Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Events. Show all posts
Showing posts with label Events. Show all posts

2011-06-13

Y FM ඇහුවට තෑගි ලැබීම - YFM Top Fan

උ.පේ කරල ඉවර වෙලා හා හා පුරා කියල ජොබ් එකකට ගියා.. රිසල්ට් එකෙන් නම් නෙවෙයි.. ඒ පලවෙනි ජොබ් එක උනේ Post of Associate. වැඩ කලේ එංගලන්තේ.. රට ගියේ කවදද අහන්න එපා! එංගලන්තෙ වැඩ කලාට මෙහේම තමයි හිටියේ. කරපු වැඩේ තමයි ගිහිපු වෙලේ ඉදන් ෆෝම් පුරවන එක.. හරි හරි.. තේරෙන සිංහලෙන් කියනවනං Data Entry Operator කෙනෙක්.. වැඩ කලේ හවස 6.30 ඉදන් උදේ 3.30. වවුල වගේ තමා නයිට් වැඩ කරල දවල් නිදාගන්නවා..

ඔය අතරෙ වැඩ කරන තැන දාන්නේම BBC සංදේශය තමා.. දාන සිංදුත් ඊට හපන්.. ඒ මදිවට AC එකට අතේ ඇඟිලිත් Freeze වෙනවා. ටික කාලයක් ගිහින් ගත්ත Mobile Phone එකක්.. Nokia 6230. ඒ දවස් වල හැටියට ඒකේ තිබුන පහසුකම් වැඩිත් එක්කල. ඉතිං මොකද කලේ හැමදාම රේඩියෝ එක අහන්න පුරුදු උනා.. Data Entry කරන ගමන් Hands-free එක ගහගෙන සිංදු අහනවා. බීට් එකට Typing Speed එක හරි හරියට යනවා. :) 8-10 වෙනකල් අවුලක් නැහැ. ඊට පස්සේ තමයි අවුල slow සිංදු ගියොත් නං ඇඟිලි වලට වෙනම Exercise දෙන්න වෙනවා ආයේ ටයිප් කරන්න.


ඔය අතරෙ තමයි 2005 දෙසැම්බර් පලවෙනිදා වැරදීමකින් හරි රේඩියෝ ලයින් එකක් FM 92.6න් අහු උනේ.. ඒකේ සිංදු විතරමY. එදා ඉදං ඉතිං පුලුවන් තරං ඇහුවේ ඕකම තමා. නියම බීට් එක. හැබයි කොළඹ ඉදිද්දි විතරයි අහන්න පුලුවන්. ඉතිං ගෙදර එන්න 3.30ට බස් එකට නැග්ගත් පුලුවන් තරම් දුර අහගෙන එනවා. කොහොම හරි පානදුර වාද්දුව හරියට විතරයි අහන්න පුලුවන්. ටිකෙන් ටික ඒකට ඇබ්බැහි උනා වගේ උනා.. Cool Mix Drive, Love Dreams සහ Y Music Unlimited විතරද කොහේ ඒ දවස් වල අහන්න හම්බෙන්නෙත්.. තාමත් මතකයි Dj Slash ගෙ Dark Angle Remix එක. ලගදි දවසක් ආයේ ඒක අහන්න හිතිල Slash ගෙන් ඉල්ලුවට පරණයි කියල දුන්නෙ නැහැ.

මාස 5කට පස්සේ ඒ රස්සාවෙන් අයින් උනා. ඉතිං Y අහලත් හමාරයි..

දවසක් හදන්න ගෙනාපු Hi-Fi එකක් ගෙදර තිබුණා. නිකමට 92.6ට Tune කලා.. පැහැදිලිම නැති උනත් අහුවෙනවා. Digital Tuner එකක් නිසා වෙන්න ඇති. මාසයක් විතර Mono දාගෙන ඇහුවා. Mono කරාම ටිකක් පැහැදිලිව ඇහුනා. කොහොම හරි ඒ දවස් වල ගෙදරට ආපු යාලුවෙකුටත් විස්තරේ කියලා පොඩ්ඩක් අහන්න දුන්නා. පස්සෙ ආරංචි උණු විදියට Y අහන්න ගේ වටේම වයර් ඇදල බලලා. ඒත් අහුවෙලා නං නෑ. හෙන කාලයක් එක එක විදියේ ටැස්ටිං කොර කොර ඇහුවා y. පහු පහු වෙද්දි 92.6ට දෙමල ලයින් එකක් අහුවෙන්න ගත්ත. 101.3 වලින් දකුණට දුන්නට අපේ පැත්තට අහුවෙන්නැහැ.

