Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Apache. Show all posts
Showing posts with label Apache. Show all posts

2009-10-08

Wamp දුවවන්න Skype අයින් කරන්න ඕනම නෑ

Wamp සහ Skype අතර පොඩි ආරවුලක් තියෙන බව භාවිත කරන අය අත්දැකීමෙන් දන්නවනේ. ඉතිං වෙනදට Skype ධාවනය වෙන අතර wamp ‍සේවාදායකය සියළු සේවාවන් සමගින් අරඹන්න ඕන උනාම කරන්නේ Skype ධාවනය වන එක Exit කරල Wamp සේවාවන් නැවත ආරම්භ කරල නැවත Skype අරඹන එක. මේකට මෙච්චර වද වෙන්න ඕන නෑ. ලේසි ක්‍රමයක් අහු උනා.

මුලින්ම Skype හි Online Status එක Offline ලෙස සකස් කර Wamp ආරම්භ කරන්න. එවිට සියලු සේවාවන් සමඟින් Wamp ආරම්භ වනු ඇති. ඉන්පසු නැවත Skype Online Status එක Online ලෙස සකසා ගන්න.

2009-06-05

ස'වරයට සාදාගත් අඩවියක් එක් කිරීම

Apache ස'වරය ජාලයට නිදහස් කිරීමෙන් පසු එයට අප විසින් සාදා ගන්නා ලද වෙබ් අඩවියක් එක්කරගන්නා අයුරු දැන් බලමු.

වෙබ් අඩවියක් නොමැති නම් ක්ෂණිකව වෙබ් පිටුවක් සකසා ගෙන මෙය පරීක්ෂා කල හැක. මේ සඳහා පහත කේතය gedit, vi, හෝ කැමති Text Editor එකක් මගින් index.html ලෙස var/www/html බහලුම තුල සුරකින්න.



නැත්නම් /var/www/html යන බහලුම තුලට සාදාගත් වෙබ් අඩවිය පිටපත් කරන්න.

නමුත් පිටපත් කල පසුවද පෙන්වන්නේ ෆෙඩෝරා පරීක්ෂණ පිටුවයි. එයට හේතුව වන්නේ සවරයේ Welcome පිටුව ලෙස පරීක්ෂණ පිටුව සකසා තිබීමයි. එය ඉවත් කර අපගේ මුල් පිටුව දිස්වීමට පහත පියවර අනුගමනය කරන්න.


sudo gedit /etc/httpd/conf.d/welcome.conf
විධානය දුන් පසු gedit texteditor එක මගින් welcome.conf ගොනුව විවෘත වේ. එහි අවසන් සිවුපෙල ඉදිරියඑ # ලකුණ යොදා සුරකින්න.

#
# This configuration file enables the default "Welcome"
# page if there is no default index page present for
# the root URL. To disable the Welcome page, comment
# out all the lines below.
#
#<LocationMatch "^/+$">
# Options -Indexes
# ErrorDocument 403 /error/noindex.html
#</LocationMatch>


දැන් ස'වරයට index.htm ද මුල් පිටු ලෙස පෙන්වන ලෙස පහත පරිදි /etc/httd/conf/httpd.conf ගොණුවේ DirectoryIndex කියල තියෙන පේලියට පහත පරිදි index.htm දෙන්න. (මුල්පිටුව home.htm ලෙස පවතී නමි එයද එකතු කරන්න.)

DirectoryIndex index.html index.html.var index.htm


දැන් ස'වරය ඔබගේ අඩවිය ජාලගත කිරීමට සූදානම් වී අවසන්. ජාලගත කිරීමට අග්‍රයේ
sudo /sbin/service httpd restart ලබාදී httd සේවාව නැවත අරඹන්න.

නැතහොත්
පද්ධතිය-->කළමණාකරණය-->සේවාවන්
මගින් httpd තෝරා restart කරන්න.


නැවත ජාලයේ වෙනත් පරිගණකයකින් පෙරසේ ධාරක නාමය හෝ ip ලිපිනය යොදා පරීක්ෂා කරන්න. ඔබගේ අඩවිය එවිට ලැබිය යුතුය

2009-06-04

Apache ස'වරය ජාලයට නිදහස් කිරීම

කලින් ලිපියක සඳහන් කලා Apache Web Server ෆෙඩෝරා මත ස්ථාපනය කරගන්න ආකාරය. ඉතිං ඒක ස්ථාපනය සේවාව විශ්වාසිත කරන තුරු වැඩ කරන්නේ එම පරිගණකයේ පමණයි. වෙබ් සවරය ජාලය තුල භාවිත කිරීමට නම් WWW(HTTP) ක්‍රියාත්මක වන 80 port එක Trusted කල යුතුය.

