕන වෙන්න පුලුවන් නිසා.

ඒත් පසුගිය පෙබරවාරි මාසයේ දේශපාලන බ්ලොග් ලිපි වෙනම පිටුවකට ගෙනයාම නිසා ඇතිවූ තත්වය ගැන සමූහය තුල උණුසුම් සංවාද පවා ගිය අතර ඇතැමුන් ඒ සම්බන්ධයෙන් ලිපි පවා තමන්ගේ බ්ලොග් වල පල කර තිබුණා.

‍නමුත් මා එවැනි දෑ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වා සිටියෙමි. ඒ මා දේශපාලනික බ්ලොග් කරුවකු නොවූ බැවින් විය හැක. නමුදු පසෙක සිටි මවිසින් ලියූ ලිපියක්ම හුවාදැක්වමින් අදහස් ගෙන හැර පෑම එම කලකිරීමට හේතුව වන්නට ඇත.

මෙන්න එම taboosubject වෙතින් -ගෝරා- බ්ලොගයේ හි වැටුණු කමෙන්ටුව.

එම කමෙන්ටුවම Udeshika Dayarathna හෙවත් Local Taboo සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයට එවා තිබුණි.

මේ දෙකම සලකා බැලූවිට එක්කෝ මෙම taboosubjects, Udeshika Dayarathna හා local taboo යන පුද්ගලයින් තිදෙනාම එකකු විය හැකි යයිද මට සිතේ.

එයින් කියවෙන පරිදි මාගේ එම ලිපියට පාඨකයින් පොරකකා රැස්වෙන බව කියා ඇත්තේ තාක්ෂණික ලිපි උපහාස‍යට ලක්කිරීමට විය යුතුය. මන්ද එහි ති‍බෙනුයේ එකම එක පාඨක ප්‍රතිචාරයක් පමණකි. අනික මවිසින් එයට බැඳි පිලිතුරය.

මෙහිදී මා කමෙන්ටු බලාගෙන ලිපි ලියන්නකු නම් ‍මුලින්ම ෆෙඩෝරා වැනි මාතෘකාවක් ගැන නොලියා සිටිය යුතුය. මන්ද ලංකාව යනු බහුතරය ලිනක්ස් පරිශීලකයින් නොවන නිසාත් ලාංකීය ලිනක්ස් පරිශිලකයින් සියල්ල භාවිතා කරනුයේ Fedora මෙහෙයුම් පද්ධතිය නොවන බැවිනුත්ය.

කෙසේ හෝ එම සිද්ධියෙන් පසු මෙම බ්ලොගයේ තාක්ෂණික ලිපි ලිවීම මග ඇරුණි. නමුදු මගේ අත්හදා බැලීම් නැවතී නැත. ඒවා තවදුරටත් සිදු වෙමින් පවතින අතර වෙනම ලේඛණගත කරගෙන යාම කරන්නට පටන් ගතිමි.
නමුදු ඒවා මෙහි පලකිරීමට මාහට සිත් නොදෙන බව කිව යුතුය. ඉදින් මගෙන් තාක්ෂණික ලිපි බලාපොරොත්තු වූවෙකු සිටීයේ නම් "ඔබගේ බලාපොරොත්තු කඩ වීම පිළිබඳව සමාව ඉල්ලා සිටිමි"

මේ ඇගේ ගාන සබන් ජාතියක්ද නැත්තම්..

සබන් කිවුවම එ‍ක එක ජාතියෙ සබන් තියෙනව නෙව. ඇගේ ගාන එව්වා, මූණෙ ගාන එව්වා, තව රෙදි හෝදන එව්වා. etc... ඉතිං ඕව වර්ග කරල තියෙන්නේ ඒ ඒ කාර්ය්‍යන් කරන්න විශේෂයෙන් හදපු ඒව නිසානේ. ඊට අමතරව දීප් නඟාගේ අර ලක්ස් එම්බෙඩෙඩ් ඉන් ටු කොහොඹ සබන් නිෂ්පාදයකුත් තිබුණනේ. මතක නැත්තං ඕං ලිංක් එක දැම්ම ගිහින් බලාගන්න‍කෝ. මේ කතාව ඊට වෙනස් වෙච්චි සබන් කෑල්ලක් ගැනයි.

අද අලුත් සබන් ජාතියක් ගෙදරට ගෙනල්ලා. ගෙදර කට්ටියට මේ මොන සබන්ද කියල බේරගන්න බැරිව තර්ක කරනවා ඇහුණා. ඕන් ඊළගට මගෙනුත් ඇවිත් අහනවා මේක ඇඟේ ගාන එකක්ද කියලා. ඉතිං බැලුව හොදට හරවල මෙන්න එක පැත්තක්
ඒකෙ තියෙනවා ඹෟෂධීය ඇඟ ගල්වන සබන් කියලා. ඊළඟට අනිත් පැත්ත පෙරලුවම ‍පේන විදිය තමයි මේ තියෙන්නේ

ඒ පැත්තෙන් බලපුවම මේක Toilet Soap. දැන් මේකෙ මොන පැත්තද හරි. නැත්තම් මේ දෙපැත්තෙම ගහල තියෙන ඒව සමානද? මට නම් කිසිම අදහසක් නැහැ මේක මොන වර්ගයට අයිති සබන් කැටයක්ද කියලා. පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ මොනව කරන්නද මේ සබන් ජාතිය හොද කියලා..

2010-05-06

මෙන්න පහුගිය දවස් වල ‍Online සාජ්ජෙට සිංදු කියපු අය

කට්ටියට සාජ්ජේ කියල එකක් මතකද දන්නෙත් නෑ.මතක නැත්තං පටන් ගත්තු හැටි බලන්නකෝ. ඉතිං කට්ටියගෙ කාර්යබහුල වීම නිසා වෙන්න ඇති සෙනසුරාද දවස්වල තියපු සාජ්ජෙට වෙලාවක් හොයාගන්න බැරි උනේ. ඒ දවස්වල පැල් ‍බැදගෙන සාජ්ජෙට සිංදු කියපු හැටි මතක ඇතිනේ. නොදන්න අයට දැනගන්නත් එක්කල මේ සටහන ලියන්න හිතු‍නා. මේ පහුගිය සතිය තුල වැඩියෙංම සිංදු කියපු අය

anushkalakmal
budhajeewa
CrazyAnsh
danishkanavin
gayantha
malinthe
maduonline
naveenmadhawa
Nishacharaya
thameera
tharinduRM
udaraumd
virajsrc
zrimax

කරන්නෙ කොහොමද කියල වැඩිය කියන්න‍ දෙයක් නෑ සිංදු අතරතුර Hint පාස් කරන්න පිළිතුරු ගී ලියන්න කට්ටිය මේ වැඩේ කරනවා මේං මේකට ගිහිං බැලුවනම් තේරෙයි. වැඩි දෙයක් කරන්න ඕන නෑ. twitter ගිනුමක් හදාගන්න. යාලුවො කරන දේවල් දැනගන්න ගමන් මතක්වෙන සිංදුවක් දෙකක් කියන්න. පටංගත්තු දවස්වල තිබ්බ හැටි තමයි නියම. කට්ටිය මොකද කියන්නේ ආයෙම වැඩේ පටා..න් ගන්නවද?