2009 ජනවාරි පළවෙනිදා අන්තර්ජාල සබදතාව ගෙදරට ලැබුනේ.. එදා ඉදල නං දිගටම ඔන්ලයින් අහන්න පුලුවන් උනා. ඉතිං කොච්චර ට්‍රයි කරත් මේ පැත්තට නං FM වලින් Y දෙන පාටක් නං නැහැ. ඔන්ලයින් දිගටම අහන්නනං PC එක දාල තියන්න ඕන. ඒත් ලයිට් බිල ඒකට හරස් වෙනවා. ඒක නිසා හැදුව පොඩි අයිටම් එකක්. :) ඒක ගැන පස්සෙ කියන්නං.

ඉතිං ඔහොම අහගෙන අහගෙන ඉන්නකොට තමයි මාර්තු මාසේ Fans ලට තරඟයක් තියනව තියල දැනගන් ලැබුනේ. කරන්න තිබුනේ කරන දේවල්ම කර කර ඉන්න ගමන් YFM බැජ් එක FB Profile Pic එකට ගහන් ඉන්න තමයි. ඒකත් ගහල ඔන්න සුපුරුදු විදියටම ඉන්න අතරෙ තමයි අප්‍රේල් 27 වෙනිදා කිවුවේ ජයග්‍රාහකයින් තෝරාගෙන අවසන් කියලා. එදා Y Cafe එක අහගෙන ඉන්නකොට එකපාරටම සිංදුවක් වත් ඉල්ලන්නැතිව මගේ නම කියපි.. FB wall එකේ නම් ටික දාල තියෙනව කිවුව නිසා ටක් ගාල බැලුව මේං මේ ලැයිස්තුව දාල තිබුණා.


Top 30 Winners List :

1. Gayan Tharaka
2. Anjalee Subasinghe
3. Amal Madawa
4. Leader Manori Perera
5. Ramesh Lakmal Kumarasinghe
6. Supuni Jayawardhana
7. Erangi Yatawara
8. Smart Boy Cg
9. Smith Prabath
10. Jalini Dulanjali
11. Rujith Siriwardana Alwis
12. Shiras Rock
13. ShaShini KauShali FonSeka
14. Nelunika Kumari
15. Shaminda Srinath
16. Kasun Andy Doo
17. Amith Sampath
18. Danush Samaradiwakara
19. Amali Samanmali
20. Chamara Shirantha
21. Udana Pasan
22. Sasila Jehan
23. Ruwan Dhananjaya
24. Dilukshan Silva
25. Pavan Malith
26. Venura Edirisinghe
27. Anoja De Zylva
28. Deepal Nuwan
29. Sasini Chathurika
30. Janu Usgodaarachchi

30ක් තෝරගත්ත නිසා මට මුලින්ම හිතුනේ 30දෙනාටම එක හා සමාන අවස්ථා ලැබිලා කියල. මැයි 19 වෙනිදා ඇවිත් තෑගි අරන් යන්න කියල YFM එකෙන් කතා කරල කිවුවා. ඉතිං 20 වෙනිදා ඇමතුම් ලැබුණු අය කිහිප දෙනෙක් එනව කීව නිසා 20 නිවාඩුවක් දාල ගියා තෑගි ගන්න.
කොටුවට ගිහින් එදා යන කස්ටියත් එක්ක දෙපානමට ගියාට පස්සේ DJ-ස්ලෑෂ් නදීෂ් නික් තුන්දෙනාවත් හම්බඋනා. ඉතිං පොඩි සතුටු සාමීචියක් හෙම දාල බැලින්නං මුල් පස්දෙනාට විතරක් තෑගී ජාති ඔක්කොම වලින් තියෙනවා. ඉති මේං මේවා තමා හම්බුනේ.