GUI එකෙන්
පද්ධතිය --> කළමණාකරණය --> ගිනිපවුර(ෆයර්වෝල්)
මගින් ෆයර්වෝල් මානකරණ කවුලුව ලබාගන්න. එහිදී root සදහා වන මුර පදය විමසා සිටින බැවින් එය ලබාදෙන්න.
දැන් විශ්වාසිත සේවා යටතේ WWW(HTTP) 80/tcp පෙලට ඉදිරියෙන් ඇති කොටුව මත ක්ලික් කිරීමෙන් එය සලකුණු කරන්න. දැන් යොදවන්න මගින් සැකසුම සුරක්ෂිත කර‍න්න. දැන්

CLI එකෙන්
අග්‍රයට root ලෙස ප්‍රවේශවන්න.
පහත විධානය මගින් iptables ගොණුව විවෘත කරගන්න.
[root@fedora ~] vi /etc/sysconfig/iptables
INSERT යතුර ඔබා එයට පහත පෙල එකතු කරන්න
-A INPUT -m state --state NEW -m tcp -p tcp --dport 80 -j ACCEPT
දැන් Esc යතුර ඔබා :wq විධානය දී ගොණුව සුරකිමින් ඉවත්වන්න.


ඉහත ආකාර දෙකෙන් පහසු ආකාරයක් භාවිත කර tcp 80 port එක Trusted කල පසු ජාලයේ ඇති වෙනත් පරිගණකයකින් සවරය පරීක්ෂා කරන්න. පරීක්ෂා කිරීමට ජාලයේ ඇති පරිගණකයක අන්තර්ජාල ගවේශකයේ සවරයේ නම හෝ IP ලිපිනය ලබාදුන් විට සැකසුම් නිවරදි නම් පරීක්ෂා පිටුව ලැබේ. නැතහොත් httpd නැවත ආරම්භ කර උත්සහ කරන්න.
උදා: Fedora.host නමින් ස'වරයේ ධාරක නාමය ලබාදී ඇත්නම්
"http://fedora/" ලෙස ගවේශකයේ ලිපින තීරුවට ලිපිනය ලබාදෙන්න.
නැතහොත්
"http://" ට පසුව සවරයේ ip ලිපිනය යොදන්න.

2009-05-10

ෆෙඩෝරා මත Apache Web Server ස්ථාපනය කිරීම සහ සැකසීම

ලිනක්ස් හි සම්මත වෙබ් සවරය වන්නේ ‍Apache වේ. එහි සේවාව httpd ලෙස ලිනක්ස් හිදී හදුන්වනු ලැබේ. පහත දැක්වෙන්නේ Apache සවරය ෆෙඩෝරා තුල නිවැරදිව ස්ථාපනය කිරීම සහ සැකසීම සිදු කරන ආකාරයයි

මෙම Apache සවරය ෆෙඩෝරා මත ස්ථාපනය වී ඇත්දැයි දැන ගැනීමට,
අග්‍රය හෙවත් ටමිනලය තුල rpm -q httpd‍ යන විධානය දෙන්න.
එවිට එය ස්ථාපනය වී ඇත්නම් ස්ථාපිත වෙලුම පහත පරිදි පෙන්වයි.
httpd-2.2.11-2.fc10.i386
ඉහත වෙලුම වෙනුවට
package httpd is not installed ලෙස දිස්වේ නම් පලමුව httpd ස්ථාපනය කරගන්න.

httpd ස්ථාපනය කිරීමට
yum install httpd

වෙබ් සවරය ආරම්භ කිරීම
සවරය ස්ථාපනය කිරීමෙන් පසුව ඊලග පියවර ලෙස වෙබ් සවරය ක්‍රියාත්මක වී ඇත්දැයි සැකහැර දැනගන්න.
‍සවරයේ තත්වය
/sbin/service httpd status
විධානය මගින් පෙන්වයි.
httpd (pid xxxx) is running... ලෙස පෙන්වයි නම් දැනටමත් වෙබ් සවරය ධාවනය වෙමින් පවතියි.

httpd is stopped ‍ලෙස දිස්වේ නම් වෙබ් සවරය ධාවනය කිරීමට
/sbin/chkconfig --level 3 httpd on විධානය ලබාදී සවරයේ තත්වය නැවත බලන්න.

වෙබ් සවරය පරීක්ෂා කිරීම.
දැන් වෙබ් සවරය පරීක්ෂා කිරීම සඳහා ඔබේ වෙබ් බ්‍රවුසරයේ ලිපින තීරුව තුල Loop back ජාල ලිපිනය (127.0.0.1) හෝ localhost යන්න ඇතුලත් කර එන්ටර් කරන්න.

දැන් බ්‍රවුසරය තුල ඉහත පරිදි ෆෙඩෝරා පරීක්ෂණ පිටුව දිස්වේ නම් ඔබගේ සවරය සාර්ථකව ක්‍රියා කරයි.

මීලග පියවර >>සවරය ජාලයට නිදහස් කිරීම