2010-05-05

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් II

රාත්‍රි 9.00 ට විතර මතක් උනා තව පෙර ගෙවුම් එකක් තිබුණ කියලා. දාල බැලුවා ඒකත් ඩිස්කනෙක්ට්. ඩිස්කනෙක්ට් වෙච්ච එකක් අරගත්තු නිසා සේ මෙචච්චර කට්ටක් කෑවේ. වැඩ කරන එකක් හොයාගත්ත නම් හරි කියලා හිතුනා.

ගෙදර පෙර ගෙවුම් එකක් පාවිච්චි කරන්නේ නංගි විතරයි. ඉතිං පහුවෙනිදා රීලෝඩ් එකක් දාල දෙන පොරොන්දුව පිට ඒක ඉල්ල ගත්තා. අයිය නැති නිසා E220ත් නෑ. සිම් දෙක මාරු කරා. හැබයි ෆෝන් දෙකම මම ලඟ ;)
කනෙක්ට් වෙන්න පුලුවන්ද බැලුවා. ගින්දර වගේ වැඩ. එවෙලෙම දැම්මා Daily Delight (25) පැය 2ක් විතර පාවිච්චි කරා. කරපු වැඩ ටික අනුව ඒක ඉවර ඇති කියල හිතුණා. ඉතිං ඔන්ලයින් වැඩ ටික නවත්තල එදා ඕෆ්ලයින් වැඩ කරන්න ගත්ත.

පහුවෙනිදා උදේම වැ‍ඩට යන ගමන් ගත්ත ඇමතුමක් මොබිටෙල් පාරිභොගික සේවා අංශයට. අපරාදේ කියන්න බෑ විනාඩියක් යන්නත් කලින් කෙනෙක් කතා කරා.(කතා කරන නම්බර් එක අනුවත් සෑහෙන වෙනසක්). මම දාපු පැමිණිල්ලෙ අංකය දීල විමසීමක් කරා. පොඩ්ඩක් ඉන්න කියල ඕං දැම්ම අර ඇඩ් පෝලිම. ටිකකිං කට් උනා. මං යමින් ගමන් නිසා සිග්නල් වල තත්වය මදි වෙලාද දන්නෙත් නැහැ. ටිකක් වෙලා ඉදල ආයිම ගත්ත. කලින් වගේම විනාඩියක් යන්නත් කලින් නියෝජිතවරියක් සම්බන්ධ උනා. ඉතිං නැවත මුල සිට විමසීමක් කරන්න උනා. අන්තිමේදි පැමිණිල්ල අරගනිපු නියෝජිතයව දැනුවත් කරන්නම් මේ සම්බන්ධයෙන් හොයල බලන්න එයා කෝල් එකක් දෙයි කියල කිවුවා.

වෙන මුකුත් දැනගන්න තියෙද කියල ඉතිං එයාල අන්තිමට අහනවනේ. ඒ වෙලාවෙදි මට අහන්න හිතුන මොබිටෙල් පැකේජ පිලිබඳ විස්තර. මොකද මං පාවිච්චි කලේ 2003 මොබිටෙල් හදුන්වාදීමෙදී ගත්තු Cool 100 එකක්. ඒක නම් මාසෙට රු100 යි. ඒ දවස් වල නම් පිටතට ගන්නා ඇමතුමකට රු 11ක් විතර අය කරනවා. පස්සේ සහන දීල දීල දැන් වීඩියෝ ඇමතුම් විනාඩි 100ක් නොමිලේ ලැබෙනවා. බලද්දී පස්සෙ දීපු Cool Plus 100 එකම තමයි.
අවම දත්ත පැකේජය ගැන විම‍සීමේදී දැනගන්න ලැබුනේ මාසික ගාස්තුව රු 300 ක් වෙන Active F එක තමයි. ඒකෙ නම් විනාඩි 300ක විඩියෝ ඇමතුම් සහ 300Mb දත්ත ප්‍රමාණයක් නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා.
ඊළගට තියෙන්නේ SRIL කියන පැකේජය. ඒකෙ මාසික ගාස්තුව රු 500යි සාමාන්‍ය ඇමතුම් විනාඩි 500ක්, වීඩියෝ ඇමතුම් විනාඩි 500 ක කාලයක් සහ 500Mb දත්ත ප්‍රමාණයක් නොමිලයේ භාවිත කරන්න අවස්ථාව ලැබෙනවා.
(නොමිලයේ කිවුවට ඉතිං අපි මාසෙකට ගාණක් ගෙවලනේ) ඒත් සාමා්‍යයෙන් මාසෙට වියදම් වෙන ගාණ අනුව බැලුවම ඔයින් පැකේජයක් ගන්න එක ලාබයි පෙරගෙවුම් එකක් භාවිතා කරනවට වඩා.
වැඩි විස්තර ඕන නම් මොබිටෙල් වෙබ් අඩවියේ මෙන්න මෙතනින් ගන්න පුලුවන්