ඉතිං ඇහුවට පාඩුවක් උනේ නං නෑ..

PS: දෙවන Sundown Concert එක ජුලි 9 මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනයේ තියෙනවා.

2011-04-13

Cyber සිහින උළෙල - 2 වන කොටස

සිහිනයක් නොවූ සිහින උලෙළේ දෙවෙනි කොටස අරන් ආවා.. මේකෙ අඩංගු වෙන්නේ ආරම්භය සිදු උන ආකාරය සහ තරග ආරම්භය සනිටුහන් උනු හැටි තමා.. මේකෙ වීඩියෝ කොලිටිය ටිකක් වැඩියෙන් අප්ලෝඩ් කරා..

ආරාධිත අමුත්තන්ට සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන්න ආරාධනා කරන්නේ රචින්ත මලයා.. කොහොමද බලන්නකෝ කටහඩ..
පොල්තෙල් පහන දල්වලා අභීත අයිය ගෙදරින් ලියාගෙන ආපු කතාව කරනවා :)

මීටර් 100 දිවීම තරඟය..
පළවෙනියාට තෑගි දීමට පෙර මාරයියා කරුණු පැහැදිලි කරනවා.. පැරචුට් එකක්වත් තිබ්බා නං මාරයා දුවයි..

ඊගාවට කස්ටිය සීනි බනිස් වේලන්න එල්ලන හැටිත්


ඇස් බැඳල ඉන්නකොට ටොකු අනින්න එන්නෙ කවුද කියලත් බලාගන්නකෝ එහෙනං..
ඒ අතරම අභීත අයියගේ ඩාන්ස් පාරකුත් වීඩියෝ වෙලා නෙව.. :) අන්තිම එක නං හැමෝම දැක්ක මේක දැක්කද දන්නෑ. මොකක් හරි වන්නමකට ලේස්ති වෙනව වෙන්න ඇති.

යෝගට් කවන්න ඇස් බදින හැටි සහ අන්තිමයා පලවෙනියා වෙන හැටිත් බලාගන්න පුලුවන්.. ඒ අතර සමහරු යෝගට් පොවනවා.. හෙහෙ.
එතනදි දෙන්නෙක් පස්කන්න ට්‍රයි එකක් දුන්න නමුත් ඒක මෙකේ නැහැ.

යෝගට කෑවට පස්සේ මූණ කොහොම ඇත්ද

හරි හරි වැඩි කතා ඕනි නෑ බලලම ඉන්නකෝ..




ප.ලි. : බිල සැර වැඩිවෙයිද මන්දා

2011-04-08

Cyber සිහින උළෙල - 1 වන කොටස

අර තිවුවයි කිවුව සයිබර් සිහින උළෙල ගැනනේ මේ දවස් වල කාගේත් කතාව.. ඒ වගේමයි පින්තූර ටැග් වෙනවා.. කමෙන්ට් වැටෙනවා මඩ වදිනවා.. වීඩියෝ කලාට ඒ සේරම අප්ලෝඩ් කරන්න බෑ. විශේෂයෙන් මාරයා ඉන්න එවුවට ගෙවන්න කිවුවත්නේ :). මේකත් Hi Quality තමා හැදුවේ අන්තිමට සයිස් එක 690MB උනා. ඉතිං Video සයිස් අඩු කරල අන්තිමට Quality බස්සල මේ ගාණට අරගෙන අප්ලෝඩ් කරා..

සහභාගී නොවුනු අය පින්තූර බලල දුක් වෙන විත්තිය කමෙන්ට් වලින් තේරුණා.. මේක බලල තවත් දුක් නොවී ඊළග පාර එකට කොහොම හරි එන්න උත්සහ කරන්න කියල තමයි මුලින්ම කියන්න තියෙන්නේ

ඇතුල් වෙනකොට ගේට්ටුවෙ හිටිය එල පොරක් ඉතිං බැලුවම පිලිගැනීමේ නිලධාරියද දොරටුපාලද කියල නම් හිතාගන්න බැරි උනත් එතන ඉදන් තමා වීඩියෝ කිරිල්ල පටන් ගත්තේ. අන්තිමට බලද්දි මෑන්ස් ටිකට් කඩල තියෙන්නෙ අපට විතරක් නෙවිලු. ආරාධිත අමුත්තන්ටත් ටිකට් කඩලාලු.. හෙහෙ

රසවත් අවස්ථා ගොඩාක් තිබුණත් ටිකක් විතරක් මෙහෙම ලියන්නම්. වීඩියෝව බලල ඔයාලම අවස්ථා සම්බන්ධය දාගන්නකෝ

“හොදට ගනිං ඈ.. වීඩියෝ වෙනවනේ.“

“ගන්න මල්ලි. හැබැයි අයකරනවා“

මේක තමයි උනු සිරාම සීන් එක වීඩියෝ කරද්දි පොරක් පින්තූර ගන්නකොට ඉන්නව වගේ ඉදල අන්තිමට අහපි
“ඕක වීඩියෝ කැමරාවක්ද“ කියලා.. කවුද කියල හොයාගන්නකෝ

අනිත් එක තමයි මේක බලද්දි උනු දේවල් යලිත් මතක් වෙනවා.. ඒවගේ දේවල් ලියන්න ඔය පහල කොටුවක් තියල ඇති හොදේ :)

වීඩියෝ එක බැලුවම සේරම කතා ටික ලියන්න පුලුවන් උනත් වීඩියෝ එක බලලම ඉන්නකෝ..



ඉතිං මේ පෙර සූදානම විතරයි ඉතිරි ටික එහෙමම තියෙනවා.. හදල අප්ලෝඩ් කරන්නම්.
2වෙනි කොටසින් ආයෙ හමුවෙමුකෝ

2010-09-08

What is this #Sajje tag


Sajje is a term to represent musical event which held using instruments in Srilanka. also called mat party. sajje is an very entertaining event. everyone sing songs together or alone.

#Sajje is an musical event which srilankan twitters wage on twitter such as sinhala blogger's blog marathon. some srilankan twitters start to tweet some parts of sinhala songs in their leisure time. as i still remember liswish callkalpa & binku tweet some songs & replied to that songs. and also re-tweeted them. but they didnt uses a single tag.

after that one day (28th October 2009) mahesharandara tweet a part of a song. & re-tweeted by binku. after that replied udaraumd & discussed further. then
acording to buddyj suggested to use #sajje for that discussions & songs. and also they hope do this topic as a trending topic on twitter. so most of srilankan twitters tweets that night using #sajje tag. most of them was songs.

after that some people started to put some funny ads on that. some are pass hints to others. some people replied from another songs. some are re-tweeted them. that day this event was very popular & they held it till passing midnight also.

after that every Saturday held this. but now they tweet whole week using #sajje tag. but still most of them tweet Saturday night.

Follow this link to recent singers list : D http://tweetchat.com/room/sajje

#sajje group on facebook http://www.facebook.com/group.php?gid=115076628532678&v=wall

sinhala post http://kpgtharaka.blogspot.com/2009/11/blog-post_29.html

2010-04-06

ගමටම ඇහෙන්න ගුවන් විදුලි විකාශනයක් කරපු හැටි

ජීවිතේ හැමදාම අපිට අලුතින් යමක් ඉගෙන ගන්න පුලුවන්. ඒ‍ වගේම සමහර සිහින බිඳ වැටෙන කොට සමහර සිහින ඉටු වෙනවා. මගෙත් පුංචි කාලෙ ඉදල හද පතුලේ පුංචිම පුංචි ආසාවක් තිබුනා කවද හරි ගුවන් විදුලි විකාශනයකට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු ඉගෙනගන්න. ඒ ආසාව නිසාම තමයි පුංචිකාලේ ‍පුංචිම පුංචි ට්‍රාන්ස්මීටරයක් හදල ට්‍රාන්ස්මිෂන් එකක් කලේ. ඒ පුංචි ට්‍රාන්ස්මිෂන් එක ගැන පස්සේ දවසක කියන්නම් :D. මේ හීනෙන් වත් නොහිතපු ඇත්තටම කරපු ගුවන් විදුලි විකාශනයක් ගැන තමයි කියන්න හදන්නේ.