මාසෙට 1000 ට 2000කට ව‍ඩා වැඩියෙන් වියදං වෙන කවුරු හරි ඉන්නවනං මෙන්න මේවා හොදයි

ඔන්න ඉතිං කතාව වෙන පැත්තකට යනවා. ආපහු මාතෘකාවට එමු. ඉතිං අර පැමිණිල්ල දාපු නියෝජිතයා අමතන කං බලන් ඉන්න වෙනවා. ඕං ඔ‍ෆීසි‍යට ඇවිත් වැඩ කරන කොට ‍ආව මොබිටෙල් එකෙන් ඇමතුමක්. කතා කලේ අර නියෝජිතයා. ඇත්තම කියනවනම් පැමිණිල්ල ලියාගෙන තියෙන්නේ නියෝජිත වරියක්. එයා කලිං ගෙදරට කතා කලාලු. ෆෝන් එක රිං වෙනවා ආන්සර් කලේ නෑ. කිවුවා. ඉතිං පැහැදිලි කරල කිවුවා ගෙදර තියෙන SLT දුරකථනය තමයි රැහැන් කපාදාල තියෙන්නේ. ඒක වැඩ කලා නම් මට වීක්ලි ඩිලයිට් එක දාන්න ඕනත් නෑ ඒකෙන්ම ADSL අරන් තියෙන නිසා කියල. කොහොම හරි ඉතිං ආපහු මං අර දාගත්තු Weekly Delight එක අයින් කරගන්න කං ‍මුදල් ලබා දෙන්න විදියක් නෑ. ඒක අයින් කරගත්ත ගමන් මුදල් ආපසු ලැබෙයි කිවුවා. මට ඒත් සැකයක් ආව රු 75යි නේ Weekly Delight ‍දාන්න යනව කියන්නේ. සම්පූර්ණ අය කිරීම රු 98.98ක්. ඒ ගැන විමසීමේදී කිවුවේ ඒ සම්පූර්ණ මුදලම ලබා දෙන බව තමයි. ඉතිං ඒක ආපහු ලැබුණට පස්සේ ජංගම දුරකථනයේ සැකසුම් පරීක්ෂා කරල නැවත Weekly Delight දාගන්නත් කිවුවා. ආපහු දාන්නේ මොකටද මේ වෙච්ච දේ හොදටම ඇතිනේ. අර වැඩ කරන සිම් එකටම ගිණුමෙ ශේෂය මාරු කරගත්තනම් හරිනේද කියල හිතල ඒ මුදලට නැවත නොදා ඇමතුම් ගන්න භාවිතා කරන්න බැරිද කියල ඇහුවා. ඒකට කැමති දෙයක් කරන්න පුලුවන් කියල එපාර කිවුවා.
ඒ ඇමතුමෙන් පස්සේ ඔන්න #170# මගින් දාගනිපු Weekly Delight එක අක්‍රිය කලා. ඒත් මුදල් නම් ආපහු ලැබුනෙ නෑ. හවස 2ට විතර ගියා මාතර මොබිටෙල් ශාඛාවට තියෙන පැකේජය පාඩුයි වගේ නිසා ඒක ‍මාර කරගන්න තමයි ගියේ. ඒකත් මාරු කරල ඉවරවෙලා අර කරපු පැමිණිල්ලෙ නවතම තත්වය මොකක්ද කියල විමසීමක් කරා. ‍එයාල මූලස්ථානයත් එක්කල කතා කරල බලල අද හවස 5 ට කලින් නැවත මුදල් ලබා දෙන බව දැනුම් දුන්නා.

ඉතිං කොහොම හරි හවස 6 ට විතර බැලුවත් අර මුදල ආපහු ඇවිත් තිබුනෙ නෑ. Daily Delight දාපු සිම් එකට #170# ගහල බලද්දි තවත් පැය කිහිපයක් සහ මෙගාබයිට කිහිපයක් ඉතිරිව තිබුණා. එදා දවසත් ඒ සිම් එකම භාවිතා කරන්න පුලුවන් උනා. මෙන්න ඒ වෙලාවෙ වේගය


කොහොම හරි පහුවෙනිදා උදෑසන වෙනකොට නැවත රු 98.98ක් වෙච්ච මුලු මුදලම මගේ ගිණුමට ආපහු ඇවිත් තිබුණා. ඕං ඔහොමයි ජංජාල ගත වෙන්න ගිහිල්ල වෙච්චි ජංජාලෙන් බේ‍රුනේ. දැන් නම් ADSL එක යථා තත්වයට පත් කරල ආයෙම හොරු කපයිද දන්නෙත් නෑ. :)

2010-04-25

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් I

පහුගිය මාසේ 24 වෙනිදා විතර අපේ ගෙවල් පැත්තට එන ටැලිෆෝන් වයර් සෙට් එකේ 4' කේබල් එක කපල දාල කියල කලින් පෝස්ට් වලත් ලිවුවනේ. ඉතිං ටැලිෆෝන් නැති කල කවර ADSL ද? මේ ලියන්නේ ඊට පසු ජාලගත වෙන්නන දරපු මහන්සිය තමයි. දවස් දෙකකින් විතර SLT එකේ ඉන්ජිනේරුවෝ ඇවිත් නැවත යථා තත්වයට පත් කරා. ඒ වෙනකොට කේබල් කපපු අය පොලිසිය විසින් අත් අඩංගුවට අරන්ලු. (බඩුත් එකකම හොරු). ඇප දුන්නෙත් නෑ කියල තමයි කිවුවේ.

ඒත් හදපු දවසටම පහු වෙනිදා ආයිම අර කපපු තැනට පොඩ්ඩක් එහායින් ආයිම කපල. කපල තියෙන තැනට පොලිස් මුරපොලේ ඉදන් 200m විතර ඇති. ඒ වගේම ප්‍රදේශයේ තවත් පොලිස් මුරපොලවල් අවටිනුත් කේබල් කපාගෙන ගිහින්. නිකං බිල ගෙවන්න මොකටද SLT ආයතයෙන් විමසීමක් කරා. පලවෙනි පාර කිවුවා කොහොමත් බිල් එක ගෙවන්න වෙනවා කියල. ඉතිං අන්තිමට තීරණය කරා ADSL විසන්ධි කරන්න. විසන්ධි කරන්න ගියාම කියනවා බිල් එක අඩු කරන්නම් ලු. දැන්ම හදන්නැත්ද කියල ඇහුවම පොලීසියෙ කිසිම මෙව්ව එකක් නැති නිසා හදන්නැද්ද මොකක්ද කියල තිබුණ. ඉතිං අපි තීරණය කරා මේක නිවුස් එකක් කරන්න. කරල මාධ්‍ය වලට දුන්න. තවම හදල නෑ.

ඒත් ඕව හදනකං නෙට් නොයා ඉන්නයැ. අයියගේ Airtel Unlimited Sim එකයි E220යි තමයි අවුරුද්ද දවස් ටිකේ පාවිච්චි කලේ. Airtel 3G මේ පැත්තට නෑ. ඉතිං EDGE තමයි. මාර ස්ලෝ. මේල් එක වත් හරියට ලෝඩ් වෙන්නෑ.ඉතිං Unlimited උනා කියල කන්නයැ.හැම ජාතියම දාල බලුවා හොදට සිග්නල් තියෙන්නේ මොකේද කියලා. Etisalat එකෙත් EDGE විතරයි. Dialog පෙර ගෙවුම් සල්ලි ඉක්මණට ඉවරයි. අන්තිමේ හොද උනේ පාවිච්චි කරන මොබිටෙල් ම තමයි.