බටපොල නවෝද්‍යා පාසලේ හරිත උදානය 2010 ප්‍රදර්ශනය සහ සැනකෙළිය නිමිත්තෙන් මාතර මාධ්‍ය නිවස මගින් සුසර ප්‍රජා ගුවන් විදුලිය පාසලේ සිට විකාශය කරන්න කටයුතු කලා. Batapola.net වෙබ් අඩවිය හරහා විකාශනය කලෙත් මේ FM 96.1 ඔස්සේ ප්‍රචාරය කරපු සුසර ප්‍රජා ගුවන් විදුලියම තමයි. ඉතිං විකාශන කටයුතු කරන්න මැදිරියක් තියෙන්න ඕනනේ. බ‍ටපොල නවෝද්‍යා විදුහලේ පුස්තකාලය තියෙන ගොඩනැගිල්ල තමයි මැදිරයට යොදා ගත්තේ.
මේ පහලින් තියෙන්නේ නිවේදන කටයුතු කල ස්ථානය. සජීවී වැඩසටහනක් කරගෙන යන අතරතුර තමයි ඕකත් ගත්තේ.


සජීවී වැඩසටහනක් මෙහෙයවන අතරතුර නිවේදන මැදිරිය


මේ අතර ගුවන් විදුලි විකාශනය කිරීමට පාසලින්ම ළමුන් කිහිප ‍දෙනෙක් තෝරා‍ගෙන ඔවුන්ට මනා පුහුණුවක් ‍ලබා දී සහතිකපත්ද ප්‍රධානය කලා.ඉන් පසුව ඒ ළමයින්ට තනියෙම වැඩසටහන් මෙහෙයවන්න අවස්ථාවත් ලැබුණා. ඇත්තෙන්ම ඒ ළමයි විතරක් වැඩසටහන් මෙහෙයවපු ආකාරය ගැන අපට ඇස්පනාපිටම සාක්ෂි හම්බුනා. එක් අවස්ථාවක මැදිරිය නරඹන්න ආපු කෙනෙක් වැඩසටහන කරපු ළමය දිහා බලල ඇහුවා ඔය ලමයද දැන් මෙච්චර වෙලා කතා කලේ කියලා. එයා හිතල ති‍බුනේ කටහඬ අනුව හොද හැඩිදැඩි පුද්ගලයෙක් වැඩසටහන මෙහෙයවනව ඇති කියලලු. :D

නිවේදන කටයුතු කරපු ළමයෙක්


ඉතිං මුල් දවස්ටිකේ මට රැකියාව නිසා එම ස්ථානයට යාමට අපහසු වූ නිසා අවසන් දවස් දෙකේ තමයි මටත් මැදිරිය බලන්න යන්න අවස්ථාව හම්බුනේ. ඒ වගේම අපේ ගෙදර තමයි මේ මාධ්‍ය නි‍වසින් ආපු අය නවාතැන් ගත්තේ. දවල් කාලයේ ගෙදර හිටපු නැති නිසාත් ගෙදර යනකොට රෑ වෙන නිසාත් උදේම ආපහු වැඩට එන නිසාත් මේ අය මං දැක්කෙත් අන්තිම දවස් දෙකේ කිවුවොත් හරි.
හොදම වැඩේ කියන්නේ ආපු අයගෙන් දෙන්නෙක් මං ගැන දන්නවා. :D මං ජීවිතේට දැකලවත් නෑ. ගෙදර අයටත් පුදුමයි. වෙලා තියෙන්නේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව කරන චමින්දයි කපිලයි දෙන්නම මගේ බ්ලොග් එක කියවල තියෙනව. මාත් ඒක කියවපු විත්තිය මතක තිබුණා. ඒ දවස් වල ඉන්ටනෙට් තිබුනෙත් නෑනේ. හේතුව කලිං පෝස්ට් එකේ ඇති. Audacity පෙන්නන්න ගිහින් බ්‍රවුසරේ ඕපන් උනා. ලොඩ් උනේ මගේ බ්ලොග් එක.
දැන් නෙට් නැතිව බ්ලොග් එක ලෝඩ් උනේ කොහොමද අහන්න එපා. Firefox කෑෂ් එකෙන් තමයි බ්ලොග් එක පෙනුනේ. එතනදි තමයි කට්ටිය අඳුනගත්තේ.

ඔයාල අහල ඇතිනේද ප්‍රධාන පාලක මැදිරියක් ගැන, ඔය නිවේදක නිවේදිකාවො හැම නිතරෝම කියන්නේ අන්න ඒක තමයි. ප්‍රධාන පාලක මැදිරියක් කියන්නේ අර නිවේදක මැදිරියේ සහ සිංදු, වැඩසටහන් තීම්, (ජිංගල්) :D ධාවනය කරමින් පාලනය කරන්න පුලුවන් මැදිරියට. මේ පහල එකේ තියෙන්නේ සුසර ප්‍රජා ගුවන් විදුලියේ පාලක මැදිරිය ලෙස තිබුණු ස්ථානය. එහා පැත්තෙන් නිවේදන මැදිරියෙ ලෙස භාවිතා කළ ස්ථානයත් පේන්න තිබුනට ඇත්තටම ගුවන්විදුලි විකාශනාගාරයක මේවට වෙන වෙනම කාමර තියෙනවා. මෙතනදී පොඩි ඉඩක ඔක්කොම තිබුනේ. ආපු අයට පැහැදිලි කරන්නත් ලේසි වෙන්න.


ඔය මෙහා කොනේ ඉදල එහා කොනටම තියෙන සේරම දේවල් පිලිවෙලින් කිවුවොත් පළවෙනියට තියෙන ලැප්ටොප් එක පාවිච්චි කලේ රෙකෝඩින් වලට ඊළග පරිගණකයෙන් තමයි වැඩසටහන් වල තීම් සිංදු ආදිය ධාවනය කලේ. ඊගාවට ප්‍රධාන මික්සර් එක. ඊළග දෙකින් උඩින් තියෙන්නේ අර නිවේදන කටයුතු කරන අය දාගෙන ඉන්න හෙඩ්ෆෝන් සම්බන්ධ කරල තියෙන උපකරණය. ඒකට යටින් තියෙන්නේ අසන්නන් දුරකථනයෙන් සිංදු ඉල්ලන වෙලාවට එයාලත් එක්ක කතා කරන්න භාවිත කරන උපකරණය.

නිතරම ප්‍රධාන පාළක මැදිරියෙන් ශ්‍රවණ තත්වය ගැන අවධානයෙන් ඉන්න ඕන. මයික්‍රෆොන් වලින් එන ශබ්ද ත්‍රීව්‍රතා පාලනය කරන ගමන් අවශ්‍ය වෙලාවල් වලදී සිංදු, තීම් ආදිය ධාවනය කිරීමත් සිදු කරන්නේ මෙතන තියෙන මික්සර් එක උදව්වෙන්.

මේ චමින්දයි මායි. ඔය පිටිපස්සෙන් ඉන්නේ මැදිරිය බලන්න ආපු අය.


ඔය ප්‍රධාන පාලන කටයුතු කරපු තැනයි නිවේදන කටයුතු කරපු තැනයි. මේත් සජීවී වැඩසටහනක් විකාශය කරන අතරතුර තමයි


මේ සජීවී වැඩසටහනක් කරන අතරතුර ගත්තු තත්පර 30ක වීඩියෝ එකක්.