පහුගිය 18 වෙනිදා පරණ මොබිටෙල් සිම් එකේ දුවිලි පිහදාල අරන් ෆැක්ස් එකක් යවල සක්‍රිය කරගත්ත. 100ක් රීලෝඩ් කරා. ගත්ත 141 එකට කෝල් එකක්. 6 ගහල Weekly Delight (75)ඇක්ටිව් කරා. 75යි කිවුවට හරි ගාන රු 98.98. දැන් ඔන්න E220කට සිම් එක දාල නෙට් යන්න බැලුවම කනෙක්ට් වෙන්නෑ. එතකොට උදේ 7ට විතර ඇති. සැකසුම් දෝශයක්ද කියල සැකයක් ආපු නිසා පසු ගෙවුම් සබඳතාව දාල බැලුවා. හොදට වැඩ කරනවා. සිම් එකේ මොකක් හරි අවුලක් කියල තේරුණා. ගත්ත පාරිභෝගිකයන්ට කෙලවීමේ අංශයට 2පාරකට වඩා කතා කලොත් දැන් කීයක්ද කැපෙනව කියලත් කියනවා ඇහුනා. කොහොම හරි නියෝජිතයෙක් කතා කරා විනාඩි 20කට විතර පස්සේ.
ඉතිං ගැටලුව කිවුවා.

සිම් එකට weekly delight දැම්මා. බ්ලා... බ්ලා....බ්ලා..

මෙහෙන් අවුලක් නැහැ. සිම් එකට ඇක්ටිව් වෙලා තියෙන්නේ. සර්ගෙ මොබයිල් එක මොකක්ද ඇහුවා. ඉතිං මොබයිල් එකේ වර්ගය කිවුවා. දැන් සෙටිංග්ස් එවන්නම් කිවුවා. .

මං කිවුවා සෙටිංස් වල අවුල් නෑ. අනිත් සිම් එකෙන් කනෙක්ට් වෙනවා. ඒ උනාට එහෙම හරියන්නෑ කියල සැකසුම් ටික එවුවා. ඕෆ් කරල තියල ඔන් කරන්න එතකොට හරියයි කියල කිවුවේ. මං කිවුවා ෆෝන් එකේ නෙවෙයි මොඩම් එකටත් වැඩ කරන්නැහැ කියලා. පොඩ්ඩක් ඉන්න කිවුවා. විනාඩි 2ක් විතර ඉන්න ඇති කට් උනා. ඉතිං !@#$%^&*()

මාත් ඉතිං කරලම බැලුව. සිම් එකට Packet Data සක්‍රිය නැ වගේ තමයි ෆෝන් එකේ පෙන්නෙන්නේ. Always online දැම්මම අර 3G යටින් වැටෙන කැඩි ඊතල පෙන්නන්නෑ. ඒ කියන්නේ Packet Data Not Available කියන එකනේ.

ආපහු ගත්තා අර ඉස්සෙල්ල ගනිපු සේවාවටම තවත් විනාඩි 20ක් විතර හිටියා ඔන්න නියෝජිතවරියක් ආව. ඒ පාර ඇහුවා කෙලින්ම weekly delight දැම්ම නෙට් යන්න බෑ මොකද කියලා. පාවිච්චි කරන්නේ මොකක්ද ඇහුවම කෙලින්ම E220ක් කිවුවා. ආයිම කියපි එහෙන් අවුලක් නෑ සෙටිංග්ස් හදාගන්න කියලා. මම දන්නැද්ද සෙටිංග්ස්. කෙලින්ම ඇහුවා මොඩම් එකට දෙන්න තියෙන්නේ apn එක mobitel3g නම්බර් එක *99# නේද කියල. එහෙනම් පොඩ්ඩක් ඉන්න කිවුවා. ඉතිං ආයිම හිටියා. විනාඩි 3ක් විතර ඉදල ආයිම කතා කරා.වෙන ඩොංගල් එකකට දාල බලන්න. ෆෝන් එකකට දාල බලන්න. අනං මනං ටිකක් ආයිම කිවුවා. මං කිවුව සේරම කරල බලල බැරි වෙච්ච නිසා තමයි ඔයාලට කතා කරේ කියල. එපාර ආයිම ඉන්නලු ඉතිං ඉන්නව ඉන්නවා. ඔන්න ආයිම ටික වෙලාවක්(විනාඩි 5ක් විතර) ඉදල කියනවා සර්ගෙ එකවුන්ට් එකේ සල්ලි මදිලු. මං කිවුවා 100ක් දාල තමයි ඇක්ටිව් කරේ. එතකොට කියපි රු 75 ට බදු එක්ක රු 98.98 ක් යනවා. දැන් රු 1 සත ගාණයි තියෙන්නේ. එපාර කියනවා නෙට් යන්න නම් අවම රු 2ක් තියන්න ඕනලු. එකවුන්ට් එක රීචාර්ජ් කරල බලන්නලු. මටත් දැන් ඇතිවෙලා බලං ඉදලම මේ වෙනකොට 10ටත් කිට්ටු වෙලා තිබුනා. හරි මං ඒකත් කරල බලන්නම් කියලා තිබ්බා. 2වෙනි චාන්ස් එකත් ඉවරයි. මැසේජ් එකක් ආව. තව පාරක් ගත්තොත් charge කරනව කියල තබයි තිබුනේ.

රිලොඩ් එකක් දාල බලන්න ඕන කියල හිතුන නිසා ඕං යාලුවෙක්ට කෝල් එකක් දීල කිවුවා 20ක් දාන්න කියලා. 20ත් ආව දැන් එකවුන්ට් එක රු 21.02 දැන් හරිනේ කිවුව විදියට දැන් නම් නෙට් යන්න බැරි වෙන්න විදියක් නෑ. ඔන්න ආයිම ට්‍රයි එකක්ද දුන්න. මොන අර විදියමයි. දැන් මොකද කරන්නේ. ආපහු ගත්තොත් charge වෙනවා. විනාඩි 20ක් විතර බලන් හිටියොත් රු20 ආයිම ඉවරයි.

එතකොට තමයි මතක් උනේ මම පාවිච්චි කරන්නේ මොබිටෙල් පසු ගෙවුම් පැකේජයක් කියලා. ඇමතුව පාර්භෝගික සේවා අංශය. විනාඩියක් යන්නත් කලින් ඕන් නියෝජිතවරියක් කතා කරා. එපා වෙලා හිටපු හින්දම උදේ ඉදන් උනු දේවල් කිවුවා. එක පාරක් ගත්තම කට් උනා. කරන්න කිවුව සේරම කලා තාම ඔයාලට හදල දෙන්න බැරි ඇයි කියලා. එපාර කියනවා අර සිම් එකෙන්ම කතා කරන්නලු. මං කිවුව ඒක මොඩම් එකේ තියෙන්නේ. ඒකයි මේකෙන් ගත්තේ කියලා. තද වෙච්ච නිසා මම කෙලින්ම කිවුවා නෙට් යන්න හදල දෙන්න බැරිනම් කැපිච්ච ගාන රිෆන්ඩ් කරන්න කියලා. එපාර අදාල අංශයට ඒ ගැන පැමිණිල්ලක් ගොනු කරන්නම් කියලත් කිවුවා. Weekly Delight එක ඉවර වෙන්න කලින් නෙට් යන්න හරි රිෆන්ඩ් එක හරි නොලැබුනොත් TRC එකට පැමිණිලි කරනවා කියල මම කට් කලා. එදා දවසත් සුපුරුදු විදියටම නෙට් නැතිව ගත කරන්න හිතුවත් පසුගෙවුම් පැකේජ් එකෙන් කනෙක්ට් වෙලා මේල් එක විතරක් චෙක් කරා. BCS එකේ විභාගය 21,22 නිසා Admission එක ප්‍රින්ට් කරගන්නත් ඕන.ඒත් මේල් එක හොයාගන්න බැරි උනා.

මේක මාගලක් වෙලා වගේ වැඩිය දිග ඒව කියවන්න කම්මැලි ඇතිනේ. අන්තිමේ ආපහු ජංජාල ගත වෙච්ච හැටියි අර රු 98.98 ට වෙච්ච දේයි ගැන ඊලග පෝස්ට් එකේ දාන්නම්.

2010-03-18

ඇපල් ලැප්ටොප් එකක් සාදා ගන්නා අන්දම



ඇපල් කිවුවම කවුද නොදන්නේ. ඒ තරම් ජනප්‍රියයි නෙව. ඒක වෙන්නැති විජය ග්‍රැෆික්ස් එකෙත් දොරේ ඇපල් සමාගමේ ඇපල් ගෙඩිය ගහං ඉන්නේ. :D කවුද කැමති නැත්තෙ ඇපල් ලැප්ටොප් එකක අයිතිකා‍රයෙක් වෙන්න. ඉතිං සරල පියවර කිහිපයකින් පහසුවෙන්ම ඇපල් ලැප්ටොප් එකක් හදාගන්න හැටි බලමු.


මුලින්ම අවශ්‍ය කලමනා සූදානම් කරගෙන වැඩේට බහිමු. මුලින්ම ලැප්ටොප් එකක් සපයා ගන්න. එය කුමන වර්ගයේ එකක් උවද කමක් නැත. ඊට අමතරව විනිවිද පෙනෙන ‍පළළින් වැඩි ටේප් රෝලක් සහ අවසන් වශයෙන් කොළ පැහැති ඇපල් ගෙඩියක් ‍සපයා ගන්න.

ඇපල් ගෙඩිය ලැප්ටොප් එකේ ලිඩ් එකේ පිට පැත්තෙන් තබා ටේප් වලින් රදවන්න. එපමණයි දැන් එය පහත රූපයේ පරිදි දිස්වනු ඇත.



සුභ පැතුම් දැන් ඔබ සතුව ඇපල් ලැප්ටොප් එකක් ඇත. කෝලං ඩී

ලැප්ටොප් එකක් සපයාගැනීට අපහසුනම් ඇපල් ඩෙක්ස්ටොප් එකක් මෙයාකාරයෙන්ම සාදාගගත හැක.

2010-03-02

නිවහන අලුත්වැඩියා කරමින් සිටිමි

අවුරුද්දක් තිස්සේ හිටපු තැනනේ. ඔන්න මටත් හිතුන නිවහන අලුත්වැඩියා කරන්න. ඉතිං තීන්ත පාරක් ගාල අදහස් වඩා ප්‍රළුල්ව පෙන්නන්න ලිපි පෙන්වන තීරුව ටිකක් ප්‍රමාණයෙන් වැඩි කරල ලෝඩ් වෙන්න වෙලා යන ඒව වෙනමම පිටුවකට පිටුවහල් කරල දැම්මා. තවම වැඩ ඉවර නෑ. ටික ටික හදන්න ඕන. ඉතිං ඒක හදන කං මං බ්ලොග් එක නොලිය ඉන්නවට වඩා ‍ලියන එක හොදයි කියල හිතුනා.

මූණු පොතේ ට්වීටරේ ඉන්න යාලුවො නම් දන්නවා ඉරිදා පොඩි (පොඩිමත් නෑ) රවුමක් ගැහුව විත්තිය. ඒ ගැනත් ලියන්න තියෙනවා. ඩොටේ ‍ඩොට් වෙන ගමකට ගිහන් ආව.

ඒ ඔක්කොම ලියන්න ඕන අමතක වෙන්න කලිං ඊටත් කලිං මාස ගානක ඉදන් ඩ්‍රාෆ්ට් තුනක් එකතු වෙලා තියෙනවා ඒටික ලිපි බවට පත්කරන්නත් ඕන.

තීම් එක Internet Explorer වලට නම් කචල් ඇති. Firefox වලට තමයි හැදුවේ. ඉතිං දැනගන්න ඕන කට්ටියට පේන්නෙ කො‍හොමද කියලා. Internet Explorer වල ඉන්න කවුරු හරි කියන්නකෝ පේන විදිය කචල්ද නැද්ද කියලා.

2010-02-14

දෙවන වසර ආරම්භය.

ඔන්න පෙබරවාරි 14 වෙනිදත් ආවා.
ඉතිං පෙබරවාරි 14 විශේෂ ‍වෙන්නෙ ඇයි.

ආදරවන්තයි‍න්ගේ දිනය කියන නිසා නම් නෙවෙයි. මේ කියන්න යන්නේ සිංහල බ්ලොග් අවකා‍ශයේ තියෙන තාරක‍ගේ සටහන් පිටුව කියන මේ සිංහල බ්ලොග් අඩවියට පෙබරවාරි 14 වෙනිදා තියෙන විශේශත්වය මොකක්ද කියලා.

ඉතිං අදට හරියටම වසරකට කලින් අන්තර්ජාලය නම් මහා දැනුම ගබඩාවට තවත් එක පුංචිම පුංචි බ්ලොග් අඩවියක් ආරම්භ උනා. ඉතිං එදා ඉදලා ලියඋනු ලිපි ටික සංඛ්‍යාත්මකව ගත්තොත් 114ක් වෙනවා. මේ තියෙන්නේ එදා සටහන් කරපු තාරකගේ පළවෙනි සටහන

ඒ සටහනත් එක්ක පටන් ගත්තු සටහන් පිටුවට හැම මාසෙකම නොවැරදීම සටහන් එකතු උනා. ඉතිං මේ සටහනත් එක්ක තාරක සටහන් පිටුවත් අරගෙන ඉර වටේ රවුමක් ගිහිල්ල තියෙන්නේ තාරකටත් නොදැනීමයි.



සටහන් පිටුව ආරම්භ කරාට පස්සේ බ්ලොග් එක කියවපු කියවල අදුන ගත්තු අය එක්ක කොච්චර මේල් යවලා චැට් කරලා ස්කයිප් හරහා කතා කරල තිබුනත් ඒ අය හමුවෙලා දැන හදුන ගන්න ලැබීම මේ අවුරද්ද තුල සිදු වෙච්ච වැදගත්ම දෙයක් කියල කියන්න පුලුවන්.

මුලින්ම දක්ෂිණ ලිනක්ස් සංසදය ආරම්භ කලෙත් එහෙම හම්බෙලා දැන අදුනගෙන හිටපු අය එක්ක නෙවෙයි. දක්ෂිණ ලිනක්ස් සංසදයේ පළමු වැඩසටහනට ගියත් කවුරුවත් මූණ බලල අඳුන ගන්න බැරි උනා. වැටසටහන සංවිධානය කරගත්තෙත් අන්තර්ජාලය හරහාමනේ. එපාර ඩනිෂ්ක අයිය තමයි මුලින්ම කතා කරල අඳුන ගත්තේ ඊටත් පස්සේ ගයාන් කල්හාර, අනුෂ්ක ලක්මාල්, කල්ප පැතුම්, වී අමිත්ත ;) බන්දුල සර් එහෙම අඳුනගත්තා. ටිකක් වෙලා යනකොට අර මුලින් දැනුනු නුහුරු ගතිය නැතිඋනා. කට්ටිය සෑහෙන කාලෙක ඉඳල දන්නව වගේ ආශ්‍රය කරන්න පුලුවන් උනේ අන්තර්ජාලය තුලින් කතා බහ කරල තිබුණ නිසා වෙන්න ඇති.

දක්ෂිණ ලිනක්ස් සංසදය තුලින් අප පාසල් රැසකට නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුළු කලා.ඒ සියල්ලම මෙහෙම සඳහන් කරන්න අමාරුයි. ඒ අතර මම බටපොල නවෝද්‍යා පාසල වෙනුවෙන් නිදහස් හා වීවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් සංවිධානය කලා. එදා තමයි ගෙදරින් දැනගත්තේ මම මේ කරන දේවල් මොනවද කියලා ;) (මගේ අම්මා ගුරුවරියක්) ඉතිං ගෙදර ඇවිත් මට ඌන පූරණ කරන්න විතරයි තිබුනේ. අම්මා සේරම දේවල් අනිත් අයට කිවුවා. මෙන්න මෙහෙමයි වැඩේ උනේ කියලා.

දේශීයකරණ වැඩමුලුත් අමතක කරන්න බෑ ඒ වැඩසටහනෙන් පස්සේ මම කරපු එක තමයි මේ
ඊටත් පස්සේ හන්තාන ව්‍යාපෘතියට දායක උනේ. හන්තාන ව්‍යාපෘතිය හදුන්වා දුන්නේ Software Freedom Day එක දවසෙදී ඒ අයත් එක්කම තවත් කිහිප දෙනෙක් හමු උනා. හිරන්‍ය ශ්‍රීමාල් සහ ප්‍රවීන් ඉන්ද්‍රනාමත් ඒ අය අතර හිටියා.

ඒ අතර තවත් එකක් කට්ටියටම අමතක නොවන හමුවීම මතක ඇති. විස්තර කියන්න ඕන නෑනේ. හැම බ්ලොග් එකකම වගේ ලිවුවනේ ඒක ගැන.

මෙන්න ලින්ක් ටිකක්. සිංහල බ්ලොග් අවකාශයට අලුතින් ආපු කස්ටියයි මතක නැති කට්ටියයි, මතක් කරල නැවත ඒ අවස්ථාව විදගන්න ආස අයයි ආපහු පාරක් ගිහින් බලන්නකෝ

මේ මගේ කැමරාවේ (ඇත්තම කිවුවොත් ජංගම දුරකථනයේ) සටහන් වෙලා තිබුණු සොදුරු මතකසටහන් ටිකක්.


ගයන්තට කන්න පුලුවන් දේවල් තොරන ගමන්
මෙයා කෑම තේරුවනම් තාම තෝර තෝර ඉන්නවා

ශ්‍රී ශානු තාම කෑම කන්න කලින්



මේ තමයි සමූහ ඡායාරූපය ගත්ත හැටි. අර කලින් දාපු ලින්ක් වල කිහිප තැනකම තියෙන නිසා මෙතන සමූහ ‍එක දැම්මෙ නෑ.

නෑෂ් කැමරාව මානමින්..


කාලිංග අයියගේ සමූහ ඡායාරූපකරණය



දකුණු පළාතේ වර්ෂයක් පුරා බ්ලොග් ලියපු තුන්දෙනෙක් :D


අන්තිමට වටිනම පින්තූරේ. බළලා හිනා වෙනව හෙම නෙවෙයි ඕං. ;)

ඉතිං ඔන්න ඔය විදියට තමයි මේ පහුඋන අවුරුද්දක කාලය ගත උනේ..

අවුරුද්දක් පුරා මේ බ්ලොග් එකක් ලියාගෙන ගිහිල්ල ඒකේ සටහන් සියයකටත් අධික ප්‍රමාණයක් තියල කියල හිතෙන කොට මටත් ඇත්තටම පුදුම හිතුනා. මොකද මම එච්චරම ලිවීමේ දක්ෂයෙක් නොවන නිසා. ඒ කොහොම උනත් මේ වෙද්දී සටහන් පිටුවේ පළමු සංවත්සරය සමරන්න වෙලාව ඇවිල්ලා. ඉතිං ඒ අවුරුද්ද පුරාම මාත් එක්කම හිටපු තාරකගේ සටහන් පිටුවේ ප්‍රතිචාර දක්වලා මට සහයෝගය දක්වපු, ප්‍රතිචාර නැති උනත් සටහන් පිටුවට පා තබල කියවපු , කියවපු නැතත් පා තබපු හැමදෙනාටමත්, සටහන් පිටුවට පා නොතබාම RSS හරහා කියවපු හැමදෙනාටමත් බොහොම ස්තූතියි.

2010-02-07

ජනවාරි මාසය.. ලිනක්ස් පිස්සුව..හා නැවත ලැබීම..

මට සිද්ද උනු ඇබැද්දිය මතක ඇතිනේ. මතක නැති අය මෙතනට ගිහින් බලාගන්න

උනු දෙයින් මම යවත්කාල කරන වෙබ් අඩවියක් යවත්කල් කරන්න විදියක් තිබුනෙ නෑ. ඉතිං ඒබව දැනුම් දුන්නම ඒක හදාගන්න කල් Toshiba ලැප්ටොප් එකක් ලැබුණා. ඉතිං කරපු වැඩ ටික තිබුනේ මගේ ලැප් ටොප් එකේනේ. ඒකෙන් හාඩ් ඩිස්ක් එක ගලවලා අලුත් එකට ගැහුවා. ෆෙඩෝරා නිසා ඩ්‍රයිවර්ස් ගැන වද වෙන්න දෙයක් තිබුනෙ නෑ. හාඩ් එකෙන් බූට් කරා Brand දෙකක් උනත් මොනවත් එරර්ස් නෑ.තත්පර 20කින් කෙලින්ම ලොගින් ස්ක්‍රින් එකේ පාස්වර්ඩ් එක ගැහුව වෙනද වගේ ම වැඩ ටික කරගත්තා.
මේ තියෙන්නේ හාඩ් එක හයි කරපු ලැප් ටොප් එක.

වම් පැත්තෙන් තියෙන්නේ මගේ එක.

ඉතිං සෙනසුරාද පංති යන ගමන් ලැප්ටොප් එක අරන් ගියා. උදේම රෙපෙයාර් එකට දාල එනගමන් අරගෙනම ආවා. ඒකට 6000ක් ගියා. ඉතිං හාඩ් එක ඒකට හයි කරාම ආපහු ඒක වැඩ. දැන් ඉතිං අනිත් ලැප්ටොප් එක නිකංනේ තියෙන්නේ. ඔන්න ලිනක්ස් පිස්සුව පටන් ගත්ත. ලිනක්ස් වල මීඩියා සෙන්ටර් දාන්න බැරිද? සොයන්නාට සම්බවේ කියනවනේ. මුලින්ම දැම්මෙ Enna ඒක එච්චර මට ඇල්ලුවෙ නෑ. ඊට පස්සේ දැම්ම XBMC ඒක නම් හිතට ඇල්ලුවා. තීම් මාරු කරන්නත් පුලුවන්. තීම් ටිකකුත් ඩවුන්ලෝඩ් කරා. ගින්දර වගේ තමයි.


මගේ ළඟ තව ලැප්ටොප් හාඩ් ඩිස්ක් එකක් තිබුන. මේ පින්තූරේ කොළ පාටින් තියෙන්නේ ඒක තමයි. යූස්බී කන්වර්ටර් එකක් හරහා හයි කරල ඉවර වෙලා ඒකට Ubuntu 9.04 දැම්මා. දාල 9.10 වලට අප්ඩේට් කරා. ඊට පස්සේ XBMC මීඩියා සෙන්ටර් එකත් දාල බැලුව. XBMC නම් මැක්සා. S-Video අවුට් එක හරහා ටීවි එකට උනත් ගන්න පුලුවන්නේ. නිල් පාට එක තමයි මගේ එකේ හාඩ් ඩිස්ක් එක. ඔය බූට් කරල තියෙන්නේ USB හරහා හයි කරපු හාඩ් එකෙන්.



මේ තියෙන්නේ XMBC දාපු එකත් එක්ක මගේ ලැප්ටොප් එක. ටික දවසකට තව experiment ටිකක් කරන්න පුලුවන්. ad-hoc එකේ වැඩේ නම් හරි ගියේ නෑ. ආපහු වෙලාවක ට්‍රයි කරන්න ඕන.

ඒ අතර තව දෙයක් කියන්න ඕන. cPlus මැගසින් එක ගන්න ගියා. බටපොල දාපු ටික නම් ඔක්කොම විකිණිලා. Unity ගියපු නිසා MC එකට ගිහින් බැලුවා. ගියාට කඩේ නම මතක නෑ 3rd ෆ්ලෝ කියල විතරයි මතක. කොහොම හරි හොයාගන්න බැරි උනා. MC එක‍ ඇතුලෙ පොල්ගස්ටිකක් පැලකරල :D
මේ පික් එකනම් මම කලින් ට්විට් කරා.


ගෙදර එන ගමන් අම්බලන්ගොඩ බහිද්දි 4.30ට විතර ඇති. 5.30 වෙනකං වෙලා තිබුන හින්දා පොඩ්ඩක් සඟරාව හොයල බැලුව. කොහොම හරි හොයාගත්තා.සඟරාව උනන්දුවෙන් ගන්න බලපු හේතුව16 වෙනි පිටුවෙ තියෙනවා.

ජනවාරි මා‍සය ඉක්මණට ගෙවිල ගියා කියල දැනෙනවා. ඒකට ගොඩක් හේතු තියෙනවා. මූලිකම දේ තමයි ජනවාරි පළවෙනිදා ජොබ් එකේ වැඩ පටන්ගත්ත එක. මුලින්ම මහන්සියෙන් උපයපු ටික සේරම එහෙම්පිටින්ම අම්ම අතට දුන්න. හැබයි පළවෙනි පඩියෙන් කරන්න උනේ ලැප්ටොප් එක හදන එක තමයි. දැන් ඉතිං තවත් මං ගෙදරට බරක් නෙවි‍. දැන් මාත් වෙබ් ඩිවලොපර් කෙනෙක්.

ජොබ් එකට යන්න ග්‍රාම නිළධාරිගෙන් සහතිකයක් ගන්න එපැයි. ඒකට ගිහිල්ලත් උනේ සිරා වැඩක් තමයි. ග්‍රාමනිලධාරිතුමා ෆොර්මය සිංහලෙන් පුරවන්න ගත්ත. පුරවගෙන පුරවගෙන ගිහිල්ල අහපි මොකක්ද ඔය යන රක්ෂාව කියලා. ගත්කටටම කියල දැම්මා වෙබ් ඩිවලොපර් කියලා. සිංහලෙන් ඕනලු. හත්ඉලව්වේ මෙච්චර දවස් දේශීයකරණය කරත් ඒ වෙලාවේ ඕකට නමක් නම් හිතාගන්න බැරි උනා. එපාර මොකක්දෝ එකක් ලිවුවා. දැන්නම් මතක නෑ. :D

තව දෙයක් සිද්ධ උනා. ඒ තමයි BCS ක්ලාස් එකේ ටෙස්ට් එකක් තිබ්බා. ඉතිං පාඩං කරන්න වෙලාවක් තිබුනෙත් නෑ. හොදටම දන්නවා පාඩම් කරන්න ඕන කියල. ඒත් කරන්න උනේ නෑ. කොහොම කොහොම හරි ටෙස්ට් එක ලිවුවා. හැබයි අපරාදේ එක ලේසි ප්‍රශ්නයක් පස්සෙ ලියන්න කියල තියල වෙලා මදි වෙලා ඒක ලියන්න හම්බුනේ නෑ. ඉතිං ලකුණු මදි වෙයි කියලම තමයි හිතුවේ. කොහොම හරි ඊළඟ සතියෙ ක්ලාස් එකේ දී පේපර් දුන්න. මගේ එක අතට අරන් නම කිවුවා. හැබයි දුන්නෙ නෑ. තව දෙයක් කිවුව. මම ඩිම් වෙලා හිටියේ.
මොකක්ද දන්නවද කිවුවේ. සමාන්තර පන්තිත් එක්කලම වැඩිම ලකුණු තියෙන්නෙ මටලු. ඉතිං හිතාගන්න පුලුවන්ද වෙචිච දේ. පාඩං නොකර ලියල බයෙන් හිටපු එකාට වැඩිම ලකුණු ආව කිවුවම. ගත්ත ගමන් බැලුව පේපර් එක මගේ එකම තමා. වැල් වටාරම් නොලිය ඕන කරන කරුණු ලියවිච්ච නිසා ලකුණු වැටිල. :D හැබයි අර ප්‍රස්නෙටත් උත්තර ලිවුවනම් තවත් ලකුණු වැටෙනවා.
ආයිම නම් පාඩම් නොකර විභාග කරන්න බලාපොරාත්තුවක් නෑ.

අද පෝස්ට් එක නම් කිසිම ගැලපීමක් නැතුව ඇති දෙක තුනක් එක‍ පෝස්ට් එකක ලියපු පළවෙනි පාර නිසා.

කොහොම කොහොම හරි ආයිම මගේ ලැප්ටොප් එකේම වැඩ කරන්න හම්බුනා. ඒක නම් මාර සතුටක්.

ඔය අතරේ ඊයේ රාත්‍රියේ නැවත අපේ කට්ටිය තවත් ඔන්ලයින් සාජ්ජයක් සාර්ථකව නිමා කරා. වෙනසක් තිබුනේ කාන්තා පාර්ශවයත් ඒක නියෝජනය කරපු එකයි. රජරට සහ උඩරට බයිලා වාදයකුත් ගියා.

එහෙනම් මම අදට නවතිමු.

2010-02-02

බ්ලොග් කරුවනි ඔබේ අවධානයට

අත්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට හමුවුණු දෙයක්. මේ සබැඳිය දෙස බලන්න.

රුක්ෂාන්ගේ බ්ලොග් සටහන , ටෙක්කතා වෙබ් අඩවිය, සහ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිකේටරය යන මේවා යොදාගෙන තැනූ බ්ලොගයක්. ඒවිතරක් නෙවේ. ඒසමගම ගූගල් ඇඩ්. මේකේ අරමුණ මොකක්ද කියල හිතාගන්න පුලුවනිද?

මෙන්න ඕකට මම ගිය ලින්ක් එක තියෙන සයිට් එක ටෙක්කතා එකේ ලාංඡනය එක්ක ‍දාල තියෙන්නෙ ලින්ක් එක අර බ්ලොග් එකට.

ගූගල් එකටත් සිංහලෙන් ලියන අපට තමා ඇඩ් දෙන්න බැරි ඒකත් මේ අඩවියට සහය දක්වන එකනේ වැඩේ. ඉතිං ඔන්න කස්ටියටම දැනගන්න මගේ බ්ලොග් එකේ ලිවුවා. මේකට කරන්න තියෙන්නේ මොකක්ද? ගන්න පුලුවන් පියවර මොනවද?
තීරණය කිරීම ඔබ සියලු දෙනාට බාරයි.

2010-01-26

අහෝ ‍නුඹට සිදුවූයේ කුමක්ද?



මේ තියෙන්නේ මගේ ලැප්ටොප් එක. අදට දවස් දෙකකට කලින් මෙයා වැඩ කරන්නෙ නැතිව ගිහින්. විස්සයි දහය අවුරුද්දේ මගේ පළමු ටෙක් අලය තමයි මේ.දැන් ඉතිං මොනව කරන්නද. උන දේ උනා. ගලවල බැලුව ලෙඩක් නම් හොයාගන්න බෑ. පරීක්ෂා කරල බලන්න ලඟපාත හරියන බොඩ්එකක් වත් ප්‍රොසෙසරයක් වත් නෑ. මේ පින්තූරේ ගත්තේ නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් කරන අතරතුර. ෆෙඩෝරා ගැන ලියපු හැම පෝස්ට් එකක්ම මේකෙන් තමයි කරල බලල ලිවුවේ.


මේ තියෙන්නෙ මේක ගැන පූර්ණ විස්තරයක්
Specification
CPU Intel Celeron M 420 (1.6GHz)
BIOS AMI BIOS. Press DEL to enter
Chipset Mobile Intel 945GM Express
Memory 1GB 200pin DDR2-400/533/667 SODIMM (2 memory slots. Max 2GB)
Hard Drive 60GB
CD Drive Dual layer DVD±RW
Screen 15.4" Widescreen TFT (1280x800)
Video Card Intel 945GM (up to 128MB shared)
Sound Card Realtek ALC883 High Definition Audio
Modem Agere systems AC'97
Network Card Realtek 8139/810X
RaLink RT2500 Wireless LAN *
PC Card None **
Ports
4x USB 2.0
1x LAN
1x Modem
1x Headphone
1x Microphone
1x S-Video (TV-Out)
1x VGA
1x Kensington Lock
Touchpad Synaptics Touchpad
Battery EM-G330L2 (11.1v 4400mAh)
Dimensions 40 x 355 x 273 (HxWxD in mm)
Colour Silver
Weight 2.85kg
Made By ECS G335


කොහොම උනත් මගේ වැඩ වලට(Web Development,Programming) නම් මේක හොදටම ඇති උනා. Web Server, Development Machine එකක් විදියටත් වැඩ ගත්තා. ඒ කිසිම වෙලාවක වදයක් නම් උනේ නෑ.



අනිත්පැත්ත හරවල මේ විදියට කොටසින් කොටස ගැලෙව්වා. ඒත් එතන රැම් එකක් තිබුනෙ නෑ.


පස්සෙ බලද්දි රැම් එක තියෙන්නේ කීබෝඩ් එක යට ඒපැත්තෙන් ගලවල රැම් එක අරන් පොඩ්ඩක් පිරිසිදු කරල ගැහුව.



හරි ගියේ නෑ. වෙන චෙක් කරල බලන්න විදියක් නැති නිසා ආයිම හයි කරල තිබ්බා. දෘඩ තැටිය නම් SATA එකක් නිසා සාමාන්‍ය පරිගණකයට සම්බන්ධ කරන්න පුලුවන්. ඒක නිසා දත්ත ටික නම් ගන්න පුලුවන් උනා. හදා ගන්නකං ඉතිං ඕෆ්ලයින් තමයි ඉන්න තියෙන්නේ. දැන්ම හදාගන්න විදියක් නම් නෑ වගේ.

ආයි කවදා මේක ලියන්න පුලුවන් වෙයිද කියන්න බෑ. උත්තර දීපු ගූගල් ගෲප් වලටත් මද විරාමයක් දෙන්න වෙනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.

2010-01-18

2035 පුවත් සිරස්තල

දසවැනි ජනාධිපතිවරණය වන විට ලංකාවේ ඡන්ද පවත්වන ආකාරය සිතාගැනීමට හැකිද?


විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න.

(මා හට ඊ-මේල් එකකින් ලැබුණු දෙයකි)