මගේ යූනලයේ චැනල් එකට ඉතුරු ටිකත් හෙමීට දාන්න ඉන්නේ. ඒකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට නම් දාපු වෙලාවෙම ඒ ගැන දැනගන්න පුලුවන් වෙයි. පින්තූර ටිකත් මූණු පොතටම අලවන්න තමයි හිතාගෙන ඉන්නේ

ඔය ප්‍රධාන පාලක මැදිරියෙන් ‍ශබ්ද පරිපාලනය කරල අන්තිමටම ඒක විකාශනය කරන්න දෙන්නේ ට්‍රාන්ස්මීටර් එකකට. මේ පල්ලෙහායින් තියෙන්නේ ඒ ට්‍රාන්ස්මීටර් එක තමයි. වර්ග කිලෝමීටර 25කට ආසන්න ප්‍රදේශයකට FM 96.1 ඔස්සේ අවට ප්‍රදේශවාසී ජනතාවට සවන්දීමට හැකි උනේ මෙන්න මේ උපකරණය නිසා තමයි.

සජීව විකාශය සිදු කලේ මෙන්න මේ ‍ට්‍රාන්ස්මීටරය මගින්



ඔන්න ඔහොම තමා සාමාන්‍යයෙන් සරලවම ගුවන් විදුලි විකාශනයක් කරන්නේ. හොද විකාශනයක් කරන්න නම් නිවේදන කටයුතු කරන මැදිරියට බාහිර ශබ්ද වලින් වන බාධා වීම් වලින් තොර වෙන්න ඕන.

මෙතනදි ප්‍රදර්ශනයට සමගාමීව සිදු කරපු නිසා නොයෙක් බාධා වීම් සිදු උනත් මාධ්‍ය නි‍වසින් සුසර ගුවන් විදුලිය අරගෙන ආපු අයගේ සහ පාසලේ නිවේදන කටයුතු කරපු ළමයි තමන්ට හැකි පමණින් මේ විකාශන කටයුත්ත දිගටම කරගෙන ආව. අතිසාර්ථක අන්දමින් (චමීර අයිය කියපු විදියට 100ට 500ක් සාර්ථකව) සුසර ප්‍රජා ගුවන් විදුලිය බටපොල නගරය හා ඒ අවට ගුවන සිසාරා පැවතුන බව අසන්නන්ගේ ප්‍රතිචාර වලින් තේරුනා. අවසන් දවසේ මේ අවසන් විකාශය කියල දැනුම් දුන්නම ඇසට කඳුලු නැඟුනු අයත් සිටියා. ඔවුන් තව ටික දවසක් හෝ මෙය පවත්වන්න කියා ඉල්ලීම් පවා ඉදිරිපත් කලා.


ඔන්න ඔහොම තමයි ඇත්තටම කල ගුවන් විදුලි විකාශනයකට සම්බන්ධ වෙන්න පුලුවන් උනේ.
අපට මාතර මාධ්‍ය නිවසේ අය අමතක නොවෙන්න මතක තියෙනව වගේම ඔවුන්ටත් මේ අපිත් එක්ක ගත කරපු ඉතා කෙටි කාලය හොදට මතක හිටිවී. සුද්දට ගේට්ටු කකුල උඩින් යවන හැටියි, තිලංගට මීටියාගොඩයි ගේට්ටු මුර කරපුවයි, කපිලට අත පිච්චිචුන හැටියි, සුරංගාට ලිස්සලා වැටෙන හැටියි අමතක වෙන එකක් නෑ. නම් වශයෙන් සඳහන් නොකලත් ඔවුන් සියළු දෙනාම යලිත් දවසක කොහේදි හරි මුණ ගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

2009-07-31

දකුණු ආසියාවේ පළමු IVETA සම්මේලනය කොළඹදී



දකුණු ආසියාවේ පළමු වරට IVETA සම්මේලනය මෙවර කොළඹදි පැවැත්විමට කටයුතු යොදා ඇත.
මෙය දියුණු වෙමින් පවතින රටක පවත්වන ප්‍රථම සම්මේලනය වේ. එයට සමගාමීව ප්‍රදර්ශන කටයුතුද සංවිධානය වෙමින් පවතී.

වැඩිදුර තොරතුරු
http://www.ivetasouthasia.org
http://www.iveta